දරුවාගේ වයස මාස විස්ස: ළදරු සංවර්ධනය ගැන ඔබ දත යුතු දේ

දරුවාගේ වයස මාස විස්ස: ළදරු සංවර්ධනය ගැන ඔබ දත යුතු දේ

මේ ඔහු චිත්‍ර පාට කරමින් සෙල්ලම් කරන කාලයයි. ඔබේ දරුවාගේ නිර්මාණශීලිත්වය සහ සිතුවිලි පිබිදෙමින් තියෙනවා.

දරුවන්ගේ වර්ධනය මාස 20: ඔහුගේ ගමන විටෙක බියජනක නමුත් සිත් ඇදගන්නාසුළුයි. මෙම වර්ධන අදියරේදී ඔබ ඔහුගේ මඟ පෙන්වන්නා වෙනවා. ලොකු වගකීමක් නේද?

තව මාස හතරකින් ඔහුට අවුරුදු දෙකක්, ඔබේ පුංචි දරුවා ඉක්මනින්ම වර්ධනය වෙලා නේද? ඔබේ දරුවාගේ ස්වාධීනත්වය වඩාත් පැහැදිලිව පෙනෙන්නට පටන් ගන්නවා. ඔහුට තනියම ඔහුගේ ඇඳුම් ගැල්වීමට අවශ්‍ය වේවි. 

සියලුම දරුවන් තමන්ගේම වේගයෙන් වර්ධනය වෙනවා . සමහරු පුංචි අහිංසකයන් වේ. සමහරු කුඩා සුළි සුළං වන් වේ.

සමහර කුඩා දරුවන් සම්පූර්ණ වාක්‍යයෙන් කථා කරන අතර අනෙක් කුඩා දරුවන් තවමත් සංඥා භාෂාවට වැඩි කැමැත්තක් දක්වනවා.

මේ කිසිවක් ඔවුන්ගේ අනාගත සංවර්ධනය හෝ අධ්‍යාපනය පිළිබඳ ඇඟවීමක් නොවේ. අයින්ස්ටයින්ටත් වයස අවුරුදු තුන වන තුරු කතා කිරීමට නොහැකි වු බව කතාවක් තියෙනවා.

දරුවන්ගේ වර්ධනය මාස 20 – ඔබේ දරුවා නිසි ලෙස වර්ධනය වෙනවාද?
දරුවන්ගේ වර්ධනය මාස 20 – ශාරීරික සංවර්ධනය

පඩි පෙළ තවදුරටත් ඔබේ කුඩා ඇවිදින්නන්ට තර්ජනයක් නොවේ. ඔහු ඉහළට යන අතර කුඩා සහයක් ඇතිව ඔහුට නැවත ආරක්ෂිතව බහින්නත් පුළුවන්. ඔබේ කුඩා දරුවා කාර්‍යබහුල බවක් පෙනෙන්නට තියෙනවා . ඔහු මේ දිනවල දුවන්න, ඇවිදින්න ගොඩාක් කැමතියි. ඔහු නැටුමට දක්ෂයෙක් නම්, ඔහු පනිමින් නට නටා ඉන්නවා ඔබට දකින්න පුළුවන්.

ඉඟි:

  • තනි කකුලෙන් සිටගෙන සිටීම කුඩා දරුවන්ගේ ශාරීරික වර්ධනයේ වැදගත් පියවරක් වෙනවා. ඔබේ අත අල්ලාගෙන ඔබේ කුඩා දරුවාට එය කරන්න පුළුවන්ද කියා බලන්න. ඔහුගේ කකුල් දෙකෙන් වුවත් සමතුලිත වීම තවමත් අසීරූ වේ. නමුත් තනි කකුලෙන් ඔහුට එය කරන්න දෙන්න.
  • ඔහු නිවසේ විවිධ ගෘහ භාණ්ඩ උඩට නැගීමට උත්සාහ කරනවා.
  • කුඩා මස්පිඩු සම්බන්ධීකරණ චලන හැකියාවන් ( fine motor skills) සංවර්ධනයේදී, ඔබේ පුංචි පැටියාට රේඛා අදින්න පුළුවන්. සෘජු හා පැහැදිලි ඒවා නොවෙයි විශාල පොකුරක් එකට ඔහු අදිවි. ඒක, ඔබට ඔහුව එකතැනක වැඩි වේලාවක් තියාගන්න ඕනී නම් හොද ක්‍රමයක් වෙනවා.
  • ඔහු හැඩතල සෑදීමට හා චිත්‍ර පාට කිරිමට කැමතියි. ඔහුගේ සම්බන්ධීකරණය පුහුණු කිරීම සඳහා ෆින්ගර් පේන්ට් සුදුසුයි. දරුවන් ඔවුන්ගේ සිරුරේ තීන්ත ගාගන්න කැමති නිසා ඔබ ඔහුට බිබ් එකක් පළදවන්න. නැතිනම් ඔහුගේ ඇඳුම් ගලවා ඉවත් කරන්න. පිරිසිදු කරන්න පහසු වීම සදහා නාන කාමරයේ හෝ බැල්කනියේ ඔබේ පුංචි සිත්තරාට සායම් භාවිතා කරන්න දෙන්න.
වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා –
  • මේ අවදියේදී දරුවන් වැටෙන්න තුවාල කරගන්න පුළුවන්. ඒ තවමත් ඔවුන් දේවල් ග්‍රහණය කර ගන්න උත්සාහ කරන නිසායි. එසේ වැටුන විට ඔබේ දරුවා පැය ගණනක් නොකඩවා අඩනවා නම් හෝ වැදුනු ප්‍රදේශය ඉදිමී ඇත්නම් වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමුවෙන්න.
දරුවන්ගේ වර්ධනය මාස 20 – මානසික සංවර්ධනය

