නව යොවුන් වියේ දරුවන්ගේ ස්වයංවින්දනය හසුරුවගන්නා අකාරය ගැන මඟ පෙන්වීමක්

දරුවන්ගේ ස්වයංවින්දනය රෝගී තත්වයක් නොවන බව ඔබ සිහි තබාගත යුතුය. මෙම ස්වභාවික ක්‍රියාවලිය වටා ගෙතුණු නොයෙකුත් මිත්‍යා මත, මතිමතාන්තර ගොඩ නැගී ඇති බැවිනි.

නව යොවුන් වයසට පිවිසෙන දරුවාගේ ඔබ අපහසුතාවට පත් කරන දරුවන්ගේ ස්වයංවින්දනය වැනි දසුනක් හදිසියේ නෙත ගැටුනොත් ඔබ කලබල වෙනවාද?

අම්මේ, තාත්තේ, දරුවන් ස්වයංවින්දනයේ යෙදෙන අවස්ථාවක් නෙත ගැටීම කලබල වන්නට කාරනාවක් නොවේ. මෙය දරුවාගේ සාමාන්‍ය වර්ධනය පෙන්නුම් කරන ඔබ අපහසුතාවට පත් කරන යථාර්තයක් පමණයි.

මේ නිසා කලබල වනවා වෙනුවට මදකට නැවතී, ඔබ මෙතරම් නොසන්සුන් විය යුත්තේ මක් නිසාදැයි හෙමිහිට සිතා බලන්න.

‘ස්වයංවින්දනය’ යන වචනය පමණක් කොයි කාවත් අපහසුතාවට පත් කරන මෙන්ම වරදකාරී හැඟීමක් ඇති කරන වචනයක් බව අප කවුරුත් දන්නවා. මෙය නොහොඹිනා නැතහොත් පාපිෂ්ඨ ක්‍රියාවක්  යැයි බොහෝ දෙනා විශ්වාස කරනවා. නමුත් මෙහි කිසිඳු සත්‍යතාවක් නැහැ.

දරුවන්ගේ ස්වයංවින්දනය ගැන ඔබ දත යුතු දේ

බොහෝ දරුවන් තමන්ගේ පුද්ගලික අවයව ඇත පත ගානවා, පිරික්සා බලනවා. මෙය වයස අවුරුදු දෙකේ සිට හයක් පමණ වන තුරු වැඩිපුර සිදු වන දෙයක්. නමුත් දරුවන් නව යොවුන් වයසට එළඹෙන විට දෙමාපිය අපි මෙම ක්‍රියාව දකින අකාරය වෙනස් වනවා. මේ අපි වැඩිහිටි කෝණයකින් බලා නිගමන වලට එළඹෙන නිසයි.

දරුවන්ගේ ස්වයංවින්දනය දරුවන් අතර සුලභ ක්‍රියාවක්ද?

ඔව්! මෙය දරුවන් අතර සුලභ ක්‍රියාවක්.

ඇත්ත වශයෙන්ම, ඇමරිකාවේ මිචිගන් විශ්ව විද්යාලය විසින් කරන ලද අධ්‍යයනයකට අනුව, "බොහෝ දරුවන් - ගැහැණු, පිරිමි දෙපාර්ශවයම - ඔවුන්ගේ ලිංගික අවයවයන් නැතහොත් පුද්ගලික කොටස් වයස අවුරුදු 5-6 දී පටන් නිරතුරුවම අත පත ගානවා, පිරික්සා බලනවා. වයස අවුරුදු 15 වන විට පිරිමි ළමයින්ගෙන්  සියයට %ක් ගැහැණු ළමයින්ගෙන් 25%ක් පමණ සුරාන්තයට පැමිණෙන තෙක්ම ස්වයංවින්දනයේ  දී ඇති බව සොයා ගෙන තිබෙනවා.

දරුවන් ස්වයංවින්දනයේ යෙදෙන්නේ ඇයි?

නව යොවුන් වියේ දරුවෙකුට තම ශරීරය ගැන වැඩි අවබෝධයක් ස්වයංවින්දනය තුලින් ලැබෙනවා. මෙම වයසේ දරුවන්ගේ ස්වයංවින්දනය යනු තම ලිංගික අවයව මගින් තමුන්ට තෘප්තියක් ලැබෙන්නේ කෙසේදැයි සොයන ගවේෂණයක ප්‍රතිඵලයක් ලෙස හඳුන්වන්නට පුළුවන්.

