දරුවකු පිළිසිඳගැනීමට ඔබ කී වාරයක් ලිංගිකව එක් විය යුතුද?

lead image

මේ නව අධ්‍යයනය තුළින් සොයාගෙන තිබෙන්නේ ඔබ දරුවකු පිළිසිඳගැනීමට බලාපොරොත්තුවෙන් සිටින්නේ නම් ඊට කී වාරයක් ලිංගිකව එක් විය යුතුද යන්නයි. එම වාර ගණන ඔබ සිතනවාට වඩා වැඩි වන්නට පුළුවන්. කියවා බලන්න...

ඉතිං ඔබත් දරුවකු පිළිසිඳගැනීමට සිහින දකින මවක් නම් ඔබ සිතන්නේ එම සිහිනය සැබෑ කිරීමට කී වාරයක් ලිංගිකව එක් විය යුතුයි කියාද? 10 වාරයක්? 20 වාරයක්?

නැහැ

වාර ගණන කියන්නට කලින් හොඳ හුස්මක් ගන්න...

හ්ම්ම්.. නව අධ්‍යයනයකට අනුව ඔබ 78 වාර ගණනක් තරම් වැඩි වාර ගනනක් එකතු විය යුතු වනවා.

චැනල් මම් (Channel Mum)  වෙබ් අඩවිය මගින් මව්පියන් 1194 දෙනෙකු අලලා සිදුකල සමීක්ෂණයකට අනුව විවාහක යුවළක් සාර්ථක පිළිසිඳගැනීමක් සඳහා සාමාන්‍යයෙන් මාස හයකට පෙර සිට 13 වරක් ලිංගිකව හැසිරීමට අවශ්‍ය වූ බව පෙනී ගියා.

වාසනාවන්ත අංක 13

“යමෙක් සිතන පරිදි විවාහක යුවලකට නම් අංක 13 අසුභ නැහැ. සාර්ථක පිළිසිඳගැනීමකට අඹුසැමියන් මසකට ලිංගිකව එක් විය යුතු වාසනාවන්ත වාර ගණන 13යි” චැනල් මම්හි සියෝභාන් ෆ්රිගර්ඩ් පැවසුවා.

රුපවාහිනි නාට්‍ය හා සිනමාපට වල නම් දැක්වෙන්නේ එක් රාත්‍රියක එක් වීමකින් පසුව ක්ෂණිකව පිළිසිඳගන්නා ජවනිකා. මේ ඔස්සේ අප අතුරින් බොහෝ දෙනෙක්ද මීට වඩා අඩු වාර ගණනක් උපකල්පනය කරන්නට ඇති. මෙවන් අස්වාභාවික ජවනිකා නිසා විවාහක යුවල් අතර දරුවකු පිළිසිඳගන්නට දරනා උත්සාහය තුලින් ඇතිවන්නේ අනවශ්‍ය පීඩනයක්.  ඔබ අපේක්ෂා කිරීමට උත්සාහ කළහොත්, මෙම අස්ථිරවාදී අපේක්ෂාවන්ට කලකිරීමට හේතු විය හැක. සමීක්ෂණ වලින් පෙන්වන යතාර්ථය නම් එක් වරක් පමණක් එක් වීමෙන් ගැබ් ගන්නා ප්‍රමාණය 5%ක් පමණයි.

තව ද, පළමු මාසය තුළ ගැබ් ගත් මව්වරුන් ප්‍රමාණය තුනෙන් එකක් වූ අතර 20% ක් මව්වරුන් අවම වශයෙන් අවුරුද්දක් පුරා උත්සාහ කිරීමෙන් පසුව ගැබ් ගත්තා.

කාන්තාවකගේ සරුබව නිගමනය කිරීම එසේ මෙසේ කාරණයක් නොවේ. කාන්තාවකගේ සරු භාවය බොහෝ හේතුකාරක මත පදනම් වන්නක්. මානසික ආතතිය, ද්විතික දුමට නිරාවරණය වූ ප්‍රමාණය ඉන් කිහිපයක් පමණයි.

මාස පහක් හෝ හයක කාලයක් තිස්සේ ඔබ කල උත්සාහයේ ප්‍රතිපල නැතිනම් ඒ ගැන කලකිරෙන්නට එපා! අධ්‍යයන වලින් පෙන්වන්නේ මෙය ඉතා සාමාන්‍ය තත්වයක් බවයි.

ඉතින් දරුවකු පිළිසිඳගැනීමේ හැකියාව වැඩි කරගන්නේ කෙසේද?

1. නොවරදවා වාර ගණන වැඩි කරගන්න

සමීක්ෂණයට සහභාගි වූ යුවළ අතුරින් සියයට 50ක් වැනි විශාල ප්‍රමාණයක් පිළිසිඳ ගැනීමට තැත් කිරීමේදී සාමාන්ය එක් වීම් වලට වඩා වැඩි වාර ගණනක් ලිංගිකව එක් වී තිබුනා.

ඔබ සාමාන්‍යයෙන් ලිංගික හැඟීම් ඇති වන විට ලිංගිකව එක්වීමට හුරු වී සිටියා නම් දැන් එම හැඟීම් උත්තේජනය කර පෙරට වඩා වැඩි වාර ගණනක් ලිංගිකව හැසිරීමට කාලය වෙන් කරගත යුතු වනවා. මෙසේ කාලය වෙන්කර ගැනීම, ලිංගික හැඟීම් ඇතිව එක් වන තරමට ප්‍රසන්න හැඟීමක් නුදුන්නද සාර්ථක පිළිසිඳ ගැනීමකට එය විශේෂයෙන් දායක වනවා.

ඉතින් කාන්තාවෙනි, ඔබට පෙරමුණ ගන්නට සිදු වනවා! සාමාන්‍යයෙන් ඔබ එක් වූ ප්‍රමාණයට වඩා දෙගුණයකින් හෝ තෙගුණයකින් ඔබ එක් වන වාර ගණන වැඩි කරගන්න. මෙය ප්‍රසන්න අත්දැකීමක් කරගැනීමට සුදුසු වාතාවරණයක් කායිකව මෙන්ම මානසිකවත් සකසාගන්න.

2. සරාගී වන්න

කාලය වෙන්කර විශේෂ ව්‍යාපෘතියක් ලෙස සිදු කෙරෙන දරුවකු පිළිසිඳගැනීමේ ක්‍රියාවලිය වෘත්තිය වගකීමක් වන්නට හරින්න එපා. එය සරාගී අත්දැකීමක් කරගෙන රසවත් අත්දැකීමක් කරගන්න. සරාගී අදහස් උත්තේජනය වන මෘදු කතා පොතක් කියවා මානසික සුදානමක් ඇතිකර ගන්න.

සමීක්ෂණය කළ කාන්තාවන්ගෙන් ලද ඉඟි අතුරින් සැම මව්වරුන් දෙදෙනෙකුගෙන් එක් අයෙකු හෙළි කර ඇත්තේ දරු පිළිසිඳගැනීම සඳහා මධුසමයක් වැනි නිවාඩුවක් ගත කල බවයි. තවත් 13% ක් කියා සිටියේ තම ස්වාමිපුරුෂයාගේ ලිංගික හැඟීම් උත්තේජනය කිරීම සඳහා විසිතුරු කාන්තා යට ඇඳුම් ආදියට ඔවුන් ආයෝජනයක් කර ඇති බවයි.

3. ඔබේ ජෛව ඔරලෝසුවට සවන් දෙන්න

සමීක්ෂණ වලින් හෙළි වූයේ කාන්තාවන්ගෙන් 50% ක්ම තම සරු දින වල ලිංගිකව එක් වීමට උත්සහ කළ බවයි. 5% ක් වැනි සුළු පිරිසක් දරුවාගේ ස්ත්‍රී පුරුෂ භාවය තීරණය වන කැලැන්ඩරයට අනුව එක් වූ බවද පැවසෙනවා.

මාසය පුරාවටම නිතරම ලිංගික හැසිරීම මගින් පිළිසිඳගැනීමක් සිදු වන්නේ නැහැ. ඊට හේතුව වන්නේ මාසය පුරාවට සරු දවස් ඇත්තේ සීමිත දින කිහිපයක් බැවිනි. සැම කාන්තාවකටම තම ඔසප් චක්‍රය අනුව තමාටම අනුකූල සරු දවස් කිහිපයක් ඇති අතර සාමාන්‍යයෙන් ඩිම්බ මෝචනය සිදු වීමට දින පහකට කලින් සිට ඩිම්බ මෝචනය සිදුවන දවස දක්වා පවතිනවා. මේ දින වල කාන්තාවගේ සරු දවස් වන අතර මේ දින වල එක් වීමෙන් දරුවකු පිළිසිඳගැනීමේ  ප්‍රවනතාවය ඉතාමත්ම වැඩි වනවා. සරු දවස් නිගමනය කරගනිමට උපයෝගී වන මෙවැනි කාලසටහන් වුවත් දැකගන්නට පුළුවන්.

4. එකිනෙකාට සහයෝගය දක්වන්න

සමීක්ෂණයට සහභාගි වූ අයගෙන් 43% ක පමණ ප්‍රමාණයක් දරුවකු පිළිසිඳගැනීමේ අසීරුතාව සම්බන්ධයෙන් කණස්සල්ලෙන් හෝ පිඩනයකින් පසු වුන බව වාර්තා වුවා.

දරුවකු ලැබීම සඳහා මාර්ගය ශාරීරිකව පමණක් නොව මානසික වශයෙන්ද දැඩි වෙහෙස ගෙන එන්නක්. අනාගත දෙමාපියන් ලෙස සැම මසකම සිදු කරන ගර්භණී පරීක්ෂණයේ  සෘණ ප්‍රතිපලයක් දැකගැනීම ඔබේ බලාපොරොත්තුව හා ආශාවන් සුන් කොට දැඩි මානසික පීඩනයක් ගෙන එනවාට සැකයක් නැහැ.

ඔබ මෙම අසීරු මාර්ගයේ ගමන් කරන අතරතුර ඔබේ සහකරුගේ මානසික සුවදුක් විමසා බැලීමට අමතක කරන්නට එපා!

5. මිෂනාරි ඉරියව්වෙන්ම එකතු වන්න

ඉතින් මේ ඔබේ හිතේ කැකෑරෙන ප්‍රශ්නයයි: ඔබ භාවිතා කළ යුත්තේ කුමන ලිංගික ඉරියව්වද? සමීක්ෂණයට ලක් වූ විවාහ යුවල් අතර වඩාත්ම ජනප්‍රිය වූයේ මිෂනාරි ඉරියව්වයි. මෙම ඉරියව්වට විද්‍යාත්මක වශයෙනුත් අනුග්‍රහය ලැබෙන අතර විද්වතුන් පවසන්නේ මිෂනාරි ඉරියව්ව පිළිසිඳගැනීමකට ප්‍රශස්ථ ඉරියව්වක් බවයි.

ලිංගික එක්වීමකින් පසුව කාන්තාවගේ තුනටියට යටින් කොට්ටයක් තබා පැය භාගයක් පමණ සිටීමෙන් ශුක්‍රානු ඉහලට ගමන් කිරීමට සලසා පිළිසිඳගැනීමේ වැඩි  අවස්ථාවක් ලබා දෙනවා.

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිලුෆ පෙරේරා