දරුවාගේ වයස මාස දහතුන: ළදරු සංවර්ධනය ගැන ඔබ දත යුතු දේ

lead image

අන්තර් ක්‍රියා වල අලුත් පිම්මකට සූදානම් වන්න. ඔබේ දරුවා පෙන්වා දීම හා විරෝධය දැක්වීම ඉගෙන ගන්නවා. මෙය ද්වි-පාර්ශවික සන්නිවේදනයේ ආරම්භයයි.

දරුවන්ගේ වර්ධනය මාස 13: මීට පෙර ඔහු නිෂ්ක්‍රීය දරුවෙකු සේ පෙනෙන්නට ඇති. ඒත් ඔබ ඔහුගේ අවශ්‍යතා අනුමාන කලා නේද? ඔන්න දැන් මාස 13 ක් වු ඔබේ දරුවා එම අවශ්‍යතා සපුරා ගන්න පටන් ගන්නවා.

දරුවන්ගේ වර්ධනය මාස 13: ඔබේ දරුවා නිසි ලෙස වර්ධනය වෙනවාද?

13 වෙනි මාසයේදී දරුවාගේ සංවර්ධනය සිදුවන්නේ නව නිපුණතා වලයි. ඔහුට දැනගන්න අවැසි දේවල් වලට අත දිගු කර පෙන්වීමෙන් එය ආරම්භ වෙනවා.

ඔහු තමන්ව වඩාගන්න යැයි තම දෑත් දිගු කර ඉහළට හා පහළට උඩපනින්න පුළුවන්.

නැතහොත් රෑ කෑම වේලාව යැයි ඔහුට සිතන්නේ නම් ඔහුගේ ආහාර ගන්නා පුටුව අසල නොසැලකිල්ලෙන් වැතිර ඉන්න පුළුවන්.

ඔහු සමහර විට ඔබ සමඟ සෙල්ලම් ආරම්භ කිරීම කරාවි. නැතිනම් ඔහුගේ ප්‍රියතම පොත කියවීමට ඔබ වෙත රැගෙන ඒවි.

මේ කාලයේදී ළදරු සංඥා භාෂාව කරලියට එනවා. ඔබේ මාස 13 ක් වයසැති දරුවා ඔහුගේ අම්මගේ ක්‍රියාවන්ට බලපෑම් කළ හැකි බව තේරුම් ගන්නවා.

ඔබ මේ දක්වා කිසිදු සංඥා භාෂාවක් භාවිතා කර නොමැති නම් කණගාටු වෙන්න එපා. ඔබත් ඔබේ දරුවාත් ඉක්මනින් ඔබට ආවේණික ක්‍රමයකට එය ප්‍රගුණ කරාවි.

ඉවසීම බොහොම අඩුයි. ඒ නිසා හොද ප්‍රතිචාරයකට වඩා දරුණු ප්‍රතිචාරයක් ලැබෙන්න පුළුවන්. 

ඔබේ දරුවා තමාගේම මනසක් වර්ධනය කර ගන්නා අතර ඔබට පැවසීමට ලැජ්ජා නොවේ. කණගාටු වන්න එපා.

මේ සියල්ල ඔබගේ කුඩා දරුවාගේ සංවර්ධන ගමන් මගේ කොටසක් වෙනවා. දිගටම උත්සාහ කරන්න. අනෙකා “කතා කරන්නේ” කුමක් දැයි ඔබ දෙදෙනාම ඉක්මනින් දැන ගනිවි.

දරුවන්ගේ වර්ධනය මාස 13: ශාරීරික සංවර්ධනය

සැරිසැරීම, දණ ගා යෑම, ඇවිදීම, නැගීම – මේ සියල්ල ඔබේ දරුවාගේ චලනයන්‍ ය. ඔහු තනියම සිටින විට, පුංචි පඩි නගින විට හෝ ඇවිද යන විට ඔබ ඉතා විමසිල්ලෙන් සිටිය යුතුයි.

දරුවන්ගේ වර්ධනය මාස 13

ඔහු වයසින් වැඩෙත්ම ඔහුගේ අස්ථි දැඩි හා ශක්තිමත් වෙනවා. ඉක්මනින්ම ඔහුගේ ඉදිරි ගමන ස්ථිර වී ඇදවැටීම් අඩු වේවි.

