theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

තුන්වෙනි ක්‍රමයේ දුම්පානය ඔබේ දරුවාට තදබල හානියක් සිදු කරයි

3 අවම කියවීම
තුන්වෙනි ක්‍රමයේ දුම්පානය ඔබේ දරුවාට තදබල හානියක් සිදු කරයිතුන්වෙනි ක්‍රමයේ දුම්පානය ඔබේ දරුවාට තදබල හානියක් සිදු කරයි

ඔබේ වාහනය තුළ ජනෙල් සියල්ල වසා දුම්පානය කරන විටද ඔබ කිසිදා නොසිතු තුන්වෙනි ක්‍රමයේ දුම්පානය ඔබේ දරුවාට හානිකරයි.

මට වැටහෙනවා .

විශේෂයෙන් ඔබ දිගු කලක් තිස්සේ දුම්පානය සිදු කරමින් සිටින විට, දුම් පානය කිරීමට එරෙහි වීමට  උනන්දු  වීම  අපහසුයි.

අනිවාර්යෙන්ම, දරුවා ඉදිරිපිට දුම් පානය නොකිරීමට වගබලා ගන්න. මන්දයත් ඔහු එම දුම නිසා පීඩාවට පත් වේ. නමුත් ඔබ  ඔහුගෙන් සැතපුම් ගණනක් දුර සිට වාහනයේ කවුළු වසාගෙන දුම් පානය කලා වුවද, එයට තවමත් ඔහුට බලපෑම් කළ හැකියි.

මෙය තුන්වෙනි ක්‍රමයේ දුම්පානය ලෙස හැඳින්වේ. එය ඉතා අනතුරුදායකයි.

ඔබේ දරුවා තුන්වෙනි ක්‍රමයේ දුම්පානය සදහා  නිරාවරණය වන්නේ කෙසේද?

ඔබ දුම් පානය කරන  විට අඩු ඔක්සිජන් ප්‍රමාණයක දුම්කොළ දැවෙන නිසා බොහෝ විෂ ද්‍රව්‍ය නිදහස් වේ.

කවුරු හෝ දුම් පානය කරන සැබෑ හේතුව නම් නිකටින් මාත්‍රාවක් ලබා ගැනීමයි. කෙසේවෙතත්, මේ සමග සෞඛ්‍ය සම්පන්න නොවන විෂ ද ඔබට ලැබෙනු ඇත.

ඇමරිකානු පෙනහලු සංගමය පවසන පරිදි, සිගරට් එකක අමුද්‍රව්‍ය 600 ක් පමණ  අඩංගු වන අතර එය පිලිස්සමෙන්  අවම වශයෙන් රසායනික ද්‍රව්‍ය 7000 ක් ලබා දෙයි.

ඒවායින් 69 ක්ම පිළිකා ඇති කිරීමට හේතු වන අතර. නිකටින්, තාර, කාබන් මොනොක්සයිඩ්, ඇසිටෝන්, ඇමෝනියා, බෙන්සීන්  ඒවායින් කීපයක් වේ.

මෙම විෂ වර්ග බොහොමයක් වාතයට වඩා බරෙන් වැඩි  බැවින් ඒවා ඔබගේ ඇඳුම් මත තැම්පත් වේ.

ඔබ ඔබේ මෝටර් රථයේ දුම් පානය කරන විට, ඒවා අසුන්  මත තැන්පත් වේ. 

තුන්වන ක්‍රමයේ  දුම්පානය  නිසා දරුවන් මත ඇතිවන බලපෑම

ඔබ දැක ඇති සිගරට් පැකට්ටුවක ඇති අනතුරු ඇඟවීමේ ලේබල් කාලයත් සමඟ වෙනස් වෙනවා .

මීට පෙර එහි සදහන් කර තිබුනේ - දුම්පානය නිසා පෙනහළු පිළිකාවක් ඇති විය හැකියි යනුවෙනි. දැන්, ඔවුන් 'ඇතිවිය හැකිය' යන්න ඉවත් කර  ඇත. ඒ පෙනහළු පිළිකාවට දුම් පානය සම්බන්ධ බවට සාක්ෂි ලැබී තිබෙන නිසයි. කෙසේ වෙතත්, මෙය දුම්පානය ඔබේ ශරීරයට බලපාන එකම ක්‍රමය නොවේ.

නිකටීන් ශරීරයේ ධමනි හා ශිරා මත ක්‍රියා කරමින් ඒවා හැකිලීමට හේතු වේ. අවසානයේදී  ඔබට රුධිර පීඩනය ඇති වේ.

