දරුවාගේ උගුරේ ආසාදනය වීම බැක්ටීරියා ආසාදනයක් විය හැකිද?

lead image

සිසිල් බීමපානය, පමණට වඩා පැණිරස කෑම සහ පරිසරයේ සීතල සහ වැසි සාමය ආදිය දරුවන්ගේ උගුරේ අසාදනය ඇති වීමට හේතු කාරනා විය හැකිය.

වැසි සමයේ සහ සීත කාල වලදී දරුවන් ලෙඩ රෝග වලට ගොදුරු වීම සාමාන්‍ය දෙයක්. මෙය රෝග බෝ වන සමයක නම් වඩාත් සුලභ රෝගී තත්වයක් වන්නේ දරුවන්ගේ උගුරේ අසාදනය වේ.

උගුරේ අසාදනය ඇති වන්නට හේතු හේතු බොහෝය. අයිස් කරීම් වැඩියෙන් කාම, සිත කල බිම භාවිත ය සේම පැණි රස කෑම වැඩිපුර කමත් හේතු වේ.

සාමාන්‍යයෙන්  උගුරේ අබාධ, වයිරස් නිසාද ඇති වේ. වයිරස් අසාදන  ඉක්මනින් සුව වන අතර, බැක්ටීරියා අසාදන වලින් උන, ගිලීමේ අපහසුත වැනි වේදනාකාරී ලක්ෂණ ඔබේ දරුවාට ඇති කරයි.

දරුවාට ඇත්තේ සුළු උගුරේ අසාදනයක්ද නැතහොත් බැක්ටීරියා අසදනයක්දැයි ඔබ දන ගැනීම වැදගත්ය. මන්ද, දරුවාට ප්‍රතිජීවක ඖෂධ ලබා දීමේදී වඩාත් කල්පනාකාරී විය යුතු බැවිනි.

පමණට වැඩ ප්‍රතිජීවක ගැනීම දරුවන්ගේ ශරීර වල හිතකර නොවේ.

බැක්ටීරියා අසාදන සහ වයිරස් අසාදන අතර වෙනස

මෙය සාමාන්‍ය උගුරේ අසාදන ලෙස පෙනුනද වෙනස්කම් බොහෝ ඇත.

වයිරස් අසාදන වලදී උගුරේ වේදනාව, කටහඟ ගොරෝසු වීම සහ කතා කරන විට අපහසුතාවද ඇති වේ.

නාසයෙන් සොටු දියර ගැලීම, කට තිත්ත වීම සහ කැස්ස තවත් ලක්ෂණයන්ය. සතියක් වැනි කාලයක් තුලදී මෙම තත්වය ක්‍රමයෙන් පහව යනු ඇත.

සමහර විට මෙම තත්වයන් දෙක නිසාම උන ගතිය ගිලීමේ අපහසුතා ඇතිවේ. 

අනෙක් අතට බැක්ටීරියා අසාදන  නිසා ඇතිවන උගුරේ අබාධ වලදී උගුරේ රිදීම ඇති වුවත්, සෙම්ප්‍රතිශ්‍යාව ඇති නොවේ. සෙම්ගෙඩි තත්වයක්ද ඇති විය හැක.

උගුරේ අසාදනය සමනය කිරීමට කල හැකි ප්‍රතිකාර ක්‍රම

ඇතැම් විට මද රස්නය ඇති සුප්, ඉඟුරු තේ, දරුවාගේ උගුරේ රිදීම් අවම කරන්නට උපකාරී වේ. මෙවැනි තත්වයන් තුලදී, දරුවාට විවීකය අත්‍යවශ්‍ය වේ. පැණිරස සහ සීත කල බිම දරුවාට දීමෙන් වැළකිය යුතුය.

උගුරේ අමාරුද කැස්ස සෙම්ප්‍රතිශ්‍යාව මෙන්ම, ඉක්මනින් පහව යනු ඇත.

කැස්ස සෙම්ප්‍රතිශ්‍යාවට දෙන බෙහෙත් වලින්ද උගුරේ අසාදනය අඩු වන අතර රෝග ලක්ෂණද සතියක් වැනි කාලයකදී පහව යනු ඇත.

බැක්ටීරියා අසාදන වලදී තද උණ වැළඳිය හැක. ක්‍රම ගැනීම පමණක් නොව සුප් හෝ තේ වැනි දියර වර්ග පානයද දරුවාට ඉතා අපහසු වනු ඇත. මෙවැනි අවස්ථා වලදී දරුවා වෛද්යවයෙකු වෙත යොමු කිරීම අත්‍යවශ්‍ය වේ.

බැක්ටීරියා ආසාදනයක් යැයි ඔබට දැනුන විගස දරුවා වෛද්‍යවරයෙකු වෙත ගෙන යාමෙන් දරුවාට අවශ්‍ය නිසි ප්‍රතිජීවක සහ බෙහෙත් ඔහු විසින් නියම කරනු ඇත.

බැක්ටීරියා ආසාදන දරුවාට ඉතා අපහසු වන අතර ඔහු සුව වන තෙක් දරුවාට අවශ්‍ය පහසුකම් සහ නිසි විවේකය ලබා දීම ඉතා වැදගත්ය.

 

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිලුෆ පෙරේරා