ඇවිදීනවා, චලනය වෙනවා යනු ඔහුට වාඩි සිටීමට ඉවසිල්ල අඩු බවයි. ඔබේ මාස 13 ක් වයසැති දරුවා ළදරු කරත්තයක හෝ ප්ලේ පෑල් එකක සිර වී සිටීම අවශ්‍ය නැහැ. ඒත් සමහර වේලාවට ඔහුට එසේ සිටින්න වෙනවා.

දැන් ඔබේ කුඩා දරුවාට තනිවම නැගී සිටීමට පුළුවන්. නමුත් ඔහු තවමත් හැඩගැසෙමින් සිටීනවා.

එහි ප්‍රතිඵලයක් ලෙස ඔහු යමක් අවුල්සහගත ලෙස කරන්න පුළුවන්. විශේෂයෙන් යමක් අහුලා ගැනීමට නැමී සිටින විට මෙය සිදුවේ.

මෙය විසදා ගැනීමට උත්සාහ කරන අතරතුර ඔබේ කුඩා දරුවා ඉඳහිට පැකිලී වැටුණොත් කණගාටු වෙන්න එපා. 

ළමා කාලයේ හට ගන්නා චලන කුසලතා තුලින් වෙනත් සංවර්ධනයක් ඔබට දකින්න පුළුවන්. හදිසියේම, බ්ලොක්ස් ගෙන ඒවා කන්ටේනරයකට දැමීමට ඔහුට අවශ්‍ය වෙනවා. ඔහු මෙය කරන්නේ එක් වරක් පමණක් නොවේ. එය නැවත නැවතත් කරාවි. එවිට ඔහු එය ඔබට පෙන්වන්න පුළුවන්.

විවෘත කිරීමේදී, වසා දැමීමේදී සහ පිටතට ගැනීමේදී යන කාරණා සම්බන්ධයෙන් ඔහු සිදු කරන අවුලට ඔබ සුදානම් නැති වුනත් මෙය ඔහුගේ ඉගෙනීම් ගමනේ කොටසක්.

බ්ලොක්ස් දෙකක උසකින් යුත් කුළුණක් තැනීමට හැකිවීම, අත්පුඩි ගැසීම සහ සමුගැනීමේදි අත වැනිම වැනි ඔහුගේ චලනයන්හිදී කුඩා මාංශ පේශි සම්බන්ධීකරණය කිරීමේ චලන කුසලතා වර්ධනය වෙනවා.

ශාරිරික සංවර්ධනය ඉහළ නැංවීමේ ක්‍රියාකාරකම්:

ඔබේ දරුවා සහාය නොමැතිව ඔහුගේ පළමු පියවර කිහිපයක් තැබු විට හා ගවේෂණය කිරීමට පටන් ගත් විට, ඔහුගේ උත්සාහය ගැන ඔහුට ප්‍රශංසා කරන්න .කෙටි ගමන් බිමන් ඉතා වැදගත් වෙනවා. එහිදි ඔහුට දේවල් හදුනාගන්න සහ ඒවා දෙසට නැමී බලන්න බොහෝ අවස්ථාවන් ලැබෙන නිසායි.

හිස් බහාලුමක් සමඟ සෙල්ලම් කිරීමට ඔබේ දරුවාට ඉඩ දෙන්න. ඔහුට බ්ලොක්ස් කිහිපයක් එයට දමා වසා සොලවන්න දෙන්න. එය නැවත විවෘත කර හිස් කරන්න දෙන්න. ඔහු සිය ළමා කාලයේ ලැබෙන චලන කුසලතාව ප්‍රගුණ කරනවා පමණක් නොවෙයි එය ඔහුට හේතුව සහ ඵලය ගැන ඉගෙන ගන්නවා.

