ඔබේ දරුවන් මේ එළවළු පරාටා එකට හුඟක්ම කැමති වේවි (වීඩියෝව නරඹන්න)

lead image

මේ එළවළු පරාටා එක රසින් වගේම ගුණෙනුත් පරිපූර්ණ වෙන්නේ එයට එළවළුත් අඩංගු වෙන නිසයි.

පරාටා දරුවන්ට හොඳ බඩ පිරෙන කෑමක් වගේම දරුවන් එළවළු කන්නත් කැමති නැති නිසා මෙය හොඳ පිළියමක් වේවි. ඔවුන් කැමති කඩේ කෙටි කෑම කන්නයි. ඒ නිසා දරුවන්ට අවශ්‍ය පෝෂණය මෙයින් ලබා දෙන්නත් පුළුවන්.

ඔබට අවශ්‍ය ද්‍රව්‍ය

  • පිටි කෝප්ප එකක් ( ඉසීමටත් එක්ක )
  • තම්බා සුද්ධ කර ගත් අල ගෙඩි 2 ක්
  • කපා ගත් ගෝවා කෝප්ප ½
  • කපා ගත් කැරට් කෝප්ප ½
  • කපා ගත් මාළු මිරිස් කෝප්ප ½
  • කොත්තමල්ලි කොළ මේස හැඳි 2
  • මිරිස් කුඩු තේ හැඳි ½ ක්
  • තුනපහ කුඩු මේස හැඳි ½
  • කහ කුඩු මේස හැඳි ½
  • ගී හෝ එළවළු තෙල් තේ හැඳි 2 ක්
  • ලුණු රස අනුව

සාදා ගන්නා ආකාරය

  1. අල පොඩි කරගෙන කැරට්, මාළු මිරිස් හා කොත්තමල්ලි කොළ මිශ්‍ර කරගන්න. මේ මිශ්‍රණය ට කුළුබඩු සියල්ල මිශ්‍ර
    කරගන්න. ලුණු හා තෙල්ද එකතු කරන්න.
  2. මේ මිශ්‍රණයට ටිකෙන් ටික පිටි එකතු කර මෘදු මෝලියක් වන සේ හොඳින් පදම් කර ගන්න. එයට තෙල් බින්දු
    කිහිපයක් එකතු කරන්න.
  3. පිටි වලින් මෘදු බෝලයක් හදාගන්න. ඒ මගින් තවත් කුඩා බෝල වලට වෙන්කර ගන්න. අමු පිටි ටිකක් විසුරවා
    රෝලින් පින් එකකින් පරාටා පදම්කර ගන්න.
  4. නොඇලෙන පෑන් එකක් ගෙන එයට ගී හෝ තෙල් දමා දෙපැත්ත හොඳින් පුච්චා ගන්න. පොඩිකරගත් අල නිසා
    පරාටා එකට ඒකාකාරී සුමට බවක් ගෙන දෙනවා.
  5. උණු උණුවේ දරුවන්ට කෑමට පිළිගන්වන්න.

වීඩියෝවෙන් ඔබට මෙය පියවරෙන් පියවර නරඹන්න පුළුවන්: 

පුංචි දරුවන් විවිධත්වයට කැමතියි. අම්මගේ ආදරය පෙන්වන්නත් රස වගේම ගුණ කෑමක් හදා දෙන්නත් ඔබට මේ ඉඟිය වැදගත් වන බව Asianparent Sri Lanka විශ්වාස කරනවා.

theIndusParent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