theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

දරුවන්ගේ කැස්සට මවකගෙන් අපූරු පිළියමක්

3 අවම කියවීම
දරුවන්ගේ කැස්සට මවකගෙන් අපූරු පිළියමක්දරුවන්ගේ කැස්සට මවකගෙන් අපූරු පිළියමක්

මවක් වන Dorcas සරල වගේම නිවසේ සොයා ගත හැකි දරුවන්ගේ කැස්සට සුදුසු පිළියමක් ගැන තොරතුරු බෙදාගන්නවා. එය ඇයට පුදුමාකාර ලෙස ක්‍රියාකරලා තියෙනවා. දිගටම කියවන්න.

දරුවන්ගේ කැස්ස විශේෂයෙන් රාත්‍රියේ ඔවුන්ව අවදිව තබන පීඩාකාරි කැස්ස දෙමාපියන්ව වේදනාවට පත් කරනවා.

දරුවන්ගේ කැස්ස සදහා වු බෙහෙත් දුසිම් ගණනක් ෆාමසි වල තියෙනවා. ඒවා ආරක්ෂිත හා ඵලදායී බව පැවසෙනවා. නමුත් විශේෂඥයින්ට අනුව අතුරු ඵලද තිබිය හැකි නිසා  පහසුවෙන් සොයා ගත හැකි කැස්ස හා සෙම්ප්‍රතිශ්‍යාව සදහා වු බෙහෙත් අවුරුදු හයට අඩු දරුවන්ට සුදුසු නොවේ.

ඒ වෙනුවට බොහෝ මව්වරුන් සරල ආරක්ෂිත නිවසේදී කල හැකි පිලියම් මේ දිනවල තෝරා ගන්නවා. Dorcas ඇයගේ දරුවාට වැලදුන ඇය කම්පාවට පත්කල  කැස්ස සුව වු ප්‍රාතිහාර්යයක් ලගදී බෙදා ගෙන තියෙනවා.

දරුවන්ගේ කැස්ස සදහා මවක් නිවසේදී කල පිළියම

"සාමාන්‍යයෙන් නිතර වැලදෙන රෝග වලින් අපේ දරුවන් පීඩා විදින විට බොහෝ මව්වරුන් ගැටළුවට පත්වෙන බව මම විශ්වාස කරනවා. සතියකට වඩා වැඩි කාලයක් මගේ දරුවා කැස්සෙන් හා සෙම්ප්‍රතිශ්‍යාවෙන් පීඩා වින්දා," Dorcas පවසනවා.

"මම ඇය සුවවීම සදහා නොයෙක් බෙහෙත් ලබාදුන්නා. නමුත් සතියකට පසුත් එහි ප්‍රතිඵලයක් තිබුනේ නැහැ. කැස්ස තව දීර්ඝකාලයක් තිබුනොත් ඇයට බ්‍රොන්කයිටීස් වැලදේවියැයි මම කණගාටුවට පත්වුනා. මම සාර්ථකත්වයෙන් තොරව විවිධ තෙල් වර්ග පවා ආලේප කරමින් උත්සහ කලා.

"එක දවසක් මම මගේ යහළුවෙකුට මගේ දියණිය සෙම සහිතව තදින් කැස්ස ඇති බවත් එය සුව වන බවක් පෙනෙන්නට නොමැති බවත් පැවසුවා. එම මොහොතේදී ඔහු මට ගෙදරදී සදාගත හැකි දරුවන් සදහා ඵලදායී පිලියමක් කියා දුන්නා. තැම්බු  ඇපල් ( Apple), ලූණු (Onion), සුදුළූණු (Garlic) (AGO) " Dorcas මතක් කරනවා.

" එය උත්සහ කරන්න මම තීරණය කලා. AGO තම්බාගත් සාරය පළමු දින දරුවාට ලබා දුන් පසු 80% ඇය සුව වූ අතර දින දෙකකට පසු ඇය සම්පුර්ණයෙන්ම සුව වුනා. "

මෙම  පිලියම සියලුම  මව්වරුන්ට උත්සහ කරන්න Dorcas නිර්දේශ කරනවා.

මෙන්න ඒ AGO ප්‍රාතිහාර්යයේ වට්ටෝරුව

1. ඇපල් ගෙඩියක්, (ඇය ගත්තේ රතු ඇපල් ගෙඩියක්), ලොකු රතු ලූණු ගෙඩියක් සහ සුදු ළූනු බික් 4 - 5 ක් අතර ප්‍රමාණයක් ගන්න.

2. විනාඩි විස්සක් තම්බාගන්න.

3. එහි වතුර එළියට ගෙන බොන්න දෙන්න. ඇය අපට පවසන අන්දමට ඇය ලබා දුන්නේ AGO තම්බා ගත් යුෂ  පෙරා බවත් පොඩි කිරීම හා ක්‍රීම් ලෙස ලබා නොදුන් බවත්ය.

4. දරුවෙකුට මේ AGO පිලියම දවසකට වරක් ලබාදීම ඇය නිර්දේශ කරනවා.