ඔවුන්ගේ අවයව මගින් තෘප්තියක් අත්පත් කරදෙන බව සොයා ගත පසු ඔවුන් මෙම අත්දැකීම නිතර නිතර ලබන්නට යොමු වනවා.

දරුවෙකු තම පුද්ගලික අවයව අතපත ගෑම තුල සැනසීමක් අත් දකිනවා. තමන්ගේම අවයව තමන්ට රිසි සේ අතපත ගෑම කිලිටි ක්‍රියාවක් හෝ පාපකාරී ක්‍රියාවක් සේ ඔවුන් කිසි විට දකින්නේ නැහැ.

ඇතැම් විට ඔබට අනාවරණය වූ ඔබේ දරුවන්ගේ ස්වයංවින්දනය කෙසේ හසුරුවාගන්නදැයි ඔබ අන්දබූත වෙලා ඇති. මෙය වරදක් නොවන නිසා ඔබ ඔවුන්ට සැර වීමටවත්, ලැජ්ජාවට පත් කිරීමටවත්, දඬුවම් කිරීමටවත් කාරණාවක් නොවන හෙයින් එසේ කිරීම සුදුසු නැහැ. ඔවුන්ගේ අවයව අතපත ගෑම කිලිටි ක්‍රියාවක් යැයි කිසිවිට කියන්නට එපා. මෙය පසු කාලීනව ලිංගික ජිවිතයේ ගැටළු වලට හේතුපාදක වන්නට පුළුවන්.

නමුත්, දරුවන් ස්වයංවින්දනය ගැන දන්නේ කෙසේද? ඔවුන් මෙය කොතැනින් හෝ ඉගෙන ගෙනද, නැතිනම් කොහේ හෝ දැක තිබෙන කාරණාවක්ද?

දරුවන් ස්වයංවින්දනය ගැන දන්නේ කෙසේද?

දරුවන්ට කිසිවෙක් ස්වයංවින්දනය ගැන කියා දෙන්නේ නැහැ. ඔවුන් මෙය කොතැන හෝ දැක තිබෙන දෙයක්ද නොවේ. දරුවන්ගේ ස්වයංවින්දනය සිදුවන්නේ ඔවුන් තම අවයව අතපත ගා පිරික්සා බැලීමේදී නොහොත් ගවේෂණය කිරීමේදී ඉබේ සිදුවන අත්දැකීමක් ලෙසයි.

පිරිමි දරුවන් තම ලිංගික අවයව වයස මාස 6ත් 7ත් වැනි වයසේදී අතපත ගාන්නට පටන් ගන්නවා. ගැහැණු දරුවන් මාස 10ත් 11ත් අතර කාලයේදී තම ටහස් ප්‍රදේශ ඇත[ඇත ගාන්නට පටන් ගන්නවා.

ලිංගික අවය අතපත ගෑමේදී බොහෝ විට දරුවන් තම අවයව අත් වලින් පිරිමැදීම හෝ යමක් මත පිරිමැදීම සිදු වනවා.   මෙවිට දරුවන්ගේ මුහුණේ හිස් පෙනුමක් දිස් වනවා. නැතහොත් ඔවුන්ගේ ආශ්වාස ප්‍රශ්වාස වේගවත් වනවා.

ඔබ සිහි තබාගත යුතු දෙයක් වන්නේ දරුවන්ගේ ස්වයංවින්දනය හුදෙක් ආශ්වාදය සඳහා මිස වැඩිහිටි මනසක ක්‍රියාත්මක වන අකාරයේ ලිංගික සිතිවිලි නිසා සිදුවන්නක් නොවන බවයි. මෙය ලිංගික හැඟීම් වල ප්‍රතිපලයක් ලෙස සිදු වනුයේ පසුකාලීනව නොහොත් දරුවා නව යොවුන් වියට එළඹුණු පසුවයි.

ඉතින් දරුවා මෙම ක්‍රියාවෙහි යෙදෙනු ඔබේ නෙත ගැටුනහොත්, ඔබ ක්‍රියා කල යුත්තේ කෙසේද?

