theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

දරුවන්ට ආහාර ලබා දීමේදී අත්හල යුතු කෑම 17 ක්

6 අවම කියවීම
දරුවන්ට ආහාර ලබා දීමේදී අත්හල යුතු කෑම 17 ක්දරුවන්ට ආහාර ලබා දීමේදී අත්හල යුතු කෑම 17 ක්

කිරි වැරීමත් සමගම දරුවන්ට ආහාර ලබා දීමේදී අත්හල යුතු කෑම 17 ක් අතර මී පැණිත් තියෙනවා. අනිත් කෑම වර්ග 16 මොනවාදැයි කියා මෙම ලිපිය කියවා දැනගන්න

කිරි වැරීමත් එක්කම දරුවන්ට ආහාර දීම ගැන ඔබට හුඟක් ගැටළු මතු වෙනවා. මේ නිසා අන්තිමට දරුවා කෑම තෝරද්දී දෙමාපියන් ඔවුන්ට නුසුදුසු කෑම හරි දෙන්න පටන් ගන්නවා. අපේ දැනුවත්කම අනුව දෙන කෑම නිසා දරුවට අහිතක් මිසක් හොඳක් නම් වෙන්නේ නැහැ.

පුංචි කාලේ ඉඳන්ම දරුවා හරි ආහාර රටාවකට පුරුදු කළහම ඔවුන්ගේ අනාගතය නිරෝගියි. විශේෂඥයන් පරීක්ෂණ මගින් සනාථ කරපු මේ දරුවන්ට ආහාර වර්ග ඔබත් දරුවට දෙනවද නැද්ද කියලා දැන් කල්පනා කරලා බලන්න.

දරුවන්ට ආහාර හඳුන්වා දෙන විට මේවාගෙන් ප්‍රවේසම් වන්න

1. බිස්කට්

පෝෂණයෙන් අඩු කැලරි වලින් වැඩි බිස්කට් වල මේදය හා සීනි පිරිලා. විශේෂයෙන් ක්‍රීම් බිස්කට් වල. මේවා කිසිසේත්ම දරුවන්ට සුදුසු නැහැ.

දරුවාට මේ මගින් මේදය යි, සීනි යි පුරවලා ලැබෙනවා. පෝෂණය වේදියෙකු වන Lokendra Tomar පවසනවා. මේ වෙනුවට ගෙදර හදාගත්ත කුකීස් සමග බටර් වැනි දෙයක් දරුවාට දෙන්න පුළුවන්.

2. ඇට වර්ග

අවුරුද්දකට අඩු දරුවෙකුට ඇට පිටින් ඇට වර්ග දීමෙන් සිරවීමට පුළුවන්. ඒ නිසා ඒවා හොඳින් තම්බා හෝ නැතිනම් පොඩිකර තැවරුමක් විදිහට දෙන්න පුළුවන්.

අවුරුදු 5 ට අඩු දරුවන්ට ඇට හා ධාන්‍ය වර්ග දීම පරෙස්සමෙන් කළ යුතුයි. වෛද්‍ය ෂර්ලි ගනේෂ් කොලොම්බියා ඒෂියා රෝහල, බැංගලෝරය විසින් පවසනවා.

මේ වෙනුවට ඉස්සරින් දා රෑ ඇට වර්ග පෙඟෙන්න දාලා තම්බලා පොඩි කරලා දෙන්න. මීට වියළි මිදී හරි රේසින් හරි ටිකක් එකතු කරන්න. දරුවෝ හරි කැමතියි. ටොමාර් යෝජනා කරනවා.

3. ක්ෂණික ළදරු ආහාර

වෙළඳපළේ ඕනෑ තරම් ළදරු ක්ෂණික ආහාර ගන්න තියෙනවා. ඉඳහිට අසුරණ ලද ආහාර දුන්නට වරදක් නැතත් නිතර නිතර මෙය කිරීම නම් හොඳ නැහැ.

මෙම බොහෝ ආහාර වල කාබෝහයිඩ්රේඩ් බහුලව තැන්පත් කර ඇති අතර ෆයිබර් අඩංගු වන්නේ නැහැ. දරුවට මෙය ගිලින්න පහසුයි.

