දරුවන්ගේ කනස්සල්ලට දෙමව්පියන් දායක වන විධි 6ක්

lead image

දෙමව්පියන්ගේ ක්‍රියාකාරකම් දරුවන්ගේ කනස්සල්ල ඇතිවීමට දායක වන බව ඔබ දැන සිටියාද? මේ තත්වය තහවුරු කිරීමට අපි උදාහරණ 6ක් ගෙනහැර පානවා.

පර්යේෂණ වලට අනුව තනිකම, දරුවන්ගේ කනස්සල්ල, කාංසාව ආදිය අත්දකින දරුවන් සඛ්යාවේ සීග්‍ර ඉහළ යාමක් පසුගිය දශක කිහිපය පුරා සිදුවී තිබෙනවා. යෞවනයන්ගෙන් 25%ක ප්‍රමාණයක් කනස්සලු ව්යාකුලතාව (anxiety disorder) රෝගී තත්වයට ගොදුරු වී සිටීම සැබවින්ම කණගාටුදායක තත්වයක්.

නිසි පරිදි තමා ගැන අවබෝධ කරගැනීමටත්, තමාගේ සිතිවිලි හා හැඟීම් තේරුම් කරගැනීමටත්, සමාජය සමඟ ගැටීමටත් නොහැකි වීමේ විශාල අභියෝගයකට අද කාලයේ යෞවනයන් මුහුණ දීම භයංකර තත්වයක්. 

මීටත් වඩා දරුණු යථාර්ථය නම්; දෙමව්පියන් සහ දෙමව්පියන්ගේ ක්‍රියාකාරකම් ඔවුන්ගේ දරුවන්ගේ මෙම කනස්සල්ලට තත්වයට දායක වීමේ ප්‍රවනතාවයි. වොෂින්ටන් පෝස්ට් සඟරාව මේ තත්වය තහවුරු කිරීමට උදාහරණ 6ක් ගෙනහැර පානවා.

දරුවන්ගේ කනස්සල්ල ඇති වීමට දෙමව්පියන් දායක වන ආකාර හයක් 

1. දරුවන් ගැන පමණට වඩා සැලකිලිමත් වීම

src=https://lk admin.theasianparent.com/wp content/uploads/sites/5/2017/12/sad kid Md.png දරුවන්ගේ කනස්සල්ලට දෙමව්පියන් දායක වන විධි 6ක්

දෙමාපිය අපගේ මානසික තත්වය සහ හැඟීමේ දරුවන්ගේ මානසික තත්වයට සෘජුවම බලපානවා. ඔබේ දරුවා ඇය හෝ ඔහු අත්විඳින කනස්සල්ලක් ඔබ හා පැවසීමෙන් අනතුරුව ඔබත් ඒ හා සමානව කනස්සලු වීමෙන් සිදු වන්නේ තත්වය තවත් අවුල් වීමයි.

දරුවන් දෙමව්පියන්ගෙන් බලාපොරොත්තු වන්නේ ඔවුන්ට සංවේදී වන ගමන්ම ඔවුන්ට ශක්තියක් වීමයි.

මේ නිසා මවක් හෝ පියෙක් පෙනී සිටිය යුත්තේ දරුවා තේරුම් ගෙන, දරුවා සමඟ නොසැලී සිටින (දරුවා උපදෙස් ඉල්ලුවහොත් පමණක් උපදෙක් ලබා දෙන) චරිතයක් ලෙස මිසක්, තමාගේ පීඩනය දරුවාට පෙන්වා දරුවා තවත් කලකිරීමට පත් කරන දෙමාපියෙක් ලෙස නොවේ.

2. උවමනාවට වඩා දරුවාගේ කටයුතු වලට මැදිහත් වීම

src=https://lk admin.theasianparent.com/wp content/uploads/sites/5/2017/12/sad kid Md2.png දරුවන්ගේ කනස්සල්ලට දෙමව්පියන් දායක වන විධි 6ක්

නූතන සමාජයේ දෙමාපියන් අතර බහුල ක්‍රියාවලියක් වන්නේ දරුවා ගෙදර විත් පාසැලේ ප්‍රශ්නයක් ගැන කතා කල විට ඊළඟ දවසෙම හනික පාසලට ගොස් දරුවා වෙනුවෙන් පෙනී සිට දරුවාගේ ප්‍රශ්න නිරාකරණය කිරීමට උත්සුක වීමයි.

