දරුවාගේ වයස මාස එකොළහ - ළදරු සංවර්ධනය ගැන ඔබ දත යුතු දේ

දරුවාගේ වයස මාස එකොළහ - ළදරු සංවර්ධනය ගැන ඔබ දත යුතු දේ

ඔබේ කිරිසිහින මල්පල ගන්වා දායාද වුනු පුංචි සිඟිත්තාගේ වර්ධනය පිළිබඳව පියවරෙන් පියවර කියවන අගනා ලිපි පෙළක්. මේ පැටියාගේ එකොළොස්වන මාසයයි.

දරුවන්ගේ වර්ධනය මාස 11: මාස 11 දී, ඔබේ දරුවා අවදානයට මුහුණ දෙන්න වඩාත් සුදානම්. ඒ නිසා ඔහු වැඩි වැඩියෙන් අවට පරිසරය ගැන සොයන්න ගන්නවා. ඔබේ දරුවාගේ සංවර්ධනය ගැන වැඩි විස්තර දැනගැනීමට කියවන්න.

දරුවන්ගේ වර්ධනය මාස 11

දරුවන්ගේ වර්ධනය මාස 11: ඔබේ ළදරුවා නිසි ලෙස වර්ධනය වෙනවාද?

ඔබේ දරුවා දැන් මාස 11 ක් වයසැති සුරතලෙක්, ඔහුගේ පළමු උපන්දිනය ගැන ඔබ බෙහෙවින් නොසංසුන් වෙලා ඇති.  ඔහුගේ පළමු වසර සන්ධිස්ථානයක් වුවත් 11 වන මාසය නොසලකා හරින්න එපා.

ඔබේ මාස 11 ක් වයසැති දරුවාගේ වර්ධනය ගැන ඔබ දැනගත යුතු වැදගත් කරුණු කිහිපයක් මෙන්න.

දරුවන්ගේ වර්ධනය මාස 11: ශාරීරික සංවර්ධනය

දරුවන්ගේ වර්ධනය මාස 11

මේ වන විට, ඔබේ දරුවා නිවස පුරා ගමන් කරමින් සිටිනවා නේද? ඒ වගේම ඔහු ඔබ හෝ ගෘහ භාණ්ඩයක් අල්ල ගෙන නැගිට සිට ඔහු වටා ඇති ලෝකය දැන හදුන ගන්නවා.

මේ කාලයේ ඔබේ කුඩා ළදරුවා ගැන සැබවින්ම විමසිල්ලෙන් සිටිය යුතුයි. දකින සෑම දෙයක්ම පරීක්ෂා කිරීමට ඔහු උත්සාහ කරනවා.

ඔහු තම තොටිල්ල මතට නගින්න පවා පුළුවන්.

ඔබේ දරුවා වඩාත් ස්වාධීන වේවි. ඒ නිසා ඔහුට තනිවම දේවල් සොයා බලන්න ඉඩ දෙන්න.

නමුත් ඔහුට නිසි සීමාවන්, සීමා රහිත ස්ථාන ගැන කියා දෙන්න.

වැදගත් කරුණු -

  • ඔබේ නිවස සුරක්ෂිතව තබා ගැනීම වැදගත් වෙනවා. ඔබේ මාස 11 ක් වයසැති ළදරුවා ලාච්චු, දොරවල් සහ කැබිනට් ආදිය විවෘත කරන්න පුළුවන්.
  • ඔහුට දකින ඕන දෙයක් අලුත් හා ආස හිතෙන දේවල් වෙනවා. ඒ නිසා අනතුරුදායක රසායනික ද්‍රව්‍ය මෙන්ම තියුණු හෝ අනතුරුදායක වස්තුන් ඔහු ගෙන් ඈත් කර තබන්න.
  • විදුලි සොකට් ආවරණය කරන්න.
  • මෙම අවදියේදී ඔබේ ළදරුවා ස්වාධීනත්වය වර්ධනය කරගන්නවා. ඒ නිසා ඔහු වටා ඇති පරිසරයේ ඇවිද එය දැන හැදින ගැනීමට අවස්ථාව ලබා දී ස්වාධීනත්වයට හුරුකරන්න. ආරක්ෂාව සදහා ඔබ සැමවිටම අධීක්ෂණය කළ යුතුය.
  • ඔහු ඇවිදීමට පටන් ගන්නා නිසා ඔබේ ළදරුවාට සපත්තු ලබා පැළද වීමට ඔබ පෙළඹෙන්න පුළුවන්.

