theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඔවුන්ට කරන්නට බල නොකළ යුතු කාරණා 6 ක්

4 අවම කියවීම
දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඔවුන්ට කරන්නට බල නොකළ යුතු කාරණා 6 ක්දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඔවුන්ට කරන්නට බල නොකළ යුතු කාරණා 6 ක්

මේ දේවල් කරන්න දරුවාට බල කරනවද?

“කෑම පිඟානම ඉවර කරන්න ඕනේ.” “අන්කල් ට කිස් එකක් දෙන්න.” “ අද සුවිමින් ක්ලාස් යන්න.” දරුවෝ දන්නේ නැහැ එයාලට හොඳමදේ මොනවද කියලා. ඉතින් දෙමාපියන්ට දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඔවුන්ට හොඳම දේ තෝරලා දෙන්න වගේම සමහර විට ඊට බල කරන්නත් වෙනවා.

පුංචි කාලේදී දෙමාපියන්ගේ තල්ලුවක් නැතිව බැහැ. දෙමාපියන් හැටියට ඔබ හරි වෙන්න පුළුවන්. එත් ඔබ බලකරන සමහර දේවල් ගැන මීට වඩා සැලකිලිමත් වෙන්න වෙනවා.

මොකද සමහර දේවල් ඔවුන්ට විවිධ බලපෑම් ඇති කිරීමට වගේම පෙරලා ඔබටත් බලපෑම් ඇති කිරීමට සමත් වෙනවා.

දරුවන්ගේ ආරක්ෂාව උදෙසා දරුවාට බල නොකළ යුතු කරණා කිහිපයක් ගැන දැන් බලමු.

1. කිසි විටෙකත් ශාරීරිකව නෑදෑයින් සමග ළංවීමට බල කරන්න එපා

කිස් එකක් දෙන්න, තුරුල් කර ගන්න, උකුලේ ඉඳගන්න එක වගේ ඔබ හා නෑදෑයනුත් දරුවාට බල කරන අවස්ථා තියෙනවා. දරුවාගේ අකමැත්තෙන් එසේ කිරීමට බලකිරීම නිසා ඔවුන්ටම හිමි වුන ඔවුන්ගේ පෞද්ගලික නිදහස හා පෞද්ගලිකත්වය නැති වී යනවා. එය ලිංගික අපයෝජනයක ලක්‍ෂණ කියාපානවා.

දරුවන්ගේ ආරක්ෂාව

අපි අපේ දරුවන්ගේ ශරීරයට ගෞරව කිරීම ඉතාම වැදගත්. මේ නිසා දරුවන් කලකිරීමටත්, නරක පුරුදු වලටත් යොමු වෙන්නත් පුළුවන්. දරුවන්ගේ ආරක්ෂාව දරුවන්ගේ ආරක්ෂාව ගැන ශාරිරික මෙන්ම මානසිකවද සළකා බැලීම වැදගත්.

එසේ ඔවුන්ට බල කිරීම වෙනුවට දුර සිටන් ඔවුන්ට ආචාර කිරීමට, කුළුපගව කතා කිරීමට පියවරෙන් පියවර කියා දෙන්න.

2. කවදාවත් සුදානම් නැති අවස්ථාවක කෙනෙකුගෙන් සමාව අයදින ලෙස කියන්න එපා

දරුවා ඊට මනසින් සුදානම් නැති නම් බලහත්කාරයෙන් සමාව ගන්නා ලෙස බල කිරීම මගින් ඔවුන් තුළ තරහව හා ලැජ්ජාව ඇති වෙනවා.

මේ රත්තරන් හා සමාන යැයි සලකන ‘සමාවෙන්න’ යන වචනය පිට කරන්න ඉස්සෙල්ල ඔවුන් කළ වැරැද්ද අවබෝධ කර දෙන්න බලන්න.

ඔවුන්ට ටිකක් සන්සුන් වෙන්න ඉඩක් දීලා ඔවුන් වැරැද්ද කල එක ගැන නැවතසිතන්න කෙටි කාලයක් දෙන්න.

ඉන් පසු ඔහු සිතින්ම සමාව ගන්න පෙළඹෙන වාතාවරණයක් හදාගන්න ඔහුට ඉඩ දෙන්න.

දරුවන්ගේ ආරක්ෂාව

3. දරුවාට කියවීමට බල කරන්න එපා

හැමෝම දෙමාපියන්ට ඕනේ දරුවා ඇති දක්ෂයෙක් වෙනවා බලන්නයි.

ඉතින් කියවීම ඊට උදවුවක් වුනත් ඔවුන්ට අවශ්‍ය නැති වෙලාවට කියවන්න බලකිරීමෙන් කියවීම පිළිබඳ ඇති වටිනාකම ඔවුන් සැහැල්ලුවෙන් හිතන්න පුළුවන්.

එහෙම නොකර දරුවාට පොත් ගැන අසා ඇති වෙන්න ඔහුට ඇහෙන්න පොත් ශබ්ද නගා කියවන්න. ඉන් ඔවුන්ගේ කුතුහලය ඇවිස්සෙනවා.

පර්යේෂණ වලට අනුව කියවීමට ඇති උනන්දුව වයස අනුව අඩුවන බව සොයාගෙන තියෙනවා.

පුංචි කාලේ ඉඳන්ම දරුවන්ට කියවීමට හුරු කරන්න. ඔබ පොත් කියවන හැටි ඔවුන්ට දකින්න සලස්වන්න.