කාබෝහයිඩ්රේට් වැඩි ආහාර මගින් ශරීරය තුළ ඉන්සියුලින් නිපදවනවා. රුධිරයේ ඉන්සියුලින් වැඩිවීමත් සමගම ඔවුන්ට කෑමට කැමැත්ත වැඩි වෙනවා.

එතකොට බර ඉක්මනින් වැඩි වෙනවා. ටොමාර් පවසනවා. මෙහෙම ඉක්මනට බර වැඩි වෙන එක සෞක්‍යට හොඳ නැහැ.

4. පැණි රස උදෑසන සීරියල් වර්ග

දරුවාගේ දවසේ වැදගත්ම ආහාර් වේල සීනි සහිත සීරියල් වලින් අරඹන්න එපා.

ඉන් දරුවාගේ දත් වලට හානි ඇති වෙනවා වගේම දිරවීමට අපහසු වෙනවා. මන්ද අධික ලෙස එහි සෝඩියම් තිබෙනවා.

ඒ වෙනුවට බත් සමග එළවළු , මාළු, ඔට්ස්, ඉඳි ආප්ප වැනි දෙයක් දෙන්න පුළුවන්.

5. පැණි රසයෙන් වැඩි  කෑම

සීනි, තෙල්, ගී වැනි දේ අඩංගු කර සාදන ලද ආහාර වල කැලරි ප්‍රමාණය වැඩියි. දරුවාගේ බඩ පිරුණත් ඉන් දරුවාට ලැබෙන පෝෂණයක් නම් නැහැ.

මේ වෙනුවට පලතුරු සලාදයක්, යෝගට් එකක් වගේ දෙයක් දරුවාට දෙන්න පුරුදු කරන්න.

දරුවන්ට ආහාර

6. කේක් හා පේස්ට්‍රි වර්ග  (දරුවන්ට ආහාර)

නවත්තන්න අමාරු වුනත් කේක් නම් පුංචි දරුවන්ගේ බඩට හොඳ නැහැ. එහි මේදය හා සීනි අධිකයි.

මෙහි පෝෂණය අවම අතර දරුවන් කම්මැලි කරනවා.

මේ වෙනුවට පලතුරු වැනි යමක් කෑමට පුරුදු කරන්න.

 7. චොක්ලට් හා සීනි බෝල, ලොලිපොප්

3

මෙවැනි රස කැවිලි දරුවන්ගේ වැඩෙන දත්වලට බලපෑම් ඇති කරනවා. චුවින්ගම් නම් කිසිසේත්ම් සුදුසු නැහැ.

ඔබ දන්නෙවත් නැතිව මේවා දරුවන්ගේ දත්වල ඇලෙන්න පුළුවන්. චොක්ලට් වලත් සීනි හා කැෆේන් අඩංගු නිසා පුංචි දරුවන්ට සුදුසු නැහැ.

මේ වෙනුවට අලුත් පලතුරු දීම තරම් හොඳ පුරුද්දක් නැති තරම්.

8. පිටතින් විවෘත්ත වෙළඳසැල් වලින් ගන්නා ආහාර

මේවයේ පිරිසිදුකම ගැන අපිට කිසිසේත්ම කියන්න බැහැ. දරුවන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය එතරම් ශක්තිමත් නැති නිසා ඔවුන් ඉක්මනින් මෙවැනි කෑම වලින් ලෙඩ වෙන්න පුළුවන්, වෛද්‍ය ගනේෂ් පවසනවා.

ඒ වගේම මේවා වලින් ශරීරයට ඇතුළු වන විෂබීජ වලින් දරුවන්ට කුමන රෝග වැළදේදැයි සිතන්නවත් බැරි තරම්.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

ඒ වෙනුවට එළියට යන විට දරුවන් ආස කරන, ගෙදර සාදන කෑම වර්ගයක් අරගෙන යන්න.

9. ලුණු අධික කෙටි කෑම හා චිප්ස් දරුවන්ට ආහාර හැටියට දෙන්න එපා

අවුරුද්දට අඩු දරුවන්ට ශරීරයට ලුණු අවශ්‍ය නැති තරම්. චිප්ස් හා ලුණු අඩංගු ආහාර කෑම පටන් ගත්තම නවත්වන්න බැරි තරම්.

