දරුවාගේ වයස මාස පහළොව: ළදරු සංවර්ධනය ගැන ඔබ දත යුතු දේ

දරුවාගේ වයස මාස පහළොව: ළදරු සංවර්ධනය ගැන ඔබ දත යුතු දේ

ඔබේ පුංචි පැටියා අනාරක්ශිත ලෙස එහෙ මෙහෙ යන නිසා මෙය දෙමව්පියන්ට පීඩාකාරී යුගයක්. කුඩා දරුවන්ගේ සංවර්ධනයේ මෙම අදියර දරුවන්ගේ නිර්භීතව කම හා ගවේෂණය කිරීමේ හැකියාවන් ඉස්මතු කරනවා.

දරුවන්ගේ වර්ධනය මාස 15: ඔබේ පුංචි පැටියා ආරක්ෂාවකින් තොරව ලෝකයට යන නිසා දෙමව්පියන්ට පීඩාකාරී යුගයක් වෙනවා. කුඩා දරුවන්ගේ සංවර්ධනයේ මෙම අදියර නිර්භීතව ගමන් කිරීම හා ගවේෂණය කිරීම හා සම්බන්ධව වෙනවා. ඔබේ කාර්යය වන්නේ ඔබේ කුඩා දරුවා ආරක්ෂිතව තබා ගැනීමයි. විමසිල්ලෙන් ඉන්න.

ඔබේ ආදරණීය පුංචි පැටියා කාර්යබහුලයි නේද? කුඩා දරුවන්ගේ මෙම අවධිය බොහෝ දෙමව්පියන්ගේ දැඩි පීඩනයක් ගෙන දෙනවා.

ඔබේ ආදරණීය පැටියා අනතුරුදායක බව ගැන හැඟීමක් නොමැතිව ලෝකය සොයා යෑමට කාර්යබහුල වෙනවා. වේදනාව නොදන්නා නිසා ඔහු බිය දන්නේ නැහැ.

නමුත් ඔබේ ඝනකම් ගෙබිමට මෘදු අතුරණ එලන්න. ඔබට සංසුන් බව ලගා කර ගන්න.

දරුවන්ගේ වර්ධනය මාස 15: ඔබේ දරුවා නිසි ලෙස වර්ධනය වෙනවාද?
දරුවන්ගේ වර්ධනය මාස 15 – ශාරීරික සංවර්ධනය

ඔබේ කාර්යබහුල ගවේෂකයා ගවේෂණයට දේවල් සොයා ඇවිදිනවා. මෙය 15 මාසයේ සංවර්ධන අතරතුර සිදුවෙනවා.

එලියට යන විට පීඩනයට මුහුණ දීමට සූදානම් වන්න. ඔහුගේ ඉහළ ආහාර ගන්න පුටුවෙන් ගන්නා විට කෝපාවිෂ්ඨ හැසිරීමකට සුදානම් වන්න. ඔහු පසුපසට ඇවිදීම අත්හදා බලන අතර එම ක්‍රියාවලියේ ඔහු වැටෙනු පුළුවන්. ඔහුගේ තොටිල්ල මතට නැගීමට උත්සාහ කිරීම, සෝෆාවෙන් පෙරළීම සහ කබඩ් සහ රාක්කවල සැඟවී සිටීම ඔහු උත්සහ කරනවා. පොත් රාක්ක බිත්තියට තබා ඇණ ගැසීම සුදුසුයි.

එහා මෙහා දුවන ඔබේ පුංචි පැටියා එක්ක ළමා ආරක්ෂාව ගැන සිතීම වැදගත් වෙනවා. ඔහු අත් සහ පාද තබා පඩි පෙළ නැගීම හෝ ඔබ ඔහුට උදව් කරන්නේ නම් දෙපයින් හිටගෙන නැගීම කරනවා. තව ඔහු බෝල විසි කරන්න පුළුවන්.

