theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

දරුවන්ට කෑගැසීම නවත්වන්න ක්‍රම (සන්සුන් වීමේ ක්‍රම)

3 අවම කියවීම
දරුවන්ට කෑගැසීම නවත්වන්න ක්‍රම (සන්සුන් වීමේ ක්‍රම)දරුවන්ට කෑගැසීම නවත්වන්න ක්‍රම (සන්සුන් වීමේ ක්‍රම)

පහත කරුණු මෙලෙස ඔබ දරුවන්ට කෑ ගැසීම පාලනය කරගන්න උදවු වේවි.

දරුවන්ට තරවටු කිරීම නවත්වන්න උවමනා බව බොහෝ දෙමාපියන් දන්නවා. හුඟක් දෙමාපියන් දරුවන් සමග කේන්ති නොගෙන සිටීමටත් උත්සාහ දරනවා. නමුත් හුඟක් වෙලාවට එය අසාර්ථක වෙනවා. මොකද මේ හුඟක් වෙලාවට අපි ඊට කායිකව හා මානසිකව සූදානම් නැහැ. ඊට වඩා අපිට මේ විදිහට කේන්ති යන එක ඔවුන්ගේ පැත්තෙන් ටිකක් හිතලා බලමු.

ඔබ දරුවන්ට තරවටු කිරීම නවත්වන්න නැතහොත් පාලනය කරගන්න, මෙම සන්සුන් වීමේ ක්‍රම උදවු වේවි

1. තරහව එන පොදු ලක්ෂණ හඳුනා ගන්න

තරහව එන සංඥා හඳුනා ගැනීම හොඳ ආරම්භයක් වන්නට පුළුවන්. හුඟක් වෙලාවට පපුවේ තද ගතියක් සමග ඔබේ මනස තුළ සංසන්දනාත්මක සිතුවිලි ගමන් කරන්න ගන්නවා.

හඬ උස් වෙනවා වගේ දත් එකිනෙකට හැපී ඇඟට දහදිය දමන්න ගන්නවා. නමුත් මේ සංඥා වටහා ගන්න උත්සාහ කළහොත් ඔබට ඔබ වෙනුවෙන් යමක් කරන්න පුළුවන්.

2. කෑගැසීමේ ප්‍රතිඵලයක් නැහැ

දරුවන්ට යමක් වෙනුවෙන් කෑගැසීමට වඩා ඔබ කණගාටු වන කාරණය කියාදීම හෝ ඔවුන් එය කිරීම නිසා ඔබ අපහසුවට පත් වෙන බව වටහා දෙන්න උත්සාහ කිරීම වැදගත්.

සමහර වෙලාවට ඔබ මේ තරම් යමක් ගැන කෑගසන්නේ ඇයි කියලා ඔවුන්ට නොතේරෙන්න පුළුවන්. ඒ නිසා ඒ ගැන කියාදීම වැදගත්.

3. ආවේගය පාලනය කරන්න

ඔබේ සිතට දැනෙන වේගය අඩු කරන්න හැකිනම් 20 සිට ආපස්සට ගණන් කරන්න. ඉන් ඔබට කේන්ති ගිය හේතුව මදකට අමතක වීමෙන් වේගයත් අඩු වෙනවා.

4. උවමනාවට වඩා සංවේදී වෙන්න එපා

නිතර හැමදේටම සසල වෙනවට වඩා ක්‍රියාකාරී ලෙස වැඩකර ගැනීමට අපට උවමනායි.

හුඟක් වෙලාවට අපි හිතන විදිහට වැඩ කටයුතු නොවීමෙන් අපි හුඟක් කලබල වෙනවා. එය දරුවන් දැනගන්නවා. නමුත් ඉන් ඵලක් නැහැ.

5. හොඳ ගැඹුරු හුස්මක් ගන්න

කේන්තිය ආගමන් හොඳ ගැඹුරු හුස්මක් ගන්න. ශාරීරිකව හයියෙන් කෑගැසීම ඉන් අපහසු වන නිසා කෑගැසීම වැළකෙනවා.

6. ඔවුන්ගේ දෙනෙත් දෙස බලන්න

ඇසට ඇස එක එල්ලේ බැලීමෙන් ඔබත් දරුවාත් දෙදෙනාම හමුවන තැන සන්සුන් බවක් ඇරඹෙන්නට පුළුවන්. ඉන් ඔබේ හඬ යටපත්වී යනවා.

ඉන් දරුවාගේ අවධානය කෑනොගසා ඔබට ලබා ගන්න පුළුවන්.

