theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

දරුවාගේ වයස මාස විසිඑක: ළදරු සංවර්ධනය ගැන ඔබ දත යුතු දේ

7 අවම කියවීම
දරුවාගේ වයස මාස විසිඑක: ළදරු සංවර්ධනය ගැන ඔබ දත යුතු දේදරුවාගේ වයස මාස විසිඑක: ළදරු සංවර්ධනය ගැන ඔබ දත යුතු දේ

මාස 21 දී ඔබේ දරුවාගේ සම්පුර්ණ අවධානය ඔබ වෙත යොමු කරනවා. ඔහු ඉදිරිපිට ඔබ කරන කියන දේ ගැන ඉතා සැලකිලිමත් වන්න.

දරුවන්ගේ වර්ධනය මාස 21: දිගු උපදෙස් ලැයිස්තුවක් එක්ක පුංචි දරුවාට උගන්වන්න ඔබට බැහැ. දරුවන් යනු කැඩපතකට හොඳම උදාහරණයයි.

ඔවුන් ඔබව අනුකරණය කිරීමෙන් වැඩිපුරම ඉගෙන ගන්නවා.

මාස 21 දී ඔබේ දරුවාගේ සම්පුර්ණ අවධානය ඔබ වෙත යොමු කරනවා. ඔහු ඉදිරිපිට ඔබ කරන කියන දේ ගැන ඉතා සැලකිලිමත් වන්න.

දරුවන්ගේ වර්ධනය මාස 21 - ඔබේ දරුවා නිසි ලෙස වර්ධනය වෙනවාද?

දරුවන්ගේ වර්ධනය මාස 21 - ශාරීරික සංවර්ධනය

ඔබේ කුඩා දරුවා දැන් තමා ගැනම බලා ගැනීමට පටන් ගෙන ඇති බව ඔබ දුටුවාද?

එලිමහනේ සෙල්ලම් කිරීමෙන් පසු ඔහුට අත් සහ පාද සෝදා ගන්න පුළුවන්. ඔහුට සෙරෙප්පු පාද මාරු කර හෝ පැළඳින්න පුළුවන්.

ඔබ ඔහුට ආහාර ගන්න කියා දුන්නහොත් ඔහු මේ වන විටත් තනියම ආහාර ගන්නවා.

ඔහු නිතරම ඇවිදිනවා වගේ පෙනුනත් ඔහු සැබවින්ම අවදිව ඉන්න කාලයෙන් සියයට 20 ක් පමණ ගත කරන්නේ දේවල් දෙස බලා සිටින්න බව ඔබ දැන සිටියාද?

ඉඟි:

  • කුඩා දරුවන්ගේ සංවර්ධනයේ මෙම අවදියේදී තවමත් දිවීම,ඉහල නැගීම සහ නැටීම සිදු කරනවා. ඔබේ පුංචි දරුවා ඉතා ඉක්මණින් පනින්නත් පටන් ගනිවි.
  • සෝෆා එක ලග මෘදු කාර්පට් කිහිපයක් එලන්න. 
  • ඔහුට බ්ලොක්ස් හයක් ගොඩගැසීමට පුළුවන්.
  • ඔහු බෝලයක් පයින් ගැසීම හා කුඩා බෝලයක් උඩට විසි කරන ආකාරය දැකීම ඔබට සතුටක් වේවි.
  • ඔහු කිසිදු සහයක් නොමැතිව පඩිපෙලෙන් බැස යන විට සුපරීක්ෂාකාරී වන්න. ඔහු එතරම් ස්වාධීනයි.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

ඔබේ දරුවා පෙර පෙන්න වු නව කුසලතා හදිසියේම තවදුරටත් නොපෙන්වයි නම් වහාම වෛද්‍යවරයා හමුවන්න.

දරුවන්ගේ වර්ධනය මාස 21 - මානසික සංවර්ධනය

දරුවාගේ වයස මාස විසිඑක: ළදරු සංවර්ධනය ගැන ඔබ දත යුතු දේ

ඔබේ දරුවා ඉගෙන ගන්නා වැදගත්ම ක්‍රමය සෙල්ලම් කිරිමයි. ඔහුට තියෙන්නේ කෙටි අවධානයක්, නමුත් සෙල්ලම් කරන්න ආසයි.