සැලකිලිමත් වන්න, ඔහුට තවමත් දිශාව ගැන හැඟීමක් නැහැ. ඒනිසා එම බෝල ( වෙනත් සෙල්ලම් බඩු…) ඕනෑම තැනකට විසිවෙන්න පුළුවන්. එබැවින් වඩාත් ඉවසිලිවන්ත වන්න. ඔහුගේ ඉලක්කය අඩුකම පුංචි දරුවන්ගේ සංවර්ධනයේ කොටසකි.

මාස 15 ක් වු මෙම සංවර්ධන අවධියේදී ඔබේ ඇවිදින කුඩා දරුවා නැවත ටිකක් දණ ගාන්න තීරණය කලහොත් එය අසාමාන්‍ය දෙයක් නොවේ. පාද මත ඇවිදීම වෙහෙසකරයි වගේම අස්ථායී. ඒනිසා ඔහු විවේකයක් ගන්නවා.

කණගාටු වෙන්න එපා. ඉක්මනින් ඔහු නැවත දෙපයින් හිටගෙන දුව පනිවි.

ඔබේ ළදරුවාගේ කුඩා මාංශපේෂින් සම්බන්ධිකරණ චලන කුසලතා සම්බන්ධයෙන් ගත් කල, ඔහු ඇගිලි වලින් ග්‍රහණය ප්‍රගුණ කිරීමට පටන් ගන්නවා. මෙය ඔහුට අදහසක් ඇතුව ලිවීම ආරම්භ කිරීමට ඉඩ සලසා දෙනවා. එබැවින් ඔබේ බිත්ති ආරක්ෂා කර ගැනීම සඳහා පැන්සල් සහ පාටකූරු භාවිතයට නොගන්නා විට ඒවා ඉවත් කිරිමට ඔබට සිදුවේවි.

ශාරීරික සංවර්ධනය ඉහළ නැංවීමේ ක්‍රියාකාරකම්:
  • එළියේ සෙල්ලම් කිරීමෙන් විටමින් ඩී සහ නැවුම් වාතය ලබා ගන්න. එවිට ඔහුට කිසිවක් බිද නොදමින් බෝල විසි කිරීම පුහුණු වෙන්න පුළුවන්.
  • ඔහුගේ ග්‍රහණය පුහුණු කර ගැනීම සඳහා ඔහුට විශාල ප්‍රමාණයේ පාටකූරු ලබා දෙන්න.
  • ඔහුගේ කලා කෘති පිකාසෝගේ වගේ නොවේවි. නමුත් අවම වශයෙන් ඔහුගේ එම මාංශ පේශි වැඩ කරනවා.
  • සජීවී ළමා ගීත කිහිපයක් වාදනය කර ඔහු සමඟ නටන්න. එය නැරඹීමට ලස්සන දෙයක් වෙනවා පමණක් නොව, ඔහුගේ සමබරතාවය සහ ළමා කාලයේ ලැබෙන චලන කුසලතා වැඩි දියුණු කිරීමටද එය උපකාරී වෙනවා.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා

  • ඔබේ දරුවා ඇවිදීමට උත්සාහ නොකරන්නේ නම්
  • ඔබේ දරුවා දිගින් දිගටම වැටෙනවා නම්
දරුවන්ගේ වර්ධනය මාස 15: මානසික සංවර්ධනය

සිත්ගන්නාසුලු කාලයක් වේ. ඔබේ පුංචි ගවේෂකයා ශරීර කොටස් හඳුනාගෙන ඒවා ඇගිල්ල දිගු කර පෙන්වීමට පටන් ගෙන තියෙනවා.

ඔහුගේ ඇඟිලි තුඩු වලට පහර දුන් විට “බූ බූ” යැයි කීමට ඔහුට පුළුවන්.

“Head, shoulder, knees & toes” ගීතය ගායනා කිරීමෙන් නිමක් නැති විනෝදයක් ලැබේවි.

ඔහු ඔහුගේ රංගනය ගීතයට ගලපන්න උත්සහ කරනවා. පළමු වාර කිහිපය ඔබට ටිකක් සෙමින් ගායනා කිරීමට සිදුවේවි.

