theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

දරුවන්ට කවි නිසඳැස් ලිවීම උගන්වන්නේ කෙසේද?

5 අවම කියවීම
දරුවන්ට කවි නිසඳැස් ලිවීම උගන්වන්නේ කෙසේද?දරුවන්ට කවි නිසඳැස් ලිවීම උගන්වන්නේ කෙසේද?

මේ උපදෙස් පිළිපැද ඔබේ දරුවන්ට කවි නිසඳැස් ලලියන්නට හුරු කර ඔවුන්ට සැබෑ දක්ෂයින් වීමට අත්වැලක් වන්නට ඔබට කරන්නට පුළුවන්.

දරුවන්ට කවි ලියන්නට හුරු කිරීම ගැන ඔබ හිතන්නටවත් නැතිව ඇති. නමුත් ඉතින් පැටියා කවියෙකු කරන්නට හැකි නම් කෙතරම් අගනේද? මොකද කවි නිසඳැස් ලිවීමෙන් ඔබ දරුවා කවියෙකු වනවා පමණක් නොව, ඔබ හීනෙකින්වත් හිතන්නට නැති නිපුණතා රැසක් ඒ මගින් දරුවාට හිමි වනවා.

දරුවන්ට කවි ලිවීම තුළින් ලැබෙන නිපුනතා කිහිපයක්;

* නිර්මාණශීලි මෙන්ම අකර්ශවත් ලෙස තම හැඟීම් සහ සිතිවිළි ප්‍රකාශ කිරීමේ හැකියාව

* රසවත් මෙන්ම හරවත් වචන සහ  වාක්‍ය සමුදායක් ඉගෙනීම සහ ඒවායේ අර්ථයන් තවදුරටත් තීව්ර වීම.

* ඔවුන්ගේ ශබ්දකෝෂය පුළුල් කිරීමට උපකාර වීම.

* භාෂාවක සුන්දරත්වය ඔවුන්ට පසක් වීම

* භාෂාමය රිද්මය ප්‍රගුණ වීම

* කෙටියෙන් හා දක්ෂ ලෙස ලිවීමේ හැකියාව ප්‍රගුණ වීම

* ඔවුන්ගේ නිර්මාණ උච්චාරණය කිරීම සහ බෙදා ගැනීම තුලින් මතක් ශක්තිය දියුණු වීමට මග පැදීම.

* ඔවුන්ගේ නිර්මාණ ඉදිරිපත් කිරීම තුලින් ආත්ම විශ්වාසය, හඬපාලනය හා උච්චාරණය මෙන්ම වේදිකා ඉදිරිපත් කිරීමේ හැකියාවන් අඩිය දියුණු වීම.

* දරුවාගේ අවධානය වර්ධනය කිරීමට උපකාර කිරීම.

* භාෂා හැසිරවීම, තාලයට අනුව කාල නිදර්ශක පිලිබඳ අවබෝධය ප්‍රගුණ කිරීම

* රචනා සහ කව් නිසඳැස් අතර වෙනස පිලිබඳ අවබෝධය ඇතුළු අනෙකුත් ලිඛිත වැඩ කටයුතු පිලිබඳ අවබෝධය.

මෙවන් නිපුනතා රැසක් ගෙන දෙන කවි නිසඳැස් ලිවීමේ හැකියාව දරුවාට නොපමාව ලබා දිය යුතු නොවේද?

දරුවන්ට කවි නිසඳැස් ලිවීමට උගන්වන්නේ කෙසේද?

1. ඒවා ගුත්තිල කාව්‍යය වන්නට අවශ්‍ය නැහැ

දරුවන් සාමාන්‍යයෙන් විනොදකාමියි සෙල්ලක්කරයි. මේ ගුණාංග ඔවුන්ගේ කවි වලට අන්තර්ගත කල හැකි වනවා. නිදසුනක් ලෙස ‘හා හා හරි හාවා, ටිකිරි ටිකිරි ටිකිරි ලියා’  ප්‍රසිද්ධ ළමා කවි ගනිමු. දරුවාට මේවා ගයන්නට හැර ඒවායේ වචන වෙනස් කර, තමන් යෙදු වචන යොදා ගයන්නට උනන්දු කරවන්න. මගේ දුව කවියකට ආදේශ කොට ඇයට බඩගිනියි කී හැටි මට මතක් වෙනවා; ‘අම්මී මට බඩගිනියි... අම්මී මට බඩගිනියි...’

