theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

දරුවාගේ වයස මාස දාහතර: ළදරු සංවර්ධනය ගැන ඔබ දත යුතු දේ

8 අවම කියවීම
දරුවාගේ වයස මාස දාහතර: ළදරු සංවර්ධනය ගැන ඔබ දත යුතු දේදරුවාගේ වයස මාස දාහතර: ළදරු සංවර්ධනය ගැන ඔබ දත යුතු දේ

මාස 14 දී කුඩා ළමුන්ගේ සංවර්ධනයට සීමා මායිම් මෙන් සිප වැලදිගැනිම් ගොඩාක් තියේවි. ඔබේ පුංචි පැටියාට දැන් කළ හැකි වෙනත් ආකර්ෂණීය දේවල් මොනවාද?

දරුවන්ගේ වර්ධනය මාස 14: කුඩා දරුවන්ගේ සංවර්ධනයේ මීළඟ අදියර සඳහා ඔබ සූදානම් වන්න. දෙමාපියන් වශයෙන් වැදගත් අංග ආරම්භ වීමට නියමිතයි. ඔහු පෞරුෂයක් වර්ධනය කරමින් සිටින අතර ඔබේ ආදරණීය පුංචි පැටියාට තමාගේම මනසක් ඇති බව ඔබට දැනේවි.

නීති රීති සහ සීමාවන් ගැන ඔබේ පුංචි පැටියාට ඉගැන්වීම ආරම්භ කිරීමට මේ කාලය සුදුසුයි. නමුත් කණගාටු වෙන්න එපා. ත්‍රාසජනක දෙවැනි වියට තව බොහෝ කල් තියෙනවා. ඔබේ දරුවා මුලු හිතින්, හදවතින් ඔබව බදාගෙන ගොඩාක් සිප ගනිවි.

14 වන මාසය ළමා සංවර්ධනය: ඔබේ දරුවා නිසි ලෙස වර්ධනය වෙනවාද?

දරුවන්ගේ වර්ධනය මාස 14: ශාරීරික සංවර්ධනය

මේ වන විට බොහෝ කුඩා දරුවන්ට පියවර කිහිපයක් සහය නොමැතිව ඇවිදින්න පුළුවන්. ඔහුගේ ළමා කාලයේ ඇතිවෙන චලන කුසලතා වේගයෙන් වැඩිවෙනවා. බොහෝ විට ඔහුට ඇවිදින්නට පමණක් නෙවෙයි වාඩි වී සිටින ස්ථානයෙන් තනිවම නැගී සිටින්නද පුළුවන්.

ඔහු එය ඉගෙන ගෙන ඇත්නම්, පෙරළීමකින් තොරව නැමී නැවත නැගී සිටීම ඉගෙන ගනියි. එය ළමා සංවර්ධනයේ කුඩා පිම්මකි.

වැඩිහිටියෙකුගේ ආධාර ඇතුව උඩුමහලේ ඇවිදීම සහ නැටීම ඔබට අවධානයෙන් සිටිය හැකි වෙනත් කුසලතා වෙනවා.

ඔබේ පවුලේ අය සංගීතයට ප්‍රිය කරන්නේ නම් ඔබේ පුංචි දගයා නටමින් සිටිනු ඔබට දැකිය හැකිය.

ඔහුට තවමත් රිද්මය පිළිබඳ හැඟීමක් නැහැ. ඒත් ඔහු එයට සම්බන්ධ වීම නවත්වන්න එපා.

ඔබේ කුඩා දරුවා පුංචි තාරාවෙකු වගේ එහා මෙහා ඇවිදිනවා නම් කණගාටු වෙන්න එපා. 

ඔහුට තවමත් දුන්නක් වන් කකුල් ඇති නිසා හා විශාල ඩයපර් ඇඳගෙන සිටින නිසා මෙසේ සිදුවෙනවා.

මෙය සම්පූර්ණයෙන්ම සාමාන්‍ය දෙයක් වන අතර කුඩා දරුවන්ගේ සංවර්ධනයේ කොටසකි. කල් ගත වෙද්දී ඔහුගේ කකුල් කෙලින් වී ඔහු වඩාත් කෙළින් ගමන් කිරීමට පටන් ගන්නවා.