මෙය සැබවින්ම ගවේෂණය කරන කාලයකි. ඔබේ පුංචි පැටියාට නම් සහ වස්තුන් ගලපන්න පුළුවන්.

ඔහු පොත, බෝතලය හෝ බෝලය යන දේවල් ඔහු අසල තැබුවහොත් ඒවා නමින් හඳුනාගන්න ඔහුට පුළුවන්.

දැනුවත් වෙන්න. ඔබේ පුංචි දරුවා රසයන් ගවේෂණය කරනවා. ඔහුගේ මුඛය ඉතා සංවේදීයි. එතරම් සෞඛ්‍ය ආරක්ෂිත නොවුනත් ඔහු හොදයි කියලා හිතෙන හැමදේම කටේ දානවා.

මානසික සංවර්ධනය ඉහළ නැංවීමේ ක්‍රියාකාරකම්:

මෙම ළමා සංවර්ධන අවධියේදී කළ යුතු සුන්දර ක්‍රියාකාරකමක් වන්නේ විවිධ පෘෂ්ඨ (ලොම්, මෘදු, රළු) ස්පර්ශ කිරීමට දීමයි.

ගවේෂණය කිරීම සඳහා ඔබේ දරුවාට සුන්දර උපායශීලී පොත් කිහිපයක් ලබා දෙන්න. නැතහොත් ඔබ නිවස වටා ඇති රෙදි සහ වයනය ඔහුට ස්පර්ශ කරන්න දෙන්න.

ඔබට පොත් වල දේවල් එක්ව ගණන් කරන්න පුළුවන්. පසුව ඒ දේවල් ඔබේ නිවස තුල සොයා යන්න. 

Playdough ඇත්තෙන්ම විනෝදජනක දෙයක් වේවි. එය ඔබේ කුඩා දරුවාට අත්විඳිය හැකි අලුත් සහ සංවේදී දෙයක් වෙනවා.

ඔහු එය සමඟ සෙල්ලම් කරන විට ඔබට ඔහුට “නමන්න”, “අදින්න”, “මිරිකන්න” වැනි සරල උපදෙස් ලබා දෙන්න පුළුවන්.

ඒ හැරුණු විට, දිගටම සෙල්ලම කරන්න. ඔබ මුහුණේ කොටස් පවසන විට ඔහුට ඒවා ඇගිල්ල දිගු
කර පෙන්වන්න පුළුවන් වෙන්න ඕනී.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා 
  • ඔබේ දරුවාට දින චර්‍යාවන්හි හෝ ඔහුගේ පරිසරයේ යම් වෙනසක් නොපෙනේ නම්,
  • ඔබේ දරුවාට සරල ශරීර ක්‍රියා අනුකරණය කිරීමට නොහැකි නම්
දරුවන්ගේ වර්ධනය මාස 15: සමාජීය හා හැගීම් සංවර්ධනය

ඔබේ පුංචි පැටියා ඔහු තමාට දෙන අවධානය ඇතුළුව ඔහුට අවධානය ලබාගන්න කැමතියි. මාස 15 ක්වු සංවර්ධනයේ කොටසක් ලෙස, ඔහුට දැන් කැඩපත තුළ පෙනෙන තමාගේ රුව හඳුනාගන්න පුළුවන්.

එය පුදුමාකාර සොයා ගැනිමක්, ඒ වගේම එය ඡායාරූපවල හුරුපුරුදු මුහුණු දැකීම තරම්ම පුදුම සහගත දෙයක් වෙනවා.

සමහර දරුවන් දිවා කාලයේදී දෙමව්පියන්ගේ ඡායාරූප දැකීමෙන් සැනසීමක් ලබනවා. නමුත් තවත් සමහර දරුවන් කනස්සල්ලට පත් වෙන්න පුළුවන්.

පවුලේ පින්තූරයක් බිත්තියේ එල්ලා තැබිමෙන් කුඩා දරුවෙකුට අයිතිය බවට හැඟීමක් ලබා දන්න පුළුවන්. විශේෂයෙන් ඔහු පින්තූරයේ සිටින අය අතර සිටියි නම් එය එසේ වෙනවා.