ඔබේ කුඩා දරුවාගේ මොළය නිතර, අලුත් දේවල් ඉගෙන ගනිමින් ඔහුගේ වටපිටාව ගවේෂණය කරමින් කාර්‍යබහුලයි. ඔහුගේ සිතුවිලි පිපිදෙන විට ඔහු වඩාත් බියට පත්වන බවක් ඔබට පේන්න පුළුවන්. ඔ

දරුවන්ගේ වර්ධනය මාස 20

හු ඉදිරිපිට නැති දේවල් ඔහුට සිතන්න පුළුවන් නිසා, බියජනක දේවල් ගැනද සිතන්න ඔහුට පුළුවන්.

ඔහුගේ බිය බැරෑරුම් ලෙස සලකන්න. සැබෑව සහ මනංකල්පිතය අතර වෙනස හඳුනා ගන්න ඔහු තවම දන්නේ නැහැ. ඔහුගේ සිතුවිලි සහ බිය තේරුම් ගැනීමට ඔහු ඔබේ උදව් බලාපොරොත්තු වෙනවා. සැමවිටම ඔබ වෙත පැමිණ ඔබේ ආදරණීය දෑත් අතර සුරක්ෂිත වෙන්න පුළුවන් බව ඔහුට අගවන්න.

ඉඟි:

  • ඔහුගේ අවධානය තවමත් ඉතා කෙටි යි. ඒනිසා ඔහු ඉතා බියපත් වුවත් ඉක්මනින් හුරතල් කර ඔබට ඔහුගේ අවධානය වෙනතකට යොමු කරන්න පුළුවන්.
  • ඔබේ දරුවා වැලි, ජලය, කොළ සහ මඩ සමඟ සෙල්ලම් කරන්න කැමතියි. ඔහුට සෙල්ලම් කරන විට අදින්න ඇඳුම් වෙන් කරන්න. ඔහු සෙල්ලම් කිරීමට පිටතට යන විට ඔහුගේ ඇදුම් අපිරිසිදු වෙන නිසා ඔහුව මෙම ඇඳුම් අන්දවන්න. එවිට එය ඔබට කරදරයක් නොවේවි.
  • ඔහු ජල ක්‍රීඩාවටද ආසා කරනවා. ඒ නිසා ඔහු සමඟ සෙල්ලම් කිරීම සඳහා ප්ලාස්ටික් කෝප්ප හා පෙට්ටි නාන කාමරයේ තබන්න.
  • දරුවා ඔබව අනුකරණය කරන අයුරු බලන්න. ඔහුගේ ප්‍රියතම දෙය වන්නේ දේවල් අහුල ගැනීම සහ එය විසි කිරීමයි.
  • ඔහු ආහාර වේලාවේදී සෙල්ලම් කරන අතර, බෝනික්කාට හෝ සුරතල් වලසාට කෑම කවන්න උත්සාහ කරමින් ඔබව අනුකරණය කරාවි.
වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා –

ඔහු ඕනෑවට වඩා ආක්‍රමණශීලී බව ඔබ දුටුවහොත් හෝ ඔහු කරන ඕනෑම ක්‍රියාකාරකමක් අතරතුර ඔහුට අදහස් දැක්වීමට නොහැකි නම් වෛද්‍යවරයකු හමුවන්න. 

දරුවන්ගේ වර්ධනය මාස 20 – සමාජීය හා හැගීම් සංවර්ධනය

දරුවන්ට සුරක්ෂිතභාවය හා ආදරය දැනෙන විට ඔවුන් වඩාත් හොඳින් ඉගෙන ගන්නවා. ඔබේ දරුවාට අවශ්‍ය වූ විට ඔහුව සනසන්න.

