theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ළදරු සංවර්ධනය: නමවෙනි මාසය

5 අවම කියවීම
ළදරු සංවර්ධනය: නමවෙනි මාසයළදරු සංවර්ධනය: නමවෙනි මාසය

මෙන්න ඔබේ දරුවාට නම වෙනි මාසයේ කලහැකි දේවල්

දරුවන්ගේ වර්ධනය මාස 9: මාස නමයකට පසු උදා වු නමවෙනි මාසයයි මේ, දැන් ඔබේ පුංචි පැටියා ටිකක් කටකාර මෙන්ම වඩාත්  ක්‍රියාශීලී වේ.

ඔබ උපත දීමෙන් පසුව උදාවු තෙවන කාර්තුව මෙය වන අතර   ඔබේ දරුවාට වසරක් සපිරීමට ඇත්තේ තව මාස තුනකි.  ඔබේ පුංචි පැටියා දැන් වඩාත් අර්ථාන්විතව වදන් පවසන අතර  ඔවුන්ගේ ක්‍රියාකාරිත්වය හරිම ප්‍රියජනකයි.

දරුවන්ගේ වර්ධනය මාස 9: මෙන්න ඔබේ දරුවාට කලහැකි දේවල්

භෞතික සංවර්ධනය

දරුවන්ගේ වර්ධනය මාස 9 ක් වන විට ඔබේ දරුවාට කළ හැකි දෑ කිහිපයක් වනු ඇත.

ඔබේ දරුවා නැඟිට සිටීම, මෙන්ම දේවල් අල්ලමින් ඇවිදීම ඔබේ දරුවාට මාස නමයක් වන විට ඔහු කරන දේවල් වලින් සමහරක් වේ.

ඔවුන්ගේ අස්ථී සහ මාංශ පේශි තව දුරටත් වර්ධනය වී ඇති නිසා ඔවුන් දැන් දිගු වේලාවක් ඉදගෙන සිටිය හැකිය. මේ වනවිට දණගෑම  ආරම්භ කිරීම බලාපොරොත්තු විය හැකි අතර  එක් අතකින් යමක් අල්ලාගෙන සිටියදී අනෙක් අත සහ දෙපා ආධාරයෙන් දණ ගා යනු හැකිය.

දැන් ඔවුන් වඩාත්  චලනය වන බැවින්, ඔවුන්ගේ සාමාන්‍ය බර වැඩිවීම පෙර මාස වලට සාපේක්ෂව අඩුය. එය සාමාන්‍ය තත්වයකි.

දරුවන්ගේ වර්ධනය මාස 9: සිතීමේ ක්‍රියාවලියේ සංවර්ධනය

ඔබේ නවයක් වු පුංචි පැටියා දැන් වඩාත් නිරීක්ෂණශීලී හා කුතුහලයෙන් පිරි වේ. භාෂාව පිළිබඳ ඔවුන්ගේ අවබෝධයද වර්ධනය වේ. ඔබේ දරුවා හොඳ සවන් දෙන්නෙක් බවට පත් වී ඇති අතර ඔහුට  අංග චලන භාෂාව තේරුම් ගත හැකිය .

ඔබගේ ක්‍රියාවන් මගින් "එපා" යන වචනයේ  අර්ථය දැනටමත්  හඳුනා ගෙන    සිටිය හැක.

දරුවන්ගේ වර්ධනය මාස 9 යේ ඔහු ඔබේ ක්‍රියාවන් අනුකරණය කිරීම ආරම්භ කරන අතර  ඔබේ  ශබ්ද අනුකරණය කිරීම හා අවට සිටින වැඩිහිටියන් සිනහා ගැන්වීමට  පුංචි විකටයෙක් වනු ඇත.

කථනය සහ භාෂාව

නිතිපතා නොකඩවා කථා කරන අතරේ, ඔබේ දරුවා සැබෑ වචන, වාක්‍ය කොටස් සමහර විට, වාක්‍ය‍යන් පවා  ප්‍රකාශ කිරීමට ඉඩ ඇත. ඔවුන් පවසන දේ පවසන දේ ඔබට වැටහේ යැයි ඔවුන් සිතන බැවින් ඔවුන් කියන ඕනෑම දෙයකට ප්‍රතිචාර දැක්වීමට මතක තබාගන්න.