දරුවන්ගේ වර්ධනය මාස 15

මාස 15 දරුවාට කැඩපත තුළ පෙනෙන තමාගේ රුව හඳුනාගන්න පුළුවන්.

ඔබේ දරුවා ආශ්‍රය කරන්න කැමති වුවත් ඔහුට තවමත් සමාජ කුසලතා නැහැ. ඔහුගේ ආශා කරන දේවල් ලබා ගැනීම සඳහා සෙල්ලම් කරන අනෙක් දරුවන්ව තල්ලු කිරීම හා පෙරලීම් සිදුවෙන්න පුළුවන්. මෙම අවස්ථාවේදීද කණගාටු වීමට අවශ්‍ය නැහැ.

ඔබේ දරුවාගේ මාස 15 ක් වු සංවර්ධනයේ මෙවන් හැසිරීම් දකින්න පුළුවන්.

සෙල්ලම් කාලය තවමත් පැත්තෙන් පැත්ත පවතිනවා. නමුත් ඉඳහිට ඔබේ පුංචි පැටියා අනෙක් පුද්ගලයින් දෙස අවධානය යොමු කිරීමට පටන් ගන්නවා.

විමසිල්ලෙන් සිටින්න. ඔබේ දරුවා ඔබේ ක්‍රියාව අනුකරණය කරනවා. ඔහු ඔබෙන් දැඩි පෙනුමක් හා “එපා” යන්නත් ඉගෙන ගෙන අවසානයි.

සමාජීය හා හැගීම් සංවර්ධනය සංවර්ධනය ඉහළ නැංවීමේ ක්‍රියාකාරකම්:

සමහර විට කළ හැකි හොඳම දෙය නම් කිසිම දෙයක් නොකර සිටිමයි. විශේෂයෙන් එය සෙල්ලම් කරන දිනය වේලාව වන විට කිසිම දෙයක් නොකර ඉන්න.

ඇතැම් විට ඔවුන්ගේ ක්‍රියාකාරකම් වලට මැදිහත් වෙනවාට වඩා ඉවත් වී සිටීම වැදගත් බව මතක තබා ගන්න. මෙය ඔවුන්ගේ වර්ධනයට හා සංවර්ධනයට සහාය දක්වාවි.

ඔහුට වඩාත් සමාජශීලී වීම දිරිගැන්වීමට ඔබට සෙල්ලම් කිරිමට නිතර අවස්ථා දෙන්න පුළුවන්. නමුත් ඔහු සමාජගත වීමට සූදානම් නැතිනම් ඔහුට බල කරන්න එපා.

ඔබේ දරුවාගේ මාස 15 ක් වු සංවර්ධනයේ කොටසක් ලෙස, ඔහුට තවමත් බෙදා හදා ගැනීමට නොහැකිය.

ඒ නිසා සෙල්ලම් බඩුවක් ලබා ගැනීම සඳහා අනෙක් ළමයින් සමඟ ඔහු රණ්ඩු කරන්න පුළුවන්.

මෙය ඔබ ඔහුව සෙල්ලම් කිරීම වලක්වන්න හේතුවක් නොවේ. ඒ වෙනුවට, එය සිදු වූ විට, කොහොමද ඉන් මිදෙන්නේ කියා ඔහුට පෙන්වන්න.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා –
  • ඔබේ දරුවා ඔබේ අවධානය ලබා ගැනීම සඳහා කිසිවක් නොකරන්නේ නම්
  • ඔහු ක්‍රියාකාරකම් වලින් ක්‍රියාකාරකමට මාරුවීමේදී අධික කනස්සල්ලට පත්වන වෙනවා නම්
දරුවන්ගේ වර්ධනය මාස 15 – කථනය හා භාෂාව සංවර්ධනය

මේ සියලු ගවේෂණයන් හා සොයාගැනීම් සමඟ කටයුතු කිරීම සඳහා, මෙම සංවර්ධන අවධියේදී ඔබේ පුංචි දරුවා ඔබ සමඟ කථා කිරීම සඳහා කෙටික්‍රම සකස් කර ගන්න පුළුවන්.