ඔහුගේ චලනයේදී කුඩා මාංශපේෂින් සම්බන්ධීකරණය කරන චලන කුසලතාවන්ගේ කොටසක් ලෙස, ඔබේ පුංචි පැටියා පාට කූරු වලින් ලිවීමට පටන් ගන්නවා. (ඔබ ඉඩ දේ නම් )

ඒ වගේම එකිනෙකට ඉහළින් බ්ලොක්ස් දෙකක් ගොඩ ගසනවා. පොතක පිටු පෙරලීමට ද ඔහුට පුළුවන්.

ශාරිරික සංවර්ධනය ඉහළ නැංවීමේ ක්‍රියාකාරකම්:

ඔබේ දරුවා සමඟ කියවීම කරන අතරතුර එය කාර්ඩ්බෝඩ් පොතක් නම් පිටු පෙරලීමට ඔහුට ඉඩ දෙන්න. කඩදාසි පිටු අහම්බෙන් ඔහු අතින් ඉරෙන්න පුළුවන්.

ආහාර ගන්නා විට හෝ අත්වැඩ කරන විට ඔහු හැඩිකරනවා. ඒක බලාපොරොත්තු වෙන්න. ඒ වගේම ඊට ඉඩ දෙන්න.

මේ දෙකම ඔබේ කුඩා දරුවාගේ චලනයේදී කුඩා මාංශපේෂින් සම්බන්ධීකරණය කරන චලන කුසලතාවන් වැඩි දියුණු කිරීමට උපකාරී වන අත්‍යවශ්‍ය ක්‍රියාකාරකම් වේ.

ඔහුට දැනට පාටකූරු නිවැරදිව රඳවා ගන්න නොහැකි වෙන්න පුළුවන්. නමුත් එය තවමත් ඇගිලි වලින් යමක් ග්‍රහණය කිරීමේ පුරුද්දකි.

ඔහුගේ නිර්මාණ සියල්ල නොසැලකිල්ලෙන් කලද වර්ණ අතර වෙනස හඳුනා ගන්න ඔහුට කියා දෙන්න ඔබට පුළුවන්.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා:

  • ඔබේ දරුවා වස්තූන් හා පින්තූර වෙත ඇගිල්ල දිගු කර නොපෙන්වන්නේ නම් 
  • ඔබේ දරුවාට උදව් නොමැතිව සිට ගැනීමට නොහැකි නම්

දරුවන්ගේ වර්ධනය මාස 14: මානසික සංවර්ධනය

මාස 14 ක් වු ඔබේ දරුවා පුදුමයෙන් හා කුතුහලයෙන් පිරී සිටියි. ඔහුගේ වර්ධනය වන ශාරීරික කුසලතා නිසා ඔහු ලෝකයේ අලුත් දේවල් සොයා ගන්නවා.

කබඩ් සහ ලාච්චු තුලට ඇතුළු වීමට, දේවල් විවෘත කිරීමට, දේවල් හිස් කිරීමට මෙන්ම දේවල් නැවත වෙනත් දේවලට තුලින් තැබීමට ඔහුට දැන් පුළුවන්.

මෙම අවධියේදී ඔබේ දරුවාගේ කුතුහලය අතිමහත් .ඒනිසා ඔබේ නිවසේ ළමා ආරක්ෂාව තහවුරු කරන්න.

බෝතල් මූඩී විවෘත කරන්නේ කෙසේදැයි ඔහු දන්නා නිසා සියලු ආකාරයේ පිරිසිදු කිරීමේ ද්‍රව කබඩ් එකක් තුල අගුළු දාලාතැබිය යුතුය.

මේ සියලු ඉගෙනීම් නිසා ඔහුගේ මොළය කාර්යබහුලයි. ඔහුගේ අවධානය අඩු වී ඇති බවක් පෙනෙන්නට තියෙනවා. ඒ ඔහුට බැලීමට හා කිරීමට බොහෝ දේ තියෙන නිසායි.

