theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

දරුවකු පියෙකුගෙන් ප්‍රතික්ෂේප වූ විට එහි ප්‍රතිපල බරපතල් විය හැක

3 අවම කියවීම
දරුවකු පියෙකුගෙන් ප්‍රතික්ෂේප වූ විට එහි ප්‍රතිපල බරපතල් විය හැකදරුවකු පියෙකුගෙන් ප්‍රතික්ෂේප වූ විට එහි ප්‍රතිපල බරපතල් විය හැක

දෙමාපියන් බොහෝ විට දරුවන් ප්‍රතික්ෂේප වන ආකාරයට හැසිරෙන්නේ ඔවුන් නොදනුවත්වමයි. විශේෂයෙන් නිවසේ පියා. ඔහු ක්‍රියා කරන්නේ දරුවා ප්‍රතික්ෂේප වන ආකාරයට කියා ඔහුට තේරෙන්නේ නැහැ.

මාතෘත්වය සහ පිතෘත්වය ගැන සලකන විට දැනෙන මූලික හැඟීම් නම් ලබැඳියාව, සෙනෙහස, උණුසුම සහ පෝෂණය වැනි ගුණාංග වේ. නමුත් මෑත අධ්යයනයන් මගින් තහවුරු වී ඇති පරිදි දරුවන් තම පියා විසින් ප්‍රතික්ෂේප කළ දැනෙන හැඟීම් මව විසින් ප්‍රතික්ෂේප කල විට දැනෙන හැඟීම් වලට වඩා වැඩියෙන් හානිකර බවයි!

දරුවකුට තමා ප්‍රතික්ෂේප කරන්නේ යැයි හැගුනු විට සිදු වන දේ

අධ්‍යයන වලින් පෙනී ගොස් ඇති පරිදි ශාරීරික වේදනාවකදී ක්‍රයා කරන මොළයේ කොටසම දරුවෙක් ප්‍රතික්ෂේප විමේදීද ක්‍රියා කරයි. ප්‍රතික්ෂේප වීම ශාරීරික වේදනාවට වඩා වේදනාකාරී වන්නේ එම වේදනාකාරී සිතිවිළි සමඟ වසර ගණනාවක් ජිවත් වීමට සිදු වන නිසාය.

දරුවන් ප්‍රතික්ෂේප වීම අත්විඳින කල්හි ඔවුන්ට වැඩිපුර කනස්සලත් අනාරක්‍ෂිත හැඟීමකුත් ඇති වේ. කල් යත්ම දරුවන්ට හීනමානයත්, තමාව අවතක්සේරු කරගැනීමත්, මානසික පීඩනයත් ඇති වේ. ඔවුන් අන් අය කෙරෙහි වෛරය වඩවන අතර ආක්‍රමණශීලි ගතියද වර්ධනය කරයි.

දරුවකු තමා පියාගෙන් ප්‍රතික්ෂේප වූ විට සිදු වන දේ

දැන් මූලික දෙය මෙයයි. දරුවන්ට ප්‍රතික්ෂේපිත හැඟීම් ඇති වූ විට බොහෝ විට ඇඟිලි දික් වන්නේ මව්වරුන් වෙතයි. නමුත් මෑත අධ්‍යයන වලින් තහවුරු වන්නේ ඊට හාත්පසින් වෙනස් දෙයකි.

දරුවන් ඔවුන්ගේ පියවරුන් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබූ විට, ඔවුන්ගේ වර්ධනය කෙරෙහි ඇති බලපෑම් මවගෙන් ප්‍රතික්ෂේප වනවාට වඩා බරපතළය.

දරුවෙකු ප්‍රතික්ෂේප වීම

මේ ගැන පැහැදිලි කිරීමක් කරන්නේ නම් දෙමාපියන් අතුරින් නිවෙසේ වැඩි බලතල ඇති කෙනාත්, වඩා වැඩි අන්තර්-පුද්ගල සබඳතාවක් ඇති කෙනාත් කවුරුන්දැයි දරුවන්ට නිතැතින්ම තේරුම් යනවා. මේ හේතුවෙන් පියා විසින් දරුවන් ප්‍රතික්ෂේප කල විට එය වැඩි මානසික ආතතියක් ඇති කිරීමට තුඩු දෙනවා.

පියාගෙන් වැඩි අවධානයක් ලබන දරුවන්ගේ පෞරුශ වර්ධනයට එම අවධානය මහත් රුකුලක් වනවා.

මෙම සොයාගැනීම් පිලිබඳ ආන්දෝලනාත්මක අදහස්!

