theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

තොටිල්ලට යොදන බම්පර්ස් පුංචි දරුවන්ගේ මරණයට වඩ වඩා හේතුවෙන බව සොයා ගනී.

2 අවම කියවීම
තොටිල්ලට යොදන බම්පර්ස් පුංචි දරුවන්ගේ මරණයට වඩ වඩා හේතුවෙන බව සොයා ගනී.තොටිල්ලට යොදන බම්පර්ස් පුංචි දරුවන්ගේ මරණයට වඩ වඩා හේතුවෙන බව සොයා ගනී.

මෑතකදී කරන ලද පර්යේෂණයකින් පෙනී ගියේ  තොටිල්ලට යොදන බම්පර්ස් වැනි හානිදායක නොවන උපාංග වලින් සිදුවෙන අනතුරු  වලින් ළදරුවන් වඩා වඩාත් මිය යන බවයි.

තොටිල්ල තුල ළදරුවන්ට ආරක්ෂාව හා සුවපහසුව ලබා දෙන්න තොටිල්ලට යොදන බම්පර්ස් නිර්මාණය කර තිබුනත් ඒවා බොහෝ අනතුරු  මතු කරනවා.

අඛණ්ඩව ඉහලට එසවුන ඇතිරිලි  ළදරු මරණ  වලට හේතු වන බව නව සොයාගැනීමත් සමග  තොටිල්ලට යොදන බම්පර්ස් තහනම් කරන ලෙස ඉල්ලීමක් ඇත.

වොෂිංටන් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යාලය විසින් කරන ලද අධ්‍යයනයකින් පෙනී යන්නේ  2006 සිට 2012 දක්වා තොටිල්ලට යොදන බම්පර්ස් ආශ්‍රිත මරණ 23 ක් සිදුවී ඇති බව  වාර්තා වෙන බවයි.

"තොටිල්ලට යොදන බම්පර්ස් හේතුවෙන් ළදරුවන් මිය යනවා. අපි මුලින් සිතුවාට වඩා ඒවා භයානකයි," යැයි වොෂිංටන් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පීඨයේ මහාචාර්යවරයෙකු වන ආචාර්ය බ්රැඩ්ලි තච් පවසනවා.

තොටිල්ලට යොදන බම්පර්ස්  වලින් හුස්ම හිරවීම හා රුධිර ගමනාගමන අවහිර වීම සිදුවිය හැකිය.

නිදා සිටියදී, ළදරුවන්ගේ මුහුණු  ඇතිරි වලට තද විය හැකි අතර  ඔවුන්ගේ හිස තොටිල්ලට යොදන බම්පර්ස් අතර සිරවිය හැකිය.

බම්පර් පෑඩ්  සම්බන්ධ  කරන දිගු නූල් හෝ රිබන් ද රුධිර නාල අවහිර වීමේ උවදුරුවලට හේතු විය හැකිය.

කැනේඩියානු ළමයින් සම්බන්ධ  සමිතියට අනුව දෙමාපියන්  තම ළදරුවන්ගේ තොටිලි තුල සියලුම වර්ග වල මෘදු දේවල් තැබීමෙන් වැළකී සිටිය යුතු ය.

මේ සදහා බම්පර් පෑඩ් පමණක් නොව, පිරවු  බ්ලැන්කට්, පිරවූ සතුන් සහ කොට්ටද ඇතුළත් වේ.

මරණය වැළැක්විය හැකිය.

පර්යේෂණයට අනුව, 1985 සිට 2012 දක්වා වාර්තා වූ මරණ සංඛ්‍යාවෙන් 32ක්  තොටිල්ලට යොදන බම්පර් භාවිතා නොකළේ නම්  වළක්වා ගන්න තිබුනා.

මෙම අනතුරු ඇඟවීම හා සැලසුම් වෙනස් කිරීම් පසුගිය අවුරුදු කිහිපය තුළ ළදරු මරණ වැළැක්වීම සඳහා කිසිම දෙයක් කර නොමැති නිසා මෙම  උපකරණ තහනම් කිරීම අවශ්‍ය  බව තවදුරටත් තහවුරු කරනවා.

අධ්‍යයනය  අනුව, දෙමව්පියන් තොටිල්ලට යොදන පැඩින් සාමාන්‍යයෙන් බහුලව මිලදී ගැනීම සිදුකරයි. ඒ නිසා එහි අනතුරු පිළිබඳව දැනුවත් කිරීම සහ ඒවා සම්පූර්ණයෙන්ම තහනම් කිරීම වැදගත් වේ.

දැනට එක්සත් ජනපදයේ සමහර ප්‍රාන්තවල මේවා විකිණීම තහනම් කර ඇත.

"තොටිල්ලට යොදන බම්පර්ස් තහනම් කිරීමෙන්  දරුවාගේ තොටිල්ල තුල මෘදු කිසිවක් නොතැබිය යුතුය යන පණිවුඩය ශක්තිමත් කරනු ඇත," තච් පැවසීය. "තොටිල්ලට යොදන  බම්පර්ස්  වලින් සිදුවන ළදරු මරණ වැළැක්වීමට එක් ක්‍රමයක් තිබේ. ඒවා සදහටම භාවිතා නොකරන්න."

ආරක්ෂිතම ක්‍රමය වන්නේ තොටිල්ලේ  උපාංග අවම කිරීමයි. සවි කර ඇති ඇඳ ඇතිරිලි සහ අනිවාර්යයෙන් සවි කළ හැකි බ්ලැන්කට් තෝරා ගැනීමට සුදුසු  ආරක්ෂිත උපාංගයන් වේ.

ඔබේ අදහස් පහතින් සටහන් කරන්න.

ශ්‍රීලංකාව තුල මව්වරුන් අතරද තොටිල්ලට යොදන බම්පර්ස් භාවිතය බහුල වීමේ ප්‍රවණතාවක් ඇති අතර ඒවා භාවිතයේ අවධානම පිළිබඳ දැනුවත් කිරිමේ අරමුණින් the Asianparent Sri Lanka අපි මේ ලිපියේ තොරතුරු ඉදිරිපත් කරන්නෙමු.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

 

img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
  • /
  • තොටිල්ලට යොදන බම්පර්ස් පුංචි දරුවන්ගේ මරණයට වඩ වඩා හේතුවෙන බව සොයා ගනී.
බෙදාගන්න :
  • පුංචි පැටියාට මුල සිටම වැසිකිළි යාම පුරුදු කරන්නේ කොහොමද?

    පුංචි පැටියාට මුල සිටම වැසිකිළි යාම පුරුදු කරන්නේ කොහොමද?

  • පවුල් සෞඛ්‍ය සේවිකාවන් සපයන මේ උතුම් සේවාවන් ගැන ඔබ දැන සිටියාද?

    පවුල් සෞඛ්‍ය සේවිකාවන් සපයන මේ උතුම් සේවාවන් ගැන ඔබ දැන සිටියාද?

  • පුංචි පැටියාට මුල සිටම වැසිකිළි යාම පුරුදු කරන්නේ කොහොමද?

    පුංචි පැටියාට මුල සිටම වැසිකිළි යාම පුරුදු කරන්නේ කොහොමද?

  • පවුල් සෞඛ්‍ය සේවිකාවන් සපයන මේ උතුම් සේවාවන් ගැන ඔබ දැන සිටියාද?

    පවුල් සෞඛ්‍ය සේවිකාවන් සපයන මේ උතුම් සේවාවන් ගැන ඔබ දැන සිටියාද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it