theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

දරුවාගේ වයස මාස දහනවය: ළදරු සංවර්ධනය ගැන ඔබ දත යුතු දේ

8 අවම කියවීම
දරුවාගේ වයස මාස දහනවය: ළදරු සංවර්ධනය ගැන ඔබ දත යුතු දේදරුවාගේ වයස මාස දහනවය: ළදරු සංවර්ධනය ගැන ඔබ දත යුතු දේ

ඔබේ අවුරුද්දයි මාස 7ක පුංචි දරුවා සෑම විටම ඇවිදිනවා, දුවනවා, නටනවා, උඩ නගිනවා. ඔහුගේ ශක්ති මට්ටම් බොහෝ සෙයින් ඉහල යනවා.

දරුවන්ගේ වර්ධනය මාස 19 - ඔබට අඩි ශබ්දයක් ඇහෙනවාද? ඔබේ පුංචි පැටියා සපත්තු රැක් එක සොයාගෙන තියෙනවා.

ඔබේ උස සපත්තු සඟවා තබන්න. නැතිනම් ඔහු ලිස්සා වැටෙන්න ඉඩ තියෙනවා.

නමුත් ඔබ එසේ කරන්න කලින් ඒ මොහොත කැමරා ඇසට හසු කරගන්න අමතක කරන්න එපා. හොදද?

හැම විටකම වාගේ ඔබ ඔහුට සීමාවන් සකසා කර තියෙන නිසා ඔහුට ආරක්ෂිතව ගවේෂණය කරන්න පුළුවන්.

ඔබේ පුංචි දරුවා සෑම විටම ඇවිදිනවා, දුවනවා, නටනවා, උඩ නගිනවා. ඔහුගේ ශක්ති මට්ටම් බොහෝ සෙයින් ඉහල යනවා.

ඔහුට සෑම තැනකම ඉන්න අවශ්‍යයි. ඔහුට සෑම තැනකටම යන්න අවශ්‍යයි. ඔහුට සියල්ල බලන්න අවශ්‍යයි.

කැබිනට් එක විවෘත කර දමාවි, රෙදි සෝදන කූඩ පෙරළා දමාවි, ඔහුගේ ආදරණීය සිනහව ඇද කවර අස්සෙන් එබිකම් කරාවි.

දරුවන්ගේ වර්ධනය මාස 19 - ඔබේ දරුවා නිසි ලෙස වර්ධනය වෙනවාද?

දරුවන්ගේ වර්ධනය මාස 19 - ශාරීරික සංවර්ධනය

එළිමහන ගවේෂණය කිරීමට හොදම කාලය මෙයයි. ඒ නිසා උද්‍යානයට යන්න. නැතිනම් ක්‍රීඩා පිටියේදී මිතුරන් හමුවෙන්න. 

ඔහුට දිවීමට, පන්දුව විසි කිරීමට හා අල්ලා ගැනීම පුහුණුවීම් කරන්න පුළුවන්. මේ අවස්ථාවේදී, ඔහු අල්ලා ගැනීමට වඩා විසි කිරීමට දක්ෂ වෙනවා.

ඔංචිලි පැදීම කුඩා ළමුන්ගේ තවත් ප්‍රියතම සෙල්ලමක් වේ.

නමුත් වේගයෙන් පැද්දෙමින් සිටින කෙනෙකු වෙත ළඟා වන විට ප්‍රවේශම් වීමට ඔහුට කියා දෙන්න.

ඉඟි:

  • ඔවුන්ගේ ළමා කාලයේ වර්ධනය කර ගන්නා චලන කුසලතා ( Gross motor skills) සහ කුඩා මාංශපේෂින් සම්බන්ධීකරණ චලන කුසලතා (Fine motor skills ) මේ මාසය තුළ පහසුවෙන් වැඩි කර ගන්න පුළුවන්.