ලුණු අධිකව ගැනීමෙන් අධි රුධිර පීඩනය වගේම හෘදය විශාල වීමත් සිදුවෙන්න පුළුවන්.

මේ නිසා ඉතා තරුණ අවධියේම හෘද රෝග (හාට් ඇටෑක්ස්) වැළඳීමේ අවධානමක් තියෙනවා. වයස අවුරුදු 15 දීත් හාට් ඇටෑක් හැදුනු දරුවන් ඉන්නවා. ටොමාර් පවසනවා.

10. ක්ෂණික නුඩ්ල්ස්  (දරුවන්ට ආහාර)

අපි හැමදෙනාම මේ ගැන දන්නවා. හොඳින් පිසින ලද රසකාරක යෙදූ ක්ෂණික නුඩ්ල්ස් වලට දරුවෝ හරි ආසයි.

නුඩ්ල්ස් සුදු පිටි හා ග්ලුටන් වලිනුයි හදලා තියෙන්නේ. ග්ලුටන් වලට බඩ වියළීම ඇති කරනවා. පුංචි දරුවන්ට මේවා විකන්න බැරි නිසා ගිලිනවා. ඒ නිසා බඩ රිදෙන්න ගන්නවා.

අපිට ක්ෂණික නුඩ්ල්ස් නැතිව ජිවත් වෙන්න පුලුවන්නම් ඉතාම හොඳයි.

මේ වෙනුවට කැඳ හෝ ගෙදර හැදූ නුඩ්ල්ස් (වර්මර්සීලි) දිය හැකියි.

11. ශීතකළ හා පැකට් කරන ලද බීම

ශීතකළ බීම වල සීනි අධිකයි. මේ මගින් දරුවන්ගේ දත් නරක් කිරීමට උදවු වෙනවා වගේම ආහාර දිරවීමේ ක්‍රියාවලියටත් බලපෑම් ඇති කරනවා.

මේවා වල කැෆේන් අඩංගු නිසා ඒවා දරුවන්ට කොහෙත්ම සුදුසු වන්නේ නැහැ කියා ගනේෂ් පවසනවා.

ඒ වගේම පැකට් කරන ලද බීම වර්ග වල aldehydes නම් රසායනිකය අඩංගු කරනවා.

මෙහි ක්‍රියාකාරිත්වයේ සුවඳින් පලතුරු වලට සමාන සුවඳක් වහනය වුවත් එය අක්මාවට හානි පමුණුවනවා.

නිතර මෙම බීම වර්ග පානය නිසා ශරීරයේ විශාල කර්තව්‍යක් සිදුවන අතර එය ළදරුවන්ගේ වර්ධනයේදී විශාල බලපෑමක් එල්ල විය හැකි බව ටොමාර් පවසනවා.

ඔබට මේ වෙනුවට ගෙදරට ජූස් හදන උපකරණයක් ගන්න. ගෙදරදීම නැවුම් පලතුරු යුෂ දරුවාට හදා දෙන්න.

දරුවන්ට ආහාර

12. තේ සහ කෝපි (දරුවන්ට ආහාර)

තේ සහ කෝපි සම්පුර්ණයෙන්ම දියයුතු නැහැ. කැෆේන් අඩංගු ඕනෙම පානයක් දරුවන්ට සුදුසු නැහැ.

ඒ වගේම එහි ඇති  මැනිනිසස් යකඩ උරා ගැනීම වළක්වනවා. ගනේෂ් පවසනවා.

ඒ වෙනුවට කල හැක්කේ කුමක්ද? වසරකින් පසු දරුවන්ට එළකිරි දරුවාට ඉතාම හොඳයි.

13. කෑමට සුදානම් කළ පාර්සල් කෑම

මේවා ඉතාම පහසු වුවත් ශරීරයට නම් හිතකර නැහැ. මේවා වල සෝඩියම් අධික වශයෙන් ඇති නිසා දිරවීම අපහසු කරනවා. ගනේෂ් පවසනවා.

මේ වෙනුවට දරුවාට සමබල ආහාරයක් ලබා දෙන්න.