ඔබ මීට පෙර ඔහු සමඟ ප්‍රහේලිකා විසදා ඇත්නම් දැන් ඔහුට කෑලි තුනක් හෝ හතරක් ප්‍රහේලිකා විසදීමට පුළුවන්.

ඔහුගේ අවධානය කෙටි වෙන්න පුළුවන්. නමුත් ඔහු තුල කාලය පිළිබඳ හැඟීමක් දැන් වර්ධනය වෙනවා.

ඊළඟට මොකද වෙන්නේ කියා ඔහුට පවසමින් ඔබට දවස පුරා ඔහු සමඟ කතා කරන්න පටන් ගන්න පුළුවන්.

නිදසුනක් වශයෙන්, දිවා ආහාරයෙන් පසු ඔහු නින්දට යන බවත්, නින්දෙන් පසු ඔබ ක්‍රීඩා පිටියට යන බවත් ඔබට ඔහුට කියන්න පුළුවන්.

එවැනි අපේක්ෂාවන් සැකසීම ඔබේ කුඩා දරුවාට දිනෙන් දින වෙනස් වන ලෝකයක නැංගුරමක් ලබා දෙනවා.

එය ඔහුට ආරක්ෂිත බවක් ඇති කරනවා. ඔබ කාලසටහනක් සකසා ඔහුට පැවසීමෙන් පසු ඔබ එය දිගටම පවත්වා ගෙන යෑම වැදගත් වෙනවා.

ඉඟි:

  • ඔබේ පුංචි දරුවා "පිරිමි" හෝ "ගැහැණු"  දේවල් සඳහා මනාපයක් වර්ධනය කිරීමට පටන් ගන්නා බව ඔබට පෙනේවි.
  • මේ කාලය තුළ ඔහු ස්ත්‍රී පුරුෂ භේදය පිළිබඳව අදහස් දැක්වීමට පටන් ගන්නවා.

විශේෂයෙන් ඔහු නාන තටාකයේ සහෝදරයෙකු හෝ සහෝදරියක් දුටුවහොත් එය ඇතිවෙන්න පුළුවන්.

  • ස්ත්‍රී පුරුෂ භාවය සම්බධයෙන් නොපිළිගත හැකි දේවල් කරන අතර ඔහුගේ කැමැත්ත වෙනත් ස්ත්‍රී, පුරුෂ භාවයක් ලෙස ප්‍රකාශ කරන්න පුළුවන්. කණගාටු වෙන්න එපා. එය සංවර්ධනයේ සාමාන්‍ය කොටසකි.
  • ඒ වගේම තවත් සංවර්ධන අවධියක් කෙරෙහි ඔබගේ අවධානය යොමු කිරීමට අවශ්‍යයි.

ඔහු කුඩා දේවල්, ඔහුගේ නාසය හෝ කන් වැනි ස්ථාන වලට ඇතුල් කරන්න පුළුවන්.

පුංචි පුංචි දේවල් ගැන වැඩිපුර සැලකිලිමත් වන්න. පබළු, කාසි සහ වෙනත් පුංචි දේවල් ඔහුට ලගා විය නොහැකි ලෙස තබන්න.

  • අවසාන වශයෙන්, ප්‍රසිද්ධ ස්ථානවල උද්වේගකාරී ලෙස හැසිරීමට කැමති එකම තැනැත්තා ඔබේ ආදරණීය පුංචි පැටියා පමණක් නොවේ.
  • පුස්තකාලය වැනි ස්ථාන වෙත අඩුවෙන් යන්න. සාධාරණ අපේක්ෂාවන් තබාගන්න.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

  • ඔබේ දරුවා වටා ඇති දේවල් ගැන සුපරීක්ෂාකාරී වන්න. ඔහු හුස්ම හිර කරගන්න හෝ කාසියක් ගිලින්න පුළුවන්.

එසේ සිදුවුවහොත් වහාම වෛද්‍යවරයකු හමුවන්න.

