theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

පුංචි දරුවන්ට අතවර කරන අය ඔබ නොදැනුවත්ව වුනත් ඔබේ ගෙදරම ඉන්න පුළුවන් බව ඔබ දැනසිටියාද?

4 අවම කියවීම
පුංචි දරුවන්ට අතවර කරන අය ඔබ නොදැනුවත්ව වුනත් ඔබේ ගෙදරම ඉන්න පුළුවන් බව ඔබ දැනසිටියාද?පුංචි දරුවන්ට අතවර කරන අය ඔබ නොදැනුවත්ව වුනත් ඔබේ ගෙදරම ඉන්න පුළුවන් බව ඔබ දැනසිටියාද?

ළමා අපචාර හා හිංසනය පිළිබඳ ඉතා සැලකිල්ලෙන් කටයුතු කරන ළමා මනෝවෛද්‍ය සයුරි පෙරේරා සමග වැදගත් තොරතුරු ගණනාවක් මෙම ලිපියෙහි ඇතුලත් වෙනවා.

අපේ දරුවන් සමහර විට හිංසාවට පත්වී ඇතැයි කියන්නවත් අපි නොදන්නා අවස්ථා තිබෙන්න පුළුවන්. දරුවන්ට අතවර කරන පුද්ගලයන් ඒ කරන හිංසනය කට්ට ලෙස වහගන්නත් දන්නවා. ඒ තරමටම හිංසනය හඳුනා ගන්න අපහසු වෙන්න පුළුවන්.

බොහෝ විට කුඩා වියේම දරුවන් නොදැනුවත්කමින් හිංසනයට ලක්වුවත් එහි බරපතලකම නොදැන දිගින් දිගටම දරුවන්ට අතවර ලක්වෙන්න පුළුවන්. නමුත් දරුවන්වත් ඔබවත්  එය අතවරයක් බව දකින්නේ නැති තරමට ඉතා සියුම් ලෙස දරුවාව භාවිතා කිරීම හිංසනයේ ඇති බිහිසුණු බව ලෙස දකින්න පුළුවන්.

මෙය කායික හා මානසික වශයෙන් වර්ග කරන්න පුළුවන්. මේ කොයි ආකාරයේ හිංසනයක් වුවත් කල්ගත නොවී එය හඳුනා ගැනීමට හැකි වීමෙන් දරුවාගේ ජීවිතය බේරාගන්න ඔබට පුළුවන්. මේ මාතෘකාව ඉතා පුළුල් නිසාම අපි අද දරුවන්ට වන කායික හිංසනය ගැන කතා කරමින් දරුවා හිංසනයට ලක්වී ඇතැයි දැනගන්නට ඉඟි ගණනාවකුත් ඔබට ගෙන එනවා.

ඔබේ දරුවා යම් කිසි ශාරීරික හිංසනයකට ලක්වෙලා නම් ඒ බව දැනගන්නේ කොහොමද?

මේ කරුණු පිළිබඳ කතා කරන්නත් දැනුවත් වෙන්නත් ළමා අපචාර හා හිංසනය පිළිබඳ ඉතා සැලකිල්ලෙන් කටයුතු කරන විශේෂඥය මනෝවෛද්‍ය සයුරි පෙරේරා සමග වැදගත් තොරතුරු ගණනාවක් කතා කරන්නට ඉඩ ලැබුණා.

ඇය පවසන ආකාරයට බොහෝ විට හුඟක් දරුවන් හිංසනයට ලක්වී ඇති බව දෙමාපියන් නොදන්නා බව ඇය පවසනවා.

මන්ද මේ හිංසනයන්ට දරුවා ලක්කරන අය අප අතරම ජීවත් වන අය වීම මෙයට හේතුවක් ලෙස ඇය දක්වනවා. බොහෝ විට මාමා කෙනෙක්, අයියා කෙනෙක්, සීයා කෙනෙක් දරුවන්ව ලිංගික හිංසනය සඳහා යොදා ගැනීමෙන් කිසිවෙක් සැක නොසිතන චරිතයක් වීම මූලික වෙන්න පුළුවන්.

මන්ද ඔවුන්ගේ හැසිරීම් දරුවන්ට ඉතාම කුළුපග ආදරණීය වීම නිසාම දරුවන් හා දෙමාපියන් මේ අයව දැඩි සේ විශ්වාස කරනවා. සමහර විට දරුවා ඇත්ත කිව්වත් දෙමාපියන් ඔවුන්ව සැක නොකරන තරමට ඔවුන් විශ්වාසණීයයි. ඒ වගේම අනෙක් ඛේදජනක සිදුවීම නම් මේ පුද්ගලයන් කාලාන්තරයක් පුරා මීට සැලසුම් නිර්මාණය කිරීමයි.

