දරුවන්ගේ මොලයේ වර්ධනයට අම්මාගේ හඬ බලපාන්නේ මෙහෙමයි

lead image

වර්තමානයේ සමීක්ෂණ වලට අනුව මවගේ හඬ හා දරුවාගේ මොලයේ වර්ධනය අතර ලොකු බලපෑමක් ඇති බව පැවසෙනවා.

අතීතයේ පටන්ම මව්කුස තුළ දී අම්මගේ හඬ බබාට ඇසෙන බව සොයාගෙන ඇති සත්‍යක්. උපතෙන් පසුවත් ඔවුන්ට මවගේ හඬ හඳුනා ගන්නට හැකියාව ලැබෙනවා. ස්ටෑන්ෆ්ර්ඩ් වෛද්‍ය විද්‍යාලයේ අධ්‍යනයකට ස්තූතිවන්ත වන්නට අම්මගේ හඬට අන් අයට වඩා දරුවන් ඉක්මනින් ප්‍රතික්‍රියා දක්වන බව සොයා ගැනුණා. ඒ වගේම මොලයේ මවගේ හඬට ක්‍රියාත්මක වන ප්‍රදේශය ඉතා පුළුල් වන බවත් පැවසෙනවා. එයට සංවේදනා හා සමාජීය සිදුවීම් ද ඇතුලත් වෙනවා.

අපි කිසි විටකත් සිතුවේ නෑ අම්මගේ හඬට මොලයේ මෙතරම් ඉඩක් ඇති කියලා. අපි සම්බන්ධ කරගත් ප්‍රදේශයන්ගෙන් ලැබුණු ප්‍රතිඵල ඉතාම පුදුම සහගතයි. පුවත් නිකුතුවක විනෝද් මෙනොන් නමැති ජේෂ්ඨ කතුවරයා සඳහන් කර තිබුණා. මවගේ හඬ සමග මොලයේ ක්‍රියාකාරිත්වය උද්දීපනය වන දරුවන් අනාගතයේ හොඳින් සන්නිවේදනයේ දක්ෂයන් වන බව පැවසුවා.

ඩැනියෙල් ඒබ්‍රම්ස් නම් කතුවරයා පවසන ආකාරයට අපේ හුඟක් සමාජීය, භාෂා, සංවේදනා හා ඥානය වැඩි දියුණු වන්නේ අම්මගේ හඬින් බවයි.

නමුත් මොලය අම්මගේ හඬ සමග මේ තරම් ක්‍රියාත්මක වෙන හැටි ගැන දන්නා දැනුම ඉතා අල්පයි. අම්මගේ හඬ මොලයේ මෙතරම් ඉක්මනින් ක්‍රියාකාරිත්වයකට දායක වන බව හුඟ දෙනෙක් දන්නේ නැහැ.

අපි දන්නේ අම්මගේ හඬ දරුවන් තුළ මානසික හා සහනයක් ජනිත කරන්න ලැබෙන උද්දීපනයක් කියලා විතරයි. මෙහිදී අපි එහි ජීවවිද්‍යාත්මක සත්‍ය පෙන්වා දෙනවා ඒබ්‍රම්ස් කියනවා.

අම්මගේ හඬ අපි හිතුවට වඩා හුඟක් බලවත්

මව්කුස තුළ දී දරුවන් අවසන් මාස තුන තුළ අම්මගේ හඬට ඉතා හොඳින් ඇහුම්කන් දෙන බව Babycenter පවසනවා. ඒ වගේම පීඩාකාරී අවස්ථාවන් වලදී දරුවන් අම්මගේ හඬින් සැනසෙන බව කියනවා. ඇයගේ හඬ දරුවන් ව්‍යාකූල වෙන හෝර්මෝන මගින් මැඩපවත්වන අතර සාමාජීය සබඳතා ගොඩනගන හෝර්මෝනයක් උද්දීපනය කරනවා.

මොලයේ සබඳතාවයන්ට මවගේ හඬ ඉතා වැදගත් කාර්යක් ඉටුකරන බව කියනවා. මේ නිසයි දරුවන් ලැබෙන්න ඉන්න අම්මලා තම කුසේ ඉන්න දරුවාට කතා කිරීම හා සිංදු කීම ඉතා වැදගත් ලෙස සලකන්නේ. ඔවුන් වැඩෙත්ම මේ හේතුව නිසා ඔවුන්ගේ සන්නිවේදන ශක්තිය වැඩිවෙනවා.

හඬ කියන්නේ සන්නිවේදනයේ ප්‍රබලම මාධ්‍යයක් මෙනන් කියනවා. මවගේ හඬට මොලයේ විවිධ ක්‍රියාකාරිත්වයන් සක්‍රිය වන හැටි හරිම පුදුමාකාරයි.

මවකගේ ආදරය කුස තුළ සිටම ඉගෙන ගන්න පුංචි පැටියා වෙනුවෙන් theAsianparent Sri Lanka අපි මේ තොරතුරු ඉදිරිපත් කළා.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