දයා ගුණයෙන් පිරි දරුවන් බිහි කරන ආකාරය ගැන විද්‍යාත්මක රහස කෙලි වේ!

හාවඩ් විශ්ව විද්‍යාලයේ මනෝවිද්යාඥයින් පවසන පරිදි යහපත් දරුවන් බිහි කිරීමේ රහස ඉතා සරලය.

දෙමාපිය අපගේ  ඒකායන පැතුම රටට වැඩදායි සත් ගුණවත් දරුවන් බිහි කිරීම නොවේද?  අපගේ නිරන්තර උත්සයත් වෙහෙස මහන්සියත් ඒ සඳහා නොවේද?  හාවඩ් විශ්ව විද්‍යාලය විසින් මෑතකදී  කල ප්‍රකාශයකට අනුව ඔවුන් කරුණා ගුණයෙන් පිරි දරුවන් ඇති දැඩි කිරීමෙහි ලා විශේෂ ව්‍යාපෘතියක්ද දියත් කර තිබෙනවා.  

කෙසේ නමුත් මෙම අධ්‍යයනයන් තුළින් දරුවන් තුළ ඇති කාරුණික ස්වභාවය ඉස්මතු කිරීම සඳහා අත්දුටු හා ප්‍රත්‍යක්ෂ සරල පිලිවෙත් 5ක් ඇති බව පෙන්වා දෙනවා.

දරුවන් තුළ ඇති කාරුණික ස්වභාවය ඉස්මතු කිරීම සඳහා අත්දුටු හා ප්‍රත්‍යක්ෂ සරල පිළිවෙත් පහක්

1 දරුවන් සමඟ ගුණාත්මකව ගත කිරීමට දිනපතා යම් කාලයක් වෙන්කරගන්න

මෙය නිතර අසන සාමාන්‍ය වගන්තියක් ලෙස ඔබට පෙනෙන්නට හැකි මුත්, දෙමව්පියන් බොහෝ විට දරුවන් සමඟ ගුණාත්මක කාලයක් ගත කරන්නේ නැහැ. ගුණාත්මක කාලය පිළිබඳ අර්ථ කෙටි නිරූපණයක්  කරනවා නම් ඒ නිතිපතා දරුවන් සමඟ අර්ථාන්විත ලෙසත්, ඔවුන් වෙත නොබිඳුණු පුර්ණ අවධානයක් යොමු කරන කාලයක් ලෙසත් සඳහන් කරන්නට පුළුවන්. මෙය කළ හැකි එක් ආකාරයක් වන්නේ දරුවන්ගෙන් විවෘත ප්‍රශ්න ඇසීමයි. මෙවැනි ප්‍රශ්ණ තුලින් ඔබට දරුන්වන් හා අර්ථවත් සංවාදයකට එළඹෙන්නට හැකි වනවා.

මෙසේ කිරීම තුලින් ඔබ දරුවන් සමඟ සාර්ථකව සන්නිවේදනය කරනවා පමණක් නොව, හොඳ සම්බන්ධතාවක් පවත්වන ආකාරය දරුවටත් ඉන් පසක් වනවා. මෙය ඔවුන්ගේ අනාගත අන්තර්-සබඳතාවයන් සඳහාද මිනුම් දණ්ඩක් වනු ඇත.

2 නොසැලෙන, ශක්තිමත්, ආදර්ශමත් චරිතයක් වන්න

ඔබේ ජිවිත අත්දැකීම් ගත් කල ඔබ තුළ ධනාත්මක වෙනස්කම් ඇති කළ සෑම බලවත් පුද්ගලයෙකුම ඔබට යම් කලක ආදර්ශයක් වී තිබෙනවා. එවන් දර්ශනයක් හා චර්යාවක් ඇති පුද්ගලයින් අප අගය කරනවා මෙන්ම ඔවුන් මෙන් වන්නට අපද උත්සාහ කරනවා.  

මේ නිසා ඔබද සාධාරණ, කරුණාවන්ත, සංවේදී ගති ලක්ෂණ නිරතුරු ඔබ තුලින් පිළිබිඹු කරන්නට උත්සුක විය යුතුයි. මෙය පහසු කර්ර්යයක් නොවන මුත් දරුවෙක් බොහෝ දේ ඉගෙන ගන්නේ දෙමාපියන් අනුකරණය කිරීම තුළිනුයි. ඔබේ දරුවා තුළින් ඔබ දක්නට බලාපොරොත්තු වන වෙනස ඔබ වන්න. ඔවුන් ඔබෙන් එය ඉගෙන ගනීවි.

එමනිසා, ඔබ යම්කිසි ගැටලුකාරී තත්වයක සිටියදී, වඩා පහසු ක්‍රමයක් භාවිතා කරනවා වෙනුවට නිවැරදි මාර්ගය උත්සාහ කිරීමෙන් එම තත්වයට මුහුණ දීමට යොමු වන්න. ඔබේ දරුවා වැරදි විදිහට හැසිරරෙන විටෙක, එම වැරැද්ද පෙන්වා දී එවැනි තත්වයන් සමඟ කටයුතු කිරන නිවැරදි අකාරය දරුවට පහදා දෙන්න.