එනම්, ඔහු නිසි වචනවලට වඩා අභිනයන් සහ ශබ්ද භාවිතා කිරීමට කැමත්තක් දක්වන්න පුළුවන්.

ඔහුට ඔබේ අවධානය අවශ්‍ය නම් ඔහු ඔබේ කකුලෙන් අදිනවා. සෙල්ලම් කිරීමට අවශ්‍ය නම් ඔහු සෙල්ලම් බඩු ඔබ වෙතට තල්ලු කරනවා.

ඔහු තවදුරටත් ආහාර ගැනීම ප්‍රතික්ෂේප කරනවා නම් ඔහුගේ ආහාරය තල්ලු කරනවා.

ඔබ වචන භාවිතා කිරීමට කැමති වුවද ඔහු සන්නිවේදනය සඳහා දරන උත්සාහයට ප්‍රතිචාර දක්වන්න.

ඔහු නියමිත වේලාවට ඉගෙන ගත යුතු දේවල් ඉගෙන ගනියි. ඒ නිසාකරදර වෙන්න එපා.

ඔබේ දරුවාගේ මාස 15 ක් වු සංවර්ධනයේ කොටසක් ලෙස, ඔහු වචන හතරක් හෝ පහක් කියන විදිය දැනටමත් දැන සිටින්න පුළුවන්.

(එය අමුත්තන්ට පැහැදිලි නොවුනත්). ඔහුට සරල උපදෙස් අනුගමනය කරන්න පුළුවන්.

ඒ වගේම දේවල් ඉල්ලන්න පවා පටන් ගන්න පුළුවන්. ඔහුගේ ප්‍රබලම ඉල්ලීම “ අම්මා මාව වඩා ගන්න” 

භාෂාව සහ කථන සංවර්ධනය ඉහළ නැංවීමේ ක්‍රියාකාරකම්:

භාෂා කුසලතා දිරිගැන්වීම සඳහා ඔබේ කුඩා දරුවා සමඟ කතා කරන්න. බොහෝ දෙමව්පියන් ස්වභාවයෙන්ම අනුගමනය කරන ගීත දරුවන්ට ඇහුම්කන් දීමට සැලැස්වීම ඔවුන්ට කථා කිරීමට ඉගෙන ගැනීම සදහා සුදුසු බව පර්යේෂණවලින් හෙළි වී තියෙනවා.

ඔබේ දරුවාට එය නැවත කියන්න නොහැකි වුනත් ආදර්ශ වාක්‍ය සහ කතා කිරීමේ ක්‍රම (“කරුණාකර” සහ “ස්තූතියි” වැනි) භාවිතා කරන්න. එය පසුව ඔහුගේ මනසෙහි රැදේවි.

ඔහුට දිගටම කියවීම දිගටම කරන්න යන්න. ඔහුව නව වචන වලට, විශේෂයෙන් ඒවායේ භාවිතය සහ තේරුමට නිරාවරණය කිරීමට එය හොඳම ක්‍රමය වේ.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා –
  • ඔබේ දරුවා තම අවශ්‍යතා ප්‍රකාශ කිරීම සඳහා “බා, ඩා, ගා” ශබ්ද හෝ වෙනත් වාචික දේවල් භාවිතා නොකරන්නේ නම්
  • ඔහු තමා ගැනම සඳහන් කිරීමට ඔහුගේ නම භාවිතා නොකිරීම හෝ සරල උපදෙස් අනුගමනය කිරීමට නොහැකි නම්
දරුවන්ගේ වර්ධනය මාස 15 – සෞඛ්‍ය හා පෝෂණය සංවර්ධනය

ඔබේ දරුවා මේ වන විට කිලෝග්‍රෑම් 9.2 – 11.5 ක් පමණ බරින් යුක්ත විය යුතු අතර උස සෙන්ටි මීටර 72 – 81.7 ක් විය යුතුය.

