දරුවන්ගේ වමනය: ඔබ දත යුතු දේ

නිවසේදී දරුවන්ගේ වමනයට ඔබ ප්‍රතිචාර දැක්විය යුත්තේ කෙසේද? වෛද්‍යවරයෙකු වෙත යොමු විය යුත්තේ කිනම් අවස්ථා වලද? විශේෂ දැනුවත් කිරීමක් සඳහා කියවන්න...

දරුවන්ගේ වමනය යනු කරදරකාරී මෙන්ම අසහනකාරී තත්වයක්. - විශේෂයෙන්ම පැයක් තිස්සේ සටනක යෙදී කවා ගත් අන්තිම කට කෑමෙන් පසු වමනය යාම ඉතාම කනගාටුදායක වන්නට පුළුවන්.

මගේ වැඩිමහල් පුතාට විහිලුවට කිව්වේ ‘වමනයා’ කියල. කෑම එකේ පුංචි හෝ වෙනසක් තිබ්බත් ඉක්මනින්ම වමනය ගියා. මගේ බාල පුතාටත් මෙම ප්‍රශ්නය තිබුනද වැඩිමහල් පුතා තරම් උග්‍ර තත්වයක් තිබුනී නැහැ.

මගේ පුතාගේ වෛද්‍යවරයා පැවසුවේ, සියලු ළදරුවන්ට ඉස්මොල්ලේ යාමෙන් වැළකීම සඳහා සුදුසු යාන්ත්‍රණයක් සිරුරේ ඇති බවයි. සමහර ළමුන්ගේ මෙම යාන්ත්‍රනය අනෙක් දරුවන්ට වඩා ශක්තිමත්. සමහර ළදරුවන්ගේ ප්රතිරෝධය අන්යයන්ට වඩා දිගු වේ. මගේ පුතුටත් තිබුනේ මෙවන් තත්වයක්.

බොහොමයක් ළදරුවන් මගේ පුතා වගේ වමනේ කාරයෝ. මෙය සාමාන්යයෙන් කනස්සල්ලට පත්විය යුතු කාරනාවක් නොවේ. වමනය යාමට විවිධාකාර හේතුන් තිබෙන්නට පුළුවන්. මෙය කණෙහි ආසාදන මෙන්ම පමණට වඩා අහාර ගැනීම ආදිය නිසා වන්නට පුළුවන්.

දරුවන්ගේ වමනය ඇති වීමට හේතු කාරනාව දන සිටීම දෙමාපියන්ට බෙහෙවින් ප්‍රයෝජනවත් දෙයකි. බොහෝ විට දරුවන් එක වරක් වමනය කර නවතිනවා. මෙය උගුරේ රැඳවුනු අහාර කැබැල්ලක් නිසා වන්නට පුළුවන්. නමුත් දිගින් දිගටම වමනය යයි නම්, එය ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාර වලට යොමු වීමට හේතු වේ.  

දරුවන්ගේ වමනය ඇති වීම සඳහා තුඩු දෙන පොදු හේතු කිහිපයක් පහත දැක්වේ.

1. වෛරස් හෝ බැක්ටීරියා ආසාදනය

මේ සමඟ වඩාත් දක්නට ලැබෙන්නේ උදරයේ අසාදනයකි. දරුවාගේ උදරයේ අජීර්ණයක් නම් ඔහුට වමනය යාමට අමතරව බඩේ රුදාව, බඩේ අජීර්ණය, පාචනය වැනි රෝග ලක්ෂණ, වමනය සහ උණ වැනි වකුගඩු රෝගය වැනි රෝග ලක්ෂණ ඇතිවිය හැකිය.

වමනය සාමාන්යයෙන් පැය 12-24 අතර කාලයක් තුළ නතර වේ.

2. අනෙකුත් ආසාදන

සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස වැනි දරුවන්ට නිතර වැළඳෙන වෛරස් අසාදන නිසාද දරුවන්ට වමනය ඇති වන්නට පුළුවන්. කැස්ස ඇති වන අවස්ථා විශේෂයි. මුත්‍රා ආසාදනයක් මෙන්ම නාසයේ හෝ කනේ අසාදන නිසාද වමනය ඇති වීම සාමාන්‍යයි.

3. විෂ ද්‍රව්‍යයක් ඇතුල් වීම

දරුවා විෂ සහිත ආහාරයක් හෝ හෝ ශාක, ඖෂධ හෝ රසායනික ද්‍රව්යයක් වැනි විෂ සහිත ද්‍රව්යයක් ගිල දැමීම නිසාත් වමනය ඇතිවන්නට පුළුවන්. ආහාර විෂවීම නිසාත් අහාර ගැනීමෙන් අනතුරුව (පැය කිහිපයක් ඇතුලත) දරුවාට වමනය ඇති කිරීමට හේතු වනවා.

