දරුවාගේ වයස මාස දහසය: ළදරු සංවර්ධනය ගැන ඔබ දත යුතු දේ

දරුවාගේ වයස මාස දහසය: ළදරු සංවර්ධනය ගැන ඔබ දත යුතු දේ

අවුරුද්දයි මාස හතරක් වයසැති දරුවා අලුතින් ඔහුට/ඇයට ලැබුන පරිකල්පන ශක්තිය නිසා අනෙක් අයටද ඒ හා සමාන හැඟීමක් ඇති බව තේරුම් ගන්නට පටන් ගන්නවා.

දරුවන්ගේ වර්ධනය මාස 16: ඔබේ පුංචි පැටියා නිර්මාණය කරගන්නා නව ලෝකයකට පිවිසෙනවා. එය දරුවාගේ පරිකල්පනයේ ආරම්භයයි. කුඩා දරුවන්ගේ සංවර්ධනයේ මෙම අදියරේදී නිර්මාණශීලිත්වය, ගැටළු විසඳීම, විනෝදය සහ සෙල්ලම් කිරීම පෙරමුණ ගන්නවා.

පුංචි දරුවාගේ පැටියාට තව කළ හැකි සිත්ගන්නාසුලු දේවල් බොහොමයි. එන්න අපි ඒ ගැන සොයා බලමු.

ඔබේ පුංචි පැටියාදරුවාගේ පුංචි කාර් එක අරන් “බෘම් බෘම්” කියනවා ඔබ දුටුවාද? ඔබ මේ දකින්නේ දරුවාගේ පරිකල්පනයේ ආරම්භයයි. කුඩා දරුවන්ගේ මානසික සංවර්ධනයේ ඊළඟ අදියර වන්නේ මෙයයි.

තවදුරටත් දරුවාගේ ජීවිතයේ ඇතුලාන්තය දරුවාගේ ඇස් ඉදිරිපිට දකින දේට පමණක් සීමා වන්නේ නැහැ.

මෙය සෙල්ලම්, කතන්දර, පරිකල්පනය පිරි ජීවිතයක් මෙන්ම නිර්මාණශීලීත්වයේ හා ගැටලු විසඳීමේ සමාරම්භය සනිටුහන් කරනවා.

දරුවාගේ වයස මාස දහසය – ඔබේ දරුවා නිසි ලෙස වර්ධනය වෙනවාද?
දරුවාගේ වයස මාස 16 – ශාරීරික සංවර්ධනය

මේ කාලයේ ඔබ වඩාත් විමසිල්ලෙන් සිටිය යුතුය. ඔබේ කුඩා දරුවා කොහෙද? දරුවා කුමක් කරනවාද? බ්ලොක්ස් පෙට්ටිය බිම වැදෙන හඩ ඔබට ඇසුණාද?

ඔබේ මාස 16 ක් වයසැති ආදරණීය හුරතලා ඉහල නැගීම, දිවීම, ළඟා වීම, අල්ලා ගැනීම සහ විසි කිරීම මගින් සිය සංවර්ධනය ලගා කරගනිමින් ඉන්නවා. එය උද්දීපනය කරන්න පුළුවන්.

විශේෂයෙන් දරුවාගේ අපිලිවෙල කුසලතා තවමත් බලාපොරොත්තු වන්න.

දරුවා විශ්වාසයෙන් යුක්තව ඇවිදිනවා නම්, දරුවා තම ඇවිදීමේ කුසලතා ඊළඟ මට්ටමට ගෙන යාමට මේ කාලයේදී පටන් ගන්නවා.

දරුවා  සෙල්ලම් බඩු හෝ පිරවූ සෙල්ලම් සතුන් අතින් ගෙන ඇවිදීමට උත්සාහ කර ඒවා ඔබට ලබා දෙන්න පුළුවන්.

නැතිනම් දරුවා ආපස්සට ගමන් කිරීමට උත්සාහ කරන්න පුළුවන්.

පැලෑටි, මල් දෙස බලමින්, දරුවා පසු කර යන කාර්, බස් හා දුම්රිය දෙස බලමින් ඔබ සමඟ පිටත ඇවිදීම තරම් දරුවා ආස කරන දෙයක් තවත් නැහැ.

වැලි සෙල්ලම් කිරීමට වෙරළට යන්න, මුහුද, පොකුණු වල කැස්බෑවන් සහ මසුන් බලන්න, උද්‍යානයට ගොස් බෝලයක් විසි කරන්න හෝ ක්‍රීඩා පිටියේ බිම් මහල දරුවාගේ අනෙකුත් ප්‍රියජනක දේවල් වෙනවා.

දරුවා ක්‍රීඩා පිටියේ උඩ නැගීමේ උපාංග භාවිතයට පොඩි වැඩියි. නමුත් අවුරුදු දෙකේ සහ තුනේ ළමයින් ඒවායේ නැගීම හා ලිස්සා යාම දැක දරුවා සතුටට පත් වෙනවා. එය නැරඹීමෙන් දරුවා එය කරන්නේ කෙසේදැයි ඉගෙන ගනු ලබනවා.

දරුවන්ගේ වර්ධනය මාස 16 – මානසික සංවර්ධනය

මාස 16 ත් 18 ත් අතර ඔබේ දරුවා මානසික සංවර්ධනයේ ඊළඟ අදියරට පියවර තබනවා. ක්‍රියාවන් අනුකරණය කිරීමේ සිට සංකේතාත්මක සෙල්ලම් වලට මාරුවීමක් ඔබට දකින්න පුළුවන්.

එනම් ඔබේ පුංචි දරුවා ඔබගේ දුරකථනය උදුරාගෙන ඇමතුමක් ලබා ගන්නා අයුරු මවාපෑමක් ලෙස බ්ලොක් හෝ හැඳි දුරකථනයක් ලෙස භාවිතා කරනවා ඔබට දකින්න පුළුවන්.

එය ආදරණීයයි. ඒ වගේම එය විශාල සංවර්ධනයක් වෙනවා. මෙය පරිකල්පනයේ ඇරඹුමයි. ඔබේ කුඩා දරුවාට දැන් නැති දේවල් මවා ගැනීමටත් ඒ මවා ගත් දේවල් සමඟ සෙල්ලම් කිරීමටත් පුළුවන්.

දරුවාගේ මනස ශක්තිමත් වෙමින් තිබුනත් දරුවාගේ අවධානය තවමත් කෙටියි. සාමාන්‍යයෙන්, මෙම වයසේ කුඩා දරුවන්ට වරකට මිනිත්තු කිහිපයක් පමණක් අවධානය යොමු කරන්න පුළුවන්.

ඒ වගේම පහසුවෙන් අවධානය වෙනතකට යොමු වෙනවා. මෙහි වාසිදායක පැත්තක්ද තියෙනවා.

එය සමාජීය හා හැගීම් සංවර්ධනය පිළිබඳ කොටසේ අපි පැහැදිලි කරනවා.

දිනකට කියවීම සදහා නිර්දේශිත මිනිත්තු 10 සිට 20 දක්වා කාලය ඔබ කුඩා දරුවෙකු එක තැනක තබා ගන්නේ කෙසේද? කාර්යබහුල දවසකට පසු නින්දට යන වේලාව ඒ සදහා සුන්දර වේලාවක් වේවි.

නමුත් එම කාලය ඔබේ පුංචි පැටියාගේ ඉවසීමේ මට්ටමෙන් ඔබ්බට දීර්ඝ කරන්න අවශ්‍ය නැහැ.

දරුවන්ගේ වර්ධනය මාස 16

කියවීම දරුවාට රසවත් කිරීමට පොතේ පිටු පෙරලන්න දරුවාට ඉඩ දෙන්න.

දරුවාට එය කරන්න පුළුවන්. ඇය කතාව සමීපව අසා සිටින්නේ නැතිනම් නම් කණගාටු වෙන්න එපා.

මෙම අවස්ථාවෙහිදී දරුවා පින්තූර පෙන්වීමට කැමැත්තක් දක්වන්නත් ඒවා පිළිබඳව අදහස් දැක්වීමට වැඩි උනන්දුවක් දක්වන්නත් පුළුවන්.

ඔහුට පෙරමුණ ගන්න දෙන්න. ඔබ දරුවාව අනුගමනය කරන්න. දරුවාගේ උද්‍යෝගයට ඉඩදෙන්න.

කුඩා කල සිටම දරුවා තුල කියවීමට ඇල්මක් ඇති කිරීමට ඔබ කැමතිද? එසේ නම් ඔබේ ඉලක්කගත මිනිත්තු ගණන වෙනුවට ඊට වැඩි කාලයක් කියවීමට උත්සාහ කරන්න.

නිදසුනක් වශයෙන්, ඔබ උදේ අවදි වූ පසු, ඔබ වැඩ අවසන් වු පසු හා නින්දට යාමට පෙර පොතක් කියවන්න පුළුවන්.

සෑම පොතක්ම කියවන්න ගත වන්නේ මිනිත්තු කිහිපයක් පමණයි.

එසේම, ඔබේ පුංචි පැටියාට ඔබ කියවන අයුරු දකින්න දෙන්න. මේ වයසේදී එය දකින්න පමණක් දෙන්න.

එසේ කරන්න යැයි කියන්න යන්න එපා. දරුවා ඔබව ආදර්ශයට ගනිවි.

දරුවන්ගේ වර්ධනය මාස 16 – සමාජීය හා හැගීම් සංවර්ධනය

ඔබේ පුංචි දරුවා අනෙක් පුද්ගලයින්ට කැමති වෙන්න පුළුවන්. දරුවා ටිකක් සමාජශිලී වෙන්න පුළුවන්. නමුත් දරුවා බෙදා හදා ගැනීමට කැමති නැහැ. දරුවා සෙල්ලම් බඩු, අමතර ආහාර හෝ අවධානය බෙදා ගැනීමට කැමති නැහැ.

දරුවාගේ අවධානය තවමත් තමා සහ ඔහුගේ අවශ්‍යතා කෙරෙහි ස්ථිරව පවතිනවා.

ඒ නිසා ඔබේ පුංචි පැටියා තම සෙල්ලම් බඩු මුලින්ම සෙල්ලම් කිරීමට අවැසි නැති වුනත් වෙනත් කෙනෙකුට පහසුවෙන් භාර නොදෙන්නේ නම් කණගාටු වෙන්න එපා.

මීට මාස කිහිපයකට පෙර ඔබ සහ දරුවා වෙනම පුද්ගලයන් බව තේරුම් ගැනීමට දරුවාට අපහසු වු බව මතක තබා ගන්න. (සමහර විට දරුවා තවමත් එය විශ්වාස කරන්නේ නැහැ)

පරිකල්පනයේ ආරම්භය සමග ඔහුට අනෙක් අයට හැඟෙන ආකාරය සිතන්න පුළුවන්. එනම් දරුවාට හැඟීම් තේරුම් ගන්න සහ එවා බෙදාහදා ගන්න පටන් ගන්නා බවයි.

“ඔයා අඩනවා, ඔයාට දුකයි” සහ “ඔයා හිනාවෙනවා, ඔයාට සතුටුයි” වගේ දේවල් පවසමින් ඔහුගේ හැඟීම් ඔහු වෙනුවෙන් වර්ග කර දීම පටන් ගැනීමෙන් ඔබ වැදගත් කාර්යභාරයක් මෙහිදී ඉටු කරනවා. 

අලුතින් ලැබුන පරිකල්පන ශක්තිය

අලුතින් ඔහුට ලැබුන පරිකල්පන ශක්තිය නිසා අනෙක් අයටද ඒ හා සමාන හැඟීමක් ඇති බව ඔහු තේරුම් ගන්න පටන් ගන්නවා.

ඔබ දුකෙන් සිටින බව දුටු විට ඔබව සැනසීමට ඔබේ දරුවා දෑත් ඔබ වටා යවා වැළද ගන්නා මොහොතට සමාන අන් කිසිවක් නැහැ.

ඔබේ කුඩා දරුවා එක් දෙමාපියෙකු සමඟ ශක්තිමත් බැඳීමක් ඇති කර ගන්නේ නම්, ඔහුගේ කැමැත්තට ඉඩ දෙන්න එපා. ඔහු සමග ඔබ දෙදෙනාම කාලය ගත කිරීමට වග බලා ගන්න.

ඔහු කැමති දෙමව්පියන් පිටත්ව යන විට ඔබේ දරුවා විරෝධය දැක්වීම හෝ හඩා වැටෙන්න පුළුවන්.

එහෙත් ඔබ පිටත්ව ගොස් මිනිත්තු කිහිපයක් ඇතුළත ඔහු යථා තත්වයට පත්වෙනවා. ඔබේ කුඩා දරුවා හොඳින් සිටින බව සහතික කර ගැනීමට ඔහු ලග රැදි මවට හෝ පියාට ඔබ වෙත ඔහුගේ පින්තූර එවීමට ඉඩ දෙන්න.

