දරුවන්ට කෑගැසීම නවත්වන්න ක්‍රම (සන්සුන් වීමේ ක්‍රම)

lead image

පහත කරුණු මෙලෙස ඔබ දරුවන්ට කෑ ගැසීම පාලනය කරගන්න උදවු වේවි.

හුඟක් දෙමාපියන් දරුවන් සමග කේන්ති නොගෙන සිටීමට උත්සාහ දරනවා. නමුත් හුඟක් වෙලාවට එය අසාර්ථක වෙනවා. මොකද මේ හුඟක් වෙලාවට අපි ඊට කායිකව හා මානසිකව සූදානම් නැහැ. ඊට වඩා අපිට මේ විදිහට කේන්ති යන එක ඔවුන්ගේ පැත්තෙන් ටිකක් හිතලා බලමු. පහත කරුණු මෙලෙස ඔබ දරුවන්ට කෑ ගැසීම පාලනය කරගන්න උදවු වේවි.

තරහව එන පොදු ලක්ෂණ හඳුනා ගන්න

තරහව එන සංඥා හඳුනා ගැනීම හොඳ ආරම්භයක් වන්නට පුළුවන්. හුඟක් වෙලාවට පපුවේ තද ගතියක් සමග ඔබේ මනස තුළ සංසන්දනාත්මක සිතුවිලි ගමන් කරන්න ගන්නවා. හඬ උස් වෙනවා වගේ දත් එකිනෙකට හැපී ඇඟට දහදිය දමන්න ගන්නවා. නමුත් මේ සංඥා වටහා ගන්න උත්සාහ කළහොත් ඔබට ඔබ වෙනුවෙන් යමක් කරන්න පුළුවන්.

කෑගැසීමේ ප්‍රතිලයක් නැහැ

දරුවන්ට යමක් වෙනුවෙන් කෑගැසීමට වඩා ඔබ කණගාටු වන කාරණය කියාදීම හෝ ඔවුන් එය කිරීම නිසා ඔබ අපහසුවට පත් වෙන බව වටහා දෙන්න උත්සාහ කිරීම වැදගත්. සමහර වෙලාවට ඔබ මේ තරම් යමක් ගැන කෑගසන්නේ ඇයි කියලා ඔවුන්ට නොතේරෙන්න පුළුවන්. ඒ නිසා ඒ ගැන කියාදීම වැදගත්.

ආවේගය පාලනය කරන්න

ඔබේ සිතට දැනෙන වේගය අඩු කරන්න හැකිනම් 20 සිට ආපස්සට ගණන් කරන්න. ඉන් ඔබට කේන්ති ගිය හේතුව මදකට අමතක වීමෙන් වේගයත් අඩු වෙනවා.

උවමනාවට වඩා සංවේදී වෙන්න එපා

නිතර හැමදේටම සසල වෙනවට වඩා ක්‍රියාකාරී ලෙස වැඩකර ගැනීමටත් හුඟක් වෙලාවට අපි හිතන විදිහට වැඩ කටයුතු නොවීමෙන් අපි හුඟක් කලබල වෙනවා. එය දරුවන් දැනගන්නවා. නමුත් ඉන් ඵලක් නැහැ.

හොඳ ගැඹුරු හුස්මක් ගන්න

කේන්තිය ආගමන් හොඳ ගැඹුරු හුස්මක් ගන්න. ශාරීරිකව හයියෙන් කෑගැසීම ඉන් අපහසු වන නිසා කෑගැසීම වැළකෙනවා.

ඔවුන්ගේ දෙනෙත් දෙස බලන්න

ඇසට ඇස එක එල්ලේ බැලීමෙන් ඔබත් දරුවාත් දෙදෙනාම හමුවන තැන සන්සුන් බවක් ඇරඹෙන්නට පුළුවන්. ඉන් ඔබේ හඬ යටපත්වී යනවා. ඉන් දරුවාගේ අවධානය කෑනොගසා ඔබට ලබා ගන්න පුළුවන්.

මිමිණීම

මේක නම් අමුතුයි. හැබැයි අපි නම් උත්සාහ කළා. සාර්ථකයි. මින් පසු දරුවා කියන දේ අසන්නේ නැත්නම් වෙනසකට ඔහුට එයම මුමුණා කියන්න. දරුවාට එය හරියට නොඇසෙන නිසා ඊට කන්දෙන්නට යාමෙන් දරුවා නරක වැඩේට වඩා ඔබට අවධානය දෙනවා.

පිරිතක් වගේ එක දිගටම කියන්න

දරුවාගේ නොරිස්සුම් සහගත බව දුටු විට එයාට තවම අවුරුදු දෙකයිනෙ. එයාට තාම දෙකයිනෙ. තාම දෙකයිනෙ ආදී වශයෙන් ඔබටම කියාගන්න. ඔබව ඉන් සන්සුන් වෙනවා.

දරුවාට යම් රීති ටිකක් පනවන්න

දරුවාගේ හැසිරීම් ඔබව කෑගස්සනවා වෙන්න පුළුවන්. ඒ නිසා ඔහු කළයුතු නොකළ යුතු දේ ගැන ඔහුට කියන්න. ඒ වගේම ඉන් ඔහුට අත්වන දඬුවම් හා ප්‍රතිඵල බොරුවට නොව ඇත්තටම ක්‍රියාත්මක කර පෙන්වන්න.

 

ඔවුන්ගේ පැත්තෙනුත් හිතන්න

සමහර වෙලාවට හුඟක් පොඩි දරුවන්ට කෑගැසීම වුවත් තේරෙන්නේ නැහැ. ඒ නිසා ඒ ගැන ටිකක් හිතන්න.

හොඳින් නිදාගන්න

හොඳින් කෑම ගැනීම හා හොඳ නින්දක් ලැබීම ඔබටත් දරුවාටත් දවසේ දින චර්යාව යහපත් ලෙස ගෙවන්නත් ජීවිතය පීඩනය අඩුකර ගන්නත් සුදුසුයි. ඔබ හොඳින් විවේක ගැනීම ඔබට කේන්ති යාම අඩු කරනවා.

ඇස් වහන්න

ඔබත් සර්ව සම්පූර්ණ නැති බව වටහා ගැනීම ඔබටත් දරුවාටත් පීඩනය අඩු කරනවා. සමහර වෙලාවකට මොහොතක් ඇස් පියාගෙන එය අමතක කිරීම සමහර විටක ඵලදායි වෙන්න පුළුවන්.

උදවු ලබාගන්න

ඔබේ වැඩවලට සහකරුගෙන්, ගෙදර අයගෙන්, මිතුරන්ගෙන් උදවු ලබාගන්න. ඊට ලැජ්ජා විය යුතු නෑ. අපි කාටත් මේ පීඩනය තියෙනවා. එවිට ඔබට කවුරුන් හෝ උදවුවට පැමිණීම ඔබට සහනයක් වෙනවා.

දෙමාපියන් ලෙස දවස පුරා ඔබට ලැබෙන පීඩනය කියා නිමකරන්න බැහැ. නමුත් එහි පිටවීම කේන්තියෙන් අවසන් වීම දරුවන්ටත්, පවුලටත් යහපත් අවසානයක් වන්නේ නැහැ. ඒ නිසා ඔබේ හොඳම මිතුරිය theAsianparent Sri Lanka මේ තොරතුරු ඔබට කිව්වා.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