ඔහුට අපේක්ෂාවන් වෙත යන්න පහසු කරන්න. සියළුම දරුවන් තමන්ගේම වේගයෙන් වර්ධනය වන වෙනවා.

එහිදි නියමිත වේලාවට හෝ ඊට කලින් හෝ ඊට පසුව ඔවුන්ගේ සංවර්ධන සන්ධිස්ථානවලට ලගා වුනත් පාසල් වයසේදී සියලුම දරුවන් එකම මට්ටමකින් වර්ධනය වන බව පර්යේෂණයන් පෙන්වා දෙනවා.

ඉඟි:

  • උද්වේගකාරී හැසිරීම් ආරම්භයට සූදානම් වන්න. පෙරදී කිසි කලබලයක් නොකල ඔබේ පුංචි පැටියා ඔහුගේ අවශ්‍යතා නොලැබුනේ නම් ඝෝෂාකාරී ලෙස හැසිරෙන්න පුළුවන්.

හැඩීම, බිම පෙරලීම, කෑගැසීම, පයින් ගැසීම, සපා කෑම යන මේ සියල්ලම කුඩා දරුවන්ගේ සංවර්ධනයේ මේ අදියරේදී සිදුවේ.

  • ඔබ සන්සුන්ව සිටීම වැදගත්ය. ඔබේ කුඩා දරුවා තවමත් ඔහුව පාලනය කරන්න ඉගෙන ගෙන නැහැ.

ඔහුට අවශ්‍ය ඔහු ගේ හැසිරීම නිවැරදි බව ඔබට පෙන්වීමටයි.

  • හොඳින් හැසිරීමට ඔහුව ධෛර්යමත් කරන්න. ඔහු ප්‍රසිද්ධ ස්ථානයන් හිදි වලදී එසේ හැසිරුනහොත් (බොහෝ විට) එය වළක්වන්න උත්සාහ නොකරන්න.

ඒ වෙනුවට, ඔහුට සන්සුන් වෙන්න හැකි සංසුන් ස්ථානයකට ඔහුව ගෙන යන්න.

  • සියල්ලටම පසු බොහෝ දෙනෙකුට ඔබ දෙස අනුකම්පාවෙන් බලාවි.
  • උද්වේගකාරී හැසිරීම පැමිණෙන්නේ කොහෙන්ද යැයි වටහා ගන්න අපහසුයි.

බොහෝ විට එය කිසිසේත්ම වැදගත් නොවන දේවල් නිසා වර්ධනය වු කලහකාරීව හැසිරිමක් වේවී. නැතිනම් එය වෙහෙස, කුසගින්න හෝ ඕනෑවට වඩා උද්දීපනය වු විට ඇති වෙනවා.

  • සෙල්ලම් දින සුන්දර වේවි. සියලුම දරුවන් සඳහා අවශ්‍ය තරම් සෙල්ලම් බඩු තබන්න.

කුඩා දරුවන්ගේ වර්ධනයේ මෙම අවස්ථාවෙහිදී, ඔබේ කුඩා දරුවා බෙදා ගැනීමේ කුසලතාව තවමත් ප්‍රගුණ කර නැහැ.

විශාල උත්සව රැස්වීම්වලට වඩා පුංචි දරුවන් කිහිප දෙනෙක් එක්ක කාලය ගත කිරීම ඔබේ පුංචි පැටියාට හොඳින් ගැලපනවා

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා –

ඔබේ දරුවාගේ හැසිරීම පාලනයෙන් තොරද කියා සමහර විට ඔබ කල්පනා කරනවා වෙන්න පුළුවන්.

සෑම කුඩා දරුවන් හතර දෙනෙකුගෙන් එක් අයෙකු සංවේදී වන අතර වෙනස් වීම් වලට අනුව හැඩගැසීම ඔවුන්ට අපහසු වෙනවා.

මෙම දරුවන් උද්වේගකාරී ලෙස හැසිරෙනවා. ඔබේ දරුවාත් එසේ යැයි ඔබ සිතන්නේ නම් ඒ විසදුම් මාර්ග සොයා ගැනීමට ළමා සංවර්ධන විශේෂඥයෙක් හමුවෙන්න.

දරුවන්ගේ වර්ධනය මාස 20 – කථනය හා භාෂාව සංවර්ධනය

සාමාන්‍ය දරුවා මාස 20 දී වචන 15 ක් දන්නා අතර කථා කරනවා. නමුත් සමහර දරුවන් එසේ වන්නේ නැහැ.

ඒ නිසා ඔබේ පුංචි දරුවා දෙස බලා ඔහුට කතා කරන්න දෙන්න.

ඔබ ඔහු කියන දේ කියන්න. ඔබ කණගාටු වන්නේ නම්, ඔබේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා හමුවෙන්න.