මුල සිට පටන් ගන්න විට පින්තූර පොත් සහ ටිකෙන් ටික උපදෙස් පත්‍රිකා සහිත ක්‍රීඩාවන් ඔහුත් එක්ක කියවමින්  ක්‍රීඩාවේ යෙදෙන්න. කියවීමේ අගය විනෝදයෙන් කියා දෙන්න.

4. දරුවන්ගේ ආරක්ෂාව උදෙසා කිසි විටෙකත් අමතර ක්‍රියාකාරකම් වලට ඔහුගේ අකමැත්තෙන් තල්ලු කරන්න එපා

බොහෝ දෙමාපියන් තමන්ගේ ආශාවන්, තමන්ගේ ඉටු නොවූ සිහින තම දරුවන් ලවා ඉටු කර ගැනීමට බලනවා. ඒ නිසා ඔබ කැමති වුවත් සමහර ක්‍රියාකාරකම් වලට දරුවා අකමැති නම් ඊට තල්ලු කිරීම හොඳ නැහැ.

එවැනි දරුවන් කිසි හවුහරණක් නැති තනිවූ දරුවන් ලෙස ඔවුන්ට හැඟෙන්න ගන්නවා.

එහෙම නොකර ඔවුන් කැමති ක්‍රියාකාරකම් ඔවුන්ට කරන්න තෝරාගන්න දෙන්න. හැම දරුවම එක සමාන නැහැ. සමහරු කලාත්මක දේවල්, සමහරු ක්‍රීඩාවන්ටත් කැමතියි.

ඒ වගේම නිකන් ගෙදර සෙල්ලම් කිරීමට ඉඩ හැරීමත් වැදගත්. ඉන් දරුවන් තුළ සමාජය සමග බැඳීම, ශාරීරික ජවය ශක්තිය හා අනෙකුත් අමතර ක්‍රියාකාරකම් වලට ඇති හැකියාව ඉස්මතු වෙනවා.

5. කිසිවිටෙකත් බලෙන් කෑම කවන්න එපා

බලෙන් කෑම කැවීම දරුවන්ට දීර්ඝ කාලීනව අනිසි ප්‍රතිඵල ගෙන දෙන බව පවසනවා.

මෙවැනි දරුවන් තනිවූ, හව්හරණක් නැති සේ සිතන දරුවන් බවට පත් වෙනවා. ඒ වගේම ඔවුන් කෑම වලට ඇති රුචියෙන් ඈත් වෙනවා. ආහාර වල ගුණයන් වගේම කැමැත්ත, කුසගින්න, පෙනුම හැමදේම බලපානවා.

ඒ වෙනුවට කෑම කන එක සතුටින් කරන්න හුරු කරන්න. දෙමාපියන් සමග එකට සිට හෝ නැතිනම් ඔවුන් කැමති පරිසරයක් ඊට සකසා දෙන්න.

දරුවන්ගේ ආරක්ෂාව

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

6. දරුවන්ගේ ආරක්ෂාව උදෙසා කිසි විටෙකත් බෙදා ගැනීමට බල කරන්න එපා

වැඩිහිටියන් විදිහට අපි ලොකුවට කියන්නේ බෙදාගැනීම කියන්නේ අන් ඇය ගැන හිතීම කියලයි (‘sharing is caring’).

අපිට එතරම්ම අපේ දරුවන් ත්‍යාගශීලි වෙනවා දකින්න ආසයි. එත් බලහත්කාරයෙන් එය කරන්න යාමෙන් ඔහු තුළ අනවශ්‍ය ලැජ්ජාවක් ඇති වෙනවා.

ඔහු සතු දෙයක් ඔහුට තබා ගැනීමට නොහැකිවීම ගැන ඔහු හිතන්න යනවා.

ඒ වෙනුවට බලකිරීමෙන් තොරව බෙදාගැනීමේ වටිනාකම කියා දීමෙන් සෙල්ලම් කරන විට තමන්ගේ වාරය එනතුරු සිටීමට ඉගැන්වීම වැනි ක්‍රම තුළින් ආත්මාර්තය යටපත් කරන්න පුළුවන්.

බලෙන් කිසිවක් ගන්නත් දෙන්නත් අපිට බැහැ. අවබෝධය මේ සියල්ල තුළම තිබිය යුතුයි.

දරුවන්ට ආදරෙන් ඒ අවබෝධය ලබාදෙන්න ඔබේ හොඳම මිතුරිය theAsianparent Sri Lanka උත්සහ කරන්නේ ඒ නිසයි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

 

img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • මාපිය දැනුම
  • /
  • දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඔවුන්ට කරන්නට බල නොකළ යුතු කාරණා 6 ක්
බෙදාගන්න :
  • ආච්චිගේ ප්‍රෙශර් පෙත්ත නැති වෙලා සිද්ධ වුනු හදිය

    ආච්චිගේ ප්‍රෙශර් පෙත්ත නැති වෙලා සිද්ධ වුනු හදිය

  • ඔබේ දරුවා නිවසෙන් පිටදී සුරක්ෂිතද?

    ඔබේ දරුවා නිවසෙන් පිටදී සුරක්ෂිතද?

  • ආච්චිගේ ප්‍රෙශර් පෙත්ත නැති වෙලා සිද්ධ වුනු හදිය

    ආච්චිගේ ප්‍රෙශර් පෙත්ත නැති වෙලා සිද්ධ වුනු හදිය

  • ඔබේ දරුවා නිවසෙන් පිටදී සුරක්ෂිතද?

    ඔබේ දරුවා නිවසෙන් පිටදී සුරක්ෂිතද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it