දයාව: දරුවන් උස්මහත් කරද්දී මේ සුවිශේෂී ගුණාංගය ගැන ඔබ හිතුවාද?

lead image

කරුණාව දයාව ගැන දරුවන්ට කියාදෙන හැටි මෙම ලිපිය කියවා දැනගන්න.

එක්තරා උත්සවයකදී දරුවන්ගේ විවිධාකාර හැසිරීම් මට දකින්න ලැබුණා. මේක මගේ සමීපතම යාළුවෙකුගේ 30 වන විවාහ සැමරුම් උත්සවය . මේ සෙනග අතර එහාමෙහා ඇවිදිනකොට මට පැමිණ හිටිය හුඟක් දරුවන්ගේ හැසිරීම් දකින්න ලැබුණා.

මේ උත්සව අවස්ථාවේ එහෙට මෙහෙට ඇවිදිමින් ඉන්න විට දොරක් ඇතුලෙන් තවත් පුංචි හමුවක් තිබෙන බව මට පෙනුනා. මෙය කුතුහලය දනවන සුළුයි. එක පිරිමි දරුවෙක් තවත් පිරිමි දරුවෙකු විසින් පහර දෙමින් ඉන්න අයාලේ යන පූසෙකු බේරගන්න හදමින් හිටියා. මේක බලාගෙන තවත් පිරිමි දරුවෙක් එතනම හිටියා. එක්කෙනෙක් කියමින් හිටියා පළමුව හමුවූ කෙනාට පූසව ලබාදිය යුතු බව.

මේ දයාව නැති දරුවා පූසට යන්න ඉඩ දෙන්නේ නැහැ. ටික වෙලාවකින් ඔවුන් දෙමාපියන් එතනට ආව නිසා තත්වය සමනයට පත්වුණා. නමුත් ඔවුන් පෙනුමෙන් මේ දරුවන්ගේ පවුල් පසුබිම, අධ්‍යාපනික මට්ටම ඉතා හොඳ තත්වයෙන් ඇති බව පෙනුනා. නමුත් ඔවුන් හැදියාවෙන් වෙනස් ඇයි? ඔවුන් හැදී වැඩෙන ආකාරයේ වෙනස්කම්ද?

ඔවුන් අතර වූ කතාබහ

පසුව ඔවුන් අතර වූ කතාව මට ඇසුන නමුත් දැන් ඔවුන්ගේ කතාව දෙමාපියන් නිසා එතරම් ප්‍රබල වුණේ නැහැ. තරමක් ආවේගශීලි දරුවා හිතුවේ පූසා ඔහුගේ වත්කමක් කියලයි. නමුත් කරුණාවන්ත දරුවා හිතුවේ පූසාව රඳවා ගන්න එක එයාට හිරිහැරයක් කියලයි. කාටත් කරදර කිරීම හොඳ නැති දෙයක් බව ඔහු කියනවා. නමුත් අනෙක් දරුවා ඒ ගැන ප්‍රතිඋත්තර නොදී “ මේ නිකං පූසෙකුට අපි මොකට රණ්ඩු වෙනවද?” මේ දෙන්නා හිතන විදිහ වෙනස් බවත් ඊට කුමක් හෝ හේතුවිය යුතු බව මම තේරුම් ගත්තා.

දයාව දුර්වල බවේ සලකුණක්

දයාව දරුවෙකු තුළ තිබිය යුතු උසස් ගුණාංගයක්. නමුත් ඉතා සුළු පිරිසක් එය දුර්වල ලක්ෂණයක් ලෙස සිතන්න පුළුවන්. නමුත් සත්‍ය එය නොවේ. දයාව දරුවෙකු තුළ තිබිය යුත්තේ ඔහුගේ සංවේදී ගුණාංග වර්ධනය වීමටයි. අධ්‍යනයන්ට අනුව අනුන්ගේ කරදරයකදී උදව් වන්නට ඉදිරිපත්වන, අනුකම්පා කරන, අන් අයගේ වගකීම් දරන දරුවන් වැඩිහිටියන් වූ පසු වඩාත් සතුටින් හා සාර්ථකව ජීවිතය ගෙවන බව පවසනවා.

දයාවෙන් පිරි දරුවෙකු උස්මහත් කරන්නේ කොහොමද?

දරුවන් දයාව හා අනුකම්පාව ගැන දැන හිටියත් ඒ ගුණාංග වැඩිදියුණු කරගන්න දෙමාපියන්ගේ උදව් අවශ්‍යයි. මේ ඔබේ දරුවාට එවැනි ගුණාංග වැඩි කරගන්න උදව් කරන්න කරුණු 5 ක්.

1. දරුවා සමග ආදරණීය සබඳතාවයක් පවත්වා ගන්න

අම්මලා හැමෝම දරුවන්ට ආදරේ බව ඇත්ත. නමුත් එය දරුවනුත් දැනගත යුතුයි. හුඟක් ආදරය අවධානය ලැබෙන දරුවන් අනෙක් අයට ගරු කරනවා වගේම රැකබලා ගන්නවා. ඔබේ සබඳතාවය වැඩි කරගන්න නම් ඔවුන් සමග වැදගත් ලෙස කාලයක් ගත කරන්න යොදා ගන්න. මේ නිසා ඔහු අන් අය ගැන ඊට වඩා සිතා බලන කෙනෙක් වේවි.

ආදරය දයාව හොඳින් ලැබෙන දරුවන් අන් අයටත් එහෙම පෙරලා ආදරය කරුණාව දක්වනවා. නිතරම හරවත් කතාවන් වල නිරත වෙන්න. ඔහුගේ දවස ගෙවුන හැටි අහන්න. ඒ නිසා ඔහු ගැන ඔබ කෙතරම් උනන්දු දැයි ඔහුට හැඟේවි.