මාස 13 ක් වයසැති කුඩා දරුවාට ඔබෙන් නිදර්ශන ගැනීමට ඉඩ දෙන්න. ඔහුට ඔබ දෙස බලා අනුකරණය කිරීමට ඉඩ හරින්න. ඒවා සිපගැනුමක් පා කර එවීම, සමුගැනීමේදි අත වැනීම හෝ දේවල් ඉවතට දැමීම වැනි දේවල් වෙනවා.  නුදුරේදීම ඔහු එයට පුහුණු වේවි.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා:

  • දරුවාට සහය ඇතුව පවා නැගී සිටීමට නොහැකි බව ඔබ දුටුවහොත්
  • දරුවා සමු ගැනීමේදී අත වනන්නේ නැතිනම් හෝ දේවල් වෙත යොමු නොවන්නේ නම්,
  • ඔහුට අවම වශයෙන් බ්ලොක් දෙකක්වත් කුළුණක් සෑදීමට නොහැකි වූ විට

දරුවන්ගේ වර්ධනය මාස 13 – මානසික සංවර්ධනය

ඔබේ දරුවා හේතුව සහ බලපෑම හදුනා ගනී. ඔහු තම සුප්පුව බිම දැමුවිට අම්මා එය අහුලා ගන්නවා. මෙය තහවුරු කිරීම සඳහා, ඔහු එය නැවත නැවතත් බිම දමාවි.

බොහෝ විටක් ඔහු එසේ කරන විට ඔබට එය විනෝදයක් නොදුන්නත් පරිසරය පාලනය කිරීමේ මෙම නව හැඟීමට ඔහු සැබවින්ම ප්‍රිය කරනවා.

ඔබේ මාස 13 ක දරුවාට දැනටමත් උපදෙස් පිළිපදින්න පුළුවන්. නමුත් ඔහු ඔබේ සෑම උපදෙසක්ම පිළිපදින එකක් නම් නැහැ.

ඔහු යමක් නොදකින විට එය ඇත්තටම එතැන නොමැති බව ඉන් අදහස් නොකරන බව ඔහු දැන් දන්නවා. මේ සියල්ලටම හැංගිමුත්තන් සෙල්ලම් කරපු 13 මාසයට ස්තුතිවන්ත විය යුතුයි.

එසේම, ඔබ සෑම රාත්‍රියකම ඔහුට උනන්දුවෙන් කතන්දර කියවා ඇත්නම් ඔබ ඔහුගෙන් අසන විට ඔහුට කරුණු පෙන්වා දීමට හැකි වේවි.

මානසික සංවර්ධනය ඉහළ නැංවීමේ ක්‍රියාකාරකම්:

  • මේ වයසේදී දරුවන් බොහෝ තොරතුරු ධාරණය කර ගන්නා නිසා ඔහුට දිගටම කියවන්න. දිනකට මිනිත්තු 20 ක් පමණ කියවීම කරන්න. “රතු ඇපල් ගෙඩියක් සොයාගත හැකිද?” හෝ “කහ තාරා සැඟවී සිටින්නේ කොහේද?” වැනි ප්‍රශ්න ඇසීමට ඔහුට ඉඩ සලසමින් ඔබේ දරුවාද කියවීම සදහා සහභාගී වීමට උනන්දු කරන්න.
  • හැඩතල, වර්ණ හා ඉලක්කම් ගැන ඔහුට උගන්වන්න. වර්ණවත් බ්ලොක්ස් කිහිපයක් එක දිගට පෙළගස්වා ඒවා ශබ්ද නඟා ගණන් කරන්න.
  • උපදෙස් ලබාදෙමින් සෙල්ලම් කරන්න. ඔබ කියන දේ කිරීමට ඔහුට හැකි වූ විට ඔහු තමා ගැනම ආඩම්බර වේවි.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා –

  • දරුවාට සරල උපදෙස් පිළිපැදීමට නොහැකි නම්
  • ඔබේ දරුවාට නිතර දකින වස්තුන් හඳුනා ගැනීමට නොහැකි වූ විට
  • දරුවාට සැඟවුණු වස්තු සොයා ගැනීමට නොහැකි නම්

දරුවන්ගේ වර්ධනය මාස 13: සමාජීය හා හැගීම් සංවර්ධනය

ඔබේ දරුවාගේ හිතෙන ඔහුට අවශ්‍ය දේ ඔහු හරියටම දන්නවා. ඒත් ලෝකය ඔහුව තේරුම් ගන්නේ නැහැ. ඔහුට තාම ඉවසීම නැති නිසා, මුරණ්ඩුකම් වලට බොහෝ විට ඔබට මූණ දෙන්න වේවි.

