theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

දරුවන්ගේ මානසික රෝග කල්තියා පෙන්නුම් කරන අනතුරු ඇඟවීම්

6 අවම කියවීම
දරුවන්ගේ මානසික රෝග කල්තියා පෙන්නුම් කරන අනතුරු ඇඟවීම්දරුවන්ගේ මානසික රෝග කල්තියා පෙන්නුම් කරන අනතුරු ඇඟවීම්

ශාරීරික රෝග ගැන උනන්දු වී ප්‍රතිකාර කරගන්නා තරමටම ඔබ මානසික රෝග ගැනද සලකා බලා ප්‍රතිකාර ගත යුතු බව දන්නවාද?

දරුවන්ගේ මානසික රෝග හිතට බොහෝ වද දෙන්නක්. දරුවන්ට ඇතිවිය හැකි මානසික සංකුලතා දෙමාපියන්ට මහත් කම්පනයක් ගෙන දෙනවා. නමුත් මෙය සත්‍යයෙන්ම සිදුවන යතාර්ථයක්. දරුවන්ගේ මානසික රෝග හා මානසික ගැටළු කල්තියා හඳුනාගත හැකි ක්‍රම කිහිපයක් ගැන මේ ලිපියෙන් ගෙනහැර පානවා.

අධ්‍යයනයන්ට අනුව පවුල් ආරවුල්, යහළුමිත්‍ර සබඳතා ආශිත ගැටළු, පාසලේ ආතතිය යන කාරනා අද කාලයේ දරු පරම්පරාව වැඩි වැඩියෙන් මානසික ගැටළු වලට මුහුණ පෑමට මූලිකව හේතු වී තිබෙනවා. අවුරුදු 5ක් වැනි කුඩා වයසේ දරුවන් පවා ළමා හා යෞවන මනෝ විශේෂඥන් වෙත යොමු වීමේ වැඩි ප්‍රවනතාවක් දක්නට ලැබීම පුදුමයට මෙන්ම භීතියට කරුණක්.

කලක් තිස්සේ උඩු දුවන මානසික ආතතිය නොසලකා හැරිම තුළින් දරුවන් හට කාංසාව, මානසික අවපීඩනය හට ගත හැකි අතර එය සියදිවි නසාගැනීමේ සිතුවිළි වලටද මග පාදන බව අප දැන සිටිය යුතුයි.

මානසික රෝග යනු පොදුවේ හැමෝම ගොදුරු නොවන රෝග තත්වයක් ලෙස දකින්නට සාමාන්‍ය සමාජයේ අප හුරු වී තිබෙනවා. නමුත් වෙනත් රෝග පීඩා හා සමානවම මානසික රෝග වලටත් කොයි කවුරුත් ගොදුරු විය හැකි අතරම වෙනත් ශාරීරික රෝග වලට මෙන්ම මේවාටත් ප්‍රතිකාර කල හැකි බව අප අවබෝධ කරගත් යුතුයි.

විශේෂත්වය වන්නේ අද කාලයේ දරුවන් මෙන්ම යෞවනයන් මනසික රෝග වලට ගොදුරු වීමේ වැඩි ප්‍රවනතාවක් ඇති බවත්, ඒ රෝග ලක්ෂණ කල්තියා හඳුනාගැනීම වැදගත් බවත් අප හොඳින් තේරුම් ගෙන සිටිය යුතු වීමයි.

සිංගප්පුරුවේ DTAP සායනික සමූහයේ වෛද්‍යවරියක හා ප්‍රතිරෝධි සාමූහිකයේ විකල්ප අධ්යක්ෂකවරයා වන ආචාර්ය ජූලියන් හොන්ග් සමඟ theAsianparent සිදු කල සාකච්චාවකදී ඔහු පැවසුවේ මානසික රෝගයකට ගොදුරු වන අවස්තාවක මූලික ලක්ෂණ  හොඳින් හඳුනාගතහොත්, කල්තියා මෙම රෝගය හඳුනාගත හැකි  බවයි.

මානසික රෝගියෙකුගේ හැඟීම් වලට, මනෝභාවයට සහ හැසිරීමට  රෝගී මානසික තත්වය තදබල බලපෑමක් ඇති කරන බව අප මුලින්ම තේරුම්ගත යුතු වනවා.

