දරුවාගේ වයස මාස දොළහ: ළදරු සංවර්ධනය ගැන ඔබ දත යුතු දේ

දරුවාගේ වයස මාස දොළහ: ළදරු සංවර්ධනය ගැන ඔබ දත යුතු දේ

ඔබේ ආදරණීය ළදරුවා දැන් කොච්චර වෙනස් වෙලාද? ඔහුගේ පළමු උපන්දිනය වෙද්දී පෙර සිටි හුරතල් පුංචි පැටියා දැන් ලොකු පොඩ්ඩෙක් වෙලා. මේ තිත්ත ඇත්ත, ඔබට දුක හිතේවි. නමුත් තව බොහෝ දේවල් වෙන්න තියෙනවා.

දරුවන්ගේ වර්ධනය මාස 12: ඒ කියන්නෙ පැටියාට දැන්  පළමු වසර තුළ, ළදරුවා තමන් ගැන විමසිලිමත් වුනත් දැන් ඔහු වෙනුවෙන් ලෝකයක් බලාගෙන ඉන්න බව ඔහු දන්නවා. ඔහුට නැගිටින්න, ඇවිදීන්න අවශ්‍යයයි. මේ ඔබේ දගමල්ලේ වැඩ වල ආරම්භයක් පමණයි.

දරුවාගේ වයස මාස දොළහ - ඔබේ ළදරුවා නිසි ලෙස වර්ධනය වෙනවාද?
දරුවන්ගේ වර්ධනය මාස 12 - ශාරීරික සංවර්ධනය.

බොහෝ දරුවන් පළමු වසර සම්පුර්ණ වෙද්දී පළමු පියවර තබනවා. නමුත් සමහර දරුවන් ඊට කලින් සිය ප්‍රථම පියවර තබනවා තවත් සමහර දරුවන් තම පාද වල ස්ථාවර බවක් දැනෙන තෙක් ඇවිදීම මදක් ප්‍රමාද කරනවා.

ඔබේ ළදරුවා සෝෆා එක හෝ කෝපි මේසය පැත්තකින් ගමන් කිරීම ගැන සැලකිලිමත් වන්න. ඔබේ පුංචි පැටියා කෝපි මේසයේ සිට සෝෆා දක්වා ඇති පරතරය ගමන් කල පසු උදව් නොමැතිව ඇවිදීම ඉතා ඉක්මනින්ම සිදුවේවි.

වැදගත් කරුණු -
  • මෙම වයසේදී, ඔබේ පුංචි පැටියා එක එක දේවල් පෙට්ටි හෝ බෑග් වලට දමා නැවත හිස් කිරීමට ප්‍රිය කරනවා. සෙල්ලම් බඩු හා අනෙකුත් ළමයින්ට සුදුසු දේවල් සමග ඔහුට එය කරන්න ඉඩ දෙන්න.  මේ මගින් ඔහුට විනෝදය ලබා දෙනවා පමණක් නොව, චලනයන්හිදී කුඩා මාංශ පේශි සම්බන්ධීකරණය කරන චලන හැකියාවන්ද වැඩිදියුණු වෙනවා.
  • ඔහුගේ හුරු අත හදුනා ගතහැකි පරිදි ඔහු එක් අතක් අනෙක් අතට වඩා භාවිතා කරනු ඔබට පෙනේවි. ඔහුගේ චලනයන් සදහා කුඩා මාංශ පේශි සම්බන්ධීකරණය කරන චලන හැකියාව වර්ධනය වෙද්දී ඔහුට බොහෝ දේ කල හැකිය. කෝප්පයක් අල්ලා ගැනීම, ඇඟිලි වලින් ආහාර ගැනීම හා ඇඳුම් ඇඳීමට උදව් කීරීම ඒ සදහා උදාහරණ වෙනවා.
  • සිටගෙන සිට අවට පේන විට සහ මාංශ පේශි ශක්තිමත් වන විට ඔහු අලුත් සෙල්ලම් සොයා ගන්නවා. බෝල විසි කිරීම (හෝ වෙනත් වස්තූන්), රෝද සහිත කාර් බිම දිගේ තල්ලු කිරීම සහ සෝෆා එක මතට ​​නැගීම (හෝ කෝපි මේසයට නැගීම හෝ එලියට පියවර තැබීම). බෝලයක් පෙරළීම සහ රෝද සහිත සෙල්ලම් බඩු ගේ වටා තල්ලු කිරීම මෙම වයසේදී කැමතිම සෙල්ලම් වෙනවා.
වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -
  • ඔබේ ළදරුවා පළමු උපන්දිනය වන විට දණගාන්නේ නැතිනම් හෝ දණ ගා යන විට ශරීරයේ එක් පැත්තක් ඇදගෙන යන්නේ නම් ඔහුගේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා හමුවෙන්න.
  • උදව් ඇතිව ඔහුට නැගී සිටීන්න නොහැකි නම් එය අවධානයෙන් සිටිය යුතු තවත් ලකුණක් වෙනවා.
දරුවන්ගේ වර්ධනය මාස 12 - මානසික සංවර්ධනය

