දත් 7ක් සහිතව ඉපදුන ඉන්දියාවේ අපූරු දරුවා!

lead image

දත් සහිත දරුවෙක් ඉන්දියාවේ දී බිහිවුනා. එම දත් ශක්තිමත් නොමැති නිසා ස්ථීර නොවන  නිසා අති විශාල අනතුරුදායක  තත්ත්වයකට පත්විය හැකි නිසා එය ඉවත් කිරීමට වෛද්‍යවරුන් තීරණය කලා.

දත් සහිත දරුවෙක් ඉන්දියාවේ දී බිහිවුනා. එම දත් ශක්තිමත් නොමැති නිසා ස්ථීර නොවන  නිසා අති විශාල අනතුරුදායක  තත්ත්වයකට පත්විය හැකි නිසා එය ඉවත් කිරීමට වෛද්‍යවරුන් තීරණය කලා.

මෙම දුර්ලභ  අවස්ථාවේ, ඉන්දියාවේ ගුජරාට්හි වෛද්‍යවරුන් මෙවැනි තත්ත්වයක් අත් විදින පළමු වතාව වූ අතර දත් හතක් ඇති මාස එකක් වු දරුවෙකු සොයාගනු ලැබුවා. වෛද්‍යවරු වහාම දරුවාගේ විදුරු මහෙන් දත් ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා. එවිට නොමේරූ අවදියේ දත් නිසා පුපුරායාම සෞඛ්‍ය ගැටළු සඳහා අනතුරුදායක තත්ත්වයක් ඇතිකරන්නේ නැහැ.

වෛද්‍ය මීට් රාමන්ත්‍රී දන්ත ශල්‍ය කර්මයක් කළ අතර එය කොටස් දෙකකට බෙදා පළමු වැන්නේදී දත් හතරක් ඉවත් කරන ලදී. එම සැත්කමේ දෙවැනි කොටසේදී  අනිත් ඉතිරි  දත් තුනද ඉවත් කිරීමට කටයුතු  කරන ලදි.

BBC Hindi වලට අනුව වෛද්‍යවරයා පැවසූ ආකාරයට දත් සවිමත් හා ස්ථිර නොවූ නිසා මෙන්ම  අනතුරුදායක වීමට ඉඩ ඇති නිසා ඔහු දත් ඉවත් කිරීමට බලපෑම්  කර ඇත. ඒවා හැලී ගියහොත් ඒවා දරුවාගේ ස්වසන මාර්ගයේ හිර විය හැකි ය.

වෛද්‍යවරුන් සඳහා මෙම  අවස්ථාව බොහෝ අනතුරු දායක වුණා. ඒ ඔවුන් සැත්කම කිරීමට පෙර දරුවාගේ දත් ගැලවී යා හැකිව තිබූ නිසයි.

දරුවාගේ දත් පුපුරා යෑමට  පටන්ගෙන ඇති බව වෛද්‍යවරු සොයා ගනු ලැබුවා.

දරුවාට මව්කිරි බීමට අපහසු තාවයක් ඇති බව දැනගත් විට දරුවාගේ දෙමාපියන් දරුවාව ළමා රෝග  විශේෂඥයකු වෙතට ගෙන ගොස් තිබුණු අතර නියමිත කාලයට පෙර දරුවාගේ දත් පුපුරා ගොස් ඇති බව වෛද්‍යවරුන් සොයා ගනු ලැබුවා.

ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා දරුවාව දන්ත වෛද්‍යවරයෙකු වෙත යොමු කළා. වෛද්‍ය රාමන්ත්‍රීට අනුව මෙහිදී දරුවාට අසාමාන්‍ය දත් හතක් තිබූ අතර ඒවා සම්පූර්ණයෙන්ම එළියෙ තිබුනා.  ඒ වගේම වෛද්‍යවරයා මේ දරුවාගේ තත්වය දුර්ලභ තත්වයක් බවත් දැනුම් දුන්නා.  ඒ  සමහර වෙලාවට අලුත උපන් දරුවන්ගේ විදුරු මහේ දක්නට ලැබෙන්නේ දත් එන සලකුණු පමණක් නිසා වේ.

ඒ වගේම බොහොමයක් මේ වගේ සිද්ධීන්ගේ දත් තවදුරටත් වර්ධනය නොවන නමුත් මෙම දරුවාගේ දත් සම්පූර්ණයෙන්ම එළියෙ තිබුනා.  මෙවැනි සිද්ධීන් දුර්ලභ මෙන්ම අසාමාන්‍ය වන බව වෛද්‍යවරු ප්‍රකාශ කලා.

