දරුවන්ගේ තරහ පාලනය කරන්නේ කෙසේද?

lead image

දරුවන්ගේ තරහව හා එය ඇතිවීමට හේතු, එය ගැටලුකාරී වන අවස්ථා, තරහව පාලනය කරගත හැකි ක්‍රම, දරුවාගේ තරහවට ප්‍රතිචාර දැක්විය යුතු ක්‍රම.

දරුවන්ගේ තරහව (anger in children/ child's anger) ගැන විස්තර කරන්නට මත්තෙන් අපි තරහව යනු කුමක්දැයි සොයා බලමු. 

තරහව යනු කුමක්ද?

තරහව, අනෙකුත් හැඟීම් මෙන්ම සාමාන්‍ය හැඟීමකි.

සාමාන්‍ය කෙනෙකුට තරහව සම්පුර්ණයෙන්ම යටපත් කල නොහැක.

දරුවන්ගේ හැඟීම් බලෙන් යටපත් කිරීමෙන් ඉදිරියේදී ගැටළු ඇතිවිය හැක.

අප කලයුතු වන්නේ තරහව, කෝපය අනෙකුත් අයට බාධාවක්, හිරිහැරයක් නොවන පරිදි මුදාහැරීමට අවශ්‍ය මගපෙන්වීම දරුවන්ට ලබාදීමය.

දරුවන්ගේ තරහව

දරුවන්ගේ තරහව ඇතිවිය හැකි හේතුන් මොනවාද?

මෙයට ළමා මනෝ විද්‍යාත්මකව හේතුන් රාශියක් පැවතිය හැක.

නමුත් තරහව අධික දරුවන් සියල්ලන්ටම මානසික ගැටළු තිබේයැයි සැලකියයුතු නොවේ.

අධික තරහව විවිධ සමාජීය, මනෝ විද්‍යාත්මක සහ ජීව විද්‍යාත්මක හේතුන් නිසා ඇතිවිය හැක.

නොයෙකුත් හේතු අතරින්, සමහරක් වනුයේ, ආවේගශීලීබව, ස්ථාවර නොවන නිවසේ පරිසරය, දෙමාපියන්ගේ නිතර වෙනස්වන ක්‍රියාකලාපය සහ කම්පනය ඇතිකරවන අත්දැකීම් ආදියයි.

දරුවන්ගේ තරහව ගැටළුවක් වන්නේ?

  • අනෙක් අයට, තමාට හෝ භාණ්ඩ වලට හානිදායක වනවිට
  • දරුවා ප්‍රයෝජනවත් කටයුත්තක නිරත නොවන විට
  • තමාට අසාධාරණයක් වුවායැයි සිතෙනවිට

ආත්ම විශ්වාසය අඩු දරුවන්

ආත්ම විශ්වාසය අඩු දරුවන් නිතරම, තමාට අසාධාරණයක් වුවා යැයි සිතයි. එවිට ඔවුන් තරහින් කටයුතු කිරීමට අවස්ථාව වැඩිය.

දරුවන්ගේ ආත්ම විශ්වාසය දියුණු කිරීම සඳහා

  • නිතර ප්‍රශංසා කිරීම
  • නිශ්චිත කටයුත්තකට ඇගයීම
  • හැසිරීමේ වැරදි මිස, දරුවා වැරදියයි නොකීම
  • අනෙක් දරුවන් සමග කිසිවිටෙක සංසන්දනය නොකිරීම
  • ඔබට ඔවුන් සමග කාලය ගතකිරීම සතුටක් බව පෙන්වීම
  • වැරදි කීපයකින් දරුවා ගැන සමස්ථ තීරණ වලට නොපැමිණීම

දරුවන්ගේ තරහව වැඩි වූ විට වැඩිහිටියන් කුමක් කලයුතුද?

  • කෑගැසීමෙන් දිගුකාලින යහපතක් නැත. ඔවුන්ට ආදර්ශයට ගතහැකි ලෙස හැසිරෙන්න. ඔබ පහරදෙනවා නම්, ඔවුන් එයින් ඉගෙනගන්නේ කුමක්ද?
  • ඔවුන්ගේ හැඟීම තේරුම් ගත් බව පෙන්වන්න
  • දෙදෙනාම තරහින්විට සාකච්ඡා කිරීම සන්සුන් වනතුරු කල්තබන්න
  • සාවධානව අසා සිටීම ඉතා වැදගත්ය

ඔබේ නිවෙස ගැන සිතන්න!

දරුවා තරහ ගැනීමේ රටාවක් තිබේද? සමහර සුළු වැරදි වලට දඬුවම් අවශ්‍ය නොවේ. නිවෙසේ විනය ගැන පැහැදිලි මගපෙන්වීමක් තිබෙනවාද? නිවෙසේ සියලු වැඩිහිටියන් එකලෙස කටයුතු කරනවාද? පාසැලින් දරුවාට පීඩනයක් තිබේද?

සන්සුන්වීමේ ක්‍රියාකාරකම්

සෑම දරුවකුටම ගැලපෙන ක්‍රමයක් ඇත. එය තරහ ගොස් නැතිවිටෙක පුරුදු පුහුණු කලයුතුය.

  • තරහව ඇතිවන දෙයින් හෝ කෙනාගෙන් ඉවතට යාම
  • සිතින් 10 ට සෙමින් ගණන් කිරීම
  • ඇවිදීම වැනි ශාරීරික ක්‍රියාවක යෙදීම
  • නිස්කලංක ප්‍රසාදජනක ස්ථානයක් වෙත සිත ගෙනයාම
  • විශේෂ සිත සන්සුන් කරවන ක්‍රියාවක දීම
  • සෙමින් ඉහල පහල හුස්මගැනීම
  • සංගීතයට සවන්දීම
  • කලින් පුහුණු කල භාවනාවක යෙදීම

ප්‍රතිකාර

මනෝ චිකිත්සක ප්‍රතිකාර (Psychodynamic Psychotherapy, Cognitive Behaviour Therapy)

උදව් කොහෙන්ද?

ළමා සහ යොවුන් මනෝ වෛද්‍ය උපදේශන සායන (Child & Adolescent Guidance Clinic) මගින් හෝ මනෝ වෛද්‍ය සායන (Psychiatry Clinic) මගින් අවශ්‍ය උපදෙස් ලබා ගත හැක.