ඔබේ මාස 12 ක් වයසැති පැටියාගේ සංවර්ධනය සම්පුර්ණයෙන්ම බාහිර ලෝකය ගැනයි. ඔබේ ළදරුවා හිතාගෙන හිටියාට වඩා විශාල හා සුන්දර තැනක ජීවත් වෙන බව ඔහු සෙමින් අවබෝධ කර ගන්නවා.

පෙර දෙමව්පියන්ගේ දෑත් මතින් හැමතැනම ගිය ඔහු දැන් තනිවම පිටතට යෑමට උත්සහ කරනවා. මේ ඔහුගේ මතකය වර්ධනය වන කාලයයි.

ලෝකය සොයා ගැනීම එය සොයා යෑමට ඇති බලපෑම සමගම පැමිණෙනවා. ඔහුගේ ක්‍රියාවන්, ප්‍රතික්‍රියා වලට හේතු වන බව ඔබේ ළදරුවා සෙමෙන් තේරුම් ගන්නවා.

ඔහු කැමති දේවල් හෝ ඔහු උනන්දුවක් දක්වන දේවල් වෙත ඇගිල්ල දිගු කර පෙන්වීම පටන් ගන්නවා. මේ මගින් ද්වි-පාර්ශවික සන්නිවේදනයේ ආරම්භ කරනවා.

ස්වාභාවික රසකාරක

ඔබේ ළදරුවා ඔබ සමුගෙන යන විට අත වැනීම හෝ අත සිපගැනීම වන් හද උණුවෙන දේවල් දැන් කරනවා. නමුත් ඔබ ඔහු හැර යාමෙන් ඔහු සතුටින් ඉන්නවා කියා ඒ ක්‍රියාවන් නිසා කියන්න බැහැ.

වැදගත් කරුණු -
  • ඔහු තමන්ට දෙයක් කරන්න පුළුවන් කියලා ඔහු තේරුම් ගන්නවා. බෝලයක් පෙරළීම හෝ ඔබේ නාසය තල්ලු කිරීම වැනි සෙල්ලම් පටන් ගන්නවා
  • හැඩයන් සහ වර්ණ හඳුන්වා දීම ආරම්භ කිරීමට සුදුසුම කාලය දැන් උදාවෙලා. නමුත් ඔබේ පුංචි පැටියාට ඒවා හඳුනා ගැනීමට යම් කාලයක් ගතවේවි.
වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

• ඔබේ කුඩා දරුවා ඔබ ඔහු ඉදිරිපිට සගවන දේවල් සොයන්නේ නැත්නම් එය සංවර්ධනය ප්‍රමාද වීමේ සලකුණක් වෙන්න පුළුවන්.

