theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ළදරු සංවර්ධනය සහ සන්ධිස්ථාන: පළමු මාසය

7 අවම කියවීම
ළදරු සංවර්ධනය සහ සන්ධිස්ථාන: පළමු මාසයළදරු සංවර්ධනය සහ සන්ධිස්ථාන: පළමු මාසය

ඔබේ මසක් වයසැති බිලිඳාගේ වර්ධනයේ සංධිස්ඨාන නිසි පරිදි සිදු වනවාද? මෙතැනින් දැනගන්න

දරුවන්ගේ වර්ධනය මාස 1: අලුත උපන් දරුවාගේ පළමු වසර මිනිසාගේ සංවර්ධනයෙහි වේගවත්ම කාලයක් වෙනවා.  ඔබට ළදරුවෙකු සිටින විට ඔබ බොහෝ දෙනා 'ඔවුන් ඉක්මණින් වැඩෙනවා' හෝ  'කාලය වේගයෙන් යනවා' යැයි පවසනවා නම් පුදුම විය යුතු නැහැ.

ඔබට කළ හැකි හොඳම දේ වන්නේ ඔබේ දරුවාගේ මාසයෙන් මාසය සිදු වන සංවර්ධනය තුල වින්දනයක් ලැබීමයි. මෙන්න දරුවන්ගේ වර්ධනය මාස 1 ක ළදරුවෙකුගේ සංවර්ධන සටහනක්. 

අලුත් බබා

දරුවන්ගේ වර්ධනය මාස 1: භෞතික සංවර්ධනය

ළමා සංවර්ධනය තුල අනුව දිගු ගමනක් යායුතු වුවත් දරුවා බිහි වන විටම ඔහුට සමහර විශ්මිත හැකියාවන් ඇත.

සංකූලතාවයෙන් තොරව අලුත උපන් බිළින්දාට හුස්ම ගැනීමට, ඇඟිලි තදින් අල්ලා ගැනීමට, වෙනත් කෙනෙකුගෙන් තමාගේම මවගේ සුවඳ මගින් ඇයව දැන ගැනීමට හැකිය.

අදහාගත නොහැකි වුවත් සමහර දරුවෝ ගර්භාෂයේ සිටින විට ඔවුන්ගේ අතේ ඇගිලි උරනවා.

දරුවා මේ සියලු විස්මයජනක කුසලතාවයන්ගෙන් පිරිපුන්ව උපත ලැබුවා වුවද, ඔබේ දරුවාගේ ජීවිතයේ පළමු මාසය තුල ආහාර ගැනීම, නිදාගැනීම, හැඬීම  සහ නිරන්තර නැපි මාරුකිරීමට අවශ්‍ය වීම යන දේවල් පමණක් කරන බව පේනවා.

මේ යුගයේ දී, ළදරුවන් ඔවුන්ගේ මාංශ පේශිවලඉතා සුළු පාලනයක් ඇති අතර  ඒ වෙනුවට ඔවුන් උරා බීමල ඈනුම් හැරීම, කිවිසුම් හැරීම  සහ අඬමින් වැනි ඉබේ සිදුවෙන ක්‍රියා මත රඳා පවතී.

දරුවෙකුගේ පළමු මාසයේ ජීවිතයේ ප්‍රගතිය සලකන විට ඔහු තමාට ශරීරය පාලනය කල හැකි බව සොයා ගනී.

ඔහුගේ දෑත් සොයා ගැනීම සුවිසල් අවස්ථාවක් වෙනවා.  ඔබේ ඇඟිල්ල වැනි දෑ මිරිකීමට හෝ සැනසිල්ලේ හෝ බඩගින්නේ සිටින විට උරාබීම සදහා  ඔබේ දරුවාට තම අත පාවිච්චි කිරීමට හැකි බව ඔහු තේරුම් ගත් විට වඩා උද්යෝගීමත් වෙනවා.

දරුවන්ගේ වර්ධනය මාස 1: සංවේදී වර්ධනය

ඔබ සිතන්නේ වඩා ඉක්මනින් ඇවිදීම, දණගෑම , දිවීම හා නර්තනය පවා සිදුවෙනු ඇත.

නමුත් ඔබේ දරුවා තම ශරීරය සොයා ගන්නා විට මෙන්ම ඔහු වටා ඇති ලෝකය සමග අන්තර් ක්‍රියා කිරීමට පටන් ගැනීමත් සමග මෙම කුසලතාවන් සඳහා මාර්ගයක්  ආරම්භ වෙනවා.

පෙනීම

අලුත උපන් බිළිඳෙකුට ඇස් හැරීම මෙන්ම පෙනීම  උපත ලද වහාම ඇති වේ. ඔහුගේ ඇස්වලට තවමත් මීටර් එකකටත් වඩා ඈතින් තිබෙන දේවල් නොපෙනෙනවා වුවද, ඔබේ පියයුරු  හා මුහුණ අතර සිටින සේ දරුවාව අතට ගත් විට ඔහුට ඔබේ මුහුණ සම්පූර්ණයෙන්ම දැකිය හැකිය.

ඔබේ අලුත උපන් ළදරුවාගේ දෑස් දෙස බැලීම ඔහු සමඟ බැඳීම ඇති කර ගැනීම සදහා වැදගත් වේ. ඔබේ අලුත උපන් දරුවාගේ අංග ලක්ෂණ, කුඩා සිරුර, ඔහුගේ මුහුණ දෙස බලා සිනාහා සීම තුලින් ඔහුව දැන හදුනාගැනීම  අධ්‍යනය කරමින් ඔහු දෙස බලමින් කාලය ගත කරන්න.

ඔබේ දරුවා ඔබේ මුහුණ දෙස බැලීමෙන් ඔබ හදුනා ගන්නා අතර ඒ මගින් ඔබ දෙදෙනාගේ බැදීම ශක්තිමත් වනු ඇත.

ඇසීම

ගර්භනී සමයේ සති 28 ක් පමණ වන විට අලුත උපන් බිළිඳෙකුට ඇසීමේ හැකියාව ඇතිවේ. ඔහුගේ මවගේ කුස තුල හිද ගෙන මවගේ සිරුරේ ශබ්ද මෙන්ම පිටත ලෝකයෙන් ශබ්ද වලටද සවන් දෙනු ලැබේ.

ගැඹුරු පිරිමි හඩට වඩා මෘදු ගැහැණු හඬට අලුත උපන් දරුවා ගැඹුරින් ප්‍රතිචාර දක්වන බව අධ්‍යනයන් සොයා ගෙන තිබෙනවා.

අලුත උපන් බිළිඳුන් ඔවුන්ට කතා කරන හා ගායනා කරන සිය මවගේ කට හඩ මගින් සැනසීම ලබනවා. (ස්තුතිවන්ත වෙනවා) - එම කටහඬ දුකින් හෝ කෝපයට පත්වන විට ඔවුන් කලබල විය හැකිය.

පුදුම හිතෙන හැටියට, බොහෝ පියවරු තම අලුත උපන් බිරිදාට කතා කරන විට ඔවුන්ගේ කටහඬේ තාරතාවය වැඩි කරයි.

සුවඳ දැනීම

දරුවාගේ නාසය සංවේදී ය. අලුත උපන් බිළිඳෙකුට ඔහුගේ මවගේ සහ තවත් පුද්ගලයෙකුගේ සුවඳ අතර වෙනස හඳුනාගත පුළුවන්.

මව්කිරි හෝ කිරි ආදේශක වල වෙනස හදුනා ගත හැකි වන පරිදි  මනාව වර්ධනය වූ රස සංනිවේදනය හා  මෙය බැදී පවති. (ළදරුවන්ට වැඩිහිටියන්ට වඩා රසාංකුර ඇත.).

ස්පර්ශ කිරීම

සෑම කෙනෙකුටම මිනිසා ස්පර්ශය යහපැවැත්ම පිළිබඳ හැඟීම වැඩි දියුණු කිරීම සදහා අවශ්‍ය වේ. ඔබේ දරුවා සමඟ බැඳීමට හොඳම ක්‍රමයක් වනුයේ ළදරු සම්බාහනයයි. වැඩිහිටියෙකු මෙම ඔහුටද ඔබගේ දෑත් ස්පර්ශය සැනසිලිදායක මෙන්ම සුවපහසු වේ.

ඉබේ කරන ක්‍රියාකාරකම්

පැවැත්ම සදහා අත්‍යවශය වන සිතාමතා නොකරන ක්‍රියා බොහොමයක් සමග දරුවන් උපත ලබනවා.

ඔබේ ළදරුවා ඔබේ පියයුරු අසල තබා ගෙන සිටින විට ඔහුට පියයුරු සොයාගත හැකිවන  මුලික ක්‍රියාව ,  දරැවාට පානය කිරිමට උදවි කරන උරාබීම හා ගිලීමේ ක්‍රියාවන්, අධික දියරයක් ගැනීමෙන් වළක්වා ගැන්නා ක්‍රියා මෙයට ඇතුළත් වේ. අලුත උපන් දරුවාට පසුගිය මාස නවය පුරා ඔහුගේ පෙණහලු පිරී ඇති තරල කැස්ස මගින්  පිටකල හැකිය.

දරුවාගේ යටිකුරුව බඩ මත හරවා තැබු විට , ඔහු හුස්ම ගැනීමට පහසුවීම සඳහා ඉබේම ඔහුගේ හිස හරවනු ලබයි. ඔහු හිස පහතට හරවා සිටින්නේ නැත. labyrinthine reflex ලෙස හැඳින්වේ.

පළමු මාසය තුළ ළදරු සංවර්ධනය පිළිබඳ වැඩිදුර දැනගැනීම සඳහා තව දුරටත් කියවන්න. ඊළඟට ඔබේ දරුවාගේ මානසික, හැගීම් හා සමාජීය සංවර්ධනය.

දරුවන්ගේ වර්ධනය මාස 1 : සිතිමේ ක්‍රියාවලිය සංවර්ධනය

මානසික සංවර්ධනය යනු සිතිමේ ක්‍රියාවලීන් නිර්මාණය කිරීම, මතක තබා ගැනීම, ගැටළු විසඳීම සහ තීරණ ගැනීම වේ.

ක්ෂනිකව ක්‍රියාත්මක වන පරිදි මෙම නව ලෝකය හා එහි සිටින ජනයා පිළිබඳ තොරතුරු ළදරුවන් කම්පිත වෙනවා. ඔබේ දරුවා නිතරම ඔබ දෙස බලා සිටිම , ඔබ කියන දෙයට සවන් දීම සහ ඔහුගේ වටපිටාව නිරීක්ෂණය කිරීම කරනු ලබයි.

මෙම කුඩා අවධියේදී, මානසික සංවර්ධනය ඇගයීමට අපහසු වේ. නමුත් ඔබට ඇසීම සහ දැකීම යන වැදගත් සන්ධිස්ථාන වලට අවධානය යොමු කළ හැකිය.

නිදසුනක් වශයෙන්, ඔබේ දරුවා සිය ඇස්වලින් ඔබ ලුහු නොබදි නම් හෝ විශාල ශබ්ද සදහා පුතිචාර දක්වන්නේ නැත්නම්, ඔබේ දරුවාව ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කරන්න.

දරුවන්ගේ වර්ධනය මාස 1 : හැඟීම් සහ සමාජ සංවර්ධනය

අලුත උපන් දරුවා හේතුවක් රහිත අඩන්නේ නැත. නමුත් ඔවුන්ට සපුරාලීමට අවශ්‍ය වන (කුසගින්න, තෙත් වීම, අධික වෙහෙස, අධික උණුසුම් හෝ සීතල යනාදිය) හේතු ඇත. ඔබේ අලුත උපන් බිලිඳුන් නොසලකා හැරීම හෝ දිගු කාලයක් තිස්සේ පීඩනයකින් ඔවුන්ව තැබීම නොකල යුතු වේ.

හැඬීම ඔබේ දරුවා සන්නිවේදනය කරන ක්‍රමය වේ. ඔහුට ඔබේ උපකාර අවශ්‍ය වේ. නොසලකා හැරීම තුලින් දරුවාගේ වර්ධනයට හානි කළ හැකිය. ඔබට ඔබේ දරුවා සංසුන් කිරීමට  අපහසු නම්  උපදෙස් මෙතැනින් සොයා ගන්න.

මෙම වයසේදී ඔබේ දරුවා  තම රැක බලා ගන්නන්ගේ බලපෑමට හසු විය හැකිය. ඔබේ දරුවා ඔබ සන්තෝෂයෙන් සිටින විට උද්යෝගයටත් ඔබ පිඩනයෙන් සිටින විට නොසංසුන්තාවයටත් පත්වේ. ඔබ ඔබේ දරුවාගේ මුහුණ දෙස බැලීමෙන් හා මෘදු කටහඬකින් කතා කිරීම තුලින් ඔබේ දරුවා සතුටට පත්වේ.

ඔබේ හැසිරීම් නිරීක්ෂණය කරමින් හැඟීම් ප්‍රකාශ කිරීම ඉගනීම දැනටමත් පටන් ගෙන ඇති බව මතක තබා ගන්න. ඉතින්, ඔබ සන්සුන්ව සිටීම තුලින් ඔබේ දරුවාව වඩාත් සුරක්ෂිත මෙන්ම සංසුන්  කරයි.

කථනය සහ භාෂාව

ළදරු සංවර්ධනය ගැන සිත්ගන්නා කරුණක් වන්නේ, දරුවා ශ්‍රවණය ප්‍රථමයෙන් වර්ධනය වන විට  කථනය සහ භාෂාව සඳහා පදනම්  වැටේ.

ඔබේ දරුවාගේ ඇසීමේ හැකියාව පරීක්ෂා කර බැලීම වැදගත් වන අතර විශේෂයෙන්ම දිගටම සිදු වනවා නම්, කණ ආශ්‍රිත ගැටළු  හා ආසාදනවලට අවධානය යොමු කිරීම වැදගත් වේ.

පළමු "දරුවාගේ කතාව" වාචික නොවන අතර උපත සිදු වු වහාම එය ආරම්භ වේ. ඔබේ දරුවා ආක්‍රමණශීලී, කෑගැසීම, හැඩීම තුලින් භීතියෙන් , කුසගින්න , කලකිරීමට පත්වීම සහ හැගිමිබර වීම  වැනි විවිධාකාර හැඟීම් සහ ශාරීරික අවශ්‍යතා ප්‍රකාශ කරනවා.

කලකිරීමට පත්විය යුත්තේ කුමන අවස්ථාවේදිද?

දරු ප්‍රසූතියේ ගර්භනී සමයේ මවගේ සෞඛ්‍ය, ගර්භණී සමයේදී ඇති වන ආබාධ,  දරු ප්‍රසූතියේදී දරුවාගේ ගර්භණී වයස (උදාහරණයක් ලෙස, සති 38 දී උපත ලද දරුවා සති 40 දී උපත ලද දරුවාට වඩා සංවර්ධනය අඩු විය හැක) ,උපතේදි ඇතිවෙන සංකුලතා , මුල් අවධිය තුළ රෝගය මෙන්ම ජාන හා පාරිසරික සාධක  වැනි උපතට පෙර හා පසු කාලීන සාධක මත රඳා පවතී.

සෑම දෙමව්පියෙකුගේ පෞද්ගලිකත්වය, අධ්‍යාපනය සහ දරුවා කෙරෙහි දක්වන ආකල්ප වල බලපෑමද අමතක නොකරන්න.

නිරෝගී, ප්‍රේමණීය පරිසරයක වැඩෙන දරුවෙක් අඩු සුවපහසු පරිසරයක සිටින දරුවාට වඩා යහපත්ය.

උපකාර ලබා ගත හැක්කේ කොහෙන්ද?

ඔබේ දරුවා වයසට ගැලපෙන ලෙස ළදරු සංවර්ධන කටයුතු වල සන්ධිස්ථානයට ළඟා වී නැත්නම්, ඔහුගේ ප්‍රගතිය ප්‍රමාද වී ඇති බව ඔබ සැලකිල්ලට භාජනය වේ නම්, ඔබේ දරුවාව සදහා වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබා ගත යුතුය.

ඔබේ දරුවා වර්ධනය මෙන්ම වෙනස් වීම ඉක්මනින් සිදුවන අතර, දරුවාගේ දෙමව්පියන් වෙතින් දැනෙන ශාරීරික හා මානසික ආතතියද ඇති බව මතක තබා ගැනීම වැදගත්ය.

ස්වාභාවිකවම දෙමාපියන් වීම තුල ඇතිවන්න හැර නව මව තුල නිරන්තරයෙන්ම පෙනෙන  හෝ දැනෙන  පීඩනයක් ඇතිවෙනවා. බොහෝ අයට දෙමාපියන් බවට පත්වීම තුල ඇතිවෙන ඔබේ ශරීරයේ වෙනස්කම්, හැගීම් සහ ජීවිතයේ ගමන් මග වෙනස් කිරීම් සඳහා ගලපා ගැනීමට කාලය ගත විය හැකිය.

ඔබ අසතුටුදායක හැඟීම් ඇති වුවහොත් හෝ ඔබේ දරුවා හෝ ඔබේ සහකරුට ගැටළු ඇති විට, ඔබට පශ්චාත් මානසික අවපාතයෙන් පීඩා විඳිය හැකිය.

මෙහිදි ඔබ නිතරම ඔබේ වෛද්‍යවරයා වෙත ගොස් උපදෙස් ලබා ගත යුතුය.

අවසාන ලෙස මතක තබා ගන්න, සෑම දරුවෙකුගේම ළදරු සංවර්ධනය අනෙක් දරුවන් ගෙන් වෙනස් වේ. සෑම ළදරුවෙක්ම අද්විතීය වන අතර, සාමාන්යයෙන් වඩා වැඩි වේගයකින් හෝ පහත් වර්ධන වේගයක් ළඟා කර ගැනීම මත දරුවාගේ අනාගත සංවර්ධනය ගැන සහතිකයක් විය නොහැක.

මෙම සංධිස්ථාන වලට අන්තිමට ළඟා වෙන ළදරුවෙක් වුවත්  වෛද්‍යවරයෙකු හෝ විද්යාඥයෙකු විය හැකය.

මෙම පළමු මාසයේ  ළදරු සංවර්ධන අත්පොත පිළිබඳව ඔබට ප්‍රශ්න තිබේද? අදහස් සමඟ අප සමග බෙදා ගන්න.

මාසයෙන් මාසය පුංචි පැටියාගේ වර්ධනය ඔබ වෙත ගෙන එන්නේ The Asianparent Sri  Lanka විසිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

ඔබේ දරුවා ඊලග මාසය : දෙවැනි මාසය

 

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
  • /
  • ළදරු සංවර්ධනය සහ සන්ධිස්ථාන: පළමු මාසය
බෙදාගන්න :
  • ළදරු සංවර්ධනය: නමවෙනි මාසය

    ළදරු සංවර්ධනය: නමවෙනි මාසය

  • දරුවාගේ වයස මාස දාහතර: ළදරු සංවර්ධනය ගැන ඔබ දත යුතු දේ

    දරුවාගේ වයස මාස දාහතර: ළදරු සංවර්ධනය ගැන ඔබ දත යුතු දේ

  • ළදරු සංවර්ධනය: නමවෙනි මාසය

    ළදරු සංවර්ධනය: නමවෙනි මාසය

  • දරුවාගේ වයස මාස දාහතර: ළදරු සංවර්ධනය ගැන ඔබ දත යුතු දේ

    දරුවාගේ වයස මාස දාහතර: ළදරු සංවර්ධනය ගැන ඔබ දත යුතු දේ

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it