දරුවන්ගේ ඡායාරූප ගන්නා විට දෙමාපියන්ට වන අතපසුවීම් 5 ක්

Share this article with other mums

දරුවන්ගේ ඡායාරූප ගන්නා විට ඔබෙන් විය හැකි අතපසු වීම් මගහරවා නොගැනීමෙන් දරුවන්ගේ සොඳුරු දසුන් ඡායාරූප ගත කරගන්න නොහැකි වීම ගැන කනස්සල්ලට පත් වෙන්න වෙන අවස්ථාවන් බහුලයි. එවැනි අතපසුවීම් මගහරවා ගන්න මෙම ලිපිය කියවන්න.

වර්තමානයේ දෙමාපියන්ට තමන්ගේ දරුවන්ගේ ජීවිතයේ විවිධ අවස්ථාවන් ඡායාරූපයට ගැනීමට කොතෙකුත් ආකාර තිබෙනවා. නමුත් මේ ආකාරයේ ඔබෙන් විය හැකි අතපසු වීම් මගහරවා නොගැනීමෙන් දරුවන්ගේ සොඳුරු දසුන් ඡායාරූප ගත කරගන්න නොහැකි වීම ගැන කනස්සල්ලට පත් වෙන්න වෙන අවස්ථාවන් බහුලයි.

නමුත් දරුවන්ගේ ඡායාරූප ගැනීමේදී වන එවැනි අතපසුවීම් මගහරවා ගන්න.

අත්වැරදි 1 – සහයට කෙනෙක් නොගැනීම

හුඟ දෙනෙක් හිතන්නේ තමන්ට දරුවන්ගේ ඡායාරූප ගන්න එක්කෙනෙකුට පුළුවන් කියලයි. නමුත් උසස් තත්වයේ හොඳ ඡායාරූපයක් ගන්න තව කෙනෙකුගේ සහය අවශ්‍යයි. ඉතින් තාත්තා ඡායාරූපය ගන්නවා නම් අම්මා ඊට සහය දැක්විය යුතුයි. ඒ නිසා සහයකයා මගින් දරුවා නිසි තැන තැබීම එහෙ මෙහෙ දුවන එක වළක්වා ගැනීම කරන්න පුළුවන්.

අත්වැරදි 2 – කැමති දේවල් සුදානම් නොකිරීම

හැම වෙලාවේම කැමති දේවල් දීම නොකළයුතු වුවත් පින්තූර ගැනීමේදී දරුවන් ඉදිරියේ ඔවුන් කැමතිම දෙයක් පෙන්වීම, නැතිනම් කෑමට යමක් සූදානම් කර තැබීම වගේ දේවල් කරන්න පුළුවන්. ඉන් ඔවුන්ගේ අකැමැත්ත පහව යනවා. නැතිනම් ඔවුන් කැමති ආකාරයට නැටීම, ගැයීම, ශබ්ද නගන යමක් පෙන්වීම ආදිය මේ අතර දක්වන්න පුළුවන්.

අත්වැරද 3 – සුදානම් කිරීම

වැදගත් අවස්ථාවක ඡායාරූප ගැනීමට ඇති විට දරුවන් ඊට සූදානම් කරවීම කරන්න පුළුවන්. ඊට පෙර දිනයේ ඔවුන් මේ මේ ආකාරයට සිටීමෙන් ඔවුන්ට පින්තූරයක් ගැනීමට හැකියාව ලැබෙන බව කියා දෙන්න පුළුවන්. මේ නිසා ඔවුන් අන් අය ඉදිරියේ අපහසුවට පත්වීම හා ලැජ්ජා වීම වළක්වා ගන්න පුළුවන්.

අත්වැරද 4 – ඉවසීම නැති වීම

අනෙක් ලොකුම වැරැද්ද තමයි දෙමාපියන් ඉවසීමක් නැතිව ඔවුන්ගේ වැඩසටහන ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කිරීමට යාම. අපි දන්නවා දරුවන් එක් එක් අවස්ථාවන් වල හැසිරෙන ආකාරයන් තියෙනවා. දරුවන් අසතුටෙන් ඉන්න වෙලාවට පින්තූර ගන්න ඔහුව තල්ලු කිරීමෙන් ඔහු තවත් පාලනය කළනොහැකි වෙනවා. එවිට ඔහුට වැඩි පීඩනයක් නොදී ඡායාරූප ගැනීම තමයි කළයුතුම.

අත්වැරදි 5 – අත්‍යවශ්‍ය දේ පමණක් කේන්ද්‍ර කිරීම

අපි දකිනවා හුඟක් දෙමාපියන් ඡායාරූප තුළ හැම දේම රාමු කරගන්න උත්සාහ කරනවා. ඒ නිසා පසුතලයේ බොහෝ කලබලකාරී දේවල් තිබීමෙන් ඡායාරූපයේ ප්‍රධාන අරමුණ ඉටු වන්නේ නැහැ. ඒ නිසා නිතරම ඔබට අවශ්‍ය කාරණයට කේන්ද්‍ර කිරීම වැදගත්.

අත්වැරදි 6 – ෆ්ලෑෂ් එළිය භාවිත කරන හැටි නොදැන සිටීම

ඔබ වෘත්තීය ඡායාරූප ශිල්පියෙකු නොවේ නම් ෆ්ලෑෂ් එළිය වැඩිය භාවිත නොකර සිටීම වැදගත්. ඡායාරූප අඳුරු පැහැ ගැන්වෙන්නේ ආලෝකය පිළිබඳ නිසි දැනීම නැති නිසයි. නමුත් ඇතුලත දී නම් ඔබට ෆ්ලෑෂ් එළියේ ආධාරය ගැනීමට සිදුවෙනවා.

අත්වැරදි 7 – එකකට වඩා පින්තූර නොගැනීම

වර්තමානයේ බොහෝ කැමරාවන් ඩිජිටල් වන නිසා හැකි තරම් පින්තූර ගන්න ඔබට පුළුවන්. ඒ වගේම එවලේම පින්තුරයේ තත්වය දැකගන්න පුළුවන්. ඡායාරූප රැසක් ගැනීමෙන් අවශ්‍ය රූපය තබාගෙන අනෙක් ඒවා මකාදමන්න පුළුවන්. නමුත් පුළුල් තිරයකදී කරන වැරදි නිශ්චිතවම දැකගත හැකි නිසා එතෙක් ඡායාරූප මකා නොදැමීම වඩාත් නුවණට හුරුයි.

ඡායාරූප හැමදාමත් අපේ මතකයන් අලුත් කරනවා. ජීවිතයේ අලුත් බව හැමදාම රඳවාගන්න ඔබට උදවු වෙන theAsianparent Sri Lanka ඔබේ හොඳම මිතුරිය මේ තොරතුරු ඔබට ගෙන ආවා.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

Family Fun