ඔබේ පුංචි පැටියා තවමත් ඔහුගේ සංවේදීතාවයන් ගෙන් ලෝකය ගවේෂණය කරනවා. ඔහු සියල්ල ඔහුගේ මුඛය තුළට දමා ගන්නවා. ඔහු පුංචි දේවලට,  ඒවා බිමෙන් අහුලා ගැනීමට හා ඒවා අධ්‍යයනය කිරීමට ආශා කරනවා. 

ඔබත් ඔහුත් ලෝකයත් වෙනම කරුණු තුනක් බව ඔහු දැන් තේරුම් ගෙන ඉන්නවා. ඒ නිසා ඔහු තමාගේම ස්ථානය හදුනා ගන්නවා.

දෙමව්පියන් විසින් දරුවන්ට සීමාවන් ආරම්භ කිරීමට මේ කාලය සුදුසුයි. ස්ථානයෙන් ඉවත් කිරීම හෝ වෙනත් ආකාරයේ දඩුවම් සඳහා ඔබේ දරුවා තවමත් පොඩි වැඩියි.

ඒනිසා දැනට ඔබ නීති රීති නැවත නැවත මතක් කරමින්, පඩි පෙළවල් සහ මුළුතැන්ගෙයි පිවිසුම් රටුවලට ආරක්ෂිත දොරටු සවිකිරීම අවශ්‍ය වෙනවා. එයට විශාල උත්සාහයක් අවශ්‍ය සේ පෙනේවි, නමුත් ඔබේ දරුවා ඒ මගින් ආරක්ෂාව හදුනාගන්නවා.

මානසික සංවර්ධනය ඉහළ නැංවීමේ ක්‍රියාකාරකම්:

ඔබේ දරුවා කබඩ් සහ ලාච්චු විවෘත කරනවා. මේවා හිස්ව තබන්න එපා. සෙල්ලම් බඩු, ප්ලාස්ටික් පලතුරු සහ හිස් ප්ලාස්ටික් බෝතල් වැනි ඔහුට පිටතට ගැනීමට අවශ්‍ය දේවල් වලින් පුරවන්න. මේවා කබඩ් තුල නැවත අසුරන්න අවශ්‍ය ආකාරය ඔබට සැමවිටම ඔහුට පෙන්වන්න පුළුවන්. නමුත් කබඩ් තුල ළමා ආරක්ෂාව ඇති කර අනතුරුදායක දේවල් ආරක්ෂිත ස්ථානයක ගබඩා කරන්න.

සංවේදක බහාලුම ( sensory bin) ද ඔබේ පුංචි පැටියාගේ වයස අනුව ඔහුව ක්‍රියාවේ යොදවන්න හොඳ අදහසක් වේ. ඒවා විනෝදජනක වන අතර විවිධාකාර උපායශීලී සංවේදක සෙල්ලම් එහි අඩංගු වේ. හොද කාලගුණයක් ඇතිනම් ඔහුව එළිමහනට ගෙන යන්න. නව අත්දැකීම් හා වර්ධනය සඳහා එහි ඇති අවස්ථා වල කෙලවරක් නැහැ.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා –

  • ඔබේ දරුවා වස්තූන් හා පින්තූර වෙත ඇගිල්ල දිගු කර නොපෙන්වන්නේ නම්
  • ඔබේ දරුවාට ආධාර නොමැතිව සිටගැනීමට නොහැකි නම්

දරුවන්ගේ වර්ධනය මාස 14: සමාජීය හා හැගීම් සංවර්ධනය

මුළු ලෝකයෙන්ම ඔහුගේ ප්‍රියතම පුද්ගලයා තවමත් ඔබයි. ඔහු ඔබ සමඟ සෙල්ලම් කිරීමට ආස කරනවා. ඒ නිසා ඔහු සමඟ යම් කාලයක් ගත කරන්න. වෙනසක් සඳහා ඔහු ඔබව ගෙන යන්නේ කොතැනට දැයි බලන්න.