දරුවාගේ 13 වන මාසයේ සංවර්ධනයේ කොටසක් ලෙස, ඔහු පුළුල් පරාසයක හැඟීම් පෙන්වීමට පටන් ගන්නවා. එහි ආදරණීය හැගීම් අඩුයි.

ඔහු ආහාර ගැනීම වෙනුවට සෙල්ලම් කිරීමට කැමැත්ත පෙන්වීමට පටන් ගන්නවා. ඔහු වැතිර සිටීම ප්‍රතික්ෂේප කරන නිසා ඩයපර් මාරු කිරීම සටනක් වේවි.

ඔබේ මාස 13 ක් වයසැති දරුවා විරෝධය දැක්වුවත් ඔහු තම සීමාවන් පරීක්ෂා කරමින් සිටින බව මතක තබා ගන්න. මෙම වර්ධනය වන ස්වාධීනත්වය තිබියදීත්, විශේෂයෙන් නුහුරු නුපුරුදු පුද්ගලයන් සිටින විට ඔහු ඔබගේ මඟ පෙන්වීම බලාපොරොත්තු වෙනවා.

අම්මේ සහ තාත්තේ තවමත් ඔබ ඔබේ කුඩා දරුවාගේ ලෝකයේ කේන්ද්‍රස්ථානයයි. නමුත් වර්ධනයේ කොටසක් අනෙක් පුද්ගලයින් ද දැන හඳුනා ගන්නවා. ඔහු අනෙක් දරුවන් කෙරෙහි උනන්දුවක් දැක්වීමටත්, ඔවුන් සමඟ සෙල්ලම් කිරීමටත්, මිතුරන් සමඟ අක්ෂි සම්බන්ධතා පවත්වා ගැනීමටත් පටන් ගන්නවා.

අම්මාට සිනහවීම සහ ආගන්තුකයන්ට රැවීම වැනි අවට සිටින පුද්ගලයින්ට තම හැඟීම් ප්‍රකාශ කිරීමට ඔහුට ඉක්මනින්ම පුළුවන් වේවි.

සමාජීය හා හැගීම් සංවර්ධනය ඉහළ නැංවීමේ ක්‍රියාකාරකම්:

  • මෙම වයස් කාණ්ඩය සඳහා හොඳ ක්‍රීඩාවක් වන්නේ හැංගිමුත්තන් කිරීමයි. ඒ එය කුඩා දරුවන්ට වෙන්වීමේ කනස්සල්ල දරාගැනීම කියාදීමට උපකාරී වන බැවිනි. මෙම ක්‍රියාකාරකම තුළින්, ඔහුට ඔබව දැකිය නොහැකි වුවද, අම්මයි තාත්තයි තවමත් එහි සිටින බව ඔහු තේරුම් ගන්නවා.
  • ඔබේ දරුවාට හැඟීම් ගැන උගන්වන සෙල්ලම්, ඔහු අත්විඳින හැඟීම් වඩාත් හොඳින් තේරුම් ගැනීමට ඔහුට උපකාර කිරීමට හොඳ ක්‍රමයකි. විවිධ මුහුණු සාදා ඔහුට හැඟීම් අනුමාන කිරීමට දෙන්න. මෙම හැඟීම් හදුනා ගත් විට, ඔහුට හැගීම් ප්‍රකාශ කිරීම පටන් ගන්න පුළුවන්
  • ඔබේ කුඩා දරුවා රැකබලා ගන්නෙකු සමඟ තබා යන විට සමුගැනීම පහසු කරයි. ඔබ දෙදෙනාටම මෙය පහසු වේවි.
  • ඔහු හයියෙන් අඩන විට ඔබේ හදවත බිඳී ගියද, සිනහමුසු මුහුණකින් ඉවත්ව යාමට මතක තබා ගන්න. 

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා:

• ඔබේ දරුවා දිගින් දිගටම වෙන්වීමේ දැඩි කනස්සල්ල පෙන්වන්නේ නම්,

• ඔබේ දරුවා අන් අය සමඟ සමාජගත වීමට හැඟීමක් හෝ උනන්දුවක් නොදක්වන විට

දරුවන්ගේ වර්ධනය මාස 13: කථනය හා භාෂාව සංවර්ධනය

ඔබේ දරුවාගේ පළමු භාෂාව තවමත් ශරීර භාෂාවයි. ඔබ සංඥා භාෂාව ප්‍රගුණ කර ඇත්නම් මේ මාසයේ වර්ධනයේ දී එය වේගවත් වනු ඇත. ඔහුට තවම වචනයක් වත් කථා කිරීමට නොහැකි වුවද, හදිසියේම වචන මාලාවේ වැඩිවීමක් දක්නට ලැබෙනවා.