ඔබත් මෙලෙස ක්‍රියා කරන දෙමාපියෙක් නම්, මේ ක්‍රියාව තුළින් ඔබ දරුවාට පණිවුඩ දෙකක් ලබා දෙනවා.

i ඔබට කියන කිසිවෙක රහස්‍ය බව රකින්නට ඔබට බැරි බව

ii දරුවාට තනිව ඔහුගේ/ඇයගේ ප්‍රශ්ණ විසඳාගත හැකි බවට ඔබ විශ්වාස නොකරන බව

මේ නිසා මෙවන් අවස්ථා වල ඔබ කල යුතු වන්නේ, දරුවාට සවන් දීමත්, දරුවාට ඔබේ මැදිහත් වීමෙන් තොරව ඒ සම්බන්ධයෙන් ගත හැකි ක්‍රියා මාර්ග කිහිපයක් යෝජනා කිරීමත්ය.  

3. දරුවාගේ දුර්වලකම් වලට අනුබල දීම

src=https://lk admin.theasianparent.com/wp content/uploads/sites/5/2017/12/sad kid Md3.jpg දරුවන්ගේ කනස්සල්ලට දෙමව්පියන් දායක වන විධි 6ක්

නිදසුනක් ලෙස, දරුවා ගණිතය විෂයට ලකුණු අඩුවෙන් ගත සැනින් නිවසට අතිරේක ගුරුවරයෙක් ගෙන්වා උගැන්වීමට ඔබ යුහුසුළු වනවා. තවත් දරුවෙක් ඔබේ දරුවාට තරවටු කළ විට ඔබේ දරුවාගේ අතින් යමක් වීදැයි නොසොයා ඔබ අනෙක් දරුවන්ට තරවටු කරන්නට යොමු වනවා. දරුවාගේ හොඳට යැයි සිතා ඔබ නොදැනුවත්වම කරන්නේ දරුවාව සෘණාත්මක පැත්තට යොමු කිරීමයි.

දරුවන්ට තමන්ගේ දුර්වලතා මග හරින්නට හැම විටම හැකි වන්නේ නැහැ. නමුත් ඔවුන්ගේ දක්ෂතා මත අවධානය යොමු කිරීමෙන් ආත්ම විශ්වාසය ගොඩනගා තම ස්වාධින-සංහිඳියාව ගොඩනගාගන්නට දරුවාට හැකි වනවා. මින් දරුවන්ගේ කනස්සල්ලඇති වීම සිදුවන්නේ නැහැ.

මින් ඉදිරියේදී දරුවාට ගණිත ගුරුවරුන් සෙවීමට පැය කිහිපයක් යොදවන්නට සිතුනොත් එම කාලය දරුවා දක්ෂ යමක් ප්‍රගුණ කිරීමට උපකාර කිරීමට යොදවා බලන්න.

4.  දරුවාගේ දක්ෂතා උවමනාවට වඩා අගය කිරීම

මෙය වැරදීමකින් ලියූ මාතෘකාවක් යැයි ඔබ සිතන්නට පුළුවන්. දරුවන්ගේ දක්ෂතා අගය කල යුතුයි. නමුත් පමණට වඩා අගය කිරීමෙන් දරුවාන්ගේ කනස්සල්ල වැඩිවන අතර ඔවුන් නොසන්සුන් තත්වයකට පත්වනවා.

දරුවාගේ දක්ෂතාවය කෙරෙහි  ඇති අධික විශ්වාසය නිසා  දරුවා කෙරෙන් අසීමිත ලෙස බලාපොරොත්තු ඇති කරගැනීම දරුවට මහත් ඉදනයක් ගෙන දෙන තත්වයක් වනවා. මෙලෙසින් දරුවන්ගේ කනස්සල්ල ඔවුන්ගේ මානසික වර්ධනයට බාධා පමුණුවනවා.

ඔබේ දරුවා උසස් විශ්ව විද්‍යාලයකට තේරී පත්වන බව ඔබට විශ්වාස බව හෝ දරුවා අනිවාර්යයෙන්ම  ජිම්නාස්ටික් වලින් ඔලිම්පික් තරඟයට තේරී පත් වන බව නිරන්තරයෙන්ම අන් යට පැවසීමෙන් දරුවා තුළ ආත්ම විශ්වාසය ගොඩනගන බවට ඔබ සිතන්නට පුළුවන් මුත් ඉන් ඔබ දරුවා තුල ඇති කරන්නේ දරුවාට දරාගත නොහැකි පීඩනයක්.