එය ඔහුට ඉතා අධ්‍යාපනික වන අතර ඔහුගේ ස්වයං පාලනය සහ ආත්ම විශ්වාසය වර්ධනය වෙනවා. මෙය පසුකාලීන ජීවිතයේ ජයග්‍රහණයන් සඳහා හොඳ පදනමක් ඔහුට ලබා දේව්.

දරුවන්ගේ වර්ධනය මාස 14

මාස 14 දරුවන්ගේ වර්ධනය අධ්‍යාපනික වන අතර ඔහුගේ ස්වයං පාලනය සහ ආත්ම විශ්වාසය වර්ධනය වෙනවා

ඔහු දැනටමත් පෙන්වන එක් හැසිරීමක් වන්නේ ඔබට උදව් කිරීමට ඇති කැමැත්තයි. ඔබේ නිවසේ කටයුතු වලට ​​ඔහුව සහභාගී කර ගන්න.

මෙය ඔබට වැඩ වැඩි කරාවි. නමුත් ඔබට ඔහුත් සමඟ ගුණාත්මක කාලයක් ගත කරන්න පුළුවන්.

ඔහු මිනිත්තු කිහිපයක් එහේ මෙහේ තනිවම සෙල්ලම් කිරීමට පටන් ගන්නවා. මෙම නව ස්වාධීනත්වය මෙම මස සංවර්ධනයේ කොටසකි. කෙසේ වෙතත්, ස්වාධීනත්වය යනු අලුත් බයක ආරම්භය වෙනවා.

ඔබේ කුඩා දරුවා අඳුරු ස්ථාන වලට බිය වෙන්න පුළුවන් අතර ඔහුගේ කාමරයේ විදුලි පහන් නොමැතිව ඉන්න බිය වෙන්න පුළුවන්.  කණගාටු වෙන්න එපා.

මෙය කුඩා දරුවන්ගේ මෙම සංවර්ධන අවධියේදී සාමාන්‍ය දෙයකි.

සමාජීය හා හැගීම් සංවර්ධනය සංවර්ධනය ඉහළ නැංවීමේ ක්‍රියාකාරකම්:

ඔබට සෝදන ලද ඇදුම් අරන් දීම වැනි සරල ගෙදර දොරේ වැඩවලට ඔබේ දරුවා සම්බන්ධ කරගන්න. ඔබට ඒ ඇදුම් අරගෙන එල්ලා තබන්න පුළුවන්. ඔබට උදව් කිරීමට ඔහු සැබවින්ම සතුටු වෙනවා. මෙය ඔහුට විශාල ජයග්‍රහණයක් වේවි.

ඔහුට ඔහුගේ සම වයසේ මිතුරන් සමඟ සමාජගත වීමට සහ සෙල්ලම් කිරීමට හැකි වන පරිදි සෙල්ලම් කිරීමට දින සුදානම් කරගන්න.

Mirror me සෙල්ලම කිරීමට උත්සාහ කරන්න. ඔබේ දුක්බර, ප්‍රීතිමත් හා කෝපාවිෂ්ට මුහුණ අනුකරණය කිරීමට ඔහුට ඉඩ දෙන්න.

මෙම හැඟීම්වලට දෙන විවිධ නම් ඔහු දැනගත් විට ඔහුට වඩාත් හොඳින් ඒවා ප්‍රකාශ කිරීමට පුළුවන් වේවි.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා –

  • ඔබේ දරුවා විශේෂයෙන් නව තත්වයන්ට බිය වන්නේ නම් සහ ඔහුගේ සුවපහසු කලාපයෙන් පිටතට කිසිවක් අත්හදා බැලීමට අකමැති නම්,
  • ඔහු අළුත් දේවල් අත්හදා බැලීමට අකමැති බවක් සහ අලස බවක් පෙනේ නම්

දරුවන්ගේ වර්ධනය මාස 14: කථනය හා භාෂාව සංවර්ධනය

පෞරුෂත්වය අවශ්‍යතා සමගම පැමිණෙනවා.ඒ නිසා ඔබේ කුඩා දරුවා ඔබට ඔහුව තේරුම් ගැන්වීමට දැඩි උත්සාහයක් දරනවා.

