දරුවන්ට කෑගැසීම: දරුවන්ට කෑගැසීම සුදුසු නොවන්නේ ඇයි?

දරුවන්ට  කෑගැසීම: දරුවන්ට  කෑගැසීම සුදුසු නොවන්නේ ඇයි?

ගරු කිරීම ගෞරවය ලබාදෙයි. ඔබේ දරුවන්ට ඔබේ අධිකාරියට ගරු කිරීමට නම්, ඔබත්  පුද්ගලයෙකු ලෙස ඔවුන්ට  ගෞරවය ලබා දිය යුතුය....

බොහෝ දෙමව්පියන්ට, දරුවන්ට  කෑගැසීම තම දරුවන්ට විනය හැසිරවීමට ක්‍රමයක් හෝ ඔවුන්ගේ දරුවන්ට ඔවුන් පවසන දේ ඉටු කරගැනීමට ක්‍රමයක් වනු ඇත.

කෙසේවෙතත්, ඔබේ දරුවාට කෑගැසීම සිදු නොකිරීමට වැදගත් හේතුවක් තියෙනවා.

ඔබේ දරුවා වැරදි දෙයක් කළ විට හෝ ඔවුන්ගේ  හැසිරීම ගැන ඔබ කලකිරීමක් දැනුන විට ඔබ කියන දෙයට දරුවන්  ඇහුම්කන් දීමට හෝ ඔබට අවශ්‍ය දේ ඔවුන් ලවා කර ගැනීමට ඔබ ඔබේ දරුවාට කෑගසනවා.

ඔබට ඔවුන් ගෞරව කරන නිසාත් ඔබට අපහසුතාවයක් දැනෙනවාට ඔවුන් අකමැති නිසාත් කෑගැසිමෙන් ඔබ කියන දේ අනුගමනය කරනවා වෙනුවට  කෑගැසීම ඔබේ දරුවා බියගන්වනවා.

ඔවුන් ඔබට බය නිසා ඔවුන් ඔබ පවසන දෙය අනුගමනය කරනවා.  ඔබ අනිවාර්යයෙන්ම ඔබේ දරුවා නිරන්තරයෙන්ම බිය ගැන්වීමට කැමති වෙන එකක් නැහැ.

ඔබ දරුවන්ට කෑගැසීම ගෞරවය අහිමි කරයි.

ඔබ කෑ ගසන විට, ඔබට අවස්ථාවේ පාලනය ඔබෙන්  ගිලිහි යනු ඇත. මේ නිසා ඔබේ දරුවා ඔබව ඔවුන්ට  විශ්වාස කල නොහැකි  පුද්ගලයෙකු ලෙස හැඟෙනු ඇත.

ඒ, ඔබට   ඔබවම පාලනය  කර ගැනීමට නොහැකි වෙන නිසා ඔබ හා ඔබේ දරුවා අතර ඇතිවන ඝෝෂාකාරීත්වය තරඟයක් බවට පත්වී ඔබේ දරුවාගේ ගෞරවය ඔබට  අහිමි වීමට හේතු වෙන නිසයි.

ඔබ ඔබේ දරුවා සමඟ ගනුදෙනු කිරීමේදී දයානුකම්පිත වීම වැදගත් වේ.

ඔබේ දරුවා පාලනයෙන් බිය ගන්වන දෙමව්පියෙක් වීම වෙනුවට ආදරණීය හා තේරුම් ගැනීමෙන් යුත් දෙමව්පියෙක් වීමෙන්  ඔබේ දරුවා  හොඳ අවබෝධයක් ඇති, දයාබර, ආදරණීය  වැඩිහිටියෙක් බවට පත් වීමට උපකාර කළ හැකිය

ඔබේ දරුවන්  ස්පොන්ච් එකක් වගේ.

ඔබ විසින් පෙන්වන යම් ඍනාත්මක දේ හෝ ධනාත්මක දේ ඔවුන් විසින් අවශෝෂණය කර ගනු ලබන අතර ඒවා ඔවුන්  ඔබ ගෙන් ඉගෙන ගන්නා පාඩම් සහ වටිනාකම් වනු ඇත.

ඉවසිලිවන්තව කටයුතු කිරීම හා ඔබේ දරුවන් වැරදි සිදු කරන  විට තේරුම් ගැනීමෙන් ඔවුන්ට හොඳ විනය ගරුක හා ගෞරවනීය වැඩිහිටියන් බවට පත්වීමට උපකාරී වේ.

ගරු කිරීම ගෞරවය ලබාදෙයි. ඔබේ දරුවන්ට ඔබේ අධිකාරියට ගරු කිරීමට නම්, ඔබත්  පුද්ගලයෙකු ලෙස ඔවුන්ට  ගෞරවය ලබා දිය යුතුය.

දරුවන්ට කෑගැසීම සෑම දෙයකටම විසදුම නොවන අතර ඒ පිලිබඳ මේ තොරතුරු ඔබ වෙත ගෙන ආවේ the Asianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

 

Any views or opinions expressed in this article are personal and belong solely to the author; and do not represent those of theAsianparent or its clients.
කතන්දර ලිපි