දරුවන්ගේ උපන් ලප: අරුම පුදුම උපන් ලපයක් ලැබු සුරතල් දරුවා

lead image

දරුවන්ගේ උපන් ලප යනු අසාමාන්‍ය දෙයක් නොවේ. එහෙත් හදවතේ හැඩැති උපන් ලපයක් ඔබ නිතර දකින දෙයක් නොවේ.

දරුවන්ගේ උපන් ලප ඇතිවීම  ඉතාමත්ම පොදු සිදුවීමකි. ඒ නිසා තුර්කියේ සිට මෙම යුවළ ඔවුන්ගේ දරුවා නලලේ වු හදවතේ හැඩය ඇති උපන් ලපයත් එක්ක උපදින විට ඔවුන් අතිශයින්ම කම්පනයට පත්වුනා.

ඔහුට ලස්සන, හෘද ස්වරූපයෙන් යුත් උපන් ලපයක් තිබුණා.

ඔවුන්ගේ දරුවා වු චිනාර් බිහි වූ විට අලුත්  මව සහ පියා වු සීඩා සහ මුරට් එන්ජින්  ප්‍රීතියට පත් වුනා. ඔවුන්ගේ පුංචි පැටියා ඔවුන්ට විශ්මයක් රැගෙන ආ බව ඔවුන් දැනන් හිටියේ නැහැ. ඒ කුඩා චිනාර් ඔහුගේ නළලේ අලංකාර හෘද හැඩැති උපන් ලපයක් සහිතව උපත ලැබීමයි.

පුංචි පැටියාගේ හදවත හැඩැති උපන් ලපය සිත්ගන්නා සුළුවුනා.  ප්‍රසුතිකා ගරයේ සිටි හෙදියන් පවා ඔහු සමඟ සෙල්ෆී ගන්නට වුනා. ඔහුගේ උපන් ලපය ඉක්මනින් ඔහුව රෝහල තුල ජනප්‍රියත්වයට  පත් කල අතර ඔහුට දැනටමත් බොහෝ රසිකයින් ඇති බව ඔහුගේ මවුපියන් පවා පවසනවා.

ඔහුගේ පියා මුරට් පැවසු පරිදි, "හෙදියක් ඔහුගේ හිස මත වු  ලේ පිරිසිදු කළ පසු  ඔහුගේ හිස මත උපන් ලපය දැකක පළමු කෙනා මම, මට පුදුම හිතුණා.  ඔහුගේ ලගට ලංවී  බැලු විට එය පුදුමකාර හෘද සලකුණක් බව මම තේරුම් ගත්තා. මගේ ඇස් වලින් කදුලු වැටුනා. "

ඔවුන්ගේ  පුංචි පැටියා සමග  පිටතට යන සෑම අවස්ථාවකදීම රසිකයින් ඔවුන් නවතා පුංචි චිනාර් හා ඔහුගේ අපූරු හදවත් හැඩැති උපන් ලපය ඡායාරූප ගත කරන බව ඔහුගේ දෙමාපියන් පවසනවා.

"ඇත්තෙන්ම එය දෙවියන් ගෙන් ලද ත්‍යාගයක් , අපිට  කිසිම  ඍණාත්මක හැඟීමක් නැහැ." පියා කිව්වා

උපන් ලප යනු කුමක්ද?

මව්වරුන් හා පියවරුන් බොහෝ දෙනෙක්ට උපන් ලප හුරුපුරුදු ය. ඒ, ඔවුන්ගේ අලුත උපන් දරුවාගේ  ශරීරයේ කොහේ හරි උපන්  ලප ලබා සහිතව උපදිනවා ඔවුන් දැක ඇති නිසයි. එහෙත් මුලින්ම බිළිඳුන්ට උප්පැන්න ලප ඇති වන්නේ ඇයි? එය කනස්සල්ලට හේතු විය හැකි හේතුවක් වේද?

පළමුවැන්න, රුධිර නාල සම්බන්ධිත හා වර්ණ ලෙස උපන් ලප  වර්ග දෙකක් තියෙනවා.

සමේ  ඇති අමතර වර්ණක දුඹුරු පැහැයෙන් යුක්තව වර්ණ සෛල එකට එක් වී අවපැහැ ගැන්වීම වර්ණ උපන් ලප වලට හේතු වේ.

රුධිර නාල සම්බන්ධ උපන් ලප වර්ණ උපන් ලප වලින් වෙනස් වන අතර ඒවාට සම යට ඇති අසාමාන්‍ය  රුධිර නාල හේතු වේ. ඒවා රතු , රෝස හෝ දම් පැහැයෙන් දිස් වේ.

දරුවන්ගේ  උපන් ලප ගැන සමහර  කරුණු:

උපන් ලප පළමුවෙන්ම ඇතිවන්නේ ඇයිද යන්න වෛද්‍ය විද්‍යාවෙන් තවම සොයා ගෙන නැත.

•විවිධ රටා වල උපන් ලප ශරීරයේ විවිධ තැන් වල ඇතිවිය හැකිය.

•උපන් ලප  සාමාන්‍යයෙන්  සැලකිල්ලට ගත යුතු කරුණක් නොවන  අතර දරුවන් වයසින් වැඩෙත්ම ඒවා නොපෙනී යයි.

•අනික් අතට, සමහර උපන් ලප ස්ථීර වන අතර  පුද්ගලයෙකුගේ ජීවිත කාලය පුරාම  පැවතිය හැකිය.

•පිළිකා බවට පත් විය හැකි උපන් ලප වර්ග තිබේ. නමුත් මේවා ඉතා දුර්ලභ වේ.

• වැඩි වශයෙන්ම, තම දරුවා  උපන් ලපයක් සහිතව ඉපදීම ගැන  මව්වරුන්  හෝ පියවරුන්  ඉතා කණගාටුවට පත් නොවිය  යුතුය. ඔබගේ දරුවාගේ උපන් ලපය ගැන යම්කිසි ගැටළුවක්  තිබේ නම්, ඒ ගැන කනස්සල්ලට යමක් තිබේ දැයි බැලීමට  ඒවා පරීක්ෂා කර බැලීම සඳහා ඔබේ වෛද්‍යවරයා ගෙන්  උපදෙස් ලබාගැනීමට පසුබට නොවන්න.

දරුවන්ගේ උපන් ලප අපිට ආගන්තුක නොවුනත් ඒ පිලිබඳ මේ වැදගත් තොරතුරු ඔබට තිළිණ කරන්නේ the Asianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී