theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

දරුවාගේ වයස මාස විසිදෙක: ළදරු සංවර්ධනය ගැන ඔබ දත යුතු දේ

8 අවම කියවීම
දරුවාගේ වයස මාස විසිදෙක: ළදරු සංවර්ධනය ගැන ඔබ දත යුතු දේදරුවාගේ වයස මාස විසිදෙක: ළදරු සංවර්ධනය ගැන ඔබ දත යුතු දේ

ඔබ "ඇයි! ඇයි!" යන්න නිතර අසන මුත් නමුත් ඔබේ කුඩා දරුවා "ඒ මොකද්ද?" කියා සිතන්නට ගන්නවා. ඔහුට තවමත් සම්පූර්ණ වාක්‍යය කීමට බැරුව ඇති.

දරුවන්ගේ වර්ධනය මාස 22: දරුවා නියත වශයෙන්ම පැහැදිලි කිරීම් වලට ඔබව පොළඹවා ගන්න උත්සහ කරාවි. දැන් දරුවා නොනවත්වා කතා කරන කාලයයි.

කාලය මේතරම් වේගයෙන් ගමන් කරන්න එපායැයි ඔබ කවදා හෝ ප්‍රාර්ථනා කලාද?

තව මාස දෙකකින් ඔබේ පුංචි දරුවාගේ වයස අවුරුදු දෙකකි. කාලය ගෙවී ගියේ කොහොමද? නමුත් රැඳී සිටින්න.

මාස 22 ක් වු සංවර්ධනය තුල ත්‍රාසජනක දෙවැනි වියට පෙර නිමිත්තක් ඇතුළත් වන බව ඔබ තේරුම් ගත්තාද?

මේ මාසයේ, ඔබ ඔබේ දරුවා ගැන අලුත් දේවල් සොයා ගන්නවා පමණක් නොව ඔබේ කුඩා දරුවාගේ තමා තුල සොයාගැනීම් කරනවා.

මෙම කාල පරිච්ඡේදය තුල ඔහු තම හුරු අත බොහෝ දුරට තීරණය කරනවා.

තම ශරීර කොටස් හසුරවමින් ඔහු ඔබට කරදර කරන්න පුළුවන්. නමුත් මාස 22 ක් වු ඔහුගේ සංවර්ධන ගමනේදී ඔබට සහ ඔබේ දරුවාට මුහුණ දෙන්න තවත් බොහෝ දේවල් තියෙනවා.

එසේම සෑම දරුවෙකුම අද්විතීය බවත් ඔහුට ඔහුගේ කාලසටහන අනුගමනය කළ හැකි බවත් අමතක කරන්න එපා.

දෙමාපියන්ට ඉවසීම අවශ්‍ය වෙනවා. නමුත් අනතුරු හැගවීමේ සලකුණු තිබේ නම් වහාම වෛද්‍යවරයකු හමුවන්න.

දරුවන්ගේ වර්ධනය මාස 22 - ඔබේ දරුවා නිසි ලෙස වර්ධනය වෙනවාද?

දරුවාගේ වයස මාස විසිදෙක: ළදරු සංවර්ධනය ගැන ඔබ දත යුතු දේ

දරුවන්ගේ වර්ධනය මාස 22 - ශාරීරික සංවර්ධනය

ඔබේ දරුවා සෙල්ලම් බඩුව අල්ලා ගත්තේ ඔහුගේ දකුණෙන් ද? නැතිනම් වම් අතෙන්ද? මේ වන විට ඔහු හුරු අත භාවිතා කරමින් සිටිනවා.

ඔහු කලාත්මක වමත් අත්කරුවෙක් හෝ තර්කානුකූල බවට ප්‍රිය කරන දකුණු අත්කරුවෙක් වේවිද?

පමණට වඩා කණගාටු වෙන්න එපා. දකුණු හා වම් අත් අතර නිශ්චිත වෙනසක් පර්යේෂණයෙන් තවම පෙන්වා නැහැ.

ඔහුට හුරු අත කුමක් වුවත් අනාගතය ඔහු සදහා විවෘතයි.