ඔබේ මුල්ම පියවර වනුයේ දරුවා සමඟ මේ ගැන කතා කිරීමට ඔබට අවශ්‍ය ආත්ම ශක්තිය වැඩි දියුණු කිරීමයි.

දරුවාගේ ස්වයංවින්දනය සම්බන්ධයෙන් ඔබේ දරුවන් සමඟ සාකච්ඡා කරගන්නේ කෙසේද?

මුලින්ම ඔබ තේරුම් ගත යුතු යතාර්ථය නම්, ස්වයංවින්දනය යනු වැරදි ක්‍රියාවක් නොවන බවයි. මේ නිසා දරුවන් මෙවැනි ක්‍රියාවක යෙදෙනු දුටුවහොත් ඒ ගැන කිසිම කලබලයක් ඇති කරගැනීමට අවශ්‍ය නැහැ. දරුවා සමඟ මේ ගැන සාකච්ඡා කරන්නට කලින්, පහත දේවල් සිහි තබාගත  යුතුයි.

* ස්වයංවින්දනය ඉතාම සාමාන්‍ය ක්‍රියාවක්

දරුවාගේ අවයව තමන්ගේ ආශ්වාදය සඳහා යොදාගැනීම වැරදි ක්‍රියාවක් නොවේ. එය දරුවාගේ ලිංගික සෞඛ්‍ය වර්ධනයේ සාමාන්‍ය අදියරක් පමණයි.

දරුවාගේ ස්වයංවින්දනය යනු ඔහුගේ/ඇයගේ ශරීරයේ ප්‍රතිරූපය වර්ධනය කිරීමට ඇති එකම මාර්ගය නොවේ. නමුත්, තමන්ගේ සිරුර කෙරෙහි ඇල්මක් ඇතිකරගන්නට උපකාර වන එක් ක්‍රමයකි. මේ නිසා ඉඳ හිට තමන්ගේ සිරුරේ අවයව අතපත ගෑම හෝ පිරිමැදීම කිලිටි, හානිකර හෝ සැඟවුණු මානසික ගැටලුවක පෙරනිමිති හෝ නොවේ.

මෙය ඔබ 'නරක' දෙමව්පියන් බවට පත් කරන සිදුවීමක්ද නොවේ. එය හුදෙක් ස්වාභාවික ක්රියාවලියක් පමණි.

* දරුවා ලැජ්ජාවට පමුණුවන්නට එපා

ඔබ දරුවා සමඟ මේ ගැන කතා කරන විට කිසි විටෙකත් ඔහුගේ/ඇයගේ අවයව පිලිබඳ ලැජ්ජාවට පමුණුවන්නට එපා. තම අවයව ගැන දරුවා කිසි විටෙකත් ලජ්ජා විය යුතු නැත.

දරුවාගේ ස්වයංවින්දනය ලැජ්ජා වීමට කාරණයක් නොවන බව ඔවුන්ට ඒත්තු ගැන්විය යුතුයි. තම අවයව දෛනික ජීවිතයට බලපෑමක් නොවන තාක් කල් මෙය කලබල විය යුතු  කාරනාවක් නොවේ.

* දරුවන්ගේ ස්වයංවින්දනය පමණ ඉක්මවන අවස්ථා

දරුවන්ට තම ශරීරයන් ‘ගවේෂණය කිරීමට’ සම්පුර්ණ අයිතියක් ඇති මුත් කිසිඳු ක්‍රියාවක් පමණට වඩා  සිදු කිරීම සුදුසු නැත.

මෙය පහදා දීමේදී ඔබේ ඉරියව්, හැසිරීම් සහ කටහඬ ආදිය සාමාන්‍ය හා සන්සුන් ලෙස පවත්වාගෙන යාමට අමතක කරන්න එපා. එය කිසි විටෙකත් තර්ජනාත්මක ස්වරුපයක් නොගත යුතුය.

* දරුවන්ගේ ස්වයංවින්දනය ගැටළුවක් වන අවස්ථා

දරුවන් පමණට වඩා මෙම ක්‍රියාවේ නියැලීම හෝ එය දරුවාගේ දෛනික ක්‍රියාවලට බලපෑමක් ඇති කරන්නේ නම්, එය සැලකිලිමත් විය යුතු තත්වයකි.  වැඩිපුර කාලයක් මෙහි නිරත වන්නේ නම්, දරුවා වෙනත් පුද්ගල ආශ්‍රයෙන් මිදී තනි වන්නට උත්සාහ කරනවා නම්, එය දරුවා ‘ගවේෂණයක නියැලෙනවා’ සේ සැලකිය නොහැක.

