දරුවන්ගේ පාචනය පාලනයට කලහැකි වැදගත් දේවල් තුනක්

lead image

පාචනය පාලනය කිරීමට කලයුතු දෑ හා නොකල යුතු දෑ ඔබ දන්නවාද? අපි සොයා බලමු.

බඩ බුරුල් වී යෑම දරුවන්ට මෙන්ම දෙමාපියන්ටද පීඩනයක් ගෙන දෙනවා. අපි බොහෝ දෙනෙක් වැඩිහිටියන්ගේ පාචනය පාලනයට නිවසේදී කලයුතු පිළියම් දැනුවත් වෙලා ඉන්නවා.

කොහොම නමුත් මෙම පිළියම් දරුවන් සදහා සුදුසු වෙන්නේ නැහැ. මොන වගේ ඖෂධද ඔබ දිය යුත්තේ ? කොතරම් කාලයකට පසුද වෛද්‍යවරයකු වෙත යායුත්තේ? පාචනය පාලනයේදි විශාල ලෙස සැලකිලිමත් විය යුත්තේ මොනවාද? අපි එකින් එක බලමු.

පාචනයට හේතුකාරක මොනවාද?

පාචනය හෝ බඩ බුරුල් වී යෑම යනු මළපහ සිරුර තුල සකස්වීමට පෙර සිරුරෙන් ඒවා ඉවත් කරනු ලබන අවස්ථා වේ.

මහ බඩවැල් වලින් ජීරණය වු ආහාර  පදාර්ථයෙන් ජලය අවශෝෂණය කරගන්නා අතර මෙමගින් ඝන මළපහ සකස්වීමක් වෙනවා. මළපහ නිවැරදිව සකස් වීම විශාල වශයෙන් රදාපවතින්නේ ජීරණය වූ ආහාර පදාර්ථය මහ බඩවැලෙහි ගත කරන කාලය අනුව වේ.

වැඩි වේලාවක් එය ඒ තුල ගත කිරීමේදී වැඩි ජල ප්‍රමාණයක් අවශෝෂණය කරනු ලබයි. ඒ මගින් මළපහ මෘදු බවෙන් ඝන බවට පත්වේ. අනෙක් අතට මෙම ජීරණය වු ආහාර පදාර්ථය මහ බඩවැල දිගේ ඉක්මනින් ගමන් කිරීම නිසා මළපහ මෘදු හා දියරමය වේ.

පාචනය ඇති විය හැකි හේතු

1. පරපෝෂිතයන්, බැක්ටීරියා හෝ වෛරස් නිසා ඇතිවන කුසෙහි හා ගුද මාර්ගය ආශ්‍රීත ආසාදන

3.ආහාර අසාත්මිකතා

3. ඉන්ෆේලේමැටොරි  බෝවල් සින්ඩ්‍රෝම් (Inflammatory Bowel Syndrome)

දරුවන් තුල පාචනය ඇති කරන බහුල ව්‍යාධිජනකයින් වන්නේ ගර්ඩියාසිස් හා ඇමෝබියාසිස් ඇති කරන පරපෝෂිතයන්, නොරොවෛරස් හා රොටාවෛරස් වැනි වෛරස්, ඊ කොලී  (e-coli) වැනි බැක්ටීරියා වේ.

ආහාර හා ජලය අපවිත්‍ර වීම නිසා මෙම බොහොමයක් ව්‍යාධිජනකයින් ව්‍යාප්ත වේ. රොටා වෛරසය ඉක්මනින් පැතිර යන අතර ප්ලේ ගෘප් අතර පහසුවෙන් ව්‍යාප්ත වේ. එමනිසා පාචනයේ ඕනෑම ස්වරූපයක් බැරැරුම්ව  ගතයුතු වේ.

පාලනය නොකරන පාචනයේ බරපතළ තත්වය 

පාචනය කුඩා දරුවන්ට අපහසුව දනවනවා පමණක් නොවේ. පාලනයෙන් තොර පාචනය නිසා දරුවන් විජලනය වීම වැනි භයානක ප්‍රතිවිපාක ඇතිවිය හැක. මෙම තත්වය කුඩා දරුවන්ට බරපතළ වන අතර සිරුරේ සිදුවන කුඩා ජලය අඩුවීමක් පවා අපස්මාරය, මොළයට හානිවීම හා මරණය වැනි බරපතළ තත්වයන්ට හේතුවිය හැකිය.

පාචනය ඇති දරුවෙක් පාලනය

පහත ලක්ෂණ එකක් හෝ කිහිපයක් ඇති නම් ඔබේ දරුවා වෛද්‍යවරයකු වෙත ගෙන යන්න.

• පැය විසිහතරක් තුල වාර හයකට වැඩි ගණනක් බඩ බුරුල් වී යෑම

• මළ පහ තුල ලේ හෝ ශේෂ්මල කොටස් පිටවී තිබීම

• දියරමය මළපහ පිටවීම

•  බරපතළ බඩේ අමාරු ඇතිවීම

• ඇලෙනසුළු දුර්ගන්ධයෙන් යුතු මළපහ පිටවීම

• පැය විසිහතරක් තුල වාර තුනකට වඩා වමනය පිටවීම

• මෘදු නමුත් දවස් පහ, හයකට වැඩි පාචනය පැවතීම

• උණ

• ඩයිපර් තෙත්වන ප්‍රමාණය අඩුවීම වැනි විජලනයේ ලක්ෂණ මතුවීම

රෝග ලක්ෂණ වලින් මිදීමට අමතරව මේ සදහා ප්‍රතිකාර අවශ්‍ය වන බව ඉන් අදහස් වෙනවා. කොහොම නමුත් ඔබ වෛද්‍ය සහයක් පැතුවත් පාලනය පටන්ගන්න.