ඔහු තම දෑතින් කරන අනෙක් දේවල් ගැන ඕනෑවට වඩා කරදර වෙන්න එපා. ඔහුගේ ඩයපර් තුලින් ඔහුගේ ලිංගේන්ද්‍රිය ගවේෂණය කිරීමට ගන්නවා.

මෙය ගැහැණු දරුවන්ද කරනවා. ඒ නිසා ඔබේ කුඩා දැරියද එය ගවේෂණය කිරීම සාමාන්‍ය දෙයක් වෙනවා.

ඒ සියල්ල ඔබේ දරුවාගේ සොයා යාමේ ගමනේ කොටසකි. ඔබ පොදු ස්ථානයක සිටින විට හෝ වෙනත් පුද්ගලයින් සමග සිටින විට කුඩා දරුවන්ගේ අවධානය වෙනතකට යොමු කරන්න පහසුයි.

පුද්ගලික අවයව කෙරෙහි වු සැලකිලිමත් බව මග හැරීම සඳහා මෙය වඩාත් සුදුසුයි. සමහර දරුවන්ට මාස 20 වනවිට සම්පූර්ණ දත් කට්ටලය වර්ධනය වී අවසන්, නමුත් සමහර දරුවන්ගේ දත් වර්ධනය වෙමින් පවතිනවා.

සමහර කුඩා දරුවන් දිගින් දිගටම ප්‍රශ්න අසනවා. අනෙක් කුඩා දරුවන් තමන් විසින්ම කරුණු සොයා ගැනීමට කැමැත්තක් දක්වනවා.

ඉඟි:

  • ඔබේ දරුවා සොයා ගන්නා වෙනත් දේවල්:
    බිල්ඩින් බ්ලොක්ස් කොටස් පහක් උසට කුළුණක් ඉදිකරන්න ඔහුට පුළුවන්. ඒ සියල්ල නැවත කඩා දමා ඔහු විනෝද වේවි.
  • ඔහු තවමත් කුඩා සුළි සුළඟක් වගේ, දුව පැනීම, නැටුම්, පැනීම, විසි කිරීම, ඔහුගේ ශරීරයට කළ හැකි සෑම දෙයක්ම හැකි උපරිමයෙන් ඔහු කරනවා.

ඔබගේ උදව් ඇතිව ඔහුට එක් පාදයක් මත ටික වේලාවක් සමබරව ඉන්න පුළුවන්. ඔහුට දැන් කුඩා බෝලයක් උරහිස්සට ඉහලින් විසි කරන්නත් පුළුවන්. ඒ සදහා බරින් වැඩි බෝල දෙන්න එපා.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

  • ඔබේ දරුවා උදාසීන, හෝ ක්‍රියාශීලී නැතිනම් හෝ දේවල් ග්‍රහණය කර ගැනීමට නොහැකි නම්, වෛද්‍යවරයා හමුවෙන්න.

දරුවන්ගේ වර්ධනය මාස 22 - මානසික සංවර්ධනය

ඔබේ කුඩා දරුවා නිරීක්ෂණය කිරීමෙන් හා සෙල්ලම් කිරීමෙන් ඉගෙන ගන්නවා. කුඩා දරුවන්ගේ වර්ධනයේ මෙම අවධිය විධිමත් අධ්‍යාපනය සදහා තවම සුදුසු නොවේ.

ඔහු දේවල් අත්හදා බලමින් හා සහ ඔබ කරන දේ නැරඹීමෙන් දේවල් සොයා ගන්නවා.

බ්ලොක්ස් ගොඩ ගැසීමෙන්, ප්‍රහේලිකාවක් එකට ගැලපීමෙන් හෝ ඔහු සමඟ සෙල්ලම් කිරීමෙන් දේවල් කරන්නේ කෙසේද යන්න ඔහුට පෙන්වා දෙන්න පුළුවන්.

ඔහු දෙවල් මුඛය තුලට දමා ගැනීම ඇතුළුව සෑම දෙයක්ම ස්පර්ශ කිරීමට ප්‍රිය කරනවා.

ඒ ඔහුට එය දැනෙන්නේ කොහොමද කියා දැනගැනීමටයි. ඔහු ගවේෂණවලදී සිය සියලු සංවේදීතාවන් භාවිතා කරනවා.