4. පමණට වඩා කැස්ස හෝ හැඩීම

පමණට වඩා කැස්ස හෝ හැඩීම නිසා දරුවන්ගේ වමනය උත්තේජනය වන්නට පුළුවන්.

දරුවන්ගේ වමනය: නිවසේදී අනුගමනය කළ යුතු දේ

වයස මාස 6 ට අඩු ළදරුවන් සඳහා

- දරුවා විජලනය වේදැයි ප්‍රවේසමෙන් අධීක්ෂණය කරන්න. දරුවා අඩුවෙන් මුත්‍රා කිරීමත් පමණට වඩා පිපාසයෙන් සිටීමත් විජලනයේ මුල් සලකුණු වේ.

- ඔබ මව්කිරි දෙන මවක් නම් දිගටම මව්කිරි දෙන්න. දරුවාට විනාඩි 10කට වරක් එක් පියයුරකින් විනාඩි 1-2 ක කාලයක් මව්කිරි දෙන්න.

- කිසි විටෙකත් මව්කිරි වෙනුවට ජලය පානය කරන්නට දෙන්න එපා.

- දරුවාට පිටිකිරි දෙන්නේ නම් වමනය යාම නතර වන තුරු දරුවාට වරින් වර ජීවනි දෙන්න. එය දීමේදී පැකට්ටුවේ සඳහන් මාත්‍රාවන් අනුව පිළියෙළ කරගන්න. ජීවනී යනු අත්යවශ්ය ඛනිජ වර්ග, සීනි සහ ලුණු මිශ්‍රණයක් වන අතර වමනය යාම නිසා දරුවාගේ සිරුරට අහිමි වන දේ නැවත ලබාදෙනු ඇත.

වයස මාස 7 සිට 12 දක්වා වයසැති ළදරුවන් සඳහා

- ඔබේ දරුවාට තවමත් මව්කිරි දෙනවා නම්, එය දිගටම කරගෙන යන්න. කිසිවිටෙකත් මව්කිරි වතුර වෙනුවට වතුර ආදේශ කරන්න එපා.

- සෑම විනාඩි 10 කට වරක්ම ජීවනී තේ හැන්දක් හෝ දෙකක් පමණක් දෙන්න. ජිවනි සැකසීමේදී පැකට්ටුවෙහි ඇති උපදෙස් අනුගමනය කිරීමෙන් හෝ අනුමත ඖෂධවේදියකු සමඟ පරීක්ෂා කිරීමෙන් නිර්දේශ කරනු ලබන ප්රමාණය සාදන්න.

- මවිකිරි හෝ ජීවනී වෙනුවට වතුර ආදේශ කරන්නට එපා. දරුවාට අවශ්‍ය ඛනිජ ලවන සහ පෝෂණය වතුර වල අඩංගු නොවන හෙයිනි.

- දරුවාට මෘදු ළදරු ආහාරයක් හෝ ළදරු ක්රැකර් වැනි මෘදු ළදරු ආහාර පිරිනැමිය හැකියි.

වයස අවුරුදු 1ට වැඩි දරුවන් සඳහා

- පැයක් ඇතුලතදී විනාඩි 20කට වරක් ජීවනී මි.ලි. 30 බැගින් දරුවාට දෙන්න.

-  දරුවාගේ වමනය අඩු වන්නේ නම් පානයට දෙන තරල ද්‍රව ප්‍රමාණය ක්රමයෙන් වැඩි කරන්න.

- ඉහත කියා ඇති හේතු නිසා සෝඩා, පලතුරු යුෂ හා සරළ වතුර පානයට ගැනීමෙන් වැලකි සිටින්න.

- වමනයකින් තොරව පැය 6 කට පසු ඔබේ දරුවාට සාමාන්‍ය ලෙස ආහාර ලබා දීමට පටන් ගන්න. ආහාර සඳහා ටෝස්ට්, බිස්කට්, සුප්, මෘදු සුප්, අර්තාපල්, බත් සහ පාන් වැනි කෑම වඩාත් යෝග්‍යයි.

- කෙඳි අධික හාර අහාරයට ගැනීමෙන් වැළකිය යුත්තේ ඒවා ජීර්ණය කිරීමට අපහසු විය හැකි බැවිනි.  අයිස් ක්‍රිම් හා කැන්ඩි වැනි සීනි අධික ආහාර වළක්වා ගන්න.

ඔබේ දරුවා වමනය, සීතල, කැස්ස හෝ අධික ආහාර ගැනීමකට සම්බන්ධ නම්, එය ඇත්ත වශයෙන්ම කනස්සල්ලට හේතු නොවන අතර නිවසේදී පහසුවෙන් පාලනය කළ හැකිය. එහෙත් වෛද්යවරයකුගේ මතය ලබාගැනීම සඳහා හොඳම උදාහරණයක් තිබේ.