දරුවන්ට අතවර කරන පුද්ගලයන්ගේ සැලසුම් මොනවද?

  • දරුවාට තෑගි බෝග අරන් දීම.
  • ටොෆි චොක්ලට් අරන් දීම.
  • දරුවන් සමග ක්‍රීඩා කිරීම.
  • නිතරම දරුවාට ආදරය පෑම.
  • දරුවා තමාට ඉතා සුවිශේෂී බව හැඟවීම.

මේ කරුණු නිසා දරුවා එම වැඩිහිටියාට හෝ සමීපතමයට ආකර්ෂණය වෙනවා. ඔහුව තදින්ම විශ්වාස කරනවා. ඒ නිසාම දෙමාපියනුත් ඔහුව විශ්වාස කරනවා.

එසේනම් දරුවා හිංසනයට ලක්වී ඇති බව දැනගන්නේ කොහොමද?

  • දරුවාගේ ලිංග ප්‍රදේශයේ රිදීම් ගැන කියනවා නම්.
  • යට ඇඳුම් වල ලේ පැල්ලම් දක්නට ඇත්නම්.
  • වැසිකිලි යාමේදී එම ආශ්‍රිත ප්‍රදේශය රිදෙන බව පවසනවා නම්.
  • චර්යාවේ වෙනස් කම් පෙන්වනවා නම්. ඒ කියන්නේ දරුවා වෙනදා තරම් සමාජශීලි නැත්නම්.
  • ප්‍රචණ්ඩ නම්.
  • දරුවා සතුටින් පසුවන්නේ නැතිනම්.
  • දරුවාගේ නින්ද යාමේ වෙනසක් ඇත්නම්.
  • දරුවාට මළ මුත්‍රා වල පාලනයක් නැත්නම්.
  • දරුවා තරුණ වියේ අයෙක් නම් ජීවිතය නැතිකරගන්න උත්සාහ කරනවා නම්.
  • නැතිනම් නව යෞවනයේ දරුවෙකු නම් මධ්‍යසාර වැනි දේට වුනත් ඇබ්බැහි වෙන්න පුළුවන්.

මේ භයානක තත්වයේ පෙර නිමිති හඳුනා ගැනීම දෙමාපියන්ට අපහසු වුවත් එය ඉතා සිහිනුවණින් කළයුතු වෙනවා.

වෛද්‍යවරිය තව දුරටත් කරුණු දක්වමින් කියා සිටියේ කිසිම ආකාරයක ශාරීරික හෝ ලිංගික පෙළඹවීමකට දරුවෙකු යොදා ගැනීම නීතියෙන් කිසිසේත්ම අනුමත නොකරන බවයි. ඒ වගේම නීතියට අනුව මෙය අපරාධයක් ලෙස පිළිගැනෙනවා.

පහත වීඩියෝවේ පෙන්නන විදියට දරුවන්ට හිංසා කරන අය ඔවුන් සමග ඉතා ළඟින් ආශ්‍රය කරන කෙනෙකු විය හැකිය. 

මෙවැනි අපරාධයක් නිසා දරුවෙකුට දිගුකාලීනව විය හැකි හානි තියෙනවද?

  • දරුවාගේ හැඟීම් වල වෙනස්කම් ඇතිවෙන්න පුළුවන්.
  • දරුවා කෑම කෑ පිළිවෙල වෙනස් වෙනවා.
  • දරුවා බලවත් ආතතියට පත් වෙනවා.
  • වැඩිහිටියන් වූ පසු ආවේගශීලි අය වෙනවා.

දරුවන්ට අතවර වී ඇති බව දැනගත් විගස ඔබ කළයුත්තේ කුමක්ද?

  • දරුවාට මෙහි රහස්‍ය බව රකින බවට පොරොන්දු වෙන්න.
  • ඉතා ආදරයෙන් ඔහුගෙන් මේ ගැන තොරතුරු අහන්න.
  • අපයෝජකයා දරුවාව බයට පත්කර තර්ජනය කර ඇත්නම් ඒ වෙනුවෙන් ඔබ දරුවා ආරක්ෂා කරන බව කියන්න.
  • ඉහත ලක්ෂණ දරුවාගෙන් ඇත්නම් ළඟම ඇති වෛද්‍යවරයා වෙත දරුවා යොමු කරන්න.
  • ඉක්මනින් ඒ බව පොලිසියට දන්වන්න.
  • ඒ වගේම ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ළමයින් සඳහා වන විශේෂ අංකය 1929 (හෝ 94 11 2 778 911 – 4/
    Email : [email protected]) අමතා ඔබ දන්නා හිංසනයන් ගැන වාර්තා කරන්න පුළුවන් වගේ තරමක් වැඩිහිටි දරුවන් ඇත්නම් ඔවුන්ට මේ අංකය ලබාදී තමන්ට අනතුරක් වූ සැනින් මේ අංකයට කතා කරන ලෙස දැනුවත් කරන්න.