ඔහු විනාශකාරී බව පෙනුනත් කණගාටු වෙන්න එපා. දේවල් වැටීමට ඉඩ දීම, ඒවා විසි කිරීම, ආහාර සහ සෙල්ලම් බඩු බිම දැමීම යන සියල්ලම ලෝකය ක්‍රියාත්මක වන ආකාරය සොයා ගැනීමේ කොටසක් වෙනවා.

මේ දේවල් කරන හානි හෝ මිනිසුන්ට හානියක් විය හැකි බව ඔහුට තවම වැටහීමක් නැහැ. මෘදු ලෙස ඔහුට එය කියන්න.

නමුත් එය නිතරම ඔහුට මතක් කිරීමට සුදානම් වන්න.

ඉඟි:

  • මෙම වයසේදී තවත් ප්‍රියතම ක්‍රීඩාවක් වන්නේ බඳුන් හෝ කූඩ වැනි දේවල් තුලට තවත් දේවල් පිරවීමයි. සාප්පු කරත්තයක් වැනි කූඩයක් සහිත කුඩා රෝද සෙල්ලම් බඩුවක් ඔහුට සුදුසු වේ.
  • විවිධ වර්ගයේ සෙල්ලම් බඩු කිහිපයක් ඔහුට ගන්න පහසු වෙන්න තියන්න. එවිට ඔහුට අවශ්‍ය දේ තෝරා ගන්න පුළුවන්. නමුත් තෝරාගැනීම් වලින් ඔහුව පීඩනයට පත් කරන්න එපා. ඔබට සෑම සතියකටම වරක් සෙල්ලම් බඩු මාරු කරන්න පුළුවන්.

එවිට ඔහුට ඒවා එපා නොවේවි.

  • පෙර පාසැල් ගීත වාදනය කිරීම හෝ ඔහු ඉදිරිපිට ගායනා කිරීම කරන්න. ඔබට ඔහු සමඟ පොතක් කියවීමටද පුළුවන්. මෙය ඔහු ඒ දේවල් එක්ක සම්බන්ධ කිරිම කරනවා පමණක් නොව ඒවා ඔහුගේ මතකයේ රැදෙනවා.

යම් දිනෙක ඔහුට එය හඳුනා ගන්න පුළුවන් වේවි.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

  • ඔහු ඔබ එපා කියන අවස්ථා හා ඔහු නවත්වන්න ඕනී තැන ආදිය ගැන දැනුවත්, ඒනිසා ඔහු දේවල් තේරුම් ගන්න
    හා ඒවාට ප්‍රතිචාර දැක්වීමට පටන් ගෙන තියෙනවා.

නමුත් ඔබේ දරුවා ඔබව සම්පූර්ණයෙන්ම නොසලකා හරින බව දැනුනොත්, කිසිවෙකුට බිය නොවේ නම් හෝ කිසිවෙකුට ඇහුම්කන් දීමට උනන්දුවක් නොමැති නම් ඒ සම්බධයෙන් වෛද්‍යවරයා හමුවෙන්න.

දරුවන්ගේ වර්ධනය මාස 22 - සමාජීය හා හැගීම් සංවර්ධනය

සෙල්ලම් කාලය යනු ඔබේ කුඩා දරුවා අම්මා එක්ක ගෙවන කාලයයි. ඔබ ඔහුගේ කැමතිම සෙල්ලම් සගයා වන අතර, ඔබ දොරටුවෙන් පැමිණ ඔහු සමඟ බිම වාඩිවෙන තුරුවත් ඔහුට ඉවසා ඉන්න බැහැ.

ඔහු අනෙක් අය ගැන කුතුහලයෙන් සිටිනවා. නමුත් ඔබ හා ඔහුගේ පියා ලග ඔහු ආරක්ෂාව ලබනවා.

කුඩා දරුවන්ගේ වර්ධනයේ මෙම අවදියේදී, ඔහුගේ මනස ඔහුගේ හැකියාවන් ගෙන් බොහෝම ඉදිරියෙන් සිටිනවා. ඔහු ඔබට දන්වනවාට වඩා වැඩි යමක් තේරුම් ගන්නවා. මෙය ඔහු නොසංසුන් වීමට හේතු වෙනවා. ඔහුට අවශ්‍ය දේ ඔහු දන්නා නමුත් එය පවසන ආකාරය ඔහු නොදන්නා නිසා එසේ වෙනවා. ඒ නිසා ඉවසීම වැදගත්ය.