පාචනය නවත්වා ගන්න හෝ දරුණුවීම වළක්වා ගන්න මෙන්න මේ දේවල් තුන කිරීමට වගබලා ගන්න.

1. ඔබේ දරුවා සජලනය කිරීමට වගබලා ගන්න.

ඔබේ දරුවාට නිතරම ජලය පෙවීමෙන් විජලනය වළක්වා ගන්න. මව්කිරි හෝ පිටිකිරි ලබාදීම මේ හේතුව මත නවත්වන්න එපා.

කොහොම නමුත් ඔබ භාවිතා කරන නැවත සකස්කල ජලය උතුරවා නිවාගත් ඒවා බවටත් බෝතල් මනාව  විෂබීජහරණය කල ඒවා බවටත් සහතික කරගන්න.

මේ වගේ අවස්ථාවල ඔබ රසායන හෝ UV විෂබීජහරණය කිරීම වෙනුවට වාෂ්ප විෂබීජහරණය කිරීම යොදාගැනීම සුදුසු බව මම පෞද්ගලිකව සිතනවා.  ඔබට හැකිනම් නල ජලය උණුකර හෝ පෙරාගත් ජලය ආහාර පිසීමට යොදා ගන්න. ඔවුන්ට බලෙන් කෑම කවන්න එපා.

පාචනය තත්වය උග්‍ර නම් ජීවනී වැනි ORS විසදුමක් ලබා දෙන්න.

ඔබේ දරුවාගේ වයස අනුව ලබා දිය යුතු  ORS ප්‍රමාණය ඔබේ ඖෂධවේදියා ගෙන් අසා දැනගන්න. ඔවුන් කැමති නම් පොල් වතුර ලබාදිය හැකිය. නමුත් යුෂ වර්ග දෙන්න එපා.

යුෂ වල තිබෙන ග්ලුකෝස් හානිකර බැක්ටීරියා වලට බඩවැල් තුල හිතකර පරිසරයක් නිර්මාණය කරන බැවින් පාචනය තත්වය උග්‍ර වේ.

ඔබේ දරුවාට ඩයිපර් භාවිතා කරනවා නම් මුත්‍රා පිටවීම ඉවත් කරන ඩයිපර් ප්‍රමාණය මගින් ගණනය කරන්න. ඔබේ දරුවාට වැසිකිළි භාවිතය පුහුණු කර ඇත්නම් සෑම විටම මුත්‍රා පිටකරන ලෙස දන්වා සිටින්න.

හැකිනම් ඔබේ ඉදිරියේ මුත්‍රා පිටකරන ලෙස දන්වා මුත්‍රා වල පැහැය පරීක්ෂා කරන්න. එය තදපැහැති නම් ඔබේ වෛද්‍යවරයා වෙත යන්න.

2. ඖෂධ

පාචනය නැවැත්වීමට හිතුමතේ ඖෂධ ලබාදෙන්න එපා. ඔබේ දරුවා වේදනාවෙන් ඉන්නවා නම් අවශ්‍ය නම් පමණක් ඔබට  පැරසිටමෝල් ලබාදෙන්න පුලුවන්. ඔබේ වෛද්‍යවරයා රෝග ලක්ෂණ නිරීක්ෂණය කර සුදුසු  ප්‍රතිකාර ලබාදේවි. ඉහත සදහන් කල පරිදි ORS පැකට් කිහිපයක්  ලග තබාගන්න.

3. සනීපාරක්ෂාව තහවුරු කරන්න.

බොහොමයක් ව්‍යාධිජනකයින් දරුවාගෙන් දරුවාට පහසුවෙන් පැතිරයයි. එමනිසා නිවසට පැමිණි වහාම හා සෑම කෑම වේලකටම පෙර හා පසු අත් සබන් දා සෝදන්න ඔබේ දරුවාව උනන්දු කරවන්න. ඒවගේම අපවිත්‍ර වීම  වැළැක්වීමට භාවිතා කරන ලද ඝන ඩයිපර් ප්ලාස්ටික් බෑග් වල බහා බැහැර කරන්න.

ඩයිපරය මාරුකරන සෑම අවස්ථාවකටම පෙර හා පසු හොදින් සබන් දා දෑත් සේදීමට සහතික කරගන්න.

ඊට අමතරව, රෝගී දරුවා දැනට භාවිතා කරන තුවාය, රෙදි හා අනෙකුත් උපකරණ අනෙක් සමග හවුලේ භාවිතා කරන්න එපා. ඒවා වෙනම සබන් යොදා උණුසුම් ජලයෙන් සෝදා හොදින් වේලා ගන්න.

අවසාන වශයෙන් අන්තිමට පාචනය ඇති වු අවස්ථාවේ සිට පැය 48 යනතුරු පාසැල් යවන්න එපා.

මව්වරුනි, පාචනයේ මුලික රෝග ලක්ෂණ නොසලකා නොහැරීම තීරණාත්මක  වේ.  ඒ මගින් පසුව ඇතිවිය හැකි දුෂ්කර තත්වයන් වලින් ආරක්ෂා කර ගත හැකි වේ.

පුංචි පැටියා පාචනය හැදිලා විදවන කොට බලන්න ඉන්න අමාරුයි නේද? ඒ  රෝගයෙන් ආරක්ෂා කරගැනීමටත් රෝගය වැළදුන පැටව් රැක බලා ගැනීමටත් මේ උපදෙස් ගෙන ආවේ The Asianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී