theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

දරුවාගේ වයස මාස දහය: ළදරු සංවර්ධනය ගැන ඔබ දත යුතු දේ

5 අවම කියවීම
දරුවාගේ වයස මාස දහය: ළදරු සංවර්ධනය ගැන ඔබ දත යුතු දේදරුවාගේ වයස මාස දහය: ළදරු සංවර්ධනය ගැන ඔබ දත යුතු දේ

ඔබේ කිරිසිහින මල්පල ගන්වා දායාද වුනු පුංචි සිඟිත්තාගේ වර්ධනය පිළිබඳව පියවරෙන් පියවර කියවන අගනා ලිපි පෙළක්. මේ පැටියාගේ දහවන මාසයයි.

දරුවන්ගේ වර්ධනය මාස 10: ඔබේ ළදරුවා ඔහුගේ 10 වන මාසයේදී ස්වාධීන වීමට පටන් ගන්නවා. ඔබට පුදුමයි නේද?

දැන් ඔබේ පුංචි පැටියා මුමුණමින්, කතා කරමින්, අකුරු අමුණමින් ඔහු අවට සිටින සියල්ලන් සමඟ අදහස් බෙදාගන්න උත්සාහ කරනවා.

මෙම වයසේදී, ඔබේ ළදරුවාගේ පෞරුෂත්වය ගැන ඔබ හිතන්න පටන් ගන්නවා. ඇය ටිකක් ලැජ්ජාශීලී වේවිද? නැත්නම් ඇය අවදානමට මුහුණ දීමට සුදානම්ද? 

ඔවුන් තමන් කැමති කැමති පොත්, සංගීතය හා චිත්‍රපට තෝරා ගැනීමට ද පටන් ගන්නවා.

දරුවන්ගේ වර්ධනය මාස 10: ශාරීරික සංවර්ධනය

දැන් ඔහුගේ කුතුහලය අතිමහත්, ඒ නිසා ඔහු තමන් අවට පරිසරය දැන හැදින ගැනීමට පටන් ගන්නවා.

මේ වයසේදී ඔහුගේ චලන හැකියාව වර්ධනය වෙන්න ගන්නවා. ඔහුට මේ වනවිට දණ ගා යනවා පමණක් නොවෙයි ඉදගෙන සිට තනිවම නැගිට සිටින්න පුළුවන්. ඔහුට තනිවම වාඩි වෙන්නත් අල්ල ගෙන නැගිටින්නත් පුළුවන්.

තවද, ඔහු පහසුවෙන් යමක් එක් අතක සිට අනෙක් අතට මාරු කිරීමට ඉගෙන ගන්නවා.

මේ මාසය අවසානයේ සිට මාස කිහිපයක් ඇතුලත ඔබේ පුංචි පැටියා පළමු පියවර තියන්න පුළුවන්.

මාස 10 ක් වයසැති ළදරුවන්ට ග්‍රහණය කරන්න පුළුවන් නිසා ඔවුන් පුංචි පුංචි දේවල් අහුල ගන්න කැමතියි. ඒ දේවල් හිර කරගන්න පුළුවන්. ඒනිසා ඔබ සැලකිලිමත් වන්න.

වැදගත් කරුණු 

  • ඔබේ නිවසේ ළදරු ආරක්ෂාව තහවුරු කිරීම වැදගත් වෙනවා.
  • ළදරුවාගේ චලන කුසලතා සංවර්ධනය කරන්න පුළුවන් කෙසේද? සංගීතයක් ලබා දී ඔහුට එහි තාලයට පැද්දෙන්න දිරිගන්වන්න. මෙය ඔහුට හොද ශ්‍රවණ සංවර්ධනයක්ද ලබා දෙනවා.
දරුවන්ගේ වර්ධනය මාස 10

ඔබේ මාස දහයේ පැටියා මේ දිනවල පාන දස්කම් මොනවාද?

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා 

  • ඔබේ දරුවාගේ සෑම සංවර්ධන අදියරක්ම හොදින් නිරීක්ෂණය කරන්න. එවිට ඔහුගේ දුර්වලතා හදුනාගන්න පුළුවන්.
  • ඔබේ දරුවාගේ කකුල් වලට බර දරා ගන්න පුළුවන්ද? ආධාරයක් සහිතව වාඩි වීමට පුළුවන්ද? නැතිනම් එක් අතකින් තවත් අතකට වස්තූන් සුමටව මාරුකරන්න පුළුවන්ද යන්න නිරීක්ෂණය කරන්න. ඒ ක්‍රියාකාරිත්වයන් නොමැති නම් වහාම ඔබේ දරුවාගේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා හමුවන්න.