විවිධ බර හා ප්‍රමාණයෙන් යුත් දේවල් ඔහුට සෙල්ලම් කරන්න ලබා දෙන්න. ඔබේ දරුවා දේවල් ගන්න, විසි කරන්න සහ අත්හරින්න කැමතියි.

මෙම ක්‍රියාවන් ඔහුට බර හා ප්‍රමාණය පිලිබඳ සංකල්ප තේරුම් ගැනීමට සහ ඔහුගේ ග්‍රහණය වර්ධනය කර ගැනීමට උදව් වෙනවා.

  • ඔබේ පුංචි පැටියාට ප්‍රමාණවත් නින්දක් අවශ්‍යයි. සාමාන්‍යයෙන්, මේ වයසේ දරුවන් පැය 12 සිට 14 දක්වා නිදාගන්නවා. සෑම දරුවෙක්ම එකිනෙකාට වෙනස් වෙනවා. එබැවින් ඔබේ පුංචි දරුවා නිදාගන්නා වේලාව ගැන කරදර නොවන්න.
  • සමහර කුඩා දරුවන්ට, දිවා කාලයේ කරන සියලු ක්‍රියාකාරකම් ඔවුන්ගේ සිහින තුලින් පෙනෙනවා. ඔබේ පුංචි දරුවා රාත්‍රියේ ඇවිදිමින් සිටිනවා ඔබට පෙනේවි. සංසුන්ව ඔහුව නැවත ඇඳට ගෙනැවිත් ඔහුගේ ශරීරයට අවශ්‍ය විවේකය ලබා ගැනීමට ඉඩ දෙන්න. මෙම වයසේදී රාත්‍රීයට අවදි වීම අසාමාන්‍ය දෙයක් නොවේ.
  • මාස 19 දී ළමා සංවර්ධනය ඉතා ඉක්මණින් සිදු වේ. සෑම මාස දෙකකට වරක් ඔබේ දරුවා වෙනුවෙන් ගෙන ඇති ආරක්ෂක පියවර සොයා බලා අලුත් කරන්න.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

  • ඔබේ කුඩා දරුවා මධ්‍යම රාත්‍රියේ අවදි වෙනවා වෙනුවට සමහර විට ඔබට අවදිවෙන්න වෙන්න පුළුවන්. සමහර
    කුඩා දරුවන් හයියෙන් ගොරවනවා. සාමාන්‍යයෙන් මෙය හානිකර නැහැ.

නමුත් ඔබ ඒ ගැන කණගාටු වෙනවා නම්, ඔබේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා හමුවන්න.

දරුවන්ගේ වර්ධනය මාස 19 - මානසික සංවර්ධනය

ඔබේ පුංචි පැටියාට දැන් ඔබේ උදව්වෙන් ඇඳුම් ගලවන්න පුළුවන්. සමහරු ඇඳුම් ඇදගන්න පවා පටන් ගෙන තියෙනවා. අම්මාගේ අඩි උස සපත්තු වලට පමණක් නොව තාත්තාගේ දේවල්, ඇඳුම් සපත්තු ද වලටද ඕනම දරුවෙක් ඉතා කැමතියි.

තොප්පි සහ රැවුල අත්හදා බැලීමට තවත් විනෝදජනක දේවල් වෙනවා. නැතහොත් ඔහු තුවාය ඡටාවක් බවට පත් කර ගනිවි.

ඔබේ දරුවා උපකරණ භාවිතා කරන ආකාරය දැනුවත්දැයි සැලකිලිමත් වෙන්න. හැන්දෙන් ආහාර ගන්න පුළුවන් බවත්, බෝතලයකින් පානය කරන්න බවත් ඔහු දන්නවා.

ඔහුට දුරස්ථ පාලකය දුරකථනයක් ලෙස මවා පාන්න පුළුවන්. (නැතිනම් දුරකථනය දුරස්ථ පාලකයක් කරාවි) ඔහු ඔබ කරන දේ අනුකරණය කරන්න ආසයි. ඒ නිසා බෝනික්කෙකුගේ කොණ්ඩය පිරීම හෝ පුංචි වලස් පැටියාට කිරි දීම කරන්න පුළුවන්.