දරුවන්ගේ මානසික රෝග අයත් වන විවිධ කාණ්ඩ 5 ක්

  1. මානසික තත්වයේ වෙනස්කම් -Mood disorders (Depression, Bipolar)
  2. කාංසාව ආශ්‍රිත ආබාධ - Anxiety disorders (OCD, Generalised Anxiety)
  3. ආහාර ගැනීමේ අක්රමිකතා - Eating Disorders
  4. ඩිමෙන්ශියාව (ඇල්සයිමර්ස්) - Dementia (Alzheimer’s)
  5. මානසික ආබාධ (හීනෝන්මාදය) - Psychotic Disorders (Schizophrenia)

දරුවෙකු මානසික රෝගයකට ගොදුරු වීමේදී  දිස් වන මුලික ලක්ෂණ නොහොත් අනතුරු ඇඟවීම්

දරුවන්ගේ මානසික රෝග

සුලභ ළමා මානසික රෝග වල අනතුරු ඇඟවීම්

ලොව පුරා සෑම  දරුවන් 10 දෙනෙකුගෙන්  එක්කෙනෙකු මානසික සෞඛ්ය ගැටළුවලට මුහුණ දෙන නමුත් ඊට ප්‍රතිකාර වලට යොමු වන්නේ ඔවුන්ගෙන් 33% ක් පමණක් බව අධ්‍යයන වලින් සොයාගෙන තිබෙනවා.

සුලභ  මානසික රෝග වලට මුහුණ දෙන වයස අවුරුදු 15න්  පහළ දරුවන්ගෙන් දිස්වන රෝග ලක්ෂණ

  1. ඕටිසම් ආබාධය - Autism Spectrum Disorder (ASD)
  2. අවධානය මද වීම, අධි ක්‍රියාකාරීත්ව ආබාධ - Attention deficit, hyperactivity disorder (ADHD)
  3. කාංසාව - Anxiety
  4. මානසික අවපීඩනය - Depression

මේ  අතර සුලභ මානසික රෝග වලට මුහුණ දෙන දෙන වයස 15ත් 34ත් අතර පුද්ගලයින්ගෙන් දිස් වන රෝග ලක්ෂණ

  1. කනස්සල්ල  - Anxiety
  2. මානසික පීඩනය/ අවපාතය - depression
  3. හීනෝන්මාදය - Schizophrenia

දරුවන්ගේ මානසික රෝග දිස් වීමේදී නොසලකා  හැරිය නොයුතු රෝග ලක්ෂණ

දරුවන්ගේ මානසික රෝග තත්වයට සෘජුවම බලපාන්නේ දෙමාපියන්,  භාරකාරයින් සහ සරුවාගේ කිට්ටුවන්තයින්. මොවුන් දරුවා සමඟ කිට්ටු සබඳතාවක් පවත්වන්නේ නම් දරුවාගේ හැසිරීමේ වෙනස්කම් ක්ෂණයකින් ඔවුනට හඳුනාගන්නට පුළුවන්.

දරුවන්ගේ මානසික රෝග

පහත දැක්වෙන්නේ සුලභ මානසික ගැටළු වල මුල් අවධියේදීම දක්නට ලැබෙන වෙනස්කම් කිහිපයකි.

ඔටිසම් රෝගය - Autism Spectrum Disorder (ASD)

මෙම තත්වයේ මුල් රෝග ලක්ෂණ වයස අවුරුදු දෙක තරම් කුඩා කාලයේ සිටම දිස් වනබව වෛද්‍ය මතයයි.

මෙය දරුවාගේ සමාජශීලී බවට බලපෑම් ඇති කරන්නේ පහත ලක්ෂණ කිහිපයක් පෙන්නුම් කරමින්.

  1. නෙතට නෙත බලා සන්නිවේදනය කිරීමට ඇති අපහසුතාව
  2. අනෙකෙක් සමඟ සිනහ නොවීම නැතහොත් ඉතාම අඩුවෙන් සිනහ වීම
  3. කෙනෙක් සමඟ සුහදශීලි බව අවම වීම
  4. අවධානය ලබාගැනීම සඳහා හයියෙන් ශබ්ධ නැගීම

වයස මාස 18දී දරුවාට එන්නත් කිහිපයක් ලබා දෙන අතර මේ අතරතුරදී වෛද්‍යවරයා දරුවාගේ වර්ධනය ගැන පරික්ෂා කරන අතර ඉහත කාරනා ගැනද බලා ඔටිසම් තත්වය (ASD) ගැනද පරික්ෂා කරනු ඇත.

අධි ක්‍රියාකාරිත්වය නැතහොත් (Attention deficit, hyperactivity disorder (ADHD))

දරුවාගේ ADHD  තත්වයට සෘජුවම බලපාන සාධක තුනකි: අනවධානය, අධි කිර්‍යාකාරිත්වය සහ ආවේගශීලී බව. දරුවාට මේවායින් එකක් හෝ සියල්ලම හෝ තිබිය හැක.

ADHD සහිත දරුවෙකුට ඉහත ලක්ෂණ වලට අමතරව පහත හැසිරීම් රටාද තිබිය හැකියි.