ඔහුට තනිවම ඇවිදීමට පුරුදු වීමට හැකි වීම සදහා ඔහු පාවහන් රහිතව ඇවිදීම වඩාත් සුදුසුයි. සපත්තු හෝ සෙරෙප්පු ඔබේ දරුවාගේ සමබරතාවයට ගැටළු ඇතිකරන්න පුළුවන්.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

ඔබගේ ළමා වියට පා තැබීමට සුදානමින් ඉන්න ළදරුවාට තවමත් සහයක් සහිතව හෝ නැගිට සිටිමේ ගැටළු ඇත්නම් ඔබේ දරුවාගේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා හමුවෙන්න.

ඒ මගින් ළදරුවාට සංවර්ධනයේ ප්‍රමාදයක අවදානමක් නොමැති බවට සහතික කරගන්න.

බබා

දරුවන්ගේ වර්ධනය මාස 11: මානසික සංවර්ධනය

මාස 11 දී, ඔබේ ළදරුවා තම වටපිටාව තුළ සිදුවෙන දේ පිළිබඳව දැනුවත් වීමට පටන් ගන්නවා. ඔහු අවට සිටින අය කරන දේවල් නිරීක්ෂණය කරනවා.

සමහර විට ඔහු ඒ දේවල් අනුකරණය කරන්න උත්සාහ කරනවා.

ඔබේ ළදරුවා වර්ණවත් කතන්දර පොත් වලට ආසයි. වරින් වර ඒවා අතට ගෙන පිටු එකින් එක පෙරළෙමින් ඔහු සතුටු වෙනවා.

මෙම අවදියේදී, ඔබේ කුඩා දරුවාට “එපා” යන්න වැටහෙනවා. නමුත් ඔහු එය කොහෙත්ම අනුගමනය කරන්නේ නැහැ.

වැදගත් කරුණු -

  • ඔබේ දරුවාට කියවන විට, ඔහු ලවා වචන කියවීමෙන් හෝ යම් යම් වස්තූන් සහ චරිත පෙන්වා නම් කිරීමට ඔහුට ඉඩ දීමෙන් ඔහුව කියවීමට සදහා සම්බන්ධ කරගන්න.
  • මෙම අවදියේදී ඔබේ දරුවා නව දේවල් වලට නිරාවරණය කර ඔහුගේ සංවර්ධනය වැඩි කිරීමට උදව් කරන්න.
  • ඔහුට විවිධ මතුපිට වල්, වස්තූන් ස්පර්ශ අල්ලා බැලීමට ඉඩ දෙන්න පුළුවන්. ඔහුට එක් එක් දේවල් වල හැඩයන් උගන්වන්න. ඒ මගින් ඔහුට සංකල්ප තේරුම් ගන්න හැකිවෙනවා.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

  • ඔබේ දරුවා උද්වේග‍යෙන් තොර හා මිත්‍රශීලී නොවන බව පෙනේ නම්, අවධානය යොමු කළ යුතු සංවර්ධන ප්‍රමාදයක් තිබේදැයි සොයා බැලීමට ඔබේ වෛද්‍යවරයා හමුවෙන්න.
  • ඔහු අන් අයට ප්‍රතිචාර දක්වන ආකාරය සටහන් කරන්න. ඔහු නිරීක්‍ෂණය නොකරන බව පෙනේද?
  • ඔහු අන් ශබ්ද වලට ඇහුම්කන් නොදේද? එසේනම් ඔබේ දරුවාගේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා හමු වී ඒ සදහා කලහැකි පරීක්ෂණ දැනුවත් වන්න.

දරුවන්ගේ වර්ධනය මාස 11: සමාජීය හා හැගීම් සංවර්ධනය

මෙම වයසේදී, ඔබේ පුංචි පැටියාට පෞරුෂයක් ඇති වීමට පටන් ගන්නවා. ඔහු කැමති දේ හා අකමැති දේ ඔහු දැන් දන්නවා.

ඒ වගේම ඔහු මීට පෙර අත්විඳ නැති හැඟීම් රාශියක් ඔහුට අත්විඳින්න පුළුවන්.

ඔහු ඔහුගේ වයසේ අනෙක් ළමයින් සමඟ සෙල්ලම් කිරීමට පටන් ගන්නවා. නමුත් සමහර දරුවන් තවමත් තනියම සෙල්ලම් කිරීමට කැමැත්තක් දක්වනවා.

ඔබ ඔහුගේ ප්‍රියතම සෙල්ලම් බඩුවක් ඉවත් කලහොත් හෝ ඔහු ඔබ දෙන ආහාරය වලට අකමැති නම් උද්වේගකාරීව හැසිරෙන්න පටන් ගන්නවා.

ඔහු හඩා ජයගන්න උත්සහ කරනවා. ඒ නිසා මෙම අවදියේදී ඔබේ කුඩා ළදරුවා හැසිරවිය යුතු ආකාරය දැන ගැනීම වැදගත් වෙනවා.

වැදගත් කරුණු -

  • ඔබේ ළදරුවාට විවිධ සමාජ කුසලතා ඉගැන්වීම ආරම්භ සුදුසු කාලය මෙයයි. ඔහුට අනුගමනය කිරීමට සරල නීති කිහිපයක් සකස් කරන්න.
  • ඔබේ දරුවාට සමාජගත් වීමට බල කරන්න එපා. එය ස්වභාවිකව සිදුවීමට ඉඩ දෙන්න. පසෙකින් සිට ක්‍රීඩා කිරීම මේ වයසේ පුංචි ළදරුවන්ට සුවපහසුව සලසනවා.
  • මෙම වයසේදී ඔබේ ළදරුවා උද්වේගකාරීව හැසිරෙන්න පුළුවන්. එබැවින් එපා යැයි පවසන විට ස්ථිරව සිටින්න. දෙමව්පියන් වශයෙන් ඔබ ඔවුන් මෙහයවන බලය ශක්තිමත් කරගන්න.
  • විශේෂයෙන් ඔවුන් උණුසුම් කෝප්පයක් හෝ කැඩී බිඳී යා හැකි හානියක් විය හැකි දේවල් ස්පර්ශ කරන විට එපා යැයි තදින් කියන්න.
  • ඔබේ දරුවා හිංසාකාරී ලෙස හික්මවන්න අවශ්‍යනැහැ. ඒ සදහා තදින් එපා යන්න පැවසීම ප්‍රමාණවත්.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

ඔබේ දරුවාගේ උද්වේගකාරී හැසිරීම අධික නම් හෝ එය කරදරකාරී බවට පත් වේ නම් ඔබේ වෛද්‍යවරයා හමුවන්න. මෙය යටින් පවතින ගැටලුවක සලකුණක් වෙන්න පුළුවන්.

දරුවන්ගේ වර්ධනය මාස 11: කථනය හා භාෂාව සංවර්ධනය

මේ අවදියේදී ඔබේ ළදරුවා ඉගෙන ගන්නා “ලොකුම වචනය” ඔබ දැනටමත් දන්නවා. එම වචනය "එපා"; යන්නයි. ඔබට එය නිතර ඇසීමට පටන් ගන්නවා.

විශේෂයෙන් මේ අවදියේදී ඔබේ මාස 11 ක් වයසැති ළදරුවා ආහාර තෝරා ආහාරයට ගන්නවා.

නිදා ගන්නා වෙලාවේදී ඔහුට තවදුරටත් සෙල්ලම් කිරීමට අවශ්‍ය නම් ඔහු උද්වේගකාරීව හැසිරෙන්න පුළුවන්.

ඔබේ ළදරුවාට ඉතා සරල වචන කිහිපයක් පැවසීමට පුළුවන් වේවි.

ඒ නිසා ඔහුගේ මොලයට තවත් වචන ඉගෙන ගැනීමට ඔහුට කියවීම ආරම්භ කිරීම සුදුසුයි.

වස්තූන් සඳහා භාවිතා වන විවිධ වචන හා ඒවා භාවිතා කරන්නේ කෙසේද කියා ඔහුට ඉගැන්වීම ආරම්භ කරන්න.

මෙම අවදියේදී ඔබේ ළදරුවාගේ මතකයද වැඩිදියුණු වෙනවා. තව මාස කිහිපයක් යන විට ඔහු තවත් බොහෝ වචන තේරුම් ගනිවි.

වැදගත් කරුණු -

  • ඔබේ දරුවා සමඟ කතා බහ කර අදහස් හුවමාරු කර ගැනීම සදහා ඔහුව දිරිමත් කරන්න. තේරුම්ගත නොහැකි ලෙස වුවද කතා කිරීම භාෂා සංවර්ධනයේ අත්‍යවශ්‍ය අංගයක් වෙනවා.
  • සමහර වචන නැවත නැවත උච්චාරණ කිරීමෙන් හෝ හුරුපුරුදු පුද්ගලයින් සහ වස්තූන් පෙන්වා නම් කිරීමෙන් ඔහුගේ මතකය වැඩිදියුණු කරන්න.

අලුත් වචන උගන්වන්න. එම වචන නිතර භාවිතා කිරීමෙන් ඒවා වැඩි දියුණු කරන්න.