ඉඟි:

  • ඔහු ශරීරයේ විවිධ කොටස් අදුරනවා. ඔබ ඒවා නම් කරන විට ඒවා පෙන්වන්න ඔහුට පුළුවන්. 'Daddy Finger හෝ Head, Shoulders, Knees and Toes'; වැනි ගීත ඔහු සමඟ ගායනා කරන්න. වරක් දෙකක් ගායනා කරන විට ඔහුට එය කියන්න පුළුවන් වේවි.
  • මේ වන විට, ඔබේ කුඩා දරුවාට "වාඩි වෙන්න" වැනි කෙටි වාචික අණ කිරීම් වලට ප්‍රතිචාර දක්වන්න පුළුවන්. කුඩා දරුවන් මේ මොහොතේ ජීවත් වන නිසා ඔහු වැඩි වේලාවක් වාඩි වී නොසිටීවි. "දැන් මම වාඩි වෙලා ඉන්නවා. මම දැන් එසේ නැහැ."
  • සමහර කුඩා දරුවන්ට ඔවුන් කැමතිම බ්ලැන්කට්ටුවක්, සෙල්ලම් බඩුවක් හෝ කොට්ටයක් තියෙන්න පුළුවන්. ඔබේ දරුවා උද්වේගකාරී හැසිරීම ඔබට පාලනය කරන්න අපහසු නම් ඔවුන්ගේ සැනසිලිදායක බ්ලැන්කට්ටුව, සෙල්ලම් බඩුව හෝ කොට්ටය ලබා දෙන්න.
  • සියලු දරුවන් තමන්ගේම වේගයෙන් වර්ධනය වෙනවා. සමහර දරුවන් තම දෙමාපියන්ගේ සපත්තු දාගෙන ඇවිදින්න කැමතියි . තව සමහරු දරුවන් නිහඩව ඒවා නරඹන්න කැමතියි. සමහර කුඩා දරුවන් පැය තුනක කෙටි නින්දක් ලබා ගන්නවා. අනෙක් දරුවන් දවල් දවස පුරාම අවදියෙන් ඉන්න පුළුවන්.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

  • ඔබේ දරුවා ඔබ කියන දෙයට ප්‍රතිචාර නොදක්වන්නේ නම් හෝ ඔබ දෙස නොබලන්නේ යැයි ඔබට හැගෙනවා
    නම් ඔබේ වෛද්‍යවරයා හමුවෙන්න.

දරුවන්ගේ වර්ධනය මාස 19 - සමාජීය හා හැගීම් සංවර්ධනය

ඔබේ පුංචි පැටියාගේ ජීවිතයේ ආදරණීය දේවල් ගොඩාක් සිදුවෙමින් තියෙනවා. ඔබේ කුඩා දරුවා වැළඳගැනීම් හා සිපගැනීම් වලට ආසයි. නමුත් ඔහුට, ඒ සදහා බොහෝ දිගු කාලයක් ගන්නවා යැයි සිතුනොත් ඔහු ඇඹරෙන්න ඉඩ තියෙනවා. ඔහු දිගු හුරතල් කිරීම වලට හා කෙටි වැළඳගැනීම් වලට වැඩි කැමැත්තක් දක්වනවා. 

ඉඟි:

  • පොදු නිර්දේශයන් වන්නේ ඔබේ දරුවාට දිනකට මිනිත්තු විස්සක් කියවීමයි. නමුත් ක්‍රියාශීලී දරුවෙක් එක්ක එය දුෂ්කර වෙන්න පුළුවන්.