  1. පමණට වඩා නොසන්සුන් ගතිය
  2. අන් අයට බාධා කිරීමට ඇති උනන්දුව
  3. ඔවුන්ගේ වාරය එනතෙක් බලා සිටීමට නොහැකි වීම
  4. ඔවුන්ගේ චිත්තවේග පාලනය කිරීමේ දුෂ්කරතා (බොහෝ විට එහි ප්‍රතිපලය වන්නේ විශාල කැළඹීම සහ මනෝභාවය වෙනස් වීමයි)

දරුවා තුළ ADHD ලක්ෂණ ඇති බවට ඔබට සැක හිතෙන්නේ නම්, මකල් නොදමා ළමා රෝග වෛද්‍යවරයකු හමුවන්න.

දිවි නසාගැනීම

කාන්සාව (Anxiety)

ළමුන් තුළ ඇති වන කාංසාව, දරුවන් තුළ භීතිකාවන් හෝ අධික භීතිකාවන් ලෙස පෙනී යා හැකියි. ඝෝෂාකාරී ශබ්ද, සතුන්, ජලය හෝ පාසැල් හා රෝහල් වැනි ඇතැම් ස්ථාන වලට යෑම වැනි ඕනෑම දෙයක් දක්වා මෙම භිය ඇතිවිය හැක.

දරුවා මෙවන් උත්තේජකවලට හැඬීමෙන්, ආවේගශීලී වීමෙන් ආදිය ප්‍රතිචාර දැක්විය හැකි අතර ඇතැම් විට බඩේ වේදනා හිසරදය වැනි රෝග ලක්ෂණ තුළින්ද ප්‍රතිචාර දැක්විය හැක.

ඔබට උපක්‍රමශීලී ලෙස දරුවාගේ තත්වය පාලනය කිරීමේ හැකියාව ප්‍රගුණ කරගත හැකි අතර, ඔබට පාලනය කරන්නට අසීරු පමණට දරුවා ආවේගශීලී නම්, කල් නොදමා වෛද්‍යය සහය පැතිය යුතු වනවා.

මානසික අවපීඩනය (Depressions)

දරුවාගේ මානසික අවපීඩනය යනු සති දෙකකට වැඩි කාලයක් පුරාවට එක දිගට දැනෙන පාළුව, තනිකම, දුක ආදියෙන් එහා ගිය තත්වයකි. 

මානසික අවපීඩනයට ලක්වූ දරුවා පහත සියළු ලක්ෂණ පෙන්විය හැකිය.

  1. අහාර අරුචිය
  2. දුක සහ කනස්සල්ල
  3. විශ්වාස භංගත්වය
  4. දිවි නසාගැනීමට සිතිවිලි පහල වීම
  5. සාමාන්‍යයෙන් දරුවකු ආශාකරන සෙල්ලම් වලට උනන්දුව හීන වීම
  6. අවධානය යොමු කිරීමට ඇති අපහසුතාව
  7. අලස කම හා විදආත් බව
  8. පහසුවෙන් කේන්ති යාම

මානසික අවපීඩනයේ ඇති භයානකම සංධිස්තානය නම් ජීවිතයට හානි සිදුකරගැනීමට ඇති ප්‍රවනතාවයි. මෙම තත්වය ගැන වඩාත් ප්‍රවේසමෙන් අවධානයෙන් සිටිය යුත්තේ එබැවිනි.

හීනෝන්මාදය (Schizophrenia)

දරුවන්ගේ හීනොන්මාදයද වැඩිහිටියන්ගේ හිනොන්මාදය ලෙසම දිගු කාලීනව ප්‍රතිකාර ගත යුතු තත්වයකි. මෙහි රෝග ලක්ෂණ හඳුනාගැනීම මදක් අසීරු වුවත්, සාමාන්‍ය රෝග ලක්ෂණ කිහිපයක් පහත දක්වා ඇත.

  1. ප්‍රියමනාපව සිටින්නට එපා වීම නිසා උවමනාවට එපාවට ඇඳුම් ඇඳීම
  2. පාසැල් කටයුතු කෙරෙහි අවධානය යොමු කිරීමට ඇති හැකියාව.
  3. අසාමාන්‍ය ලෙස අනෙක් අයව සැක කිරීම.
  4. හැඟීම් පාලනය කරගැනීමට ඇති අපහසුතාව
  5. අසාමාන්‍ය කතා විලාශය, හැසිරීම සහ අදහස්

ඉහත ලක්ෂණ තිබු පමණින් දරුවාට හිනොන්මාදය යයි උපකල්පනය කල නොහැකි මුත් මේවා මානසික ගැටලුවකට මුල පුරන ලක්ෂණ කිහිපයකි.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

මානසික අව පීඩනය (Depression)ගැන දැනගැනීමේ වැදගත් කම හා දරුවන්ගේ මානසික රෝග හා දිවිනසාගැනීමේ සිතිවිලි තුරන් කිරීමේ ලා දෙමාපියන්ගේ වගකීම

මානසික අව පීඩනය (Depression) වල වැදගත් කම හා දරුවන්ගේ දිවිනසාගැනීමේ සිතිවිලි තුරන් කිරීමේ ලා දෙමාපියන්ගේ වගකීම.