ඉඟි:

  • දරුවන් තුල අනාගත දැක්ම සහ පුරුදු වර්ධනය වෙනවා. ඒ නිසා නිතිපතා ආහාර ගැනීම සහ නින්දට යාම මෙන්ම උදේ සහ රාත්‍රී චාරිත්‍ර ඔවුන්ට ආරක්ෂිත බවක් ගෙන දෙනවා. උදේ ආහාරයෙන් පසු මේසය පිරිසිදු කිරීමෙන් හෝ රාත්‍රී ආහාරයෙන් පසු ඔවුන්ගේ දත් මැදිමෙන් ඔවුන් ඔබව පුදුමයට පත් කරාවි.
  • මෙම අනාගත දැක්ම මඟින් ඔවුන්ට ලෝකය පාලනය කිරීමේ හැඟීමක් ලබා දෙනවා. ඔබ දේවල් වෙනස් කිරීමට
    උත්සාහ කළහොත් ඔබේ ආදරණීය පුංචි පැටියා නපුරෙක් වෙන්න පුළුවන්.
  • මෙය සම්පූර්ණයෙන්ම සාමාන්‍ය දෙයකි. සාමාන්‍යයෙන් "අපි මිනිත්තු තුනකින් පිටත් වෙනවා" වැනි සුළු අනතුරු ඇඟවීමකින් මෙම ගැටළු බොහොමයක් නිරාකරණය වෙනවා.
  • තවම ඔබේ දරුවා තම දේවල් අන් අය සමඟ බෙදා ගැනීමට ඉගෙනගෙන නැහැ.

විශේෂයෙන් ඔහුට වඩා වයසින් අඩු දරුවන් සමග බෙදාහදා ගන්නේ නැහැ.

නමුත් ඔහු උපදෙස් වලට ඇහුම්කන් දෙන්න පටන් අරන් ඇති නිසා මෙම ගුණාංගය ආදරයෙන් වර්ධනය කිරීම ආරම්භ කරන්න.

ඔහුගේ වයසේ දරුවන් වැඩි ප්‍රමාණයක් ඔහුට මුණගස්වන්න. එවිට ඔහු වඩාත් සමාජශිලී වීම ආරම්භ වෙනවා.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

  • ඔබේ දරුවා ආගන්තුකයන්ට සහ අලුතින් දැන හදුනා ගන්නා පුද්ගලයින්ට බිය විය වෙන්න පුළුවන්.

එය සාමාන්‍ය දෙයක් වෙනවා. සෑම දරුවෙක්ම වර්ධනය වෙන වේගය එකිනෙකාට වෙනස් වෙනවා.

නමුත් ඔහු ඔබට හෝ ඔබේ සහකරුට හෝ සහකාරියට බිය නම් හෝ ඔහුගේ සුවපහසුව කලාපයෙන් හෝ නිවසින් පිටතට යාමට අකමැති නම් සැලකිලිමත් වෙන්න.

දරුවන්ගේ වර්ධනය මාස 22 - කථනය හා භාෂාව සංවර්ධනය

කතා කරන්න පටන් ගන්න කාලය උදාවෙලා. ඔබේ කුඩා දරුවාගේ මනසේ අදහස් හා පින්තූර වේගයෙන් චලනය වෙන අතර ඔබ සෑම දෙයක්ම නම් කිරීම ඔහුට අවශ්‍ය වෙනවා.

ඔබේ දරුවා එක එක දේවල් පෙන්වනවා. ඒ නිසා ඔබ දකින දේ විස්තර කරන්න අවශ්‍යයි. දැන් සංවාදයක් ගොඩ නැගෙනවා නේද?

ඔහු පෙන්වා දෙන දේවල් ගැන වැඩි විස්තර ඔබ පවසන්න පටන්ගන්නවා. මෙහිදී විරුද්ධ පද සහ නාමවිශේෂයන් ඔබට හමුවෙනවා.

"මුලින්ම කෝප්පය ගන්න, පසුව කිරි වත් කරන්න, ඊලගට ඔබ කිරි පානය කරන්න" ක්‍රියාවලීන් තේරුම් ගන්න ඔහු සූදානම්.