සැත්කම අවසානයේ දරුවා හොඳින් සිටින අතර ගැටලුවකින් තොරව මව් කිරි උරා බොයි.

බබාගේ පළමු දත එන්නේ කවදාද?

බොහොමයක් දරුවන් ගේ පළමු මතුවෙන්න පටන් ගන්නේ උපතේ සිට මාස හයක් පමණ වන විටයි. කොහොම නමුත් දත් සදහා විදුරු මහ පුපුරා යාම මාස 3ත් මාස12 ත් අතර ඕනෑම වේලාවක සිදුවීම  සාමාන්‍ය සේ  සලකනවා. ඔබට  මතක තබාගන්න කරුණු කිහිපයක් මෙන්න ,

•  දරුවාගේ වයස අවුරුදු තුනක් වන විට ඔවුන්ට දත් විස්සක් තියෙනවා. මේවා කිරිදත් ලෙස හදුන්වන අතර කෘන්තක,රදනක,චාර්වක හා පුරශ්වාර්වක නම් වේ.

•  දරුවන්ට දත් එන විට ඔවුන් නොසන්සුන් මෙන්ම  වේදනාවෙන් අවිවේකී වෙනවා. ඒ දත්  එන විට දැනෙන වේදනාව නිසයි. ළදරුවෙකු ඇයගේ අපහසුතාවයන් ප්‍රකාශ කිරීමට අපහසු අතර නිතර ඇඟිලි හැපීමෙන් ඇයගේ විදුරුමහට සැනසීමක් ලබා ගන්න උත්සාහ කරනවා.

• බහුල  ප්‍රතිකර්මයක් ලෙස දෙමව්පියන් දත් ඒම නිසා අපහසුතාවයට පත්වන දරුවන්ට සැනසීම ලබාදීමට සැපීම සඳහා සකස් කල උපකරණයක් ලබා දෙනවා. ඒ මගින් ඔවුන්ට  වේදනාව තුරන් කර ගත හැකිය.

•මුඛ සෞඛ්‍ය සඳහා දරුවාට සුදුසු කාලය පළමු දත පෙනීමට පටන් ගත් කාලය වන අතර ඒ සඳහා දරුවාට මාස 12 ක් වනතුරු පමා විය යුතු නැහැ. දෙමව්පියන්ට පිරිසිදු තෙත් ගෝස් කෑල්ලක් හෝ විප්ස් මගින් පිරිසිදු කර ඉතිරි කිරි  තැම්පත් වී නොමැති බවට සහතික කර ගත හැකිය.

අවුරැදු 3ක් අඩු දරුවන්ට  දවසට දෙවරක් දත් මැදීමේ චර්යාවක් පුරුදු කිරීමට  සහතික කරගන්න. Dental Association ෆ්ලෝරයිඩ් අඩංගු දත් බෙහෙත් භාවිතය නිර්දේශ කරන නමුත් එය ධාන්‍ය ඇටයකට වඩා කුඩා විය යුතුයි. වැඩිමහල් වූ දරුවන් සඳහා එය රටකජු ඇටයක් තරම් ප්‍රමාණයකට ඔබට වැඩි කළ හැකි ය.

• ඔබ දැනටමත් දන්ත වෛද්‍යවරයෙක් හමු වී නොමැති නම් ප්‍රමාද නොවී ඔබේ දරුවා දන්ත වෛද්‍යවරයෙක් ළඟට රැගෙන යන්න. හොඳ දන්ත සත්ව සෞඛ්‍යයක් ඇති කිරීම ඔබේ දරුවාගේ දත් නිරෝගීමත් කිරීමටත් හොඳ ශක්තියකින් පවත්වා ගැනීමටත් සහතික කරගැනීමට වැදගත් වෙනවා.  ඔබේ දරුවාට කිසිම ගැටලුවක් නැති අවස්ථාවක වුනත්  අවුරුද්දකට වතාවක් දන්ත සායනයකට ඔබේ දරුවා රැගෙන යාමට සැලසුම් කර ගන්න.

දත් හතක දරුවාගේ අපූරු කතාවත් එක්ක පුංචි මල් කැකුළු වන් දරුවන් ගේ මුතු ඇටවන් දත් සුරක්ෂිත කරන්න ඕන කියන එකත් මතක් කරන්නේ theAsianparent Sri Lanka වෙතිනි .

theIndusparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී