පුංචි පැටියාගේ නියපොතු කපමුද?

පුංචි පැටියාගේ නියපොතු කපමුද?

ආරක්ෂිතව දරුවන්ගේ නියපොතු කපමුද ?

චූටි බබාගේ නියපොතු කැපීම තරම් බය හිතෙන දෙයක් නැති තරම්, නේද අම්මී? නමුත් බබාගේ නියපොතු කැපීම අත්‍යාවශ්‍යයි.

අලුත උපන් පැටියාගේ* ඉදන් දරුවන්ගේ නියපොතු ඉක්මනින් වැඩෙනවා. මේ නියපොතු නිසා පුංචි පැටියා තමන්ව සූර ගන්නවා වගේම එයාගේ නියපොතු වලින් අනෙක් අයටත් සීරෙන්න පුළුවන්.

ඒ වගේම නියපොතු අස්සට කුණු පිරුනහම හරිම අවලස්සනයි. ඒ වගේම සෑම තැනම තියෙන විෂබීජ රෝග කාරක නියපොතු අස්සේ රැදිලා තිබිලා පොඩ්ඩා අත කටේ දානකොට එයාගේ ශරීරයට ඇතුල් වෙලා පැටියා ලෙඩ වෙන්න පුළුවන්.

නියපොතු කැපීම අත්‍යවශ්‍යයි. ඒක නිසා පොඩ්ඩාගේ නියපොතු කපලා ලස්සනට තියා ගනිමු නේද?

බබාගේ නියපොතු කැපීම

අවශ්‍ය ද්‍රව්‍ය :

දරුවන්ගේ නියපොතු කැපීම ට ගන්නා නිය කටර් එකක්

පුළුන් ටිකක්

දරුවන්ට භාවිතා කරන්න පුළුවන් විෂබීජ නාශක දියරයක්

• මුලින්ම ඔබේ දෑත් සබන් ගා හොදින් සෝදන්න . පැටියාගේ දෑත්ද හොදින් සෝදන්න. ඒ මගින් දෙදෙනාගේම අත්වල විෂබීජ ඉවත් වේ.

• ඔබගේ දෑත් මෙන්ම නියකටර් එක විෂබීජ නාශක දියරයෙන් සෝදා ගන්න.

• ඉන්පසු ඔබගේ අවධානය සම්පුර්ණයෙන්ම මේ අවශ්‍ය වන අතර පැටියා නිදාගෙන සංසුන්ව සිටින අවස්ථාවක් තෝරා ගන්න.

• නියපොතු කැපිම කරන ස්ථානයේ සුදු රෙද්දක් එලීමට හැකි නම් විසිවෙන නියපොතු පහසුවෙන් ඉවත් කල හැකිය.

• සම්පුර්ණ අවධානයෙන් යුතුව පැටියා නියපොතු ගැටි ඉතිරි නොවන සේ කපන්න.

•දැන් පැටියාගේ නියපොතු විෂබීජ නාශක දියර පෙගවු පුළුන් කැබැල්ලෙන් පිරිසිදු කරන්න . අවශ්‍ය නම් බේබි  ක්‍රීම් ටිකක් ගාලා මෘදුව පිලිපදින්න.

මගේ අවධානය ටිකක් එක අරමුණක තියාගන්න බැරි නිසා අපේ ගෙදර මේ වැඩේ කරන්නේ බබාලාගේ තාත්තා.

ඔයාලා බබාගේ නියපොතු කපන වෙනත් ආරක්ෂිත ක්‍රම තියෙනවා නම් පහලින් සටහනක් යොදා අප හා බෙදාගන්න.

*ගොඩක් පුංචි බබෙකුගේ නියපොතු කපන්න අවශ්‍ය නම්, බබා නිදියන අතරේ මෙය කිරීමට උත්සාහ කරන්න පුළුවන්.