සමාජ හා හැඟීම් සංවර්ධනය

වෙන්වීමේ කනස්සල්ල ගැටලුවක් මෙන්ම ආගන්තුකයින් ඉදිරියේ ඇති වෙන කනස්සල්ලක් ගැටලුවක් බවට පත් වන අවධිය මෙය වේ. ඔබේ දරුවා පහසුවෙන්ම ඔබ  ඔවුන්ව තනිකර යෑම ඔවුන්ට තේරුම් ගත හැකි අතර, විශේෂයෙන් ආගන්තුකයන් අවට සිටින විට  කනස්සල්ලට පත් වේ.

දරුවන්ගේ වර්ධනය මාස 9: සෞඛ්‍ය හා පෝෂණය

දරුවන්ගේ වර්ධනය මාස 9 වන විට, ඔබේ කුඩා තෝරා ආහාර ආහාරයට ගන්නා අතර  හැකි අතර ඔවුන්ගේ  පෝෂණයෙන් හීන වන්නේ  නැති බවට තහවුරු වීම සඳහා සෞඛ්‍ය සම්පන්න ආහාර පුරුදු ඇති කිරීම වැදගත් වේ.

මෙය නව ආහාර, නව රසයන්  ඔවුන්ගේ  ආහාර වේලට එකතු කිරීමට කදිම කාලයක්  වේ.

ඔවුන්ගේ නිදාගැනීමේ රටාවන් ද මෙම කාලය තුල වෙනස් වන අතර  හෝ  දිවා කාලයේ හෝ රාත්‍රියේ වැඩි කාලයක් සෙල්ලම් කිරීමෙන් විනෝදය ලබයි.

ඔබේ දරුවා කතා කරන ආකාරය , ක්‍රියා කරන ආකාරය , ඉගෙන ගන්නා ආකාරය සහ සෙල්ලම් කරන ආකාරය ඔබේ දරුවාගේ සංවර්ධනය සිදුවන්නේ කෙසේද යන්නට  ඉඟි සපයයි. එම නිසා මේ අවධියේ ඔවුන් පෝෂණය කිරීම වැදගත් ය. 

චලනය 

ඔබේ දරුවාගේ චලන නිපුණතා මෙම කාලය තුළ බොහෝ දේ වැඩි දියුණු වී ඇත. මේ වන විට ඔවුන් දණගෑමේ විශේෂඥයන් බවට පත් වී සිටියි.

ඇතැම් අවස්ථාවලදී දණගාමින් හිද ගැනීම හෝ පෙරලීම ලෙස ඔවුන් ක්ෂනිකව ඉරියව් වෙනස් කරයි. ඔබේ දරුවාට අල්ලා ගෙන නැගීමට මෙන්ම ගෘහ භාණ්ඩ අල්ලාගෙන  එක් ස්ථානයක සිට අනික් ස්ථානයකට යෑමට හැකි බැවින් අවධානයෙන් සිටින්න (එබැවින් ඔබේ නිවස දරුවාට ආරක්ෂිත කිරීමට  වග බලා ගන්න).

නව වෙනි මාසයේ දී චලන නිපුණතා වැඩි දියුණු වේ. ඔබේ කුඩා දරුවා කුඩා සෙල්ලම් බඩු ලබා ගැනීමටත්, ඔවුන්ගේ දෑත් සෙලවීම සම්බන්ධයෙන් මනා සම්බන්ධීකරණයත් ඇත.

ඔබේ මාස නවයක් වු පුංචි පැටියා චලනයට උනන්දුවක් දක්වන බැවින්, ඒ සඳහා ප්‍රමාණවත් ඉඩක් ලබා දීමෙන් ඔබට ඔවුන්ව  දිරිමත් කළ හැකිය.

"අම්මා, තාත්තා "

ඔබේ දරුවා කථා කිරීම තුලින්  දැන් සැබෑ වචන ශබ්ද කිරීමට පටන් ගනී . ඔබට බොහෝ විට 'තාත්තා'  සහ 'අම්මා'  යන්න ඇසෙන්න පටන් ගනිවි.

ඔබේ දරුවා නිරන්තරයෙන්  කථා කරන බවක් පෙනෙන්නට තිබෙන නමුත්, එය ඔහු   අවබෝධ කර ගන්නේ නැත.