දරුවන්ගේ වමනය තත්වය අනුව වහාම වෛද්‍යවරයෙකු වෙත යොමු විය යුතු අවස්ථා

ඔබේ දරුවාගේ වමනයට හේතුව සෙම්ප්‍රතිශ්‍යාවක් හෝ, කැස්ස හෝ පමණට වඩා අහාර ගැනීමකට සම්බන්ධ නම් හෝ ඇත්තවශයෙන්ම එය කලබල වන්නට කාරණයක් නොවන අතර එය නිවසේදී පහසුවෙන් පාලනය කළ හැකි වනවා. එහෙත් වෛද්යවරයකුගේ මතය ලබාගැනීම සඳහා හොඳම උදාහරණයක් තිබේ. නමුත් පහත අවස්ථා වලදී ඔබ වමනය වඩාත් අනතුරුදායක තත්ත්වයක පෙරනිමිත්තක් වන්නට පුළුවන්

- දරුවාට හුස්ම ගැනීමේ අපහසුතාව;

- අධික නිදිමත වීම, ව්යාකූලත්වය, (dizziness) සීතල, රළු අත් සහ පාද හෝ ඩීරිරිම් වැනි බරපතල විජලනයේ සලකුනු දක්වයි.

මෙවන් අවස්ථා වලදී වහාම ගිලන් රථ සේවාව හෝ 911 ඇමතිය යුතුය.

හදිසි අනතුරු අංශයට වහාම යා යුතු අවස්ථා

  • අධික උදරයේ වේදනාව.
  • වමනය කලු (තද කොළ පාට) ගැනීම නැතිනම් තද කෝපි පැහැයක් හෝ ලේ පැහැයක් ගැනීම. මෙහි සාම්පලයක් තබාගෙන වෛද්‍යවරයාගේ පරීක්ෂණයට භාජනය කිරීම වඩාත් යෝග්‍යයි.
  • වැටීමකින් හෝ හිස වැදීමකින් පසුව එක් වරකට වඩා වමනය කිරීම.
  • බෙල්ල උළුක්කු වීම (මෙය මෙනින්ජයිටිස් රෝගයේ සලකුණක් විය හැක.

වෛද්‍යවරයෙකු වෙත යොමු විය යුතු අවස්ථා..

  • දරුවන්ගේ වමනය දවස මුළුල්ලේ පැවතීම (පය 24ක් පුරා) මෙය ඇතැම් රෝගී තත්ව යටතේ සාමාන්‍ය විය හැකි අතර වෛද්‍ය උපදෙස් ලබාගැනීම වඩාත් - සුදුසු වේ.
  • දරුවා විජලනය වීම (මුත්‍රා අඩුවෙන් පිට කිරීම, දැඩි පිපාසය, වියළි තොල් සහ මුඛය, හැඩීමේදී කඳුළු පිට නොවීම, මලානික බව සහ මුත්‍රා තද පැහැයක් ගැනීම විජලනයේ ලක්ෂණ වේ)
  • වමනය සමඟ රුධිරය පිට වීම. රුධිරය ස්වල්පයක් තිබීම තැති ගන්නට හේතුවක් නොවන මුත් වෛද්‍ය උපදෙස් පැතීම වඩාත් සුදුසු වේ.
  • යම් පුද්ගලයින් හෝ පරිසර වලට නිරාවරණය වූ විට වමනය දැමීම. නිදසුනක් ලෙස පාසැල් ගිය විට දරුවා වමනය දමන්නේ නම් එය මානසික ආතතියේ ලක්ෂණයක් විය හැකිය.
  • යම් අහාර වර්ග ආහාරයට ගැනීමෙන් අනතුරුව වමනය දැමීම. මෙය අසාත්මිකතාවක් විය හැකි බැවින් වෛද්‍ය උපදෙක් ලබාගැනීම ඉතා යෝග්‍ය වේ.

ඉතින් ඔබේ දරුවාට වමනය ඇති වූ විට ඔබ කරන අත් බෙහෙත් තිබෙනවාද?  අප වෙත ඔබේ අදහස් දැක්වන්න. ඔබේ නිවසේ පිළියම් අප හා බෙදාගන්න.

 

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිලුෆ පෙරේරා

දරුවන්ට ඇති විය හැකි බහුල රෝග තත්ව හා සම්බන්ධ තවත් ලිපියක් වන පුංචි පුංචි ලෙඩ වලට විශ්මිත අත්බෙහෙත් තුළින් ඔබට වටිනා අදහස් කිහිපයක්.