ඔබට දරුවා සමඟ එක් වී කවි පොතක් කියවන්නටද පුළුවන්. ජානකි සුරියආරච්චි වැනි ළමා කවි පොත් ලියූ කවියන් කිවිඳියන් රැසකගේ පොත් අතුරින් දරුවා කැමති ඕනෑම පොතක් කියවන්නට පුළුවන්.

2. දරුවා සමඟ කියවීම

ඉහත කි පරිදි ළමා කවි පොත් රැසක් තිබෙන අතර මේවා කියවීම තුලින් දරුවන්ට කවි  ගී රස විඳිය හැකි වනවා පමණක් නොව විවිධ අකාරයේ නිර්මාණ තුළින් කවි ගී වල විශාල විවිධත්වයක් තිබෙන බවද අත්දකින්නට ලැබෙනවා. තාලය, භාෂාව, රිද්මය සහ භාෂා හැසිරුවිම ඇතුළු නොයෙක් ආර ඇති බව අත්දකින්නට හැකි වනවා.

පොත් කිහිපයක් තෝරාගත් පසු දරුවා සමඟ ශබ්ධ නගා කියවන්න. දරුවන්ට කවි ය අවශ්‍ය තැන් වල නවත්වා කවි අතර ඇති විවේක කාල හඳුන්වා දිය හැකි අතර කවි වල තේරුම්ද පැහැදිළි කර දෙන්නට ඔබට පුළුවන්. කවි තාලයට අත්පුඩි ගසන්නට දරුවා යොමු කරන්නට පුළුවන්.

කවි කියවීමෙන් අනතුරුව දරුවන්ට කවි ය ආශ්‍රයෙන් රුපයක් අඳින්නට උනන්දු කරන්න. ජානකී සුරියආරච්චි, සිබිල් වෙත්තසිංහ, ඩබ්ලිව්. බී. ටී ප්‍රනාන්දු වැනි ලේඛකයින් විසින් දරුවන්ට කවි පොත් රැසක් තෝරාගන්නට ඔබට පුළුවන්.

3. සංගීතය තුළින් කාව්‍ය රසය

දරුවාගේ ප්‍රියතම කවිය ඔහු හෝ ඇය සමඟ ගායනා කරන්න. දරුවාට කියා එම ගීතයේ වචන මාලාව ලියන්න. දැන් දරුවාට තේරුම් කර දිය හැක්කේ වචන වලින් එහි තාලය ඉවත් කළ විට එය කවියක් වන බවයි. එමෙන්ම කවිකාර වචන පෙළකට තනුවක් යෙදූ විට එය ගීයක් බවට පත් වනවා.

මීළඟට දරුවාට තනිවම වචන මාලවල් ලියන්නට උනන්දු කරවන්න. කවි තාලයකට වචන ලියන්න දැන් දරුවා විනෝදයෙන් උත්සහ කරනු ඇති. කවිකාර වචන මාලාව තවත් රසවත් කරන්නට විශේෂණ පද යොදන්නට කියන්නත් අමතක කරන්න එපා!

4. දරුවා සමඟ කවි ගමනක් යන්න

ලෝකයේ අග්‍ර ඝනයේ කවිය කිවිඳියන් බොහොමයක් බිහි වී ඇත්තේ සොබාදහමෙන් පනගැන්වුනු කාව්‍යත්වයෙනි.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

මාගේ ප්‍රියතම කවියෙකු වන සාගර පලන්සූරිය නොහොත් කේයස් ප්‍රභූන් ඔහු දුටු ගම කවියකට නැගුවේ මෙසේයි...

“ගොඩ මඩ දෙකම සරුසාරය පලබරය

කටුරොද ගම්මාන තරමක පිටිසරය

ඒ ගම මැදින් ගලනා ගඟ මනහරය

කඩමණ්ඩිය පිහිටියේ ගම කෙළවරය”

දරුවන්ට කවි නිසඳැස් ලිවීම උගන්වන්නේ කෙසේද?

පුංචි පොතක් පැන්සලක් ගෙන දරුවා සමඟ නිදහස් ප්‍රදේශයක ඇවිදින්නට යන්න. පන්සලක්, පල්ලියක්, මුහුදු වෙරලක් නැතිනම් ඔබේම ගෙවත්ත පුරා වුවත් කමක් නැහැ. ඔබ දෙපල දකින සුන්දර දසුන් ගැන දරුවා සමඟ කතා බහ කරන්න. හඳුනකුරු මල් සුවඳ, දැල්වෙන ඉටිපහන්, පොළවට ගසාගෙන එන රලපෙළ, කුරුල්ලෙක්, ගසක් හෝ ගලක් වන්නට පුළුවන්. දරුවාට මේවායේ සුන්දරත්වය රස විඳින්නට ඉඩ හරින්න.