ඒ නිසා මේ කියවීම් කරන කාලය කුඩා කොටස් වලට කඩන්න. මෙය ඔබට ඔහු හුරතල් කරන්න වැඩි අවස්ථා ප්‍රමාණයක් ලබා දෙනවා. ඔහුට වාඩි වෙලා ඉන්න අවශ්‍ය නැතිනම් ඔහුට එසේ කිරීමට බල කරන්න එපා.

  • කියවීම විනෝදජනක දෙයක් කරන්න. එවිට වාඩි වී සිටීම සඳහා ඔහුගේ ශක්තිය වර්ධනය වන බව ඔබට පෙනේවි.
  • කුඩා දරුවන්ගේ සංවර්ධනය මාස 19 ක් වන විටත් ඔබේ කුඩා දරුවා වැඩිහිටියන් සමග සම්බන්ධතා පවත්වනවා කැමැත්තක් දක්වනවා.

ඔහු සමහර විට සමාජ දැනුවත් වීමේ පළමු සලකුණ සනිටුහන් කරමින් සෙල්ලම් බඩුවක් හෝ භාණ්ඩයක් වෙනත් දරුවෙකුට ලබා දෙනවා. බෙදාගැනීම සහ වචන භාවිතා කිරීම පිළිබඳව ඔහුට ඉගැන්වීම ආරම්භ මේ කාලය සුදුසුයි.

නමුත් එහි අදහස තේරුම් ගන්න ඔහුට පුංචි කාලයක් ගතවේවි.

  • ඔබේ දරුවා සවන් දීම සහ ඉගෙනීම ප්‍රිය කරනවා. මෙම අවස්ථාවෙහිදී, ඔහුව දිරි ගන්වන්න. විවේචනය
    කරන්න එපා.

ඒ වගේම ඔහුගේ අවධානය ඉතා කෙටි යි. ඒ ඔහුට ඉගැන්වීමට පුංචි කාල පරාස යොදාගන්න .
ඔහුගේ මොළය වෙහෙසට පත් වූ විට ඔහුට එයින් ඉවත් වෙන්න ඉඩ දෙන්න. කණගාටු වෙන්න එපා .

ඔහු ආයෙමත් එනවා. ඒ ඔහු ඔබ සමඟ කාලය ගත කරන්න කැමති නිසයි

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

  • දරුවන් දෙදෙනෙකු එකම විදියට හැසිරෙන්නේ නැහැ. ඔබේ දරුවා ක්‍රියාශීලී නැත්නම් හෝ කිසිදු උපදෙසකට ප්‍රතිචාර නොදක්වයි නම් පමණක්, වෛද්‍යවරයා හමුවෙන්න.

දරුවන්ගේ වර්ධනය මාස 19 - කථනය හා භාෂාව සංවර්ධනය

දරුවන්ගේ වර්ධනය මාස 19

බොහෝ කුඩා දරුවන් වයස මාස 8 සිට 24 දක්වා කාලය තුළ කතා කිරීමට ඉගෙන ගන්නවා. එය පරාසයක් විතරයි. ඔබේ දරුවා තවම කථා කරන්නේ නැතිනම් කණගාටු වෙන්න එපා. කථන ප්‍රමාදයන් ඉතා සුලභයි. එය වඩාත් පොදු සංවර්ධන ප්‍රමාදයක් වෙනවා.

නමුත් ඔබ කණගාටුවට පත්ව සිටී නම්, ඒ සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයකුගෙන් හෝ ළමා රෝගවිශේෂඥ වෛද්‍යවරයෙකුගෙන් විමසන්න.

ඉඟි:

  • ඔබේ දරුවා ඉංග්‍රීසි සහ දෙමළ වැනි තවත් භාෂා ඉගෙන ගන්නේ නම්, මෙම භාෂා වලිනුත් ඔහු වචන ලබා ගන්නවා. ඔබේ පුංචි දරුවා වාක්‍යයක් එක් භාෂාවකින් ආරම්භ කර තවත් භාෂාවකින් අවසන් කරන්න පුළුවන්.

