theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

දණගාන්න වෙර දරන පැටියා ගැන ඉගෙන ගන්න දෙමාපියන්ට මගපෙන්වීමක්

5 අවම කියවීම
දණගාන්න වෙර දරන පැටියා ගැන ඉගෙන ගන්න දෙමාපියන්ට මගපෙන්වීමක්දණගාන්න වෙර දරන පැටියා ගැන ඉගෙන ගන්න දෙමාපියන්ට මගපෙන්වීමක්

දරුවන්ට දණගෑමට උනන්දු කරවන්නේ දණගෑම නොකළයුතු අවධියන් ගැන ඔබ දැනුවත්ද ?

දෙමාපියන් දරුවන්ගේ එක් එක් අවධීන් වලදී හුඟක් සතුටටත් කුතුහලයටත් පත් වෙනවා. එය පුදුමයට කාරණයක් නොවෙයි. ඒ වගේම ඉන් ළදරුවන්ගේ වර්ධනය නිසි ලෙස සිදුවෙන බවට ඉඟි පළකරනවා වගේම එවැනි සතුටක් දෙමාපියන්ට නැති තරම්.

දණගෑමත් දරුවෙකුගේ ජීවිතයේ මුල් අවධියේ වැදගත් සංධිස්ථානයක් වෙනවා. ඒ නිසාම ඔබට ඔහුගේ ආරක්ෂාව ගැන හුඟක් හිතන්නට වෙන්නේ දැන් ඔහු නිදහස සොයා යන නිසයි.

ඉතින් මේ කරුණු ගැන තවත් දැනුවත් වුනොත් ඔබට මේ අවස්ථාවට හොඳින් මුහුණ දෙන්න පුළුවන් වෙයි. විශේෂයෙන්ම හැම දරුවෙකුම විවිධ බවත්, එක් එක් දරුවන්ගේ වර්ධනයේ වෙනස්කම් දක්වන බවත්, සමහර අවධීන් ඉක්මනින් හා සීග්‍රව පසු කිරීමටත් සමහර අවධීන් පෙන්නුම් නොකරම ඊළඟ අවධියට එළඹීමත් ඉතාම සාමාන්‍ය කරුණක් බව ඔබ අවබෝධ කර ගැනීම වැදගත්.

දරුවන් දණගෑම වැදගත් වන්නේ ඇයි ?

The Mommy MD Guide to your Baby’s First Year හි කතුවරිය වන වෛද්‍ය රැලී මැක්ඇලිස්ටර් පවසන ආකාරයට දණගෑම කරුණු ගණනාවක් නිසාම වැදගත් වෙනවා.

  • දණගෑම දරුවන්ගේ වර්ධනයට වැදගත් වන අතර එයට දරුවාගේ මොලය හා ශරීරය එක විට ක්‍රියා කිරීම අවශ්‍ය වෙනවා.
  • දණගෑම මගින් දරුවාගේ මාංශ පේශින් ශක්තිමත් කරන අතර පිටුපස, බෙල්ල, උරහිස හා අත් මේ අතර විශේෂයි. කෙසේ වෙතත් දණගෑම ආරම්භ කිරීමටත් මූලික විශේෂයෙන් මේ ප්‍රදේශ ශක්තිමත්ව තිබීම වැදගත්.
  • දරුවන්ගේ ඇස් වල පෙනීම වර්ධනය කරනවා. මන්ද, දණගාමින් දරුවා අනපේක්ෂිත ස්ථානයන් කරා ළඟා වීමට දණගෑම සමග අවධානයෙන් සිටීම මෙහිදී සිදුවෙනවා.
  • මතකය ස්ථානෝචිත නුවණ ඇතිවෙනවා. වෛද්‍ය මැක්ඇලිස්ටර් පවසන ආකාරයට දරුවෙකු දණගාමින් සෙල්ලම්බඩුවක් ගැනීමට මේසයක් වටා යනවා නම් ඔහු ඒ මාර්ගය මතකයේ තබාගන්නවා.
  • ශරීරයේ සමබරතාවය ඉගෙන ගන්න නිසා ඇවිදීමට එය පහසු වෙනවා.
  • දණගෑම මගින් දරුවා නිදහස ඉගෙන ගන්නා අතර තීරණ ගැනීම හා යම් තැනකට ළඟා වීමේ ක්‍රමයන් ඔහු සොයනවා.

දරුවන්  දණගෑම ආරම්භ කරන්නේ කොයි වයසේදී ද ?