මෙම අත්හදා බැලීම් වල ප්‍රතිපල තුලින් ගත ති මූලික දෙය වන්නේ පියවරුන් විසින් තම දූ දරුවන් ලොකු මහත් කිරීමේදී ඔවුන්ගේ මානසික උන්නතිය කෙරෙහි අතිශයින් සැලකිලිමත්ව කටයුතු කල යුතු බවයි.

දරුවන් ප්‍රතික්ෂේප වීදැයි ඔබ හඳුනාගන්නේ කෙසේද?

දෙමාපියන් බොහෝ විට දරුවන් ප්‍රතික්ෂේප වන ආකාරයට හැසිරෙන්නේ ඔවුන් නොදනුවත්වමයි. විශේෂයෙන් නිවසේ පියා. ඔහු ක්‍රියා කරන්නේ දරුවා ප්‍රතික්ෂේප වන ආකාරයට කියා ඔහුට කිසි සේත්ම ප්‍රත්‍යක්ෂ වන්නේ නැහැ. දරුවාගේ පියාට නිවසේ දැඩි මතධාරියා වන්නට පුළුවන්. නමුත් දවස පුරාවටම උස් හඬින් දරුවා කරන කියන සෑම ක්‍රියාවකටම දරුවාට තරවටු කළ යුතු යැයි ඉන් අදහස් කරන්නේ නැහැ.

දරුවකු ප්‍රතික්ෂේප වීම

දරුවා විනයගරුක ලෙස ලොකු මහත් කිරීමට ඔබගේ රළු ස්වභාවය උදව් කරන බවත් මේ නිසා ඔබේ ක්‍රියා කලාපය නිවැරදි බවත් ඔබට සිතෙන්නට පුළුවන්. නමුත් ඔබේ ස්වභාවය නිවැරදි ලෙස සමබර කරගෙන දරුවාට ප්‍රමාණවත් ලෙස සෙනෙහස ආදරය පෙන්වීම ඔබ මග හරිනවා නම් ඔබ කරන්නේ දරුවාව මානසිකව පිඩාවට ලක් කොට ඔවුන්ගේ මානසික තත්වයේ සදාකාලික කැළලක් ඇති කිරීමයි.

ඒ වගේම තමා දරුවන්ට සම්පුර්ණ අවධානය නොදීම. දරුවා උද්යෝගයෙන් ඔබට යමක් පෙන්වන්නට ආ විට ඔබේ පරිගණකයෙන් හෝ, රූපවාහිනියෙන් හෝ, ජංගම දුරකතනයෙන් මොහොතකට මුළුමනින් ඉවත් වී දරුවාට සම්පුර්ණ අවධානය නොදෙන්නේ නම් එවිටද ඔබ කරන්නේ දරුවාව ප්‍රතික්ෂේප කිරීමකි.

දරුවාගේ අඩු පාඩු උළුප්පමින් දවස පුරා දරුවාට දෙස් තිබීමත්, දරුවා හොඳ දෙයක් කල විට ප්‍රමාණවත් ලෙස දරුවා අගය නොකිරීමත් දරුවා ප්‍රතික්ෂේප කිරීමකි.

ඉතින් මව්වරුනි, පියවරුනි, විශේෂයෙන්ම පියවරුනි, ඔබ දරුවා සමඟ සන්නිවේදනය කරන, ආශ්‍රය කරන අකාරය ගැන මොහොතක් නැවතී මෙනෙහි කරන්න. ඔවුන්ට සුදුසු අගය කිරීම, සෙනෙහස හා ආදරය නොඅඩුව ලබා දී ඔවුන් අත්විඳිය හැකි මානසික ගැටළු වලින් ඔවුන් මුදාගන්න.

 

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිලුෆ පෙරේරා

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • දෙමාපියන්ට උපදෙස්
  • /
  • දරුවකු පියෙකුගෙන් ප්‍රතික්ෂේප වූ විට එහි ප්‍රතිපල බරපතල් විය හැක
බෙදාගන්න :
  • සමහර විට දරුවන්ට පාළුව හා කාන්සිය දැනීම හොඳයි. ඇයි?

    සමහර විට දරුවන්ට පාළුව හා කාන්සිය දැනීම හොඳයි. ඇයි?

  • අප ආදරය කරන සීයා කෙනෙකුට දරුවකු කෙලෙසිය හැකිද?

    අප ආදරය කරන සීයා කෙනෙකුට දරුවකු කෙලෙසිය හැකිද?

  • සමහර විට දරුවන්ට පාළුව හා කාන්සිය දැනීම හොඳයි. ඇයි?

    සමහර විට දරුවන්ට පාළුව හා කාන්සිය දැනීම හොඳයි. ඇයි?

  • අප ආදරය කරන සීයා කෙනෙකුට දරුවකු කෙලෙසිය හැකිද?

    අප ආදරය කරන සීයා කෙනෙකුට දරුවකු කෙලෙසිය හැකිද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it