මෙහි ගැටලුවක් නැහැ. පාසැල් විය වන විට ඔහු වෙනස්කම් තෝරාගෙන භාෂා වෙන් වෙන්ව භාවිතා කරන්න ඉගෙන ගන්නවා.

  • ඔබ ඔබේ දරුවාගේ වැදගත්ම ගුරුවරයා වෙනවා. ඔබ ඔහු සමඟ අදහස් හුවමාරු කරන විට වචන භාවිතා කරන්න.

පිටත ඇවිදීමේදී ඔබ දකින දේ හෝ පොතක පින්තූරයක් විස්තර කිරිමේදී ඒවා පෙන්වා දෙන්න.

  • ඔබේ දරුවා තවමත් ආකෘති වචන භාවිතා කරන්නේ නම්, ඔබ එය කෙමෙන් ඔහු ගෙන් මග අරින්න. ආකෘති වචන දිගු කාලීන භාවිතය කථන ප්‍රමාදයට හා දන්ත ගැටළු වලට හේතු විය හැකිය.

දරුවන්ගේ වර්ධනය මාස 19 - සෞඛ්‍ය හා පෝෂණය සංවර්ධනය

අපට ඇත්තට මුහුණ දෙන්න ඕනී. ඔබේ පුංචි දරුවා හැඩි කරමින් ආහාර ගන්නෙක් වෙනවා.

මෙය ඔබට කරදරයක් නම් පිරිසිදු කිරීම පහසුවීම සදහා ඔබට ඔහුගේ පුටුවට ප්ලාස්ටික් ආවරණයක් යොදන්න නැතිනම් පුටුව යටට පැරණි පුවත්පත් තබන්නත් පුළුවන්. 

ඔහුට පහසුවෙන් ආහාර ගත හැකි බදුන් ලබා දෙන්න. ලෝහ බදුන් රත්විය හැකි බැවින් ඔහුට හැකිතරම් ප්ලාස්ටික් බදුන් ලබාදෙන්න.

මේ වනවිට, ඔබේ පුංචි දරුවා දත් මදින්න උනන්දුවක් දක්වන්න පුළුවන්. එයට ඉඩදෙන්න.

නමුත් ඔබ ඔහුට පසු නැවත ඔහුගේ දත් මදින්න.

මාස 19 ක දරුවෙක් සාමාන්‍ය බර කිලෝග්‍රෑම් 9.8 - 12.2 ක් පමණ වන අතර ඔහුගේ සාමාන්‍ය උස සෙන්ටි මීටර 79.6 - 85 කි.

දෙමාපියන් සඳහා උපදෙස්

  • ඔබේ පුංචි දරුවා ආහාර ගන්නා විට හැඩි කළත්, හැන්දක් සහ ගෑරුප්පුවක් භාවිතා කිරීමටද ඔහුට ඉඩ දෙන්න.

ඒ ක්‍රමයෙන් ඔබේ දරුවා සතුටින් කෑම ගනිවි. ඔබේ දරුවාට විටමින් ඒ, සී සහ ඩී සඳහා අතිරේක අවශ්‍ය නම් ඔබේ වෛද්‍යවරයා හමුවන්න.

  • ඔහුගේ කෑම විනෝදජනක කරන්න. ඔහුට විවිධ පලතුරු හා එළවළු සමග මස් ප්‍රෝටීන අවශ්‍ය වෙනවා.
    ඔබ තවමත් දිනකට තුන් හතර වතාවක් මව්කිරි දෙනවාද?

එසේ නම් මෙය දරුවාගේ වර්ධනයට හා සමබර ආහාර වේලට බාධාවක් වෙන්න පුළුවන්. දිනකට කිරි මිලි ලීටර් 600 කට වඩා ගැනීම සුදුසු නොවේ.