දරුවා තමන්ගේ මෙම ‘ඇබ්බැහි වීම’ සාමාන්‍ය සිදුවීමක් සේ දකින්නේ නම් එය ‘අසාමාන්‍ය තත්වයකි’. එය පසුකාලිනව  සෞඛ්‍යමය ගැටළු වලට තුඩු දිය හැකි බැවින් ඒ ගැන ක්‍රියාත්මක වන්නට අවශ්‍යය.  

ගැහැණු දරුවන් පමණ ඉක්මවා තම  අවයව  පිරිමැදීම මුත්‍රා මාර්ගය ආශ්‍රිත ආසාදන වලට තුඩු දිය හැකි අතර පිරිමි දරුවන් එසේ කිරීම වේදනාව, ඉදිමුමට ආදිය තුඩු දිය හැක. මේ නිසා පමණට වඩා දරුවන් ඊට යොමු වී නම්, ඔබේ මැදිහත් වීම අවශ්‍ය වේ.

* පොදු ස්ථාන වල හැසිරීම

දරුවන්ගේ ස්වයංවින්දනය පොදු ස්ථාන වල සිදු නොවන තාක් කල්, නැතහොත් රහසිගතව පමණක් සිදුවන තාක් කල් ඔබ මේ ගැන කිසිදා දැන නොගන්නවා විය හැක. නමුත් ඔවුන් පොදු ස්ථානයක තම අවයව අතපත ගානවා නම් ඔවුන්ට පෞද්ගලිකත්වය ගැන කියා දීමට එය අවස්තාවක් කරගන්නට පිළිවෙන.

ඔවුන්ගේ ලිංගික අවයවයන් සමඟ සම්බන්ධවකියා දීමේදී සැරපරුෂ වචන වලින් මිදී සන්සුන්ව සහ ඉවසීමෙන් ඒවා පහදිල්ලි කර දීම ඉතා වැදගත්ය. මන්ද ඔබට බියේ දරුවා තම හැඟීම් යටපත් කරගැනීමට උත්සාහ කරනු ඇති. එම නිසා ඔබේ ඉවසීම සහ මගපෙන්වීම දරුවාට අපහසුතාවක් ඇති නොවන අකාරයෙන් සිදු කල යුතුය.

* දරුවාගේ පෞරුෂය වර්ධනය කරන්න

දරුවා සමඟ කතාබහ කිරීමේදී කිසි විටෙකත දරුවාගේ පෞරුෂයට හානි වන පරිදි කටයුතු නොකරන්නට වගබලා ගන්න. මන්ද ආත්ම විශ්වාසයෙන් සපිරි දරුවන් රහසිගතව ලිංගික ප්‍රබෝධයන් සඳහා යෙදවීමට ඇති ඉඩකඩ අඩු බැවිනි.

කරන්නට දෙයක් නැතිව තනිකම පාළුව වැඩිපුර දැනෙන දරුවන් බොහෝ විට ස්වයංවින්දනය වෙත යොමු වනවා පමණක් නොව, එය පුරුද්දක් බවටද පත් කරගනු ඇත.මේ නිසා ඔබේ දරුවා තම පුද්ගලික අතපත ගාන්නට යොමු වන විට සන්සුන්ව ඔවුන් කැමති වෙනත් ක්‍රියාවකට ඔවුන් යොමු කල හැක.

* දරුවා බය කරන්නට එපා

දරුවාගේ ක්‍රියාව වැළක්වීමේ අරමුණින් තර්ජනය හෝ බිය ඇතුළු කිරීම කිසි සේත්ම නොකළ යුත්තකි. බොහෝ දෙමාපියන් දරුවාට ‘ඔහොම කලොත් ඔයාගේ ඇස් අන්ධ වෙයි’ නැතිනම් ‘ඔයාගේ අත කැඩෙයි’ වැනි දේ කියා දරුවා බිය කරනු දක්නට ලැබෙනවා.