3 දරුවන්ගෙන් දයාව හා කරුණාව බලාපොරොත්තු වන්න

විශේෂයෙන්ම වයස අවුරුදු 7ට වඩා අඩු දරුවන්, ඔවුන් කරන සෑම ක්‍රියාවකටම ඔබගේ අනුමැතිය බලාපොරොත්තු වනවා. එම වයස එතරම් වැදගත් මෙන්ම ආකර්ශනීය වන්නේත් ඒ නිසයි. මේ හේතුව නිසාම නිවාස තුලදී ඉහළම ආචාරධර්ම ඔවුන් වෙත ස්ථාපිත කිරීමට මෙය හොඳම කාලයයි. මෙසේ කිරීමෙන් ඔවුන් තුල දිස්වන වෙනස ඔබටම අත්දැකීමට ලැබේවි. මේ ආචාරධර්ම අතරට ආදර හා කරුණාවට ප්‍රමුඛත්වයක් දෙන්න. ගැටලුසහගත ප්‍රවෘත්තියක් ඔවුන් සමඟ සාකච්ඡා කරන්න. එවන් අවස්ථාවලදී ඔවුන් ඊට කෙලෙස ප්‍රතික්‍රියා කරන්නේදැයි අසා දැනගන්න. දරුවෙකුට මෙසේ සිතා බලන්නට අවස්ථාව ලබා දීමෙන් කරුණාවන්තකම බව ඔවුනට ස්වාභාවිකවම ගලා එන තත්වයක් ඇති වනවා.

4 අනුන්ට සංවේදී වන්නට දරුවන්ට ඇති තරම් අවස්ථා ලබා දෙන්න

සමාගශීලි කටයුතු වලට නිරායාසයෙන් දායක වන්නේ. ඔබේ දරුවාවත් ඒවාට සම්බන්ධ කරගන්න. ඔබ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන කටයුතු වලදී දරුවත් ඔබ කටුව ගෙන යන්න. දරුවන්ට දායක විය හැකි කටයුතු වල ඔවුන් නිරත කොට ඒවායේ ප්‍රතිපල එවෙලෙහිදීම ඔවුනට දැනෙන අකාරයේ අවස්ථා වලට වැඩිපුර සහභාගී වන්න. නිදසුනක් ලෙස, ළමා නිවාසයක දරුවන් සමඟ අහාර වේලක් බෙදාගැනීමෙන් ඔවුන් අත්විඳින සතුට අත්දකින්නට දරුවට  හැකි වනවා.

පාසැලේදී, හිංසනයට එරෙහි එකමුතු වලට සහභාගී වන්නට දරුවා උනන්දු කරවන්න. සමාජයේ කොතැනක සිටියද, යහපත්කම පිළිපදින්නට මේ අකාරයෙන් ඔවුන්ට අවස්ථාව ලැබෙනු ඇත.

5 දරුවාට දුරදර්ශි වන්නට හුරු කරන්න

දරුවන් බොහෝ විට පවුල හා යහළුවන්ට පමණක් සිමා වූ රාමුවක කොටු වී සිටියි. අද කාලයේ බොහොමයක් පවුල් කුඩා පවුල් වන හෙයින් මෙම රාමුව තුළත් වෙසෙන්නේ සීමිත පිරිසක් පමණි. මේ නිසා දරුවන් සමඟ වෙනත් ප්‍රදේශ වල සචාරය කරන්න. අනෙක් අයගේ ජිවන රටාවන් ගැන දැක්මක් ලබා දෙන්න. ඔවුන්ට වඩා වාසනාවන්ත දරුවන් සමඟත් නැති බැරි ය සමඟත් කුළුපග වන්නට අවකාශ සලසා දෙන්න. නැති බැරි ය හඳුනාගැනීම තුළින් තමන්ට ඇති දේ අගය කරන්නට දිරිමත් වීමක් ලැබෙනු ඇත.

වඩාත්ම වැදගත් වන්නේ මෙයින් ඔවුනට වැඩිපුර ජිවිත අවබෝධයක් ලැබීමයි.නුතන පරම්පරාව සමාජයේ අනෙක් අය හට සංවේදී නැති කීවද, මෙවන් ක්‍රියාකාරකම් තුළින් සෙස්සන්ට සංවේදී දරුවන් බිහි කිරීමේ හැකියාව ලැබෙනවා. ව්‍යාකුලත්වයෙන් තොරව තමාගේ ආකල්ප ගොඩනගා තම ගමන් මග ගැන පැහැදිලි අවබෝධයක් ලබාගැනීමට හැකියාව ලැබෙනවා.

ඉතින් අම්මේ තාත්තේ, අප තුළ ඇති අන්‍යොන්‍ය අවබෝධය, සහයෝගය, දයාව හා කරුණාව අපගේ මතු පරපුරට මේ අකාරයෙන් ලබා දී ලොවට වැඩදායි දරුවකු ඇති කිරීම දෙමාපිය අපගේ වගකීමයි!

 

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිලුෆ පෙරේරා