ඒ වගේම දෙමාපියන් නොසිතන තවත් පැත්තක් ලෙස දරුවෙකුට ස්පර්ශයක් හෝ නොකර ඔවුන්ව අපයෝජනයට ලක්කළ හැකි බව දන්නවද?

  • දරුවාට අසභ්‍ය පින්තූර පෙන්වීම
  • දරුවාට අනිසි දුරකථන ඇමතුම් ලබාදීම
  • වීඩියෝ දර්ශන පෙන්වීම
  • තම ලිංගික අවයව ප්‍රදර්ශනය කිරීම

වැනි දේවල්ද මෙම හිංසනයට ඇතුලත් බව මනෝවෛද්‍ය සයුරි තවදුරටත් පැවසුවා. ඒ නිසා ඔබ නිතර දරුවා සමග ගැවසෙන අය ගැන සැලකිලිමත් වෙන්න. ඔබේ හය හතර නොදන්නා දරු පැටියාට මේ ලෝකයේ ඇති විශ්වාසවන්තම ආරක්ෂකයා අම්මා හා තාත්තා පමණක් බව කියාදෙන්න.

දරුවාගේ ඇඟට පිට අයෙකුට අතක් හෝ තැබිය නොහැකි බවත්, ඊට විරුද්ධ වීමට ඔබේ දරුවාට පැහැදිළි අයිතියක් ඇති බවත්, උදව්වට කෙනෙක් නැත්නම් කෑගැසීම හෝ කරන ලෙසත්, අනතුරක් දැනුණු හැමවිටම ඒ බව ඔබ දෙමාපියන්ගෙන් එක් අයෙකුට හෝ කීම මගින් ඔවුන්ට වරදකරුට දඬුවම් දිය හැකි බවත් කියා දෙන්න.

හැමදාම කියනවා වගේ මොහොතක පමාව ජීවිත කාලයටම කඳුළු ඉතිරි කරන ඛේදවචකයක් විය හැකියි. අතීතයේ අපිට එවැනි සිදුවීම් අහන්න දකින්න ලැබෙන නිසාම අපේ දරුවන් රැකගන්න මේ තොරතුරු theAsianparent Sri Lanka ඔබේ හොඳම මිතුරිය ගෙන ආවා.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
img
Written by

Nisansala Liyanage

  • Home
  • /
  • ළමා ආරක්ෂාව
  • /
  • පුංචි දරුවන්ට අතවර කරන අය ඔබ නොදැනුවත්ව වුනත් ඔබේ ගෙදරම ඉන්න පුළුවන් බව ඔබ දැනසිටියාද?
බෙදාගන්න :
  • දරුවෙක් තවත් දරුවෙකු ලිංගිකව අපයෝජනය කරන යුගයක ඔබේ දරුවා කාමාතුර උවදුරෙන් ආරක්ෂිතද?

    දරුවෙක් තවත් දරුවෙකු ලිංගිකව අපයෝජනය කරන යුගයක ඔබේ දරුවා කාමාතුර උවදුරෙන් ආරක්ෂිතද?

  • අකලට මිලින වෙන්න ගිය මලක් දෝතින් රැකගත් අපේ කාලයේ පුංචි වීරයෙක්

    අකලට මිලින වෙන්න ගිය මලක් දෝතින් රැකගත් අපේ කාලයේ පුංචි වීරයෙක්

  • දරුවෙක් තවත් දරුවෙකු ලිංගිකව අපයෝජනය කරන යුගයක ඔබේ දරුවා කාමාතුර උවදුරෙන් ආරක්ෂිතද?

    දරුවෙක් තවත් දරුවෙකු ලිංගිකව අපයෝජනය කරන යුගයක ඔබේ දරුවා කාමාතුර උවදුරෙන් ආරක්ෂිතද?

  • අකලට මිලින වෙන්න ගිය මලක් දෝතින් රැකගත් අපේ කාලයේ පුංචි වීරයෙක්

    අකලට මිලින වෙන්න ගිය මලක් දෝතින් රැකගත් අපේ කාලයේ පුංචි වීරයෙක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it