මෙම අදියරේ දී, ඔබේ පුංචි දරුවා ඔබේ   වචනවලට වඩා ඔබේ ස්වරය තේරුම් ගනියි. මෙයින් අදහස් වන්නේ ඔබ  ගොඩාක්  කතා කරන විට, ඔවුන් සන්නිවේදනය කරන ආකාරය වඩාත් හොඳින් ඉගෙන ගන්නා බවය.

කෙසේවෙතත්, ඔබ පවසන දෙය ඕනෑම දෙයක් ඔහු අනුකරණය කල හැකිය.

ක්‍රියාවන් වැඩිපුර සංනිවේදනය කරයි

ඔබගේ වචන වලට වඩා හොදින් ඔබේ ක්‍රියාවන් තුළින් ඔබේ මාස නවයක් වු දරුවා ඔබ කියන දේ තේරුම් ගනියි.

හැඟීම් වල  යහපත් , අයහපත් බවෙහි අතර වෙනස වටහා ගැනීම සඳහා මෙම අවධිය වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.

ඔබේ කටහඬේ ස්වරයෙන්, ඔබගේ හැගීම් ඔබේ දරුවාට තේරුම් ගන්න පුළුවන්. දැන් ඔවුන් "එපා" යන වචනයේ අදහස තේරුම් ගැනීමට පටන් ගනී. කෙසේ වෙතත්, ඔවුන් එයට කීකරු වීමට ඉඩ ඇතත්  සැමවිටම එසේ නොවේ.

වචන ප්‍රවේශමෙන් භාවිතා  කිරීම ඔවුන්ට වඩා හොඳින් තේරුම්ගැනීමට උපකාරි වේ. එය කීමෙන්  , ඔහුව එම අවස්ථාවෙන් ඉවත් කිරීමෙන් හෝ  ඔවුන් ස්පර්ශ කිරීමට හෝ උරා බීමට අවශ්‍ය  නොවන වස්තුවක් පවසමින් සහ නව වස්තුවක් හඳුන්වාදීම මගින් ඔවුන්ට එහි අර්ථය තෝරා ගැනීමට උපකාරී වනු ඇත.

සෑම දරුවෙක්ම අද්විතීය වේ.

මාස නවයක් වු දරුවන්ගේ නිරීක්ෂණය කළ හැකි පොදු සංවර්ධන ප්‍රවණතාවන් තිබුනද , වැදගත් සංධිස්ථානයන් සපුරා ගැනිමේදී සෑම  දරුවෙක්ම අද්විතීය බව මතක තබා ගත යුතුය. මෙම මාර්ගෝපදේශ ඔබගේ දරුවාගේ ජීවිතයේ මෙම අදියරේ දී ලබා ගත හැකි දේ සොයා ගැනීමට උපකාර වේවි.

ඔබේ දරුවාගේ සංවර්ධනය පිළිබඳව ඔබ සැලකිලිමත් නම්, ඔබ නිසි ලෙස කටයුතු  කරනවාද යන්න සහතික කිරීම සඳහා සෑම විටම ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයාගෙන් විමසන්න.

ඔබේ පුංචි පැටියාගේ වර්ධනය මාසයෙන් මාසයට ගෙන එන්නේ The Asianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

 

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
  • /
  • ළදරු සංවර්ධනය: නමවෙනි මාසය
බෙදාගන්න :
  • දරුවාගේ වයස මාස එකොළහ - ළදරු සංවර්ධනය ගැන ඔබ දත යුතු දේ

    දරුවාගේ වයස මාස එකොළහ - ළදරු සංවර්ධනය ගැන ඔබ දත යුතු දේ

  • දරුවාගේ වයස මාස දහය: ළදරු සංවර්ධනය ගැන ඔබ දත යුතු දේ

    දරුවාගේ වයස මාස දහය: ළදරු සංවර්ධනය ගැන ඔබ දත යුතු දේ

  • දරුවාගේ වයස මාස එකොළහ - ළදරු සංවර්ධනය ගැන ඔබ දත යුතු දේ

    දරුවාගේ වයස මාස එකොළහ - ළදරු සංවර්ධනය ගැන ඔබ දත යුතු දේ

  • දරුවාගේ වයස මාස දහය: ළදරු සංවර්ධනය ගැන ඔබ දත යුතු දේ

    දරුවාගේ වයස මාස දහය: ළදරු සංවර්ධනය ගැන ඔබ දත යුතු දේ

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it