නමුත් ඔහුගේ ප්‍රියතම වචන දෙක, “හෙලෝ” සහ “බායි” වේවි. ඔහු තවමත් ඔහුගේ පණිවිඩය ලබා දෙන්න උත්සහ කරනවා.

අභිනයන් සමග කතා කිරීම එකට එකතු කර සිය අවශ්‍යතා ඔබට පැවසීමට ඔබේ පුංචි පැටියා වෙහෙසෙනවා දකින විට ඔබගේ හිතට පුංචි කනස්සල්ලක් දනවාවි. ඉවසිලිවන්ත වන්න.

ඔබේ දරුවා ඔබ සමඟ සන්නිවේදනය කිරීමට උත්සාහ කරන විට ඔහුට සම්පුර්ණ අවධානය දෙන්න. ඔබ කරන කියන සෑම දෙයක්ම ඔහු අවධාරණය කරගන්නා නිසා කල්පනාකාරී වන්න.

ඔහු දැනට එක් වචන වාක්‍යයක් තනාවි. නමුත් ඔහු නිතර අලුත් වචන වලට නිරාවරණය වන නිසා ඔහු ඉක්මනින්ම වචන දෙකකකින් යුත් වාක්‍ය සදාවි.

කථනය හා භාෂාව සංවර්ධනය ඉහළ නැංවීමේ ක්‍රියාකාරකම්:

සෑම වචනයක්ම පැහැදිලිව සෙමින් නිවැරදිව උච්චාරණය කිරීමට වග බලා ගන්න. මාස 13 ක් වු සංවර්ධන අවධියේදී ඔහු බොහෝ විට එක වචන වාක්‍යයකින් පිළිතුරු දුන්නද, ඔබ සම්පුර්ණ වාක්‍ය භාවිතා කරන්න. එවිට ඔහුට ඔබෙන් ඉගෙන ගන්න පුළුවන්.

ඔහුගේ උනන්දුවට හේතු වූ විවිධ කරුණු පෙන්වා දෙන ලෙස ඉල්ලමින් ඔහුවද සහභාගී කරගෙන දිගටම කියවීම කරන්න.

රගමින් ළමා ගීත ගායනයද ඔහුගේ වචන මාලාව පුළුල් කිරීම සඳහා විනෝදජනක ක්‍රමයකි.

නම් එක්ක සෙල්ලම් කරන්න. ඔබේ මුහුණේ විවිධ කොටස් පෙන්වා නම පැහැදිලිව කියන්න.

ඊළඟ වතාවේ ඔබ ඔහුගේ නාසය කොහේදැයි ඇසූ විට ඔහු එය පෙන්නාවි. එය කොතරම් වේගයෙන් ඔහු ග්‍රහණය කලාද යන්න ගැන ඔබ පුදුම වේවි.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා:

• නම කියා කථා කල විට ඔබේ දරුවා ඔහුගේ නමට ප්‍රතිචාර නොදක්වන්නේ නම්

• ඔබේ දරුවාට “හෙලෝ”, “බායි” වැනි තනි වචන භාවිතා කර සංවාද කිරීමට නොහැකි වූ විට හෝ අම්මා සහ තාත්තා කියා ඇමතීමට නොහැකි නම්

දරුවන්ගේ වර්ධනය මාස 13: සෞඛ්‍ය හා පෝෂණය සංවර්ධනය

මේ වන විට ඔබේ දරුවාගේ බර කිලෝග්‍රෑම් 8.8 – 11 ක් පමණ විය යුතුයි. මේ අතර උස දළ වශයෙන් සෙන්ටිමීටර 70 – 79.3 පමණ වනවා.

ඔබේ කුඩා දරුවා තවමත් අලුත් වයනයන් අත්හදා බලමින් විවිධ ආහාර රස විඳිමින් සිටිනවා. ඔහුට පෝෂ්‍යදායී හා සෞඛ්‍ය සම්පන්න ආහාර තෝරාගැනීමට දිගටම ඉඩ දෙන්න. ඔහු ආහාර තෝරා ආහාරයට ගැනීම ගැන පීඩනයට පත්වෙන්න එපා.