ඉඟි:

  • වාක්‍යය ප්‍රශ්නයක් සේ හැගෙන ශබ්දයකින් අවසන් කරමින් ඔබේ දරුවා ප්‍රශ්න ඇසීමට පටන් ගන්නවා. ඔහු; “බබාගේ කිරි” හෝ “බෝලය විසිකරන්න” වැනි වචන දෙකක වාක්‍යයක් පවා පවසන්න පුළුවන්.
  • ඔහු සර්වනාම සදහා යෙදෙන වචන සහ නම් වලට වැඩි කැමත්තක් දක්වන බව පේනවා. ඔහුව “බබා” හෝ ඔහුගේ නමින්ම ඔහු හඳුන්වන බවත් ඔබට පෙනේවි.

සර්වනාම කළමනාකරණය කිරීමට තවමත් අසීරු වන නිසා “අම්මා” සහ “තාත්තා” සහ “බබා” වැනි වචන ඔහු භාවිතා කරනවා.

  • ඔහු අලුත් වචන ඉගෙන ගැනීමට වඩා උද්යෝගිමත් වනු වේවි. පින්තූර පොතක් ගෙන අවම වශයෙන් නව වචන 10 ක් වත් ඔහුට උගන්වන්න.
  • සෑම දෙයකටම “එපා” යැයි පවසන්න එපා. ඒ එහි වැදගත්කම නැති වී යන නිසායි.

ඉල්ලීම් ස්වරූපී වාක්‍ය භාවිතා කිරීමට උත්සාහ කරන්න. අනාගතයේදීද ඔවුන් ඉගෙන ගනු ඇත්තේ එයයි.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා –

ඔබේ දරුවා මේ වන විට කිසිදු වචනයක් භාවිතා නොකරන්නේ නම් කථන ප්‍රමාද වීමේ ගැටළු සඳහා වෛද්‍යවරයා හමුවෙන්න.

දරුවන්ගේ වර්ධනය මාස 20 – සෞඛ්‍ය හා පෝෂණය සංවර්ධනය

දරුවාගේ මොළයෙන් 90% ක් පමණ සාමාන්‍යයෙන් වර්ධනය වන්නේ ඔවුන්ගේ ජීවිතයේ පළමු වසර පහ ඇතුලතයි.

ඔබේ දරුවා පළමු අවුරුදු පහ තුළ ඉතා සතුටින් හා සෞඛ්‍ය සම්පන්නව සිටියහොත් කුමක් සිදුවේද?

මොළයේ වර්ධනය හොද පෝෂණයක් අවශ්‍ය වෙනවා. ඔබේ පුංචි පැටියාට ආහාර ලබා දීම අසීරුයි නේද? ඒත් එක කරන්න බැරි නැහැ.

ඉඟි:

  • මාස 20 ක් වයසැති දරුවෙකු ඉක්මනින්ම රෝගී වීමටත් පහසුවෙන් සුවය ලැබීමටත් පුළුවන්. නමුත් ඒ ගැන කණගාටු වෙන්න එපා, එය ඔවුන්ගේ ප්‍රතිශක්තිය වර්ධනය කිරීමට උපකාරී වෙනවා.
  • ඔබේ දරුවා හදිසියේම කසනවා හෝ අක්‍රියව සිටින බව දුටුවහොත් ඔවුන්ගේ ශරීර උෂ්ණත්වය පරීක්ෂා කරන්න.
  • සාමාන්‍යයෙන් මාස 20 ක් වයසැති දරුවා කිලෝග්‍රෑම් 10.8-17.4 ක් බරින් යුක්ත වන අතර ඔහුගේ උස සෙන්ටිමීටර 86.4-100.4 ක් පමණ වෙනවා.
  • ඔහු අතට අසුවෙන ඕනෑම දෙයක් අහුල ගෙන කන්න උත්සාහ කරනවා. ඔහු අනුභව කරන ආහාර සෞඛ්‍ය සම්පන්න, නැවුම් සහ පෝෂ්‍යදායී වීමට වග බලා ගන්න.
  • වර්ණවත් ආහාර ද්‍රව්‍ය ඔබේ දරුවාගේ අවධානය ලබාගන්න උදව් වෙනවා දිනක් තුළ ඔබේ දරුවා අවම වශයෙන් එක් පලතුරක් (ග්‍රෑම් 50-100), ඕනෑම ආකාරයකින් එළවළු කෝප්පයක් සහ කිරි මිලි ලීටර් 250-300 ක් අනුභව කරන බවට වග බලා ගන්න. ප්‍රෝටීන ලෙස ඔවුන්ට බිත්තරයක් හෝ කුඩා මස් කැබැල්ලක් සම්පුර්ණයෙන්ම ලබා දෙන්න පුළුවන්.

මීලඟ ලිපියෙන් ළමා සංවර්ධනය 21 වන මාසය.

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණි

Written by

Niloufer Perera