2. ඇගයිය හැකි චරිතයක් ආදර්ශයට දෙන්න

දරුවා ගරුකරන අයගේ ගතිගුණ හා පෞරුෂත්වය මත ඔහුත් හැඩ ගැසෙනවා. ඔබ නොසිතුවත් ඔබේ හැම ඉරියව්වක්ම දරුවාගේ වැඩීමට බලපානවා. ඔබ යම් සිදුවීමක් පිළිබඳ දයාවෙන් කතා කරන විට ක්‍රියා කරන විට ඉබේම දරුවා ඔබව අනුගමනය කරනවා. ඔහු හරි දෙය එක ලෙස විශ්වාස කරනවා වගේම ඉක්මනින් හොඳ නරක තෝරා ගන්න සමත් වෙනවා. දරුවාට සමාජයේ දයාව අවශ්‍ය අය හා ගැවසෙන්නට රැගෙන යන්න. අබාධිත හෝ අපහසුතා ඇති අය ගැන ඔවුන් දැනගැනීම හා ඔවුන් ඔබ දයාව දක්වන ආකාරයෙන් දයාව කරුණාව අවශ්‍ය අයව ඔහු හඳුනා ගන්නවා. 

3. ගරුත්වය පුහුණු වීමට උනන්දු කරවන්න

දරුවෙකු ලොකු මහත් කරන විට ගරුත්වය ගැන දැන ගැනීම ඉතා වැදගත් වෙනවා. මම හුඟක් වෙලාවට දැකලා තියෙනවා ගෙදර සේවයේ ඉන්න අයට දරුවන් නියෝග දෙනවා. නමුත් එවැනි කෙනෙක් තමන්ට සිටීම කෙතරම් උපකාරයක් දැයි ඔවුන් අවබෝධ කොටගෙන තිබීම ඉතා වැදගත්. ඒ වගේම ඒ වෙනුවෙන් දරුවන්ට අවස්ථාවන් ලැබීමත් වැදගත්. ‘ස්තූතියි’ කියන්න පුරුදු කිරීම කුඩා කළ සිටම ඔවුන්ට ඉගෙන ගන්න පුළුවන්. නමුත් ඔවුන් තම ස්තූතිය පළකිරීම වෙනුවෙන් ඔවුන්ට අනිත් අය ස්තූතිවන්ත විය යුතු නැති බවත් එය ඔවුන් ජීවිතයෙන් නිරායාසයෙන් ඇතිවිය යුත්තක් ලෙස හැඟවීම වැදගත්.

4. හැඟීම් දැනීම් ගැන දරුවා තුළ ගැඹුරු අවබෝධයක් ඇති කරගන්න

දරුවන් නිතරම තමන්ගේ පවුලේ අයගෙන් ලැබෙන ප්‍රතිචාර ගැන සංවේදී වෙනවා. හැම දරුවෙකුටම තමන් ආදරය කරන අයගෙන් ලැබෙන ප්‍රතිචාර වැදගත්. ඒ වගේම පවුලේ සමීපම අය නොවන අයටත් ඒ දයාව පෑමට ඔවුන්ට හැකියාව ඇති කිරීමට පුළුවන් නම් එය වැදගත්.

ලෝකයේ අනෙක් පැත්තේ වුවත් ආදරය දයාව අවශ්‍ය අය සිටිය හැකි බව ඔවුන්ට අවබෝධ කරවන්න. ඒ නිසා වෙනත් රටකින් ඔබේ දරුවාගේ පාසලට ආ දරුවෙකු මුණගැහුනොත් ඔහු එයාට ඉතා සංවේදී ලෙස ප්‍රතිචාර දක්වන්න පෙළඹෙනවා. ඒ නිසා නිතර ඔවුන් සමග මෙවැනි කරුණු කතා කරන්න.

5. ස්වය පාලනයක හැඟීම් හසුරවා ගන්න කියා දෙන්න

හුඟක් වෙලාවට නොසැලකිලිමත්ව අසාධාරණ ලෙස ආදරය ලද දරුවනුත් තම චරිත ලක්ෂණ ප්‍රදර්ශනයේදී කලහකාරී ලෙස හැසිරෙනවා දකින්න පුළුවන්. මෙවැනි දරුවන් ශක්තියක් නැති අයව රිදවා සතුටු වෙනවා. උදාහරණයක් ලෙස පූසගේ කතාව හඳුන්වන්න පුළුවන්.

හැමවිටම දරුවෙකුට ඔහුගේ හැඟීම් අවබෝධ කරගන්න උදව් වෙන්න. ඔහුට දැනෙන ඒ හැඟීම් ඔබත් සමග බෙදාගන්න උනන්දු කරවන්න. මෙවැනි ගැටළු වලදී සාර්ථක ලෙස මුහුණ දෙන්න ඔවුන්ට උදව් කරන්න. ඔබේ දරුවා ස්වයං පාලනය ඉගෙන ගත් විට ඔහුගේ කලකිරීම අන් අයට මුදාහරින්නේ නැහැ. ඒ සමග ඔහුගේ චරිතය ගොඩනගා ගන්න ඔහුට පුළුවන් වේවි.

ඔබේ දරුවා යහපත් පුද්ගලයෙකු කිරීමේ වගකීම ඇත්තේ දෙමාපිය ඔබටයි. දයාව උතුම් මානුෂීය ගුණාංගයක් බව ඔවුන්ට වටහා දෙන්න උනන්දු වෙන්න. එයට ජීවිතය ඉගෙන ගන්න ඔවුන්ට පහසු වෙනවා. theAsianparent Sri Lanka වෙතින් තවත් ආදරණීය පණිවිඩයක්.  

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