• ඔබගේ පුංචි පැටියාට සමු ගෙන යන විට අත වැනීම හෝ හුරුපුරුදු වස්තූන් වෙත ඇගිල්ල දිගු කර පෙන්වීම වැනි සරල අභිනයන් ඉගෙන ගැනීමට අපහසු නම්, ඔබේ දරුවාගේ වෛද්‍යවරයා හමුවෙන්න.

දරුවන්ගේ වර්ධනය මාස 12 - සමාජීය හා හැගීම් සංවර්ධනය

ලෝකය දැන හැදින ගැනීම සිත් ඇදගන්නා සුළුයි. ඒ වගේම බියජනකයි. ලෝකය විශාලයි. ඔබේ ළදරුවාට ඇවිදින්න යන්න ඕනී, නමුත් ඒ ඔබ ඔහු අසල බව ඔහුට විශ්වාස නම් පමණි. ගවේෂණය කරන අතරතුර ඔබ කොහේද කියා ඔහු නිතර පරීක්ෂා කරනවා.

ඔබේ දරුවාට ලැජ්ජාව දැනෙන්න පටන් ගන්නවා. ආගන්තුකයන් මෙන්ම වෙන්වීමේ කනස්ස ල්ල ඔහුට දැනෙනවා. ඔබ ඔහුව වෙනත් කෙනෙකු සමඟ හෝ දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ රදවා යන විට පෙර නොවු විරූ ලෙස කෑගසා හඩන්න පුළුවන්.

කණගාටු නොවන්න. මේ සියල්ලම අලුත් ළදරු සංවර්ධන අවධියේ කොටසක් වෙනවා. ඔබේ ළදරුවා මිනිසුන් වෙන්කර හඳුනා ගැනීමට පටන් ගන්නවා. ඔහුට සමාජගත වීමට බල නොකරන්න. ඔහුගේ ජීවිතයට එන මේ ළමා වැඩිහිටි මිනිසුන්ට සෙමෙන් හුරු වෙන්න ඔහුට ඉඩ දෙන්න.

ඔබේ කුඩා දරුවා ඔහුගේ මුලික රැකබලා ගන්නන්ට අමතරව අනෙක් පුද්ගලයින් සමඟ සම්බන්ධතා ගොඩ නගා ගැනීමට පටන් ගන්නවා.

ළමයින් හා එකට එකතු නොවී සෙල්ලම් කරන වෙන් වෙන්ව සෙල්ලම් කිරීම තවමත් පැවතුනද, එය සාමාන්‍යයි.

ඔබේ කුඩා දරුවා අනෙක් දරුවන් සමඟ ඇස වලින් සම්බන්ධතාවය පවත්වා ගන්න පටන් ගැනීමට ඉඩ තියෙනවා. ඒ වගේම ඔහු සෙල්ලම් කර අවසන් සෙල්ලම් බඩුවක් දීමට පවා ඉඩ තියෙනවා. මෙය සුන්දර මිත්‍රත්වයක ආරම්භය වෙන්න පුළුවන්.

වඩාත්ම වැදගත් දේ වන්නේ මේ කාලයේ ඔහු ගවේෂණයේ නොයෙදෙන විට, ඔබව බදාගෙන හාදුවලින් නහවයි. හ්ම්.. හරිම ආදරණීයයි නේද?