මෙය මුලදී ඔබේ දරුවාට බියක් ගෙන දිය හැකි මුත් පසුව දරුවාගේ අභිමානය, පෞරුෂය හීන කරවිය හැක. තවද මේවා බොරු බව දැනගත් පසු ඔබ කෙරෙහි ඇති විශ්වාසය පලුදු වනු ඇත. ඔබගෙන් ඒ ආශ්‍රිත උපදෙස් ලබාගැනීම සිදු නොන්කරනු ඇත.  

* පරිණත හා ඥාවන්ත ලෙස තත්වය හසුරුවන්න

දරුවා මෙම ක්‍රියාවේ නියැලෙනු දුටුවහොත් පරිණත හා ඥානවන්ත ලෙස එය හසුරුවන්න. ඔබේ දරුවාට සමච්චල් නොකරන්න. ඔවුන් මත වරදකාරි හැඟීම්  ඇති කරන්නට එපා. ඔවුන් සමඟ මෙය සාකච්ඡා කිරීම ඔබට අපහසුතාවක් ඇති කල හැකි මුත් ඔබේ බැඳීම ඉන් පලුදු වන්නට ඉඩ තබන්නට එපා.

මීට අමතරව, මෙමගින් දරුවා තම සිරුර ගැන වඩාත් හොඳින් දැනුවත් වන අතර එය තම පෞරුෂය වර්ධනය කිරීමට ද උපකාර වනු ඇත.

* උපකාර පතන්න

දරුවාගේ ස්වයංවින්දනය පුරුද්දක් කරගෙන නම් හෝ ඔබට මෙම තත්වය හසුරුවාගන්නට අපහසු නම් හෝ වෛද්‍යවරයෙකුගේ හෝ විශ්වාසවන්ත වැඩිමහල් කෙනෙකුගේ හෝ ගුරුවරයෙකුගේ සහය පතන්න.

මෙමඟින් දරුවාත් ඔබත් අතර ඇති සම්බන්ධතාවයට හානියක් හෝ බලපෑමක් නැතිවම දරුවාගේ ස්වයංවින්දනය පිළිබඳ ගැටලුව නිරාකරණය කර ගැනීමට හැකි වනු ඇත.

නව යොවුන් වියේ දරුවන්ගේ ස්වයංවින්දනය ගැන මා කනස්සලු විය යුතුද?

දරුවන්ගේ ස්වයංවින්දනය ළමා වර්ධනයේ සාමාන්‍ය ක්‍රියායාවලියක් වන බැවින් පහත සඳහන් අවස්ථාවලදී හැර, එය කණස්සල්ලට හේතුවක් නොවේ.

* ඔබේ දරුවා කල් තියාම ලිංගික සම්බන්ධතා පිළිබඳව දැනුවත් වී ඇත්නම්

* ස්වයංවින්දනය පුරුද්දක් වී වෙනත් දෛනික කාර්යයන් අතපසු කරනවා නම්

* ඔබේ දරුවා වෙනත් දරුවකු සමඟ ලිංගික ඉරියව් වලින් හැසිරීම පිළිබිඹු කරනවා නම්

* ස්වයංවින්දනය වේදනාකාරී වේ නම්

* දරුවා මානසික පීඩනය අඩු කර ගැනීමට මෙම ආස්වාදය ලබාගැනීමට නැවත නැවතත් යොමු වනවා නම්

* දරුවා නිතර කනස්සලු ස්වභාවයක් පෙන්වන්නේ නම්

* ස්වයංවින්දනය ලිංගික අවයව වලට හානිකර තත්වයක් උදා කරන්නේ නම්

ඉහත තත්ත්ව සියල්ල තුලින් දරුවාගේ ස්වයංවින්දනය තුළින් ඔහුගේ/ඇයගේ ජිවිතයට බලපෑමක් ඇති කරන බව පෙන්නුම් කරන අතර  දරුවාට වහාම දෙමාපියන්ගේ මැදිහත්වීම අවශ්ය වේ.

දරුවන්ගේ ස්වයංවින්දනය රෝගී තත්වයක් නොවේ

දරුවන්ගේ ස්වයංවින්දනය රෝගී තත්වයක් නොවන බව ඔබ සිහි තබාගත යුතුය. මක්නිසාද මෙම ස්වභාවික ක්‍රියාවලිය වටා ගෙතුණු නොයෙකුත් මිත්‍යා මත, මතිමතාන්තර ගොඩ නැගී ඇති බැවිනි.

 

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිලුෆ පෙරේරා