  • පිරිසිදු පැස්ටා සෝස්වල එළවළු කලවම් කර පලතුරු වල හැඩතල හදමින් ඒවා ආකර්ෂණීය කරවන්න.
  • නව ආහාර ද්‍රව්‍ය හඳුන්වා දෙන්න. ඔබේ දරුවා එම ආහාරයට ගැනීම පුරුදු වීමට යම් කාලයක් ගත වේවි. ඔහු ඉදිරිපිට ඔබ එම ආහාර අනුභව කරමින් ඔහුගේ විශ්වාසය ගොඩනඟන්න.
  • ප්‍රමාණවත් දියර පානය නොකරන්නේ නම් බොහෝ ළමයින්ට මේ කාලය තුළ මල බද්ධයෙන් ඇති වෙනවා.

ඔබේ දරුවාට හැකි තරම් ජලය පානය කිරීමට දෙන්න. ඔවුන් සඳහා 'පානය කිරීමේ'; කාලයක් වෙන්කර එය විනෝදජනක කරන්න. 

  • ඔහුට වැසිකිලි යෑමට භාවිතා කරන බදුන (පොටිය) භාවිතයට තාම පුංචි වැඩි වුවත් මූත්‍රා කිරීමට හෝ මළපහ කිරීමට අවශ්‍ය වූ විට ඔබව දැනුවත් කරන්න ඔහුට හැකි වෙන්න පුළුවන්. ඒ නිසා එසේ කිරීමට පෙර ඔබව දැනුවත් කරන ලෙස ඔබේ පුංචි පැටියාට කියන්න.
  • ඔබට ආහාර කවන්න අපහසු දරුවෙක් ඉන්න පුළුවන් .එය සම්පුර්ණයෙන්ම සාමාන්‍යයි. 
  • ඔබේ දරුවා සෙල්ලම් බඩු සහ ඔහුගේ අතට හසුවෙන ඕනෑම දෙයක් සපන්න පුළුවන්. ඒ නිසා බඩේ අමාරුවක් සෑදීම වළක්වා ගැනීම සඳහා සෙල්ලම් බඩු සහ ගෘහ භාණ්ඩ හා බිම හැකි තරම් පිරිසිදුව තබා ගන්න.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

මෙම වයසේදී, ඔබ සැලකිල්ලෙන් සිටීම ඉතා වැදගත් වෙනවා. ඔබේ දරුවා ආහාරයට ගත නොහැකි දෙයක් අහම්බෙන් ගිල දැමුවහොත් වහාම වෛද්‍යවරයා හමුවන්න.

මීලඟ ලිපියෙන් ළමා සංවර්ධනය 20 වන මාසය.

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණි

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
  • /
  • දරුවාගේ වයස මාස දහනවය: ළදරු සංවර්ධනය ගැන ඔබ දත යුතු දේ
බෙදාගන්න :
  • දරුවාගේ වයස මාස දහ හත: ළදරු සංවර්ධනය ගැන ඔබ දත යුතු දේ

    දරුවාගේ වයස මාස දහ හත: ළදරු සංවර්ධනය ගැන ඔබ දත යුතු දේ

  • දරුවාගේ වයස මාස දහසය: ළදරු සංවර්ධනය ගැන ඔබ දත යුතු දේ

    දරුවාගේ වයස මාස දහසය: ළදරු සංවර්ධනය ගැන ඔබ දත යුතු දේ

  • දරුවාගේ වයස මාස දහ හත: ළදරු සංවර්ධනය ගැන ඔබ දත යුතු දේ

    දරුවාගේ වයස මාස දහ හත: ළදරු සංවර්ධනය ගැන ඔබ දත යුතු දේ

  • දරුවාගේ වයස මාස දහසය: ළදරු සංවර්ධනය ගැන ඔබ දත යුතු දේ

    දරුවාගේ වයස මාස දහසය: ළදරු සංවර්ධනය ගැන ඔබ දත යුතු දේ

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it