දරුවන්ගේ වර්ධනය මාස 21 - සමාජීය හා හැගීම් සංවර්ධනය

ඔබේ පුංචි පැටියා කාලය පිළිබඳ හැඟීමක් වර්ධනය කරගන්නා නිසා, චර්යාවන් වඩ වඩාත් වැදගත් වෙනවා.

අපේක්ෂා කරන දේ දැන ගැනීමෙන් එක් ක්‍රියාකාරකමකින් තවත් ක්‍රියාකාරකමකට මාරුවීම වඩාත් සුමටව සිදු වෙනවා.

නිදසුනක් වශයෙන්, ඇග සෝදා, දත් මැද, කතන්දරයක් කියා සහ හුරතල් කර දරුවා සැහැල්ලු කිරීමෙන් ඔහුට නින්ද ලගා වේ.

සංවර්ධනයේ මෙම අදියර ඔබේ දරුවාගේ සහ ඔබේ අපේක්ෂාවන් සකස්කිරීම සදහායි.

මෙය කිරීමට බොහෝ ක්‍රම තියෙනවා. ඔබට දවසේ කාලසටහන ඔහු සමඟ කතා කළ හැකි අතර ඊළඟට කුමක් සිදුවේදැයි දවස පුරා ඔහුට මතක් කර දෙන්න පුළුවන්.

ඉඟි:

  • සතිය සඳහා ප්‍රස්ථාරයක් ඇද එය ශීතකරණයේ දොරට තබා අලවන්න. ඉන්පසු සෑම දවසකටම කාන්දම් කැබැල්ලක් තබන්න ඔහුට ඉඩ දෙන්න. මෙය ඔහුට සතියේ දින සහ සති අන්ත අතර වෙනස හඳුනා ගැනීමට උපකාරී වෙනවා.
  • ඔබ සෙල්ලම් දිනයක් හෝ වෙනත් විනෝද ක්‍රියාකාරකමක් සදහා යාමට පෙර ඔබේ පුංචි දරුවාට ඒ සදහා වු කාලය දැනුම් දීමක් කරන්න. මේ මගින් ඔහුට මානසිකව සූදානම් වෙන්න පුළුවන්. මේ සදහා මිනිත්තු කිහිපයක් 
  • සාමාන්‍යයෙන් ප්‍රමාණවත්, නමුත් ස්ථාවරව සිටින්න. ඔහු වැඩි කාලයක් ඉල්ලුවොත් අද දවසේ සීමාව අවසන් බව ඔහුට දන්වන්න.
  • හැසිරීම සඳහාද මෙයම අදාල වේ. ඔබ ඔහුගෙන් අපේක්ෂා කරන්නේ මොනවාදැයි ඔබේ කුඩා දරුවාට දන්වන්න.
  • මෙම වයසේදී, තල්ලු කිරීම සහ ඇනීම තවමත් කුඩා දරුවන් අතර සන්නිවේදනයේ දී දකින්න පුළුවන්.

නමුත් එය එතරම් සුදුසු නොවන බව ඔහුට පෙන්වා දෙන්න. මෘදු ලෙස හැසිරෙන ආකාරය ඔහුට පෙන්වන්න.

ඒ අතරම, ඔබේ දරුවාට අනෙක් ළමයින් සමඟ සෙල්ලම් කිරීමට බල නොකරන්න. ඔහු තනිවම රැඳී සිටීමට කැමති නම්, ඔහුගේ කැමැත්තට ඉඩ දෙන්න.

  • වාසනාවකට මෙන්, තවමත් වැළඳගැනීම් හා සිපගැනීම් රාශියක් මේ වයසේදී තියෙනවා. ඔහුගේ ප්‍රියතම පුද්ගලයා වන ඔබ දොරෙන් එනවා දුටුවහොත් ඔහුගේ ආදරය දෝර ගලා යනවා.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

  • මාස 21 දී, ඔබේ දරුවා දැනටමත් විරෝධය පෙන්වන්නේ නැතිනම්, වැඩිහිටියන් අනුකරණයත් කරන්නේ නැතිනම්
    මිත්‍රශීලී බවක් නොපෙනේ නම් වෛද්‍යවරයකු හමුවන්න.