දරුවන්ගේ වර්ධනය මාස 10: මානසික සංවර්ධනය

ඔබේ මාස 10 ක් වයසැති ළදරුවා දැන් කුතුහලයෙන් පිරිපුන්, ඒ වාගේම සුපරික්ෂාකාරීයි. ඒ නිසා ඔහුට පරිසරය දැන හදුනාගන්න ඉඩදී ඔහුගේ කුතුහලය දියුණු කරන්න. මේ සදහා එළිමහනට එක්ක ගෙනයන්න. නැතිනම් ගෙදර තියෙන දේවල් එක්ක සෙල්ලම් කරන්න ඉඩ දෙන්න. මේ ලෙස ඔහුගේ බුද්ධිමය සංවර්ධනය දිරිගන්වන්න පුළුවන්.

ඔහුට තමන් ගෙන් සැඟවී ඇති දේවල් සොයා බලන්න හිතෙනවා. ඒ නිසා ඔහු හැංගිමුත්තන් කරන්න කැමතියි. ඒ වගේම ඔහු දේවල් වැටෙනවා බලන්න ගොඩාක් කැමතියි.

වැදගත් කරුණු 

  • මෙම වයසේදී ළදරුවන් වස්තු වල ස්ථීරභාවය පිළිබඳ සංකල්පය ඉගෙන ගන්නවා. (දෙයක් නොපෙනෙන විටපවා පවතින බව දැන ගැනීම). සෙල්ලම් බඩු හෝ පොත් සඟවා ඔබේ දරුවාට ඒවා සොයා ගන්න ඉඩ ලබාදීමෙන් මේ හැකියාව වැඩිදියුණු කරන්න.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා 

ඔබේ දරුවාට සාමාන්‍යයෙන් හුරුපුරුදු පුද්ගලයින් හඳුනා ගැනීමට නොහැකිද? ඔබ යම් දෙයක් ඇගිල්ල දිගු කොට පෙන්නු විට එය ඔහුගේ දෑස් අනුගමනය කරන්නේ නැතිද්? එසේනම් මෙය සැබවින්ම ඔහුගේ සංවර්ධන ප්‍රමාදයක් වෙන්න පුළුවන්. ඒ නිසා ඔබේ දරුවාගේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා හමුවන්න.

දරුවන්ගේ වර්ධනය මාස 10: සමාජීය හා හැගීම් වර්ධනය

මාස 10 ක් වයසැති ඔබේ ළදරුවා දැන් පුංචි කොපිකරන්නෙක්. ඔබේ මුහුණ භාවිතා කර විනෝදජනක මුහුණු සාදන්න.

එය වචනයෙන් වර්ණනා කරන්න. මෙය ඔබේ දරුවාගේ සංවේදීතාවන් උත්තේජනය කිරීමට හොඳ ක්‍රමයක් වෙනවා.

මෙම වයසේදී, ඔබේ දරුවා ආගන්තුකයන්ගෙන් පරිස්සම් වීමට පටන්ගන්නවා. ඒ වගේම සමහර “ප්‍රියතම” පුද්ගලයින්ට ආකර්ෂණය වෙනවා.

සමහර අවස්ථාවලදී ඔහු අමුතු හැසිරීමක් පෙන්නුම් කරනවා. ඔහුගේ පරිසරයේ සිදුවන පීඩනය ඇති කරන වෙනස්කම් වලට මුහුණ දීම සඳහා ඔහු හිසට ගසාගැනීම, පෙරළීම, දත් කුරූ කෑම හෝ හිසකෙස් ඇදගැනීම වැනි දේවල් කරන්න පුළුවන්.

වැදගත් කරුණු 

  • වැඩි අවධානයෙන් සිටින්න. ඔහු මේ වයසේදී මීට පෙර කවදාවත් නොතිබූ බිය ඇති කර ගැනීමට පටන් ගන්නවා. ඔහු ගොරවන කොට, විශාල ශබ්ද ඇහෙන කොට බයයි.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා

මාස 10 දී, ළදරුවන් වචන සහ ක්‍රියාවන්ට ප්‍රතිචාර දැක්විය යුතුය. ඒ වගේම වචන කතා කිරීම සහ පහසුවෙන් ඇස යොමු කිරීම කල යුතුය.

ඔබේ දරුවා උද්වේගයෙන් තොර නම් උත්තේජක වලට ප්‍රතිචාර නොදක්වයි නම් ඔබේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා හමුවෙන්න.

දරුවන්ගේ වර්ධනය මාස 10: කථනය හා භාෂාව සංවර්ධනය

ඔබේ දරුවාගේ වේගයෙන් වර්ධනය වන මොළය ඔහුට තවත් වචන එකතු කර ගන්නවා. නිතර ඇහෙන අම්මා, තාත්තා, බල්ලා සහ පුසා වැනි වචන ඔහුගේ වචන එකතුවේ ප්‍රධාන තැනක් ගන්නවා.

වැදගත් කරුණු 

  • ඔහු සමග කටයුතු කිරීමෙන්, ඔහු සමඟ කතා කිරීමෙන්, ඔහුට කියවීමෙන් සහ ඔහු සමඟ ගායනා කිරීමෙන් ඔබේ දරුවාගේ සන්නිවේදන කුසලතා වැඩි දියුණු කරන්න.
  • බොහෝ ළදරුවන් තාලයකට කියවීමෙන් වචන වඩාත් සාර්ථක ලෙස ග්‍රහණය කර ගන්නවා.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා 

ඔබේ දරුවා ටිකක් නිශ්ශබ්දව සිටින්නේ නම් කලබල නොවන්න. මේ වයසේදී ඔහුට වෙනස් හැගීම් දැනීම නිසා නිහඩ වීම ස්වාභාවිකයි.