නැවත ගෙදර ආ පසු ඔහුගේ/ඇයගේ සිතුම් පැතුම් අදහස් කවියකින් කියන්නට උත්සාහ කරන්නට කියන්න. ඔබ කියන්නට කලින් දරුවා උද්යෝගයෙන් දවසේ අත්දැකීම් කවියකට නගන්නට පුළුවන්.

සොබාදහමේ ආශ්චර්යයෙන් දරුවාගේ කවි සිත පුබුදුවන්නට අවස්ථා ලබා දෙන්න.

5. විවිධ කාව්‍ය ආර සහ කවි වර්ග දරුවාට හඳුන්වා දෙන්න

සිංහල කවියේ කවි වර්ග, කාව්‍ය ප්‍රභේද, කාව්‍ය විලාසිතා එමටයි. මෙහිදී දරුවන් වෙනුවෙන් ඉතාම සරලව පැහැදිලි කර දිය හැකි ප්‍රධාන කවි වර්ග දෙකකි.

නිසඳැස් කවි - තාල රිද්මයකින් තොරව ලියාගන්නට හැකි පදවැල් පෙළක්

සඳැස් කවි - තාල රිද්මයකට අනුව ලියැවෙන කවි

සඳැස් කවි වලත් විවිධාකාර ප්‍රභේද ඇති අතර දරුවාට ඒවා අතුරින් එළිසමය රකිනා කවි සහ එළි වැට රකිනා කවි කියා දිය හැක.

එළි සමය - කවියේ පද වල අවසාන වචනය එකම අකුරු වලින් තැබීමෙන් එළිසමය නිර්මාණය වෙනවා.

හා හා හ‍රි හාවා කැලේ මැදින් ආවා

හිටගෙන ගඟ ගාවා වටපිට ඇහැ ලෑවා

කොළ දෙකටක් කෑවා පැන් උගුරක් බීවා

තොල කට ලෙව කෑවා ඉතින් ඇතැයි කීවා

එළි වැට - කවියේ මුල මැද ආදී තැන්වල සමාන වදන් යෙදීමෙන් නිර්මාණය වන්නේ එළි වැටයි.

තාර පැටිය හරි හොඳයි

පාර පුරා නොම දුවයි

සාර කෙතේ වී අහුලන්

බාර දෙන්න දුවල එයි

දරුවන්ට කවි ගැන උනන්දුවක් ඇති නම් ලංකාවේ විවිධාකාර කවි වර්ග දරුවාට හඳුන්වා දෙන්නට පුළුවන්.

  • ලංකාවේ කවි වර්ග
  • දරු නැළවිලි කවි
  • රබන් පද
  • වස් කවි
  • ඔන්චිලි වාරම් කවි
  • කරත්ත කවි
  • පැල් කවි
  • පාරු කවි
  • නෙළුම් කවි
  • පතල් කවි
  • සංවාදාත්මක කවි
  • උපමා කවි
  • උපදේශ කවි
  • කවට කවි
  • සොකරි කවි
  • සෙත් ශාන්ති යාතිකා කවි
  • තේරවිලි කවි (ප්‍රශ්නය/පිළිතුර)
  • තල මල් කවි
  • උඩැක්කි කවි

 

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිලුෆ පෙරේරා

පරිවර්තක විසින් නිර්මාණය කළ මියුරු නැළවිලි ගීතයක් මේ “නිදියන්න පුතුනි”: ඔබටත්, පැටියාටත් රස විඳිය හැකි නැළවිලි ගීයක්

img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • මාපිය දැනුම
  • /
  • දරුවන්ට කවි නිසඳැස් ලිවීම උගන්වන්නේ කෙසේද?
බෙදාගන්න :
  • අම්මා දරුවා වෙනුවෙන් කියු සෙත් කවිය

    අම්මා දරුවා වෙනුවෙන් කියු සෙත් කවිය

  • ආදර පුතුනේ...

    ආදර පුතුනේ...

  • අම්මා දරුවා වෙනුවෙන් කියු සෙත් කවිය

    අම්මා දරුවා වෙනුවෙන් කියු සෙත් කවිය

  • ආදර පුතුනේ...

    ආදර පුතුනේ...

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it