  • හැංගිමුත්තන් වැනි සෙල්ලම් කිරීමෙන් හෝ සිංදු කියන අතරතුර ඔබේ අත ගුලි කරමින් දිග හරිමින් ඔබේ දරුවාගේ අවධානය ඉහල නංවන්න. මේ මගින් අවධානය වැඩි දියුණු වෙනවා පමණක් නොව, ඔහු විනෝදයටද පත්වේවි.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

  • ඔබේ දරුවා කතා කරනවා අඩු නම් අදහස් හුවමාරු කිරීමට ඔහුව දිරිමත් කරන්නේ කෙසේදැයි දැන ගැනීමට ඔහුගේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා හමුවන්න.
  • ඔහුගේ අවධානය යොමු වීම අඩු නම් හෝ අක්ෂි සම්බන්ධතා ඇති කර ගැනීම අඩු නම් සැබවින්ම අවධානය යොමු කළ යුතුයි. 
  • සංවර්ධන ප්‍රමාදයක් පෙන්නුම් කරන්නේ දැයි දැන ගැනීමට වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබා ගන්න.

දරුවන්ගේ වර්ධනය මාස 11: සෞඛ්‍ය හා පෝෂණය සංවර්ධනය

ඔබේ දරුවාට දැන් තනිව හෝ පුංචි උපකාරයක් එක්ක පානය කරන්න පුළුවන්. ආහාර ගැනිමේදී ඔහු කෑමට කැමති දේ තෝරා ගැනීමට පටන් ගන්නවා.

ඒ නිසා ඉවසිලිවන්තව වන්න. ඔබේ දරුවාට විවිධ වර්ගයේ ආහාර ලබා දෙන්න.

ඔබේ දරුවාට නිසි පෝෂණය ලබා දීම ඉතා වැදගත් වෙනවා.

ඒ නිසා ඔහුට සෞඛ්‍ය සම්පන්න පලතුරු, එළවළු,ධාන්‍ය වර්ග, කිරි නිෂ්පාදන සහ මාළු, හරක් මස් සහ කුකුළු මස් වැනි ප්‍රෝටීන් බහුල ආහාර ලබා දීමට වග බලා ගන්න.

මාස 11 දී ඔබේ දරුවාගේ බර කිලෝග්‍රෑම් 8.2 ත් 10.2 ත් අතර විය යුතුය. ඔහුගේ හෝ ඇයගේ සාමාන්‍ය උස සෙන්ටි මීටර 68 ත් 75.6 ත් පමණ විය යුතුය.

වැදගත් කරුණු -

  • ඔබේ ළදරුවාට කෑම අතින් කන්න ඉඩ දෙන්න. හැදකින් ආහාර ගන්නා ආකාරය හඳුන්වා දීමද ඔබට ආරම්භ කරන්න පුළුවන්.
  • කුඩා අවධියේදී ඔහු තුල පැණිරස කෑම වලට වැඩි කැමැත්තක් ඇතිවන නිසා අධික ලෙස රසකැවිලි ලබා දෙන්න එපා.
  • හැකි නම් මෙම වයසේදී තවදුරටත් මව්කිරි දීම ඉතා සුදුසුයි.
  • ඔබේ ළදරුවා කෑම තෝරනවා නම් අලුත් ආහාර හඳුන්වා දීමේදී ඉවසිලිවන්ත වන්න.   
  • යම් රසයකට හුරුවීමට එම ආහාරය කිහිප වරක් ලබා දීම අවශ්‍ය වෙනවා.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

  • ඔබේ දරුවාගේ ආහාර රුචිය අඩු නම් හෝ ඔහුගේ බර වයසට වඩා අඩු නම්, සෞඛ්‍ය සම්පන්න බරක් ලබා ගැනීමට උපදෙස් ලබා ගැනීම සදහා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් හමුවෙන්න.
  • ඔබේ ළදරුවාට අධික උණ (102 ° F / 38.8 ° C සිට 103 ° F / 39.4 ° C) හෝ කැස්ස සහ සෙම්ප්‍රතිශ්‍යාව තිබේද? එසේ නම් විශේෂයෙන් එය දින දෙකකට වඩා වැඩි නම් ඔබේ වෛද්‍යවරයා හමුවෙන්න.

මාස 11 ක් වයසැති ළදරුවාගේ සංවර්ධනය පිළිබඳ මෙම ලිපිය ඔබට ප්‍රයෝජනවත් වේවි. ඔබේ පුංචි පැටියාගේ පළමු උපන්දිනය ලංවෙමින් තියෙනවා නේද? දැන් ඔහුට කුමක් කරන්න පුළුවන්ද?

මීලඟ ලිපියෙන් ළදරු සංවර්ධනය 12 ව වන මාසය.

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණි

Written by

Niloufer Perera