ඒත් “අම්මා”, “බබා” හෝ “තාත්තා” වැනි සරල වචන ඔහුට කීමට නොහැකි නම් ඔබ ටිකක් සැලකිලිමත් වන්න.

දරුවන්ගේ වර්ධනය මාස 10: සෞඛ්‍ය හා පෝෂණය සංවර්ධනය

  • මේ වන විට, ඔබේ කුඩා දරුවාගේ “කිරි දත්” වැඩි ප්‍රමාණයක් මෝදු වෙලා. ඒනිසා ඔහු කැඳ තලප වගේ රසවත් ආහාර කෑමට පටන් ගන්නවා. කැබලි කල ඝන ආහාර ද සුදුසුයි. නව ආහාර රස විඳීමට පමණක් නොව, ඔබේ දරුවාට ආහාර අහුලා කන්න දීමෙන් ඔහුගේ ග්‍රහණය සහ සම්බන්ධීකරණය වර්ධනය කිරීමට එය මහගු පිටුවහලක් වෙනවා.
  • කිරි වැරීම කරන්නේ කවදාද යන්න තීරණය කිරීම අම්මලා (සහ ළදරුවන්) සතු වෙනවා. මෙම වයසේදී, පලතුරු, එළවළු, ධාන්‍ය වර්ග සහ මස් වර්ග පිළිබඳව ඔබේ දරුවාගේ රුචිය වැඩි දියුණු කිරීම සුදුසුයි.

වැදගත් කරුණු

  • මිදි, සුකිරි, මුද්දරම්පලම් සහ හොට් ඩොග් වැනි හිරවිය හැකි ආහාර ලබා දෙන්නේ නම් සැලකිලිමත් වන්න.
  • පහසුවෙන් අල්ලා ගත හැකි හැන්දක් ඔබේ කුඩා දරුවාට ලබා දී ඔහුට තනිව ආහාර ගන්න ඉඩ දෙන්න.
  • පීඩනයෙන් තොරව පිරිසිදු කිරීම සඳහා මේසය මත හෝ ඔහුගේ පුටුවට යටින් පැදුරක් තබන්න. ඔහු එය හැඩි කරාවි. නමුත් ඔබේ දරුවාට වඩාත් ස්වාධීන වීමට ඉඩ සලසා දීම මවක් ලෙස මේ අවදියේ වැදගත් වෙනවා.
  • මාස 10 ක් වයසැති ළදරුවාගේ සාමාන්‍ය උස සෙන්ටි මීටර 69.7 සිට 74.2 දක්වා වන අතර බර කිලෝග්‍රෑම් 8 සිට 9.9 දක්වා වෙනවා.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා 

  • ඔබේ දරුවාගේ උස හා බර සාමාන්‍ය අගයට වඩා අඩු නම්, ඔබේ දරුවාගේ වර්ධනය හැකි උපරිම ආකාරයෙන් වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් උපදෙස් ලබා ගැනීමට ඔබේ දරුවාගේ වෛද්‍යවරයා හමුවන්න.
  • මෙම ලිපිය ඔබට ප්‍රයෝජනවත් වේවි නේද? මාස 10 දී ඔබේ දරුවාට කුමක් කරන්න පුළුවන්ද?

මීලඟ ලිපියෙන් ළදරු සංවර්ධනය 11 වන මාසය.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණි

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • වර්ධනය
  • /
  • දරුවාගේ වයස මාස දහය: ළදරු සංවර්ධනය ගැන ඔබ දත යුතු දේ
බෙදාගන්න :
  • දරුවාගේ වයස මාස එකොළහ - ළදරු සංවර්ධනය ගැන ඔබ දත යුතු දේ

    දරුවාගේ වයස මාස එකොළහ - ළදරු සංවර්ධනය ගැන ඔබ දත යුතු දේ

  • දරුවාගේ වයස මාස දොළහ: ළදරු සංවර්ධනය ගැන ඔබ දත යුතු දේ

    දරුවාගේ වයස මාස දොළහ: ළදරු සංවර්ධනය ගැන ඔබ දත යුතු දේ

  • දරුවාගේ වයස මාස එකොළහ - ළදරු සංවර්ධනය ගැන ඔබ දත යුතු දේ

    දරුවාගේ වයස මාස එකොළහ - ළදරු සංවර්ධනය ගැන ඔබ දත යුතු දේ

  • දරුවාගේ වයස මාස දොළහ: ළදරු සංවර්ධනය ගැන ඔබ දත යුතු දේ

    දරුවාගේ වයස මාස දොළහ: ළදරු සංවර්ධනය ගැන ඔබ දත යුතු දේ

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it