AGO පිළියම පැණිරසටත් වඩා රසවත් බවත්, ඇය එය දරුවාට ලබාදෙන විට දරුවා නොසංසුන් නොවු බවත් Dorcas අපිට තවදුරටත් කියනවා.

අනෙක් මව්වරුන් මෙම පිලියම උත්සහ කිරීමෙන් අනතුරුව ඔවුන්ට ඇයට දැනුන දේ දැනුනද කියලා අපි ඇයගෙන් ඇහුවා.

" ඔව් බොහෝ මව්වරුන් මෙය උත්සහ කරනවා. සමහරු එය ප්‍රතිඵලදායක ලෙස පවසන අතර සමහරු එය එසේ නොවන බව පවසනවා. ඔවුන්ගේ දරුවන් ටිකක් පානය කිරීම හෝ එය නතර කිරීම නිසා එසේ වෙන්න පුලුවන්. තවත් මව්වරුන් මෙය අත්හදා බලන්න සැලසුම් කරනවා."

හොදයි මව්වරුනි, Dorcas ගේ AGO ප්‍රතිකාර පිලියම ඔබගේ දරුවාට ක්‍රියාත්මක වුනිනම් අපටත් දන්වන්න.

කරුණාකරලා මේ කරුණු මතක තබාගන්න. මොනවා වුනත් සෑම ළමයෙක්ම එකිනෙකාට වෙනස්, ඔබට මොනවා හරි ගැටළුවක් තිබේනම් මේ නිවසේ පිලියම් උත්සහ කිරීමට පෙර ළමා රෝග විශේෂඥයෙකුගේ උපදෙස් ලබාගන්න.

දරුවන්ගේ කැස්ස ඇතිවිට මෙන්න මේ කරුණු ටික මතක තබාගන්න.

  • උණුසුම දියර  නිතර පානයට දෙන්න. උණුසුම් දියර වලට ශ්ලේෂ්මල තුනී කිරීමට මෙන්ම තදබදය අඩු කිරීම කලහැක.
  • මී පැණි* ප්‍රාතිහාර්යයක් වේ. අධ්‍යනයන් පෙන්වා දෙන අන්දමට මීපැණි මගින් තදබදය මෘදු වීමටත් ළදරුවන්ගේ සෙම්ගෙඩි සදහාත් ඵලදායී වෙනවා. (බෝටියූලිසම් (botulism)වැනි මාරාන්තික ආහාර විෂවීම් සදහා මග පාදන බැවින් අවුරුද්දට අඩු දරුවන්ට මීපැණි දීමෙන් වලකින්න).
  • විටමින් සී අඩංගු ආහාර වැඩියෙන් දෙන්න. කිවි, මිදි, ගස්ලබු, බෙල් පෙපර්, බතල වැනි විටමින් සී අඩංගු ආහාර බහුලව දෙන්න. ඔබේ දරුවාට ඝන ආහාර ගැනීම අපහසු නම් යුෂ හෝ ස්මුති ලෙස ලබාදෙන්න.

මෙන්න මේ දේවල් වලින් වලකින්න: පිරිපහදු කල සිනී හා කිරි ආහාර ඔබේ දරුවාගේ ආහාර වේලෙන් ඉවත් කිරීමට විශේෂඥයින් නිර්දේශ කරනවා. ඒ මගින් ශ්ලේෂ්මල නිෂ්පාදනය වැඩි කරන අතර තදබදය ඇතිවෙනවා.

මේ වගේ ඔබට වැදගත් වේවියැයි හිතෙන හැම දෙයක්ම ලෝකය වටා ගොස් සොයා ඔබ වෙත ගෙන එන්නේ theAsianparent Sri Lanka විසිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • සෞඛ්‍යය
  • /
  • දරුවන්ගේ කැස්සට මවකගෙන් අපූරු පිළියමක්
බෙදාගන්න :
  • දරුවාගේ කැස්ස ගැන ඔබ වඩාත් සැලකිල්ලිමත් වියයුත්තේ මේ නිසයි

    දරුවාගේ කැස්ස ගැන ඔබ වඩාත් සැලකිල්ලිමත් වියයුත්තේ මේ නිසයි

  • මේ හානිකර නැතැයි සිතන දේවල් 7 න් ඔබේ දරුවන්ට හානි විය හැකියි

    මේ හානිකර නැතැයි සිතන දේවල් 7 න් ඔබේ දරුවන්ට හානි විය හැකියි

  • දරුවාගේ කැස්ස ගැන ඔබ වඩාත් සැලකිල්ලිමත් වියයුත්තේ මේ නිසයි

    දරුවාගේ කැස්ස ගැන ඔබ වඩාත් සැලකිල්ලිමත් වියයුත්තේ මේ නිසයි

  • මේ හානිකර නැතැයි සිතන දේවල් 7 න් ඔබේ දරුවන්ට හානි විය හැකියි

    මේ හානිකර නැතැයි සිතන දේවල් 7 න් ඔබේ දරුවන්ට හානි විය හැකියි

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it