දරුවන්, දෙමාපියන් සහ ඩිජිටල් තිර

මෑතකදී අන්තර්ජාලයේ නිරතුරු සැරි සරනා දරුවන්ට දිවි නසාගැනීමට අදහස් දෙන MOMO  නම් වූ ඩිගිටල් අභියෝගයකි.

අහිංසක දරුවන්ගේ මනසට තම ජීවිතය හානි කරගැනීමට අදහස් සපයන  මාශ්යයක් ලෙස අන්තර්ජාලය තෝතැන්නක් වී ඇති බැවින් දරුවා අන්තර්ජාලය හා ඇති සම්බන්ධය ගැන සෙවිල්ලෙන් සිටීම ඉතාමත්ව වැදගත් වනවා.

දරුවා සමඟ එකට වාඩි වී මෙම ඩිගිටල් තිර පරිහරණය කිරීම, දැනට සුදුසුම ක්‍රමයයි.

මානසික ගැටළු වලට මුහුන දෙන දරුවන් පෙන්වන මූලික අනතුරු ඇඟවීම්:

  1. කතාව - නිතරම අසුභවාදී ලෙස කතා කිරීම
  2. හැසිරීම - තමන් සතු වටිනා දේවල් අනුන්ට දීම
  3. මනෝභාවය - අපේක්ෂා භංගත්වය හා උදාසීනත්වය

දරුවා ගොඩගැනීමේ ක්‍රියාවලිය තුළ දරුවන්ගේ මේ ගමනේ ඔබ පංගුකාරයෙක් විය යුතුයි.

 

 

මානසික ගැටළු වලින් පෙලෙන්නන්ට සුව වීමට අත දෙන්නේ කෙසේද?

  • හොඳින් දැනුවත් වන්න - දරුවාට මානසික රෝග නිසා ඇතිවන් බලපෑම මෙතෙකැයි කියන්නට බැහැ.
  • මානසිකව ශක්තිමත් වන්න - මේ තත්වය ගැන ඔබට කනස්සල්ලක් දැනෙනවා ඇති. දෛරිය ගෙන පවුලේ උදවිය හා වෛද්‍යවරුන් සමඟ දරුවාගේ සුභසිද්ධිය වෙනුවෙන් කටයුතු කරන්න.
  • දිරිමත් වන්න - මේ ගමන තනිව යන ගමනක් සේ ඔබට හැඟේවි. මේ නිසා සාමුහිකව කටයුතු කරන්නට හැකි සම උත්සාහයක්ම ගන්න. මෙවන් අත්දැකීම් ඇති අනෙකුත් දෙමාපියන්ගෙන් දැනුවත් වන්න.

මානසික අවපීඩනයකට ලක් වන්නට කලින් දරුවා ඒ තත්වයට නොඑන්නට කටයුතු කිරීම ඉතාමත්ම වැදගත්.

නමුත් දරුවා මානසික රෝගී තත්වයක් පෙන්වන්නේ නම් හෝ දිවි නසාගැනීමේ සිතිවිලි පහල වන්නේ නම් වහාම ලඟම ඇති රෝහලේ මානසික සෞක්‍ය සේවාව අමතන්න.

ක්ෂණික ඇමතුම් සඳහා - සුවිසැරිය 0710107107 හෝ සුමිත්‍රයෝ 011-2682535 හෝ CCC Line  දුරකථන උපදේශ සේවාව 1333 වෙත යොමු වන්න.

 

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිලුෆ පෙරේරා

 

img
Written by

Niloufer Perera

  • Home
  • /
  • මානසික ගැටළු
  • /
  • දරුවන්ගේ මානසික රෝග කල්තියා පෙන්නුම් කරන අනතුරු ඇඟවීම්
බෙදාගන්න :
  • කාන්තාවන් මුහුණ දිය හැකි ලිංගික ගැටළු 15ක්

    කාන්තාවන් මුහුණ දිය හැකි ලිංගික ගැටළු 15ක්

  • කසළ කළමනාකරණයේ පලමු පාඩම දරුවාට නිවසෙන්

    කසළ කළමනාකරණයේ පලමු පාඩම දරුවාට නිවසෙන්

  • කාන්තාවන් මුහුණ දිය හැකි ලිංගික ගැටළු 15ක්

    කාන්තාවන් මුහුණ දිය හැකි ලිංගික ගැටළු 15ක්

  • කසළ කළමනාකරණයේ පලමු පාඩම දරුවාට නිවසෙන්

    කසළ කළමනාකරණයේ පලමු පාඩම දරුවාට නිවසෙන්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it