ඔහුට අවශ්‍ය පෝෂණය තාම කිරි වලින් ගන්න පුළුවන්. ඒ නිසා ඔහුගේ මොලය හා ශාරිරික වර්ධනයට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ ඇති මේද සහිත සම්පූර්ණ කිරි තෝරා ගැනීමට වග බලා ගන්න. 

මේ අවදියේදී කුඩා දරුවන්ට ඔවුන්ගේ වයස, ප්‍රමාණය සහ ශාරීරික ක්‍රියාකාරකම් මට්ටම අනුව දිනකට කැලරි 1,000 ත් 1,400 ත් අතර ප්‍රමාණයක් අවශ්‍ය වේ.

සාමාන්‍යයෙන් කුඩා දරුවෙකුට ධාන්‍ය වර්ග දවසට තුන් වරක් ලබාදීම අවශ්‍ය වේ. (අවම වශයෙන් භාගයක් ධාන්‍ය වර්ග විය යුතුය).

පලතුරු හා එළවළු එක් එක් වේල බැගින්, ප්‍රෝටීන් වේල් දෙකක් සහ කිරි වේල් 2 ක් දිනකට අවශ්‍ය වේ.

මෙය පැස්ටා කෝප්ප 1/2 ක්, පෙති හෝ කැබලි කරන ලද පළතුරු කෝප්පයක්, රනිල බෝගයක් අඩංගු උයා දෙන්න. එයට පොඩි කරන ලද එළවළු කෝප්පයක්, ඔබේ අල්ලෙන් 1/3 පමණ වු මස් කැබැල්ලක්, කිරි කෝප්පයක් හෝ යෝගට් කෝප්පයකට සමාන වේ.

සමහර දෙමව්පියන් තම දරුවන්ට තනියම කන්න ඉඩ දෙනවා. මෙම අලුතින් ලද ස්වාධීනත්වයත් සමඟ, සිදුවන්නේ කුමක්දැයි බැලීමට ආහාර විසි කර ඔහු තම සීමාවන් පරීක්ෂා කරන්න පුළුවන්.

ඔහුගේ ක්‍රියාව කෝපයෙන් නොව කුතුහලයෙන් කරන බව මතක තබා ගෙන එය ඉවසා සිටින්න.

රාත්‍රී ආහාරය යුද්ධයක් වගේ දැනෙන්නට පුළුවන්. නමුත් අවුල් සහගත තත්වයන් මැද ඔබ සංසුන් වීමට උත්සාහ කරන්න.

මේ සියල්ල ඔබේ දරුවාගේ සංවර්ධනයේ සාමාන්‍ය දේවල් වේ.

හීමොෆිලස් ඉන්ෆ්ලුවෙන්සා වර්ගයේ බී (හිබ්) සහ මෙනින්ජයිටිස් සී එන්නත් ඔබ මාස 12 ක් වන විට ලබා දී නොමැති නම් ඒවා ලබා දෙන්න.

නමුත් මේ මාසය සරම්ප, කම්බුල් ගාය, රුබෙල්ලා සහ නියුමොකොකල් ආසාදන සඳහා එන්නත් ලබා දිය යුතු මාසය වෙනවා.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා:

  • ඔබේ දරුවා බැලූ බැල්මට මේසය උඩ වු ආහාර ස්පර්ශ කර නැවත නැවත රස බලයි නම් 
  • ඔබේ දරුවා ආහාර ප්‍රතික්ෂේප කරන විට සහ බර වැඩි නොවන්නේ නම්

* සංවර්ධන සන්ධිස්ථාන දරුවාගෙන් දරුවාට වෙනස් වන බව කරුණාවෙන් සලකන්න. ඔබේ කුඩා දරුවාගේ වර්ධනය පිළිබඳව ඔබට යම් ගැටළුවක් ඇත්නම්, ඔබේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා හමුවෙන්න.

මීලඟ ලිපියෙන් ළමා සංවර්ධනය 14 ව වන මාසය.

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණි

Written by

Niloufer Perera

app info
get app banner