දරුණු අවස්ථාවලදී, අත් හා පාදවල ඇති කුඩා රුධිර නාල වල හැකිලීමක් ඇති වෙමින් වේදනාවක් ඇති වේ. ඔබේ හෘදය, පෙණහලු, පුරස්ථි ග්‍රන්ථිය, වැදගත් ඉන්ද්‍රියයන් කීපයකට එය බලපානවා.

එහෙත්  සිගරට් දුම් වල නරකම බලපෑම දරුවන් මත ඇතිවේ. ඔවුන් ඉදිරියේ දුම් පානය කිරීමෙන් ඔවුන්ගේ ජීවිතවල නුදුරු අනාගතයේදී  සිගරට් බීමේ අවදානම වැඩි කරයි.  

නමුත් අපි මෙහිදී තුන්වෙනි ක්‍රමයේ දුම්පානය ගැන කතා කරමු. 

ඔබේ ඇඳුම් පැළඳුම් සහ ඔබේ මෝටර් රථයේ හෝ ඔබේ නිදන කාමරයේ ඇති තැන්පතු ස්පර්ශ වීමෙන් ඒවා  ඔබේ දරුවාගේ සිරුරට ඇතුල් වේ.

මෙම විෂ ද්‍රව්‍ය වහාම ඔබේ දරුවාගේ තුල ක්‍රියාකාරිත්වය ආරම්භ කරයි. කලින් සඳහන් කළ අධ්‍යනයයෙහි ප්‍රධාන පර්යේෂකයෙකු වූ ලෝරා රොසෙන් පවසන පරිදි, "පර්යේෂණයකින් පෙන්නුම් කර ඇත්තේ මෝටර් රථයක එක සිගරට් දුමකට නිරාවරණය වී ඇති දරුවන් තුල එම සංඝටක නිරාවරණයෙන් පැය විසිහතරක් තුල වැඩිවේ."

යම් කාලයක් තිස්සේ  කුඩා නිරාවරණයක් පවා දරුවාගේ වර්ධනය වන හදවතට හා පෙනහළු වලට ස්ථිර හානියක් සිදු කරයි.

මෙය වළක්වා ගන්නේ කෙසේද?

ඔබේ දරුවන් තුන්වෙනි ක්‍රමයේ දුම්පානය කිරීමෙන් වළක්වා ගැනීම සඳහා දුම්පානය අදම  නතර කරන්න.

ඇත්ත වශයෙන්ම මෙය සිදුවීමට ඉඩ නොදිය හැකි  එකම මාර්ගය මෙය විය හැකිය.

සිගරට් එකක් ඔබට සැහැල්ලු  බවක් ලබා දීමට ඉඩ ඇත. කෙසේවෙතත්, ඒ මගින් ඔබේ ගැටලුව විසඳා ගැනීමට නොහැකි ය.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

එමනිසා, එය ඔබේ  මානසික ආතතිය අඩු නොකරයි. එය දිගු කාලීනව ඔබගේ රුධිර පීඩනය වැඩි කරයි. 

මව්වරුනි , පියවරුනි , ඔබ වෙනුවෙන් නොවේ නම් දුම්පානය නතර කිරීම අඩුම තරමින් ඔබේ දරුවන් වෙනුවෙන් වත් කරන්න.

දුම්පානයෙන් ඈත් වීම ඔබටත් ඔබේ පවුලටත් නිරෝගී සුවය දනවන බවට මේ ආදරණීය මතක් කිරීම theAsianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

img
Written by

Anay Bhalerao

  • Home
  • /
  • සෞඛ්‍යය
  • /
  • තුන්වෙනි ක්‍රමයේ දුම්පානය ඔබේ දරුවාට තදබල හානියක් සිදු කරයි
බෙදාගන්න :
  • ඔබේ සෞඛ්‍ය ගැන කියාපාන ඔබේ මුහුණ

    ඔබේ සෞඛ්‍ය ගැන කියාපාන ඔබේ මුහුණ

  • වැසිකිළියෙන් පිටවෙන වාෂ්ප ගැන ඔබ දැනුවත්ද?

    වැසිකිළියෙන් පිටවෙන වාෂ්ප ගැන ඔබ දැනුවත්ද?

  • ඔබේ සෞඛ්‍ය ගැන කියාපාන ඔබේ මුහුණ

    ඔබේ සෞඛ්‍ය ගැන කියාපාන ඔබේ මුහුණ

  • වැසිකිළියෙන් පිටවෙන වාෂ්ප ගැන ඔබ දැනුවත්ද?

    වැසිකිළියෙන් පිටවෙන වාෂ්ප ගැන ඔබ දැනුවත්ද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it