මේ ඔබේ පුංචි පැටියාගේ කෙටි අවධානය ඔබට වාසියක් වෙන අවස්ථාවයි. ඔහුට ඔබව මඟ හැරෙන නමුත් ක්‍රීඩාවක් හෝ ගීතයක් සමඟ පහසුවෙන් ඔහුගේ අවධානය වෙනතකට යොමු වෙනවා.

ඔහු දුකෙන් හෝ කලබලයෙන් ඉන්න විටත් එය එසේම වෙනවා. ඔබට ඔහුගේ හැඟීම් පිළිගෙන ඉක්මනින් ඒවා වෙනස් කරන්න පුළුවන්. ඔබ එය උද්වේගකාරී හැසිරීමේ මුල් අවධියේදී කලහොත් ඒ සදහාත් ක්‍රියා කරනවා.

දරුවන්ගේ වර්ධනය මාස 16 – කථනය හා භාෂාව සංවර්ධනය

ඔබේ දරුවා සංවාදයක් පවත්වන අයුරු ඉගෙන ගන්නවා. ඔහුට තවම එතරම් අවබෝධයක් නැති වෙන්න පුළුවන්.

නමුත් ඔහු ඔබට දේවල් කියන්න සහ ඔබේ ප්‍රතිචාරයට සවන් දෙන්න උත්සාහ කරනවා. ඔහු ඔබේ සන්නිවේදන විලාසය අනුකරණය කරන අයුරු බලන්නකෝ.

අවාසනාවකට මෙන්, ඔහු “එපා” යන්න පැවසීම අනුකරණය කරනවා. සමහර විට ඔබ ඔහු අවශ්‍ය දෙයක් කරමින් සිටිනවා දකින විට පවා ඔහු “එපා” යැයි පවසන්න පුළුවන්. මෙයට හේතුව ඔබේ පුංචි පැටියා වචන සහ ඒවායේ අර්ථයන් අත්හදා බැලීමයි.

“එපා” යන්නෙහි තේරුම “මෙම තත්පරයේදී එපා, නමුත් ඊළඟ තත්පරයේදී මම එය හොඳින් කරනවා.”

නැතහොත් එහි තේරුම “එපා යන වචනයේ ශබ්දයට මම කැමතියි, ඒ නිසා මම ඔබ කියන දේ කරන්න කැමති වුනත් මම එපා කියලා ගොඩාක් කියනවා.” නැතහොත් එහි තේරුම “ එපා, මට එය ඇත්තෙන්ම අවශ්‍ය නැහැ ”යන්නයි.

ඔබේ පුංචි දරුවා ලෝකයට ඔහුට කල හැකි බලපෑම අත්හදා බලනවා. ඔහුට කොපමණ බලයක් තියෙනවාද? ඔහුට තීරණය කිරීමට ලැබෙන්නේ මොනවාද? එලියට සපත්තු දානවාද නැද්ද යන්න ඔහුට තීරණය කරන්න පුළුවන්ද? ඔහු ස්නානය කරනවාද නැද්ද යන්න තීරණය කරන්න පුළුවන්ද? 

ඔහු වෙනුවෙන් පැහැදිලි සීමාවන් නියම කිරීම සහ ලෝකයේ ඔහුට ඇති ස්ථානය තේරුම් ගන්න ඔහුට උදව් කිරීම ඔබ
සතු වෙනවා.

ඔබේ පුංචි පැටියා තවමත් කතා කරන්නේ නැතුව ඇති, නමුත් ඔබ සිතනවාට වඩා ඔහුට බොහෝ දේ තේරුම් ගන්න පුළුවන්.

ඔහු හැකි සෑම වචනයක්ම හා දැනුමක්ම උරා ගන්නවා. ඉක්මනින්ම ඒවා යලිත් ඔබටම ඇසේවි.

දරුවන්ගේ වර්ධනය මාස 16 – සෞඛ්‍ය හා පෝෂණය සංවර්ධනය

සෑම දරුවෙකුම අවදි වන විට කුසගින්නේන් පෙලෙන්නේ නැහැ.

විශේෂයෙන් පෙර දින සවස් වරුවේ ඔහු හොද ආහාර වේලක් අරගෙන ඇත්නම් කුසගින්නේ අවදිවන්නේ නැහැ.

උදෑසන ආහාරය අවදි වීමෙන් පැය දෙකක් ඇතුලත ලබා දෙන්න.