දරුවන්ගේ වර්ධනය මාස 21 - කථනය හා භාෂාව සංවර්ධනය

වචන ලබා ගැනීම වේගයෙන් කරනවා. ඔබේ පුංචි පැටියාට කතා කිරීමට පටන් ගැනීමේ විශ්වාසයක් ඇති වූ විට, ඔහු ඔහුගේ දක්ෂ කතා බහින් ඔබව පුදුමයට පත් කරාවි. පසුගිය මාසයේ එය වචන පහළොවක් වුනා.

මේ මාසයේ එය වචන විස්සක් දක්වා ඉහල යනවා. නමුත් ඔහු නිහඩ පිළිවෙතක් අනුගමනය කරන්නේ නම් කණගාටු වෙන්න එපා.

කථනය යනු කුඩා දරුවන් අතර බොහෝ පුළුල් ලෙස වෙනස් වන සංවර්ධන සන්ධිස්ථානයක් වෙනවා.

ඉඟි:

  • ඔහු චලනයන් සමඟ ගීත ගායනා කරන්න කැමතියි.
  • සමහර කුඩා දරුවන් තනිවම පොත් කියවීමට ආස කරනවා. නමුත් ඔවුන්ගේ කුඩා මාංශපේෂින් සම්බන්ධිකරණ චලන කුසලතා (Fine motor skills ) තවමත් සමාන මට්ටමක තාම නැහැ.

ඒ නිසා ඔබේ පොත් ඉරෙන්න පුළුවන් එබැවින් බෝර්ඩ් පොත් ලබා දෙන්න. දැනට ෆ්ලැප් පොත් එසවීමෙන් වළකින්න.

  • ඔබේ පුංචි පැටියාගේ මතකය වඩන වන සෙල්ලම් කරන්න. ඔහුට හැමදාම වස්තූන්ගේ නම් උගන්වන්න.

ඊටපසු ඔහුගේ මතකය පරීක්ෂා කරන්න. මේ කාලය තුළ ටිකක් පැටලීම සාමාන්‍යයි. විහිළු කිරීම සහ ඔවුන් පවසන දේ පුනරුච්චාරණය කිරීම වෙනුවට ඔබ ඒවා නිවැරදි කිරීමට වග බලා ගන්න.

  • සෑම දිනකම ජනප්‍රිය පෙර පාසැල් ගීත වාදනය කර ඔවුන් එයින් වචන ලබා ගන්නේ කෙසේදැයි බලන්න.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

  • ඔබේ දරුවාට ඔහු ලබාගත් කථන කුසලතා නැති වී ඇතැයි ඔබ සිතනවා නම් හෝ ඔහු හදිසියේම නිහඩ වී ඇත්නම්
    වෛද්‍යවරයකු හමුවන්න.

දරුවන්ගේ වර්ධනය මාස 21 - සෞඛ්‍ය හා පෝෂණය සංවර්ධනය

ඔබේ කුඩා දරුවා තනිව ආහාර ගන්න සූදානම්. ඔහුට කෝප්ප තදින් අල්ලා ගත හැකිය.

ඔහු තවමත් කෝප්පය කොපමණ දුරක් අරගෙන යන්න ඉගෙන ගනිමින් සිටීනවා. එබැවින් ඔහුගේ කෝප්පයට පියනක් නොමැති නම් ඔහු ගැන විමසිල්ලෙන් සිටින්න.

බටයක් භාවිතා කරන්නේ කෙසේදැයි සොයා ගැනීමට ඔහුට යම් කාලයක් ගත වේ නම් කණගාටු වෙන්න එපා.

සමහර දරුවන් ඉක්මනින්ම එය ඉගෙන ගන්නවා. නමුත් අනෙක් අයට, දියර උරා ගන්නේ කෙසේද යන්න ඉගෙන ගන්න සති කිහිපයක් යාවි.