සමහර කුඩා දරුවන් මේ වන විටත් හැන්දෙන් ආහාර ගන්නා අතර තවත් සමහරු අවුල් සහගත ලෙස ආහාර හා දෑත් එකට කටට දමා ගන්නවා.

කුළුබඩු සහ ලුණු ගැන සැලකිලිමත් වන්න. ඇට වර්ග දෙන්න එපා.  නමුත් ඒ හැරෙන්නට ඔබේ දරුවාට ඔබේ ආහාර ගන්නා විට ඔබේ ආහාර ආරක්ෂිතව ආහාරයට ගන්න ඉඩ දෙන්න පුළුවන්.

ඔබ කිරි හඳුන්වා දීමට තීරණය කර ඇත්නම්,  කුඩා දරුවන්ට සෑම විටම සම්පූර්ණ මේද සහිත කිරි සහ කිරි ආශ්‍රිත නිෂ්පාදන ආහාරයට ලබා දිය යුතුය.

ඔහුට පෝෂණය හීන කළ කිරි ලබා නොදෙන්න. ඔබේ දරුවාට ලබා ගත හැකි සියලුම කැලරි අවශ්‍යයි.

ඔහු පානය කළ යුතු ප්‍රධාන පානය ජලයයි. ඔහුගේ කිරි සහ පළතුරු යුෂ පානය කිරීම සීමා කරන්න ( සෑම විටම යුෂ තනුක කරන්න).

එසේ නොවුවහොත් එය ඔහුගේ ආහාර රුචියට බලපායි. කෙසේවෙතත්, ඔහුගේ බඩ තවමත් කුඩා බැවින් නිතර එය පිරවීම අවශ්‍ය වේ.

ඒ සදහා ඔහුට සෞඛ්‍ය සම්පන්න කෙටි ආහාර වේල් ලබාදෙන්න ඔබට පුළුවන්.

ඔහුට විවිධ ධාන්‍ය වර්ග, ප්‍රෝටීන් මෙන්ම පලතුරු සහ එළවළු ලබා දීම දිගටම කරන්න. 

සම්පූර්ණ ධාන්‍ය පාන් වේල් තුනක්, විශාල කෙසෙල් 1 ක්, පොඩි කල එළවළු කෝප්පයක්, නට් බටර් තේ හැඳි 2 ක් හෝ ඔබේ අල්ලෙන් 1/3 වු මස් කෑලි 2 ක්, කිරි වේල් 2 ක්ද ලබාදීම සුදුසුයි.

මෙම මාසය තුළ ලබාදිය යුතු ප්‍රතිශක්තිකරණය සදහා ඩිප්තෙරියා සමඟ එම්.එම්.ආර් (සරම්ප, කම්බුල්ගාය සහ රුබෙල්ලා) දෙවන මාත්‍රාව ඇතුළත් වේ.

සමහර රටවල සමහර එන්නත් නීතියෙන් අනිවාර්ය බව මතක තබා ගන්න.  ඒනිසා ඔබේ දරුවාට ඒවා නියමිත වේලාවට ලබා දෙන්න.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා –
  • ඔබේ දරුවා කිසිසේත් ආහාර ගැනීමට උනන්දුවක් නොදක්වන්නේ නම්
  • ඔබේ දරුවා නිතරම උදාසීන වන අතර බර වැඩිවන්නේ නැතිනම්

* සංවර්ධන සන්ධිස්ථාන දරුවාගෙන් දරුවාට වෙනස් වන බව කරුණාවෙන් සලකන්න.

ඔබේ කුඩා දරුවාගේ වර්ධනය පිළිබඳව ඔබට යම් ගැටළුවක් ඇත්නම්, ඔබේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා හමුවෙන්න.

මීලඟ ලිපියෙන් ළමා සංවර්ධනය 16 ව වන මාසය.

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණි

Written by

Niloufer Perera