14. ගැඹුරු මුහුදේ මාළු (දරුවන්ට ආහාර)

මෙම මාළුන්ගේ මර්කරි අධිකව අඩංගු වෙනවා. මෝරා, බලයා, කෙලවල්ලා වැනි මාළු මෙලෙස ගැඹුරු මුහුදින් අල්ලගන්න මාළු ලෙස සලකන්න පුළුවන්.

මේ වෙනුවට කුඩා මාළු තෝරා ගැනීම  හුඟක් හොඳයි.

 15. ක්ෂණික කෑම

පීට්සා, බර්ගර් හරිම රසයි. ළමයිනුත් හරිම ආසයි. සීනි, ලුණු අසන්තෘප්ත මේදය වැනි ද්‍රව්‍ය දරුවාට සුදුසු නැහැ.

ඉන් දරුවාගේ ආහාර දිරවීමේ ක්‍රියාවලියටද බලපෑම් ඇති කරනවා.

16. ගැඹුරු තෙලේ බදින ලද ආහාර

සමෝසා, කට්ලට් වැනි ආහාර වල ඇති අසන්තෘප්ත මේදය නිසා දිරවීම අපහසු කරනවා වගේම පෝෂණීය ගුණයකුත් නැහැ.

17. මී පැණි

මී පැණි වලින් දරුවන්ගේ කතාකිරීමේ පැහැදිළි බව ඇති කරනවා කියලා කවුරුහරි කියනවා නම් එය මිත්‍යාවක්. මී පැණි දීම අවුරුද්දක් යන තුරු දරුවන්ට හොඳ නැහැ.

මීපැණි වල ඇති බැක්ටීරියාවන් දරුවන් ආහාරයට ගැනීමෙන් ටෝක්සින් නිෂ්පාදනය වෙනවා. මේ නිසා ආහාර විෂ වීමේ අවධානමක් තියෙනවා. එය botulism නැමති ඉතා භයානක රෝගී තත්වයක් කියා ගනේෂ් පවසනවා.

ඒ වෙනුවට දරුවාගේ ආහාරය රස ගන්වන්න පැණි රස වැඩි පළතුරක් එක්කර ගැනීමට ඔබට පුළුවන්.

කෑම ගැන ඔබ නොදත් බොහෝ කරුණු අද දැනගන්න ලැබෙන්න ඇති. විශේෂයෙන් දරුවාට හොඳ ආහාර පුරුදු කිරීම හරිම වැදගත්. theAsianparent  Sri Lanka අපි උත්සහ කළේ ඒ වැදගත් කරුණු කිහිපය නිසි මග පහදා දෙන්නයි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

img
Written by

Nalika Unantenne

  • Home
  • /
  • ආහාර සහ පෝෂණය
  • /
  • දරුවන්ට ආහාර ලබා දීමේදී අත්හල යුතු කෑම 17 ක්
බෙදාගන්න :
  • දරුවන්ගේ ආහාර වල සුරක්ෂිතතාව: ශ්‍රී ලාංකික දෙමාපියන් සඳහා පුළුල් මග පෙන්වීමක්

    දරුවන්ගේ ආහාර වල සුරක්ෂිතතාව: ශ්‍රී ලාංකික දෙමාපියන් සඳහා පුළුල් මග පෙන්වීමක්

  • සීනි නොදා බබාලගේ කෑම පැණිරස කරවන උපායන් 14 ක්

    සීනි නොදා බබාලගේ කෑම පැණිරස කරවන උපායන් 14 ක්

  • දරුවන්ගේ ආහාර වල සුරක්ෂිතතාව: ශ්‍රී ලාංකික දෙමාපියන් සඳහා පුළුල් මග පෙන්වීමක්

    දරුවන්ගේ ආහාර වල සුරක්ෂිතතාව: ශ්‍රී ලාංකික දෙමාපියන් සඳහා පුළුල් මග පෙන්වීමක්

  • සීනි නොදා බබාලගේ කෑම පැණිරස කරවන උපායන් 14 ක්

    සීනි නොදා බබාලගේ කෑම පැණිරස කරවන උපායන් 14 ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it