7. මිමිණීම

මේක නම් අමුතුයි. හැබැයි අපි නම් උත්සාහ කළා. සාර්ථකයි. මින් පසු දරුවා කියන දේ අසන්නේ නැත්නම් වෙනසකට ඔහුට එයම මුමුණා කියන්න.

දරුවාට එය හරියට නොඇසෙන නිසා ඊට කන්දෙන්නට යාමෙන් දරුවා නරක වැඩේට වඩා ඔබට අවධානය දෙනවා.

8. පිරිතක් වගේ එක දිගටම කියන්න

දරුවාගේ නොරිස්සුම් සහගත බව දුටු විට එයාට තවම අවුරුදු දෙකයිනෙ. එයාට තාම දෙකයිනෙ. තාම දෙකයිනෙ ආදී වශයෙන් ඔබටම කියාගන්න. ඔබව ඉන් සන්සුන් වෙනවා.

9. දරුවාට යම් රීති ටිකක් පනවන්න

දරුවාගේ හැසිරීම් ඔබව කෑගස්සනවා වෙන්න පුළුවන්. ඒ නිසා ඔහු කළයුතු නොකළ යුතු දේ ගැන ඔහුට කියන්න.

ඒ වගේම ඉන් ඔහුට අත්වන දඬුවම් හා ප්‍රතිඵල බොරුවට නොව ඇත්තටම ක්‍රියාත්මක කර පෙන්වන්න. 

10. ඔවුන්ගේ පැත්තෙනුත් හිතන්න

සමහර වෙලාවට හුඟක් පොඩි දරුවන්ට කෑගැසීම වුවත් තේරෙන්නේ නැහැ. ඒ නිසා ඒ ගැන ටිකක් හිතන්න.

11. හොඳින් නිදාගන්න

හොඳින් කෑම ගැනීම හා හොඳ නින්දක් ලැබීම ඔබටත් දරුවාටත් දවසේ දින චර්යාව යහපත් ලෙස ගෙවන්නත් ජීවිතය පීඩනය අඩුකර ගන්නත් සුදුසුයි.

ඔබ හොඳින් විවේක ගැනීම ඔබට කේන්ති යාම අඩු කරනවා.

12. ඇස් වහන්න

ඔබත් සර්ව සම්පූර්ණ නැති බව වටහා ගැනීම ඔබටත් දරුවාටත් පීඩනය අඩු කරනවා.

සමහර වෙලාවකට මොහොතක් ඇස් පියාගෙන එය අමතක කිරීම සමහර විටක ඵලදායි වෙන්න පුළුවන්.

13. උදවු ලබාගන්න

ඔබේ වැඩවලට සහකරුගෙන්, ගෙදර අයගෙන්, මිතුරන්ගෙන් උදවු ලබාගන්න. ඊට ලැජ්ජා විය යුතු නෑ. අපි කාටත් මේ පීඩනය තියෙනවා. එවිට ඔබට කවුරුන් හෝ උදවුවට පැමිණීම ඔබට සහනයක් වෙනවා.

දෙමාපියන් ලෙස දවස පුරා ඔබට ලැබෙන පීඩනය කියා නිමකරන්න බැහැ.

නමුත් එහි පිටවීම කේන්තියෙන් අවසන් වීම දරුවන්ටත්, පවුලටත් යහපත් අවසානයක් වන්නේ නැහැ. ඒ නිසා ඔබේ හොඳම මිතුරිය theAsianparent Sri Lanka මේ තොරතුරු ඔබට කිව්වා.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

 

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

 

img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • මාපිය දැනුම
  • /
  • දරුවන්ට කෑගැසීම නවත්වන්න ක්‍රම (සන්සුන් වීමේ ක්‍රම)
බෙදාගන්න :
  • මේ හානිකර නැතැයි සිතන දේවල් 7 න් ඔබේ දරුවන්ට හානි විය හැකියි

    මේ හානිකර නැතැයි සිතන දේවල් 7 න් ඔබේ දරුවන්ට හානි විය හැකියි

  • දරුවන්ගේ වැරදි වලට කෑමොර දීමෙන් ඵලක් නැහැ

    දරුවන්ගේ වැරදි වලට කෑමොර දීමෙන් ඵලක් නැහැ

  • මේ හානිකර නැතැයි සිතන දේවල් 7 න් ඔබේ දරුවන්ට හානි විය හැකියි

    මේ හානිකර නැතැයි සිතන දේවල් 7 න් ඔබේ දරුවන්ට හානි විය හැකියි

  • දරුවන්ගේ වැරදි වලට කෑමොර දීමෙන් ඵලක් නැහැ

    දරුවන්ගේ වැරදි වලට කෑමොර දීමෙන් ඵලක් නැහැ

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it