ඔහුගේ වචන මාලාව වර්ධනය වෙමින් පවතින අතර, ඔහු කෑගසමින් ඔහුගේ කටහඩ ප්‍රගුණ කරනවා.

ඔහු ශබ්ද අමුණා නව ශබ්ද සකස් කරන්න ඉඩ තියෙනවා. ඔහු කතා කිරීමට ආසන්නයි.

සමහර කුඩා දරුවන් මේ වන විට හඳුනාගත හැකි වචන කිහිපයක් පවසන්න පුළුවන්. එබැවින් මෙය කුඩා දරුවන්ගේ සංවර්ධනයේ ආකර්ෂණීය කොටසකි.

මාස 14 ක් වු සංවර්ධනයේ කොටසක් ලෙස, ඔබේ දරුවාට සැබවින්ම පැවසිය හැකි වචන වලට වඩා බොහෝ වචන තේරුම් ගන්න පුළුවන්.

ඔහුගේ කථන වචන මාලාව තවම “අම්මා”, “තාත්තා”, “බෝලය” හෝ “බල්ලා” වැනි වචන තුන හතරකින් සමන්විත වෙනවා.

නමුත් ඔහු දිනපතාම නව වචනවල තේරුම ඉගෙන ගන්නවා. 

මේ කිසිවක් ඔහුගේ අනාගත සංවර්ධනය හෝ අධ්‍යාපනය පිළිබඳ කිසිදු ඇඟවීමක් නොවේ.

පුරාවෘත්ත වලට අනුව අයින්ස්ටයින් අවුරුදු තුනක් වන තුරු කතා කිරීම ආරම්භ කර නැහැ.

භාෂාව සහ කථනය සංවර්ධනය ඉහළ නැංවීමේ ක්‍රියාකාරකම්:

ඔබේ පුංචි පැටියා සමග මුදු හෝ හැඩතල වර්ග කිරීමේ ක්‍රිඩා කල හැකිය.

මුදු හෝ හැඩතල තබන්නේ කොතැනටදැයි අසමින් ඔහු සමඟ සංවාදයේ යෙදෙන්න. නැතිනම් හැඩතලවල නම් හෝ වර්ණ ඔහුට උගන්වන්න පුළුවන්.

“පන්දුව තාත්තාට දෙන්න” වැනි එක් පියවරක වාචික විධානයන්ට දැනටමත් ඔබේ දරුවාට නිවැරදිව ප්‍රතිචාර දක්වන්න පුළුවන්.

ඒ නිසා ඔබ ඔහු සමඟ බෝලයක් ගෙන පිටත සෙල්ලම් කරන්න. 

ඔහුට කියවන විට, චරිතය කථා කරන හඩවල් සජීවිකරණ කිරීම හෝ සත්ව ශබ්ද ඇති කරන්න උත්සාහ කරන්න. පොතේ නිවැරදි සතුන් හා චරිත පෙන්වා දෙමින් ඔහු බොහෝ විනෝද වේවි.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා –

  • ඔබේ දරුවාට අම්මා හෝ කිරි වැනි සරල පොදු වචන නොතේරෙන විට
  • ඔහු මේ මස සංවර්ධනය අවධියේදී කිසිදු වචනයක් භාවිතා නොකරන්නේ නම්

දරුවන්ගේ වර්ධනය මාස 14: සෞඛ්‍ය හා පෝෂණය සංවර්ධනය

මේ මසදී ඔහු කිලෝග්‍රෑම් 9 – 11.3 ක් පමණ බරින් යුක්ත වන අතර උස සෙන්ටි මීටර 71 – 80.5 ක් පමණ විය යුතුය.

ඔබේ දරුවාගේ ස්වාධීනත්වය සොයා යෑමේදී ඔහු ආහාර තෝරා ආහාරයට ගැනීමට කරන්න පුළුවන්.

කෙසේ වෙතත්, තනිවම දේවල් කිරීමට ඇති මෙම ආශාව මගින් ගැටලු විසඳනවා. ඔබ ඔහුට ආහාර ගැනීමට ඉඩ දුන්නොත් ඔහු වඩා හොඳට එය කරනු ඇත.