ඉඟි:

  • පිටතට යන විට කල්තියා සැලසුම් කරන්න. ඔබේ කුඩා දරුවාට කුසගින්නක් දැනෙන්න පුළුවන්. ඒ වගේම ඔහුගේ ආහාර ගැන රුචි අරුචිකම් පෙන්වන්න පටන් ගෙන තියෙනවා. ඒ නිසා උද්වේගකාරී හැසිරීම් වළක්වා ගන්න ඔහු කැමති කෙටි කෑමක් ගෙනියන්න.
  • ඔහුගේ වතුර බෝතලයද පුරවා ගෙන යන්න. ඔබ සාප්පු වලට යන්නේ නම් ස්විටර් එකක් අරන් යන්න. ඔහුගේ සිරුර තවමත් කුඩා නිසා ඒසී තුළ උණුසුම්ව තබා ගැනීම අපහසු විය හැකිය.
  • ඔබේ මාස 21 ක් වයසැති පුංචි දරුවාගේ ශරීරය තවමත් කුඩා නිසා සීතල කාලගුණයේදී හෝ ඒසී ඇතිවිට උණුසුම්ව තබා ගත යුතුය. සෑම විටම කුඩා බ්ලැන්කට්ටුවක් හෝ ජැකට් එකක් රැගෙන යන්න. 
  • ඔබේ දරුවා දැන් ඇතැම් ආහාර ද්‍රව්‍ය සඳහා කැමැත්තක් වර්ධනය කර ගන්නවා. නමුත් සමහර විට, ඔහු තම ප්‍රියතම අහාරය සම්පූර්ණයෙන්ම නොසලකා හරින්න පුළුවන්. විවිධ ආහාර ද්‍රව්‍ය ඔහුට ලබාදීමට වග බලා ගන්න. විශ්වාසය ගොඩනඟා නැගීම සඳහා ඔබ ඔහු සමග ආහාර ගන්න.
  • සාමාන්‍යයෙන් මාස 21 ක් වයසැති කුඩා දරුවෙකුගේ බර කිලෝග්‍රෑම් 10.1- 12.7 ක් විය යුතු අතර ඔහුගේ උස සෙන්ටිමීටර 81.4 - 87 ක් විය යුතුය.
  • ඔබේ දරුවාට බේක් කරන ලද ආහාර විශාල ප්‍රමාණයක් නොදීමට වග බලාගන්න. ඔහුට ප්‍රෝටීන් ආහාර ලබාදෙන්න. අවම වශයෙන් දිනකට බිත්තර 1 ක්, සම්පූර්ණ මේද කිරි (මිලි ලීටර් 200), එළවළු කුඩා බදුනක් (දවසට දෙවරක්) සහ එක් පලතුරක් ලබා දෙන්න.

ඒ වගේම ඇට වර්ග කුඩු ආකාරයෙන් ඔහුට හඳුන්වා දීම ආරම්භ කරන්න. දිනකට ආමන්ඩ් හෝ වොල්නට් 1 ක් ලබාදීම මගින් ඔහුගේ සමස්ත වර්ධනයට හා සංවර්ධනයට උපකාරී වේ.

මීලඟ ලිපියෙන් ළමා සංවර්ධනය 22 වන මාසය.

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණි

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
  • /
  • දරුවාගේ වයස මාස විසිඑක: ළදරු සංවර්ධනය ගැන ඔබ දත යුතු දේ
බෙදාගන්න :
  • දරුවාගේ වයස මාස විසිදෙක: ළදරු සංවර්ධනය ගැන ඔබ දත යුතු දේ

    දරුවාගේ වයස මාස විසිදෙක: ළදරු සංවර්ධනය ගැන ඔබ දත යුතු දේ

  • අවුරුදු 2යි මාස 9ක් වයසැති දරුවා - මුල් ළමා සංවර්ධනය

    අවුරුදු 2යි මාස 9ක් වයසැති දරුවා - මුල් ළමා සංවර්ධනය

  • දරුවාගේ වයස මාස විසිදෙක: ළදරු සංවර්ධනය ගැන ඔබ දත යුතු දේ

    දරුවාගේ වයස මාස විසිදෙක: ළදරු සංවර්ධනය ගැන ඔබ දත යුතු දේ

  • අවුරුදු 2යි මාස 9ක් වයසැති දරුවා - මුල් ළමා සංවර්ධනය

    අවුරුදු 2යි මාස 9ක් වයසැති දරුවා - මුල් ළමා සංවර්ධනය

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it