දරුවාගේ ජයග්‍රහණ සමරන්න. නමුත් කිසි විටෙකත් එම ජයග්‍රහණ ඔවුන්ගෙන් විශාල අනාගත ඉල්ලක්ක බලාපොරොත්තු වන මිනුම් දණ්ඩක් ලෙස සලකන්නට එපා. නිතර ජයග්‍රහණය කිරීම තම අනාගතයට දඬුවමක් ලෙස ඔවුන්ට දැනෙන්නට හැකි බැවිනි.

5. අධික විනයක් ස්ථාපිත කිරීම

src=https://lk admin.theasianparent.com/wp content/uploads/sites/5/2017/02/discipline2.jpg දරුවන්ගේ කනස්සල්ලට දෙමව්පියන් දායක වන විධි 6ක්

නිවසේ විනයක් පවත්වාගෙන යාම හොඳ දෙයක්. නමුත් දරුවන් අතින් වරදක් වූ විට, ඔබ වෙත පැමිණ ඒ ගැන පැවසිය නොහැකි වන අකාරයේ පරිසරයක් නිවසේ නිර්මාණය නොකරන්නට වග බලාගන්න. ඔවුන් ඔබට සත්‍යය පැවසුවහොත් ඔබ දරුවා ගැන විනිශ්චය කල හැකි බවත් දරුවාගේ මිතුරන් ගැන වැරදි නිගමන වලට එළඹිය හැකි බවත් නිසා දරුවා ඔබ වෙත එන්නට බිය වන්නට පුළුවන්.  නමුත් ඔබ දරුවන්ට උපේක්ෂාවෙන් සහ අවබෝධයෙන් සවන් දෙන මව්පියන් ලෙස දරුවාගේ විශ්වාසය දිනා තිබීමෙන් මෙවන් පරිසරයක් නිර්මාණය නොවෙනු ඇත.

6. ඔබේ ප්‍රශ්ණ දරුවාගෙන් සැඟවීම

දෙමාපියන් බොහෝ විට තම සහකරුවන් අතර ඇති ප්‍රශ්ණත්, ආර්ථික ගැටළු හෝ නෑදෑ හිත මිතුරන් අතර ප්‍රශ්ණත් දරුවන්ගෙන් සන්ගවිම්ට උත්සහ ගන්නවා.

දරුවන්ට මතු පිටින් යම් යම් දේ දුටුවත් කිසිවක් පැහැදිළිව නොදන්නා බැවින් දරුවන්ගේ කනස්සල්ල හෝ නොසන්සුන් බවට මුහුණ දෙන අවස්ථා වල ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙන්නට ඉඩ තිබෙනවා.

මෙහිදී අදහස් කරන්නේ දෙමාපියන්ගේ සෑම සියලු ගැටළුවක්ම දරුවන්ගේ කර මත ඇත හරින්නට නොවේ, නමුත් සම දේම නොසඟව, සුහදශීලිව එදිනෙදා ගැටළු දරුවා සමඟත් බෙදා ගැනීමෙන්, ඒ ගැන ඔබ ගන්න ක්‍රියා මාර්ග ගැන කතා බහ කිරීමෙන් නිවැසියන් ගැන පැහැදිලි අවබෝධයකින් ජිවත් වීමට දරුවට හැකි වනවා. මෙය දෙමාපියන් කෙරෙහි දරුවාගේ සන්වෙදිතාවද ප්‍රගුණ කරනවා.

මෙම අදහස් ඔබට වටිනු ඇතැයි විශ්වාස කරන අතර මේ සම්බන්ධව ඔබේ අදහස් දැනගැනීමටත් TheAsianParentහි අප යුහුසුළුව සිටිනවා.

 

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිලුෆ පෙරේරා

මේ හා සම්බන්ධ තවත් ලිපියක් වන දරුවකු පියෙකුගෙන් ප්‍රතික්ෂේප වූ විට එහි ප්‍රතිපල බරපතල් විය හැක තුළින් ඔබට වටිනා අදහස් කිහිපයක්.