වැදගත් කරුණු -
  • ඔබේ දරුවා ළදරු වියේ සිට ළමා වියට ගමන් කරමින් සිටින විට ඔහුට ඔබේ නිරන්තර අවධානය හා මග පෙන්වීම අවශ්‍ය වෙනවා. ඔහුට තනිවම දේවල් කරන්න, සොයා ගන්න ඉඩ දෙන්න. නමුත් ඔහුගේ අවට සුරක්ෂිත බව තහවුරු කර ගන්න.
  • ඔහු තනිවම කෑම කන්න උත්සාහ කරන්න පුළුවන් (ඔහුගේ දෑත් භාවිතා කරමින්, බොහෝවිට හැඩි කරමින්) නැතිනම් ඔහු තමාගේම සපත්තු පැළඳීමට උත්සාහ කරන්න පුළුවන්.
  • මේ වයසේදී වැඩෙන ස්වාධීනත්වය පිළිබඳ හැඟීම නිසා ඔහු ටිකක් මුරණ්ඩු වෙන්න පුළුවන්. ඔබේ ළදරුවාට තනිවම දේවල් කිරීමට අවශ්‍ය වෙනවා. ඔබ උදව් කිරීමට උත්සාහ කරන විට ඔහු බොහෝ කලබල වෙන්න පුළුවන්. ඔහුට තනිවම කටයුතු කිරීමට ඉඩ දී ගැටලුවක් මතු වු විට ඔබ වෙත එන තෙක් බලා සිටින්න.
  • ඒ වගේම ඔබේ කුඩා දරුවා තවදුරටත් අත දරුවෙක් නොවේ. ඒ වගේම ඔහු තවමත් ලොකු ළමයෙක් නොවේ. ඔහු දරුවන්ගේ වර්ධනය මාස 12 තවමත් ඔහුගේ සිරුරෙන් ඔබ්බට ගිය ලෝකය ගැන දැන හැදින ගන්නවා.

ඒ නිසා ඔහු වෙනත් ළමයින්ට පහර දෙනවා නම්, සෙල්ලම් බඩු බෙදා හදා ගන්නේ නැත්නම් හෝ සෙල්ලම් බඩුවක්, සුප්පුව හෝ වෙනත් දෙයක් සමඟ තද බැඳීමක් ඇති කර ගන්නේ නම් ඒ ගැන කණගාටු නොවන්න.

මේ වයසේදී ඒ සියල්ලම සම්පුර්ණයෙන්ම සාමාන්‍යයි. විශ්වාස කලත් නොකලත් ඒ සියල්ල කුඩා දරුවන්ගේ සංවර්ධනයේ කොටසක් වෙනවා. එබැවින් ඔහුව සන්සුන්ව නිවැරදි කරන්න. නමුත් හික්මවන්න එපා.

ඔහුගේ මොළය තවමත් සමාජීය ගුණාංග තේරුම් ගැනීමට තරම් මට්ටමක නැහැ.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -
  • මෙම වයසේදී අලුත් මුහුණු සහ ස්ථාන වලට මුහුණ දෙන විට නොසංසුන් වීම සාමාන්‍ය දෙයක් වුවද, ඔබේ දරුවා වෙනත් ළමයින් හෝ අලුත් පුද්ගලයින් සමඟ සිටිය නොහැකි තරමට එය ඕනෑවට වඩා වැඩි වුවහොත්, ඔබේ දරුවාගේ වෛද්‍යවරයා හමුවන්න. 12 වන මාසය ළදරු සංවර්ධනය - කථනය හා භාෂාව සංවර්ධනය

මතකය සංවර්ධනය වීම කථා කරන ආකාරය ඉගෙන ගැනීමට අත්‍යවශ්‍ය පියවරක් වෙනවා. පිටතින් කිසිවක් සිදුවෙන බවක් ඔබට නොපෙනේවි. ඒත්, ඔබ ඔහුට පවසන වචන සියල්ලම පාහේ රඳවා තබා ගැනීමට ඔහුගේ පුංචි මොළය ඇතුලතින් වැඩියෙන් වැඩ කරනවා.

ඔහු ඒවා වැඩි වැඩියෙන් ඔබ විස්තර කරන වස්තූන් සමඟ සසදන්න ගන්නවා

ඔහුගේ (තවමත් නිෂ්ක්‍රීය ) වචන මාලාව වර්ධනයෙන් පෙනී යන්නේ ඉතා ඉක්මනින් ඔහුට සරල හා නිවැරදි උපදෙස් අනුගමනය කිරීමට පුළුවන් වෙන බවයි.

සමහර විට ඔහු දැනටමත් “මට බෝලය දෙන්න” හෝ “සෙල්ලම් බඩුව පෙට්ටියට දමන්න” වැනි කෙටි වාක්‍ය ඛණ්ඩ වලට ප්‍රතිචාර දක්වන්න පුළුවන්. ඔබ ඒ වචන පවසන විට සෙල්ලම් බඩුව සහ පෙට්ටිය පෙන්නමින් ඔහුට ටිකක් උදව් කරන්න.

ඔබ ඔවුන්ගේ මට්ටමේ සිටින විට හා අක්ෂි සම්බන්ධතාවය පවත්වා ගන්නා විට කුඩා දරුවන් වඩා හොඳන් ප්‍රතිචාර දක්වනවා.

බොහෝ කුඩා දරුවන්ට “අම්මා”, “තාත්තා” හෝ “බෝල” වැනි වචන එකක් හෝ දෙකක් අර්ථවත් ලෙස භාවිතා කරන්න පුළුවන්. ඔබ කියන වචන සහ සත්ව ශබ්ද අනුකරණය කරමින් ඔහු කතා කිරීමට පුරුදු වේවි. (ඔහු එසේ කිරීමට ඉතා කැමතියි ).

ඔබේ කුඩා දරුවා ඔහුගේ පුංචි සෙල්ලම් වලසාට හෝ සෙල්ලම් බඩු වලට නොතේරෙන ලෙස කතා කරාවි. ඒත් නිසි ආකාරයට කතා කිරීම සඳහා ඔහුට තව ටිකක් කල් ගත වේවි. වචන සැකසීමට කුඩා මාංශ පේශි වල විශාල පුහුණුවක් අවශ්‍ය වෙනවා.

ඔබේ ළදරුවා තවමත් විශාල මාංශ පේශි චලනයන් ප්‍රගුණ කිරීම ගැන අවධානය යොමු කරනවා. ඔහු ඇවිදීමට පටන් ගෙන තිබේ නම් බොහෝ විට ඔහු අඩුවෙන් කතා කරන්න පුළුවන්. ඒ ඔබේ පුංචි පැටියා නොවැටි ඉන්න අවධානය යොමු කරන නිසයි.

වැදගත් කරුණු -

අඩුවෙන් කතා කිරීම යනු ඔහු ඔබට ඇහුම්කන් නොදීම නොවේ. ඒ නිසා දිගටම කතා කරන්න. එහා මෙහා යෑම ඉතා වෙහෙසකර දෙයක් වෙන්න පුළුවන්. ඒ නිසා ඔහුට පොත් සහ කතන්දර කියවීම වෙහෙස නිවිමට කදිම ක්‍රමයකි. ප්‍රවේශමෙන් සවන් දෙන්න.

ප්‍රශ්නයක් අසනවිට කටහඩ ඉහල නැංවීම වැනි “කථන ශබ්ද” ඔහු කරනවා ඔබට හසුවෙන්න පුළුවන්. ඔබේ දරුවා සමඟ සම්බන්ධ වෙන්න. දරුවාගේ නොතේරුම් බසින් කතා කිරීම භාෂා සංවර්ධනයේ වැදගත් අංගයක් බව දැන ගන්න.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

ඔබේ දරුවා කතා කිරීමට උත්සාහ කරන ආකාරය ගැන සැලකිලිමත් වෙන්න. “අම්මා” සහ “තාත්තා” වැනි සරල වචන සැකසීම ඔහුට අසිරූ නම් වෛද්‍යවරයා හමුවෙන්න.

දරුවන්ගේ වර්ධනය මාස 12 - සෞඛ්‍ය හා පෝෂණය සංවර්ධනය

මාස දොළහක් වන විට එම්.එම්.ආර් (සරම්ප, කම්බුල්ගාය සහ රුබෙල්ලා) පළමු මාත්‍රාව සහ නියුමොකොකල් රෝග සදහා එන්නතක් ​​ලබා දීම අවශ්‍යයි. සරම්ප සහ ඩිප්තිරියා සඳහා ප්‍රතිශක්තිකරණය නීතියෙන් අනිවාර්ය වෙනවා.

ආහාර තෝරා ආහාරයට ගැනීම පටන් ගනියි. ඔබේ ළදරුවා එහා මෙහා ඇවිදින විට ඔහුට ආහාර කෙරෙහි ඇති උනන්දුව අඩු වෙන්න පුළුවන්. ඒ ගැන කණගාටු වෙන්න එපා. එය කුඩා දරුවන්ගේ සංවර්ධනයේ කොටසක් වෙනවා. අවුරුද්දක වයසැති දරුවෙකුට වර්ධනය හා සංවර්ධනය සදහා දිනකට කැලරි 1,000 ක් පමණ අවශ්‍ය වෙනවා. ඒවා සෞඛ්‍ය සම්පන්න, පෝෂ්‍යදායී ආහාර වලින් ලබා දිය යුතුය.

සාමාන්‍ය දෛනික ආහාර සැලැස්මක් :
  • උදෑසන කිරි හෝ කෙසෙල් පෙති 1/4 කෝප්පයක් සමග කෝප්ප 1/2 ක් සිරියල් හෝ
  • පිසූ කොළ හා කහ එළවළු, බත්, පොඩි කළ අර්තාපල්, උයා අඹරන ලද මස් හෝ 
  • කැපු පලතුරු

ඔබේ දරුවාට අවුරුද්දක් වන විට ඔහුගේ බර කිලෝග්‍රෑම් 8.6 - 10.8 පමණ විය යුතුය. ඔහුගේ උස සෙන්ටි මීටර
69 - 78.1 ක් පමණ විය යුතුය.

වැදගත් කරුණු -
  • ඔහු බඩගිනි වූ විට කෑම කනවා. ඔහුට ආහාර ගැනීමට බල කිරීමෙන් ඔහු මුරණ්ඩු වෙන්න පුළුවන්.
  • අසාත්මිකතාවන්ට ගෙන් ආරක්ෂා වීමට වරකට එක් නව ආහාර බැගින් හඳුන්වා දෙන්න.
  • වසරක සම්පුර්ණ වන විට, ඔබේ ළදරුවාගේ බඩවැල් සම්පූර්ණයෙන්ම සංවර්ධනය වී අවසන්. ඒ නිසා ඔබට එළකිරි හඳුන්වා දෙන්න පුළුවන්.
  • ඔබේ දුරකථනය හෝ කැමරාව ඔහුගේ පළමු (දෙවන, තෙවන, සිව්වන, පස්වන) පියවර ඡායාරූප ගත කර ගැනීමට සුදානමින් තබාගන්න
වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -
  • ලැක්ටෝස් නොපිලිගැනීම පිළිබඳ රෝග ලක්ෂණ ගැන විමසිල්ලෙන් සිටින්න. මේවා සාමාන්‍යයෙන් තාවකාලිකයි. නමුත් ඔබ අඩු වේගයකින් කිරි ආහාර හදුන්වා දිය යුතුයි. චීස් හා යෝගට් සාමාන්‍යයෙන් හොඳයි.
  • ඔබේ කුඩා දරුවාට රෑෂ් එකක් හෝ වෙනත් ආසාත්මිකතා රෝග ලක්ෂණ ඇති වුවහොත් මාස 12 ක් වයසැති කුඩා දරුවන්ගේ සංවර්ධනය පිළිබඳ මෙම ලිපිය ඔබට ප්‍රයෝජනවත් වේවි. පළමු උපන්දිනය සැමරූ පසු ඔබේ දරුවාට කුමක් කළ හැකිද?

මීලඟ ලිපියෙන් ළමා සංවර්ධනය 13 වන මාසය.

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය : නදීශා ලක්මිණි

Written by

Niloufer Perera