ඉඟි:

  • ළමා සංවර්ධනයේ මෙම අවධියේදී ශරීර කොටස් නම් කිරීම ප්‍රියතම සෙල්ලමක් වේ.

ඒ වගේම ගීත ගායනා කිරීම සහ කතන්දර වලට සවන් දීමත් ඔවුන්ගේ ප්‍රියතම දේවල් වෙනවා.

ඔබේ පුංචි දරුවාගේ අවධානය කතන්දර පොතේ පින්තූර වලින් බිදිගියේ නම් කණගාටු වෙන්න එපා.

ඔහුගේ ගවේෂණාත්මක මනස සොයා යෑම් එක්ක කාර්යබහුලයි.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

  • ඔබේ දරුවා ද්වි අක්ෂර හෝ බිඳුණු සරල වචන වලින් කථා කිරීමට පටන් ගෙන නොමැති නම් එම සංවර්ධන ප්‍රමාදයන් සම්බධයෙන් වෛද්‍යවරයා හමුවෙන්න.

දරුවන්ගේ වර්ධනය මාස 22 - සෞඛ්‍ය හා පෝෂණය සංවර්ධනය

දැන් ඔබේ කුඩා දරුවාට සම්පූර්ණ දත් කට්ටලයක් තියෙනවා. නමුත් ඔහුට සියලුම ආහාර ආහාරයට ගන්න බැහැ.

ඔහු තවමත් විශාල කැබලි හිරවෙන්න පුළුවන් නිසා ආහාර කැබලි වල ප්‍රමාණය ගැන සැලකිලිමත් වන්න.

රසකැවිලි, ඇට වර්ග, පොප්කෝන් හා ලොලිපොප් වැනි ආහාර දරුවාට ලබා දීමේදී වැඩිහිටි අධීක්ෂණය අවශ්‍ය වෙනවා.

මිදි ලබා දීමේදී හිරවෙන්න පුළුවන් නිසා භාග කොටස් දෙන්න එපා. එය කුඩා තීරූ කර ලබා දෙන්න.

මාස 22 ක් වයසැති කුඩා දරුවෙකුගේ සාමාන්‍ය බර කිලෝග්‍රෑම් 9.8 - 15.5 ක් වන අතර සාමාන්‍ය උස සෙන්ටිමීටර 81.7 - 94.2 කි.

අවුරුදු දෙකකට ආසන්න හෝ අවුරුදු දෙකක් සම්පූර්ණ වන විට පුංචි දරුවන්ට ඉන්ෆ්ලුවෙන්සා මාත්‍රාව ලබා දෙනු ලබනවා.

ඔබේ වෛද්‍යවරයා සමඟ කතා කර ඒ සදහා වේලාවක් වෙන් කර 
ගන්න.

ඉඟි:

  • ඔබේ දරුවාට ඔහුගේ දත් සියල්ලම පාහේ ඇති බැවින්, දිරාපත්වීමට වැඩි සම්භාවිතාවයක් තියෙනවා.

හොඳ මුඛ සෞඛ්‍යාරක්ෂිත පුරුදු වර්ධනය කරන්න. අවම වශයෙන් රාත්‍රියේ නිදා ගැනීමට පෙර හෝ දිනකට දෙවරක් ඔහුට දත් මදින්න පුරුදු කරන්න.

  • මෙම වයස් කාණ්ඩයට පොදු වන වෙනත් රෝග සෙම්ප්‍රතිශ්‍යාව හා කැස්ස, උණ, සරම්ප සහ HFMD ( අත්- පා-මුඛ රෝගය) වෙනවා. නමුත් කණගාටු වෙන්න එපා.

එවැනි බොහෝ පොදු රෝග ඔබේ දරුවාගේ ප්‍රතිශක්තිය වර්ධනය කිරීමට උපකාරී වෙනවා. නමුත් වෛද්‍යවරයාගේ පරීක්ෂා කිරීම අවශ්‍ය වෙනවා.