ඔබේ කුඩා දරුවාගේ ශාරීරික ක්‍රියාකාරකම් මට්ටම අනුව දිනකට කැලරි 1,000 ත් 1,400 ත් අතර ප්‍රමාණයක් අවශ්‍ය වේ.

ඒනිසා කුඩා දරුවෙකුට ධාන්‍ය වර්ග දවසට තුන් වරක් ලබාදීම අවශ්‍ය වේ.

(අවම වශයෙන් භාගයක් ධාන්‍ය වර්ග විය යුතුය), පලතුරු හා එළවළු එක් එක් වේල බැගින්, ප්‍රෝටීන් වේල් දෙකක් සහ කිරි වේල් 2 ක් දිනකට අවශ්‍ය වේ.

එය සහල් කෝප්පය 1/2 ක්, කුඩා ඇපල් ගෙඩියක් ක්, පිසින ලද පොඩි කර ගත් එළවළු කෝප්ප 1, පිසින ලද බිත්තර 1 ක් සහ ස්වභාවික චීස් කැබලි 3 කට සමාන වේ.

Hib, MMR, PCV සහ පැපොල ඔබේ දරුවාට ලබා දී නොමැති නම් ඒවා ලබාදෙන්න.

මාස හයක පරතරයකින් සිදුකරන HepA මාත්‍රාව එය දැනටමත් ලබා දී නොමැති නම්, දැන් ලබා දෙන්න පුළුවන්.

සාමාන්‍ය සෞඛ්‍ය ගැටළුවක් වන්නේ බඩ බුරුල් වී යෑමයි. ඔහු සිය ගවේෂණ සිදු කිරිමේදී දේවල් කටේ තබාගෙන ගැනීම නිසා එය ඇතිවේ.

ඒ වගේම නැපි රෑෂ් ඇති වෙන්න පුළුවන්.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා –

  • ඔබේ දරුවා සමහර ආහාර කෙරෙහි අසාත්මිකතා පෙන්වයි නම්
  • ඔබේ දරුවා හොඳින් ආහාර නොගන්නා විට සහ ඔබ වෙනත් ආහාර අතිරේක සලකා බලන විට

* සංවර්ධන සන්ධිස්ථාන දරුවාගෙන් දරුවාට වෙනස් වන බව කරුණාවෙන් සලකන්න.

ඔබේ කුඩා දරුවාගේ වර්ධනය පිළිබඳව ඔබට යම් ගැටළුවක් ඇත්නම්, ඔබේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා හමුවෙන්න.

මීලඟ ලිපියෙන් ළමා සංවර්ධනය 15 ව වන මාසය.

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණි

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
  • /
  • දරුවාගේ වයස මාස දාහතර: ළදරු සංවර්ධනය ගැන ඔබ දත යුතු දේ
බෙදාගන්න :
  • දරුවාගේ වයස මාස දොළහ: ළදරු සංවර්ධනය ගැන ඔබ දත යුතු දේ

    දරුවාගේ වයස මාස දොළහ: ළදරු සංවර්ධනය ගැන ඔබ දත යුතු දේ

  • දරුවාගේ වයස මාස පහළොව: ළදරු සංවර්ධනය ගැන ඔබ දත යුතු දේ

    දරුවාගේ වයස මාස පහළොව: ළදරු සංවර්ධනය ගැන ඔබ දත යුතු දේ

  • දරුවාගේ වයස මාස දොළහ: ළදරු සංවර්ධනය ගැන ඔබ දත යුතු දේ

    දරුවාගේ වයස මාස දොළහ: ළදරු සංවර්ධනය ගැන ඔබ දත යුතු දේ

  • දරුවාගේ වයස මාස පහළොව: ළදරු සංවර්ධනය ගැන ඔබ දත යුතු දේ

    දරුවාගේ වයස මාස පහළොව: ළදරු සංවර්ධනය ගැන ඔබ දත යුතු දේ

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it