මෙම වයසේදී ආහාර ගැනීමේ පුරුදු අක්‍රමවත් වෙන්න පුළුවන්. සමහර දිනෙක ඔහු කැද බදුන් තුනක් ආහාරයට ගත්තත් ඊළඟ දවසේ ඔහු කැද හැඳි කිහිපයක් පමණක් ගන්න පුළුවන්.

සමහර දිනෙක ඔහු මාළු ප්‍රිය කරයි. ඊළඟ දවසේ ඔහු එය දිහා හැරිලාවත් බලන එකක් නැහැ.

ඔහු ආහාර ගන්නා ඉහළ පුටුවට විරෝධය දක්වන්න පුළුවන්. ප්‍රමාණවත් ලෙස විනෝද වීමෙන් සම්පුර්ණ ආහාර වේලක් භුක්ති විදින්න පුළුවන්.

ඔබේ දරුවා ක්‍රියාකාරී, සතුටින් හා හොඳින් වැඩෙන තාක් කල් ඕනෑවට වඩා කණගාටු වෙන්න එපා.

ඔහු එතරම් ආහාර අනුභව නොකරන බවක් පෙනෙන්නට තිබුණත් ඔහු හොඳින් කටයුතු කරනවා. එසේම, දත් වැඩිම ගැන විමසිලිමත් වන්න.

දිනපතා ප්‍රධාන ආහාර ගන්නා වේලාවන් සහ කෙටි ආහාර ලබා ගන්නා වේලාවන් ඇතිකර ගැනීම වැදගත් වේ.

කුඩා දරුවන්ට තියෙන්නේ කුඩා උදරයක්, ඒ නිසා ඔවුන් සෑම වාරයකදීම ගොඩක් ආහාරයට ගන්නේ නැහැ.

නමුත් ඔවුන්ගේ කුස නිතර පිරවිය යුතුයි. ඒ නිසා ක්‍රැකර් සහ පළතුරු වැනි සෞඛ්‍ය සම්පන්න කෙටි ආහාර ගබඩා කර තබා ගන්න.

රසකැවිලි සීමා කරන්න. මේවා වර්ධනයට උදව් කරන්නේ නැහැ.

දෙමාපියන් සඳහා උපදෙස්

කුඩා ළමුන් වතුර සෙල්ලම් කරන්න කැමතියි. බාල්දියක්, කෝප්පය සහ හැදි කිහිපයකින් වතුර විහිදමින් නාන කුටියේ හෝ බැල්කනියේ සිට ජල සෙල්ලම් කරන්න කැමතියි.

ඔබේ දරුවා මේ වන විට, එක අතක් පමණක් භාවිතා කරයි නම් ලියන්නේ නැතිනම්, හා කියවන්නේ නැතිනම්, අතවනන්නේ නැතිනම් හෝ කිසිදු ආකාරයක හඳුනාගත හැකි අභිනයන් කරන්නේ නැතිනම් ඔබේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයාගෙන් මේ සම්බන්ධව උපදෙස් ගන්න.

සියලු දරුවන් ඔවුන්ට ආවේණික වු වේගයකින් වර්ධනය වන බව මතක තබාගන්න.

සමහරුන්ට යමක් එක දිගට බොහෝ වේලාවක් කරන්න පුළුවන් නමුත් තවත් සමහරුන්ට විනාඩි දෙකක් එක විදියට ඉන්න බැහැ.

සමහර කුඩා දරුවන් ඔවුන්ගේ ආහාර වලට ආශා කරන අතර අනෙක් අය ආහාර ප්‍රතික්ෂේප කරනවා.

මේ කිසිවක් ඔවුන්ගේ අනාගත සංවර්ධනය පිළිබඳ කිසිදු ඇඟවීමක් කරන්නේ නැහැ.

අයින්ස්ටයින්ට වයස අවුරුදු තුනක් වෙනකම් කතා කරන්න බැරිවුනා කියලා කතාවක් තියෙනවා.

පූර්ව අනතුරු ඇඟවීම් සලකුණු ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා ඒ සම්බන්ධ අපගේ ලිපි බලන්න.

නමුත් ඔබට මේ ගැන සැලකිලිමත් නම්, ඔබේ ළමා රෝගවිශේෂඥ වෛද්‍යවරයා ගෙන් ඒ පිළිබඳ දැනගන්න පුළුවන්.

මීලඟ ලිපියෙන් ළමා සංවර්ධනය 17 වන මාසය.

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණි

Written by

Niloufer Perera