  • මාස 22 ක් වන විට ඔබේ දරුවා ඔබේ උපදෙස් පිළිපැදීමට වඩා ඔබව අනුකරණය කරන්න කැමතියි. එබැවින් ඔවුන් සෞඛ්‍ය සම්පන්නව ආහාරයට ගැනීම ඔබට අවශ්‍ය නම් ඔවුන් සමඟ ආහාර ගන්න.

නැතහොත් ඔහුගේ වයසේ හොඳ ආහාර පුරුදු ඇති දරුවන්ට ආහාර ගන්න ආරාධනා කර ඔහුට ඔවුන් සමග එකට ආහාර අනුභව කරන්න දෙන්න. කෑම වේල විනෝදජනක වෙන්න පුළුවන්.

  • ඔබේ දරුවා ආහාර ගැනීමට අකමැති වෙන්න පුළුවන්. නමුත් නිසි සමබර පෝෂණය ඔහුගේ වර්ධනයට ඉතා වැදගත් වෙනවා. ඔහුගේ කිරි ප්‍රමාණය දිනකට මිලි ලීටර් 200 ක් බැගින් උපරිම වශයෙන් දිනකට තුන් වේලකට සීමා කරන්න.

දිනකට අවම වශයෙන් එක් පලතුරක්වත් ඔහුට ආහාරයට දෙන්න. එසේ නොමැති නම් කෙසෙල්, ඇපල්, කොමඩු, පෙයාර්ස්, වැනි මිශ්‍ර පලතුරු විශාල කෝප්පයක් නියමිත වේලාවන්ට බෙදා දෙන්න.

සැකසූ ආහාර ලබාදීම දිනකට එක් වේලකට සීමා කරන්න (පාන් පෙත්තක්, බිස්කට් / ක්‍රැකර් / කුකීස් ).

  • ස්වාභාවික ආහාර වල අඩංගු ලුණු, සිනී හැරුනු කොට අතිරේක ලුණු, සීනී (ඇසුරුම් කළ ආහාරවල ඇති) ලබා නොදෙන්න.

වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා -

  • ඔබේ දරුවාට ඇතැම් ආහාර ද්‍රව්‍ය අනුභව කිරීමෙන් පසු සමේ ප්‍රතික්‍රියාවක් ඇත්නම් හෝ කැස්ස, හුස්ම හිරවීම හෝ හතිය ආරම්භ වෙනවා නම් ඔබේ දරුවා යම් දෙයකට අසාත්මික වෙන්න පුළුවන්. වෛද්‍යවරයකු හමුවී ඔහුව පරීක්ෂා කර බැලීම වඩාත් සුදුසුය.

ඔබේ දරුවාට පැහැදිලිව දේවල් දැකගත නොහැකි නම්, තිරය හෝ පොත් කියවීමේදී සමීපව තබාගන්නවා නම් හෝ දුර වස්තූන් හඳුනා ගන්න අපොහොසත් නම් අක්ෂි වෛද්‍යවරයකු හමුවෙන්න.

මීලඟ ලිපියෙන් ළමා සංවර්ධනය 23 ව වන මාසය.

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණි

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
  • /
  • දරුවාගේ වයස මාස විසිදෙක: ළදරු සංවර්ධනය ගැන ඔබ දත යුතු දේ
බෙදාගන්න :
  • දරුවාගේ වයස මාස විසිඑක: ළදරු සංවර්ධනය ගැන ඔබ දත යුතු දේ

    දරුවාගේ වයස මාස විසිඑක: ළදරු සංවර්ධනය ගැන ඔබ දත යුතු දේ

  • අවුරුදු 2යි මාස 1ක් වයසැති දරුවා - මුල් ළමා සංවර්ධනය

    අවුරුදු 2යි මාස 1ක් වයසැති දරුවා - මුල් ළමා සංවර්ධනය

  • දරුවාගේ වයස මාස විසිඑක: ළදරු සංවර්ධනය ගැන ඔබ දත යුතු දේ

    දරුවාගේ වයස මාස විසිඑක: ළදරු සංවර්ධනය ගැන ඔබ දත යුතු දේ

  • අවුරුදු 2යි මාස 1ක් වයසැති දරුවා - මුල් ළමා සංවර්ධනය

    අවුරුදු 2යි මාස 1ක් වයසැති දරුවා - මුල් ළමා සංවර්ධනය

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it