පළමුවෙන්ම මතක තබාගතයුතු කාරණය නම් හැම දරුවෙකුම දණගෑම කරන්නේ නෑ. සමහර දරුවන් එම අවධිය පසුකර ඊළඟ අදියරට එළඹෙනවා. නමුත් සාමාන්‍යයෙන් දරුවන් මාස 6 ත් 10 ත් කාලය තුළ දණගෑම ආරම්භ කරනවා.

දණගෑමට සූදානම් වන ලක්ෂණ

  • උපකාරයක් නැතිව තනිව ඉඳගන්නවා.
  • අත් දෙක බීම තබා ඇඟ සමබර කරගන්නවා.
  • දණහිස තබා අත් දෙක පොලවට තබා ඉඳ සිටිනවා.
  • ඉහත ඉරියව්වෙන් ඇඟ පද්දනවා.

මෙවැනි චලනයන් දරුවාගෙන් දකින්න ලැබීමත් සමගම ඔහු දණගෑම ආරම්භ කරනවා. ඔහු මුලින් ඉඳගෙන දණගෑමට උත්සාහ කරනවා. නමුත් කෙමෙන් කෙමෙන් ඔහු ඊට හුරුවෙමින් ඉදිරියට හා පසුපසට සමබර වෙමින් දණගාන්න ආරම්භ කරනවා.

හුඟක් දණගෑම පුරුදු වූ පසු දරුවෙකුට පසුපසටත්  දණගාන්න පුළුවන් වෙනවා. මෙය ඔබේ පැටියා මාස 12 ක් පමණ ගතවන විට කරන දස්කමක්. හැබැයි හැම දරුවෙකු දණ නමා දණ ගාන්නේ නැහැ. සමහරු බඩ බිමට අතුල්ලමින් බිම දිගේ තමන් කැමති තැනට ළඟා වෙනවා. නමුත් ඔහු මේ කොයි ආකාරයට චලනයන් කළත් ඒ ගැන ඔබ කලබල වියයුතු නැහැ. ඇඟේ හා අත් චලනය ගැන ඔහු තුළ අවබෝධයක් තිබීම තමයි වඩාත් වැදගත්.

මුනින් දැමීම මගිනුත් දණගෑමට දරුවන්ට අත්වැලක් ලැබෙනවා. ඉන් බෙල්ල, උරහිස් හා පිටකොන්දේ මාංශ පේශීන් ශක්තිමත් වෙනවා. මේ නිසා ඔබේ පැටියා දණගෑමට දක්ෂකම් දක්වනවා. මෙසේ මුනින් පෙරලි ඉන්න විට ඔහු ඉදිරියෙන් කුඩා සෙල්ලම් බඩුවක් තැබීමෙන් ඔහුට ඉදිරියට ඇදීමට උදවු කරගන්න පුළුවන්. එවිට ඔබ හිතනවටත් වඩා වේගයෙන්  දණගෑමට ඔහු හුරු වෙනවා.

දණගෑම හා ඔබේ දරුවාගේ ආරක්ෂාව

දරුවෙකු දණගෑමට පටන් ගන්නා විට ඔහුගේ ආරක්ෂාව ගැන නොසිතා බැහැ. මේ නිසා දරුවා දණගෑම අරඹනවාත් එක්කම ඔහුට ආරක්‍ෂිත නොවන තැන් ආරක්‍ෂිත ලෙස සූදානම් කිරීම වැදගත්. ඒ ගැන දැනුවත් වෙන්න මේ ඉඟි ඔබට උදව් වේවි.

  • මේසවල කොන්වල උණු කෑම හෝ බීම වර්ග තබන්න එපා.
  • උදුනේ පිසීම් කරන විට භාජන වල හැඬලයන් අනෙක් අතට හරවා තබන්න.
  • නාන කාමර උපාංග දරුවාට ළඟා විය නොහැකි තැන්වල තබන්න.
  • දරුවාගේ ඇඳුම් වල පටි හෝ රිබන් පැටලෙන ආකාරයට තබන්න එපා. එහි ඔහු පටලැවෙන්න පුළුවන්.
  • තොටිල්ලේ එල්ලා ඇති සෙල්ලම් බඩු ඉවත් කරන්න. ඔහු ඒවායේ එල්ලී අනෙක් අතට වැටෙන්න පුළුවන්.
  • ප්ලග් පොයින්ට්, වයර් හා විදුලිය කාන්දු විය හැකි තැන් ආරක්‍ෂිත ලෙස වසා තබන්න.
  • බැල්කනිය, තරප්පු පෙළවල් තාවකාලික ලෙස වසා තැබීමට උපක්‍රමයක් යොදන්න.
  • කුණු දමන බඳුන් ආදිය දරුවාට ළඟා විය නොහැකි තැන්වල තබන්න.
  • මේස රෙදි වල දරුවාට එල්ලීමට හැකි බැවින් මේස රෙදි දැමීමෙන් වළකින්න.
  • පොත් රාක්ක, TV ස්ටෑන්ඩ් වැනි දරුවාට එල්ලිය හැකි දේවල් ඉවත් කරන්න.
  • ගෘහ භාණ්ඩ වල තියුණු කොන්වල් ආරක්‍ෂිත ලෙස ආවරණය කරන්න.
  • විෂ සහිත පැළෑටි නොතබන්න.

ඒ වගේම දරුවාගේ මට්ටමෙන් ඔබ දණගාන ඉරියව්වෙන් ඉඳ ඔහුගේ ඇඟේ මට්ටමට අසුවන අනාරක්ෂිත දේවල් ගැන නැවතත් සොයා බලන්න.

ඔබේ දරුවාට දණගෑමට සුදුසු තැන් මොනවාද?

දරුවා දණගෑමට අරඹන විට කාපට් හෝ ලිස්සන සුළු නොවන ඇතුරුමක් යොදන්න පුළුවන්. නමුත් ඔහු ඊට හුරුවෙන විට එලෙස කොටු කිරීම අපහසු වෙනවා.

නිවස ආරක්‍ෂිත කළ පසු ඔහුට නිදහසේ දණගෑමට ඉඩ දෙන්න. නමුත් ඔහු හැම තැනම දණගාන නිසා සම රළු වීම, කළු වීම වෙතැයි සිතනවා නම් ඔහුට දිගට සිනිඳු ඇඳුම් (කලිසම් ඇන්දවීම කළහැකියි)

ඔබේ දරුවා දණනොගෑම ගැන ඔබ කලබලයට පත්විය යුතු අවස්ථා මොනවද?

පෙර කියපු ආකාරයට දරුවන්ගේ ක්‍රියාකාරකම් වෙනස් වෙන්න පුළුවන්. සමහර දරුවන් දණගන්නේ නැතිවම ඇවිදිනවා. සමහරු අඩුමාසෙන් ඉපදීම නිසාත් දණගෑම ප්‍රමාද වෙනවා. ඔබ කලබලයට පත්විය යුත්තේ අවුරුද්දක් ගෙවී ගිය පසුවත් දරුවා නැගිටීමට බියවීම හෝ කිසිදු උනන්දුවක් දක්වන්නේ නැත්නම් පමණයි.

ඔබේ දරුවාට හරි ආකාරව අත් පා ක්‍රියාකරවීමට නොහැකි නම් ඒ ගැන ඔබේ ළමා වෛද්‍යවරයාට දන්වා කරුණු සොයා බලන්න. එය දරුවාගේ බර වැඩිවීම වැනි හේතු ඇතුළුව විවිධ හේතූන් නිසාත් වන්නට පුළුවන්.

දරුවාගේ හැම අවධියකම වෙනස්කම් රස විඳින දෙමාපියන්ගේ සිහින වලට මේ ලිපිය උදවු වෙතැයි theAsianparent Sri Lanka අපි විශ්වාස කරනවා.  

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
img
Written by

Nalika Unantenne

  • Home
  • /
  • වර්ධනය
  • /
  • දණගාන්න වෙර දරන පැටියා ගැන ඉගෙන ගන්න දෙමාපියන්ට මගපෙන්වීමක්
බෙදාගන්න :
  • ළදරු සංවර්ධනය: පස්වෙනි මාසය

    ළදරු සංවර්ධනය: පස්වෙනි මාසය

  • අවුරුදු 2ක් වයසැති දරුවාගේ  හැසිරීමේ ගැටලු

    අවුරුදු 2ක් වයසැති දරුවාගේ හැසිරීමේ ගැටලු

  • ළදරු සංවර්ධනය: පස්වෙනි මාසය

    ළදරු සංවර්ධනය: පස්වෙනි මාසය

  • අවුරුදු 2ක් වයසැති දරුවාගේ  හැසිරීමේ ගැටලු

    අවුරුදු 2ක් වයසැති දරුවාගේ හැසිරීමේ ගැටලු

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it