සමීක්ෂණ වලින් තහවුරු වෙයි: දරුවන්ගේ වැරදි වලට කෑමොර දීමෙන් ඵලක් නැහැ

lead image

දරුවන්ගේ හැසිරීමට දෙමාපියන් තුළ ඉතා හොඳ ඉවසීමක් ඇතිවිය යුතු වගේම එය ඉතා අපහසු කාරණාවක් බවත් පිළිගැනෙනවා. නමුත් ඔවුන් වෙනුවෙන් නිතරම අපිට එය කරන්න බැරිකමක් නැහැ නේද?

දරුවන්ගේ වැරදි වලට කෑගැසීම මගින් ඔවුන්ගේ වර්ධනයට ඉන් බලපෑමක් ඇති වන්නට පුළුවන්. නමුත් එය ඔබ සිතාමතා කරන දෙයක් නොවන බව දන්නවා. උදේ පාන්දර හතරේ ඉඳන් නැගිටලා වෙහෙසෙන ඔබට ඔබේ දරුවන් නිරන්තරයෙන් කරදර කරන කොට ඔබට අවේග හඬ සාමාන්‍යයි. මොකද ඔබත් මනුෂ්‍යයෙක් වන නිසා. ඉන් පසුව ඔබ දරුවන්ට කෑගහන්න ගන්නවා. පසුව එය පුරුද්දක් බවට පත් පෙරළෙනවා.

දරුවන් රැකබලා ගැනීමේදී දරුවන්ට තරමක් සැරෙන් කතා කළයුතු වුවත් එය හැමවිට ප්‍රයෝගික වන්නේ නැහැ. එය භාවිතා කරන ආකාරය අනුව දරුවන්ගේ වර්ධනයට බාධාවක් වන්නට පුළුවන්.

දරුවන්ට කෑමොර දීම

සායනික මනෝ වෛද්‍යවරියක් වන ලෝරා මර්ක්හම් ගත් කතුවරියක්ද වන අතර ඇයගේ Peaceful, Happy kids හි දරුවන්ට කෑගැසීම නැවත්වීම හා ඔවුන් අතර මනා සබඳතාවයක් පවත්වා ගන්නේ කෙසේදැයි විස්තර කරනවා.

ඇය ඉතා ආකර්ෂණීය ලෙස දෙමාපියන් විසින් දරුවන්ට කෑමොර දීම නැවැත්විය යුතු ආකාරය ගැන පහදා දෙනවා. ඒ වගේම ඔබ තුළ තිබුණ සිතුවිලි මතු කරගෙන සංයමයෙන් මේ කටයුත්ත කිරීම ඉතාම අමාරු කාර්යයක් බවත් ඇය පිළිගන්නවා. නමුත් දරුවන්ට ගැසීම හෝ පහර දීම තරම්ම කෑගැසීමෙන් හානි නොවන බව පැවසෙනවා. නමුත් එහිදී කතා කරන වචන ගැන සැලකිලිමත්වීම වැදගත්. අනෙක් අතට යෞවනත්වයට පිවිසෙන විට මේ තත්වය තවත් පීඩාකාරී වගේම ඔවුන් ග්‍රහණය කරගන්නා ආකාරය වෙනස් වෙනවා.

ඔබ දරුවන්ට කෑගැසීමේදී සිදුවන්නේ කුමක්ද ?

මොලයේ වර්ධනයට බලපෑම් ඇති කරයි

ඔබ දරුවන්ට කෑගසන විට ඔවුන්ගේ මොලයේ වර්ධනය එකවර අඩාල නොවුනත් එයට බලපෑම් කරනවා. වෛද්‍ය මර්ක්හම් පවසන ආකාරයට දරුවන්ගේ මොලයෙන් ඊට විධාන ලැබෙන්නේ සන්සුන්ව තම කාලය ගත කළ හැකි බවයි. නමුත් ඔහුට පීඩනයක් දැනෙන විට ඔහුගේ හැඟීම් වෙනස් වෙනවා. සන්සුන්ව සිටින විට ස්වභාවිකම සංයමයට මග පෑදෙනවා. නමුත් දරුවාට කෑගහන විට මොලයෙන් නිකුත්වන සංඥා රණ්ඩු, කෑගැසීම්, තරහව, ගැසීම් සහ විධානයන් හා සම්බන්ධ වෙනවා. සමහර විට ඔවුන් දුවලා ගැලවෙන්න සැඟවෙන්න උත්සාහ කරනවා. එය මොලයේ වර්ධනයට සුදුසු වන්නේ නැහැ. මෙය දිගින් දිගටම සිදුවන විට කෑගැසීම් වලදී ප්‍රතික්‍රියා දැක්වීම ස්ථිර තත්වය බවට පත් වෙනවා.

එය සන්නිවේදනය නොවෙයි

නිකමට හිතන්න කාර්යාලයේදී නිතරම ඔබේ ප්‍රධානියා ඔබට බනිනවා නම් ඔබට හිතෙන්නේ මොනවද? එවිට ඔහුට ඇහුම්කන් දීමට ඔබට සිතෙනවද? දරුවන්ටත් එය එහෙමමයි. කිසිවෙකු තමන්ට කෑගසනවාට කැමති නැහැ. දරුවන්ට දෙමාපියන් කෑගසන විට ඔවුන් අවස්ථාවක අවධානය යොමු නොකර ඉන්නවා. ඉන් ඔබට ඔවුන් නම්මවා ගන්න අපහසු වෙනවා. වෛද්‍යවරයා පවසනවා.

පුංචි දරුවන් ඇහුම්කන් නොදෙන්නටත් වැඩිමහල් දරුවන් ඔහේ ඉන්නත් පුළුවන්. මේ හැම කාරණයෙන්ම පෙන්නුම් කරන්නේ ඔවුන් ඔබට ඇහුම්කන් දෙන්නේ නැහැයි කියලයි.

එහි අවසානය භයානකයි

දරුවන්ට ඔබව පෙනෙන්නේ දැවැන්ත චරිත ලෙසයි. නමුත් නිතර නිතර ඔවුන්ට කෑගැසීම නිසා ඔවුන් තුළ මේ විශ්වාසය බිඳී යනවා. ඇත්තටම ඔබ ඔවුන්ව බිය වද්දනවා. වැඩිහිටියන් කෑගසන විට එම දර්ශන වීඩියෝ ගත කර නැවත ඔවුන්ට පෙන්වන විට ඔවුන්ගේ මුහුණු වල ඉරියව් කොයිතරම් වෙනස් දැයි ඔවුන්ට හිතාගත නොහැකි වෙනවා. වෛද්‍යවරයා පවසනවා. වැඩිහිටියන්ට තරහව පාලනය කර ගැනීමට යම් හැකියාවක් ඇතත් අවුරුදු 3 ක පමණ දරුවෙකුට එය නැහැ. 

එය සාමාන්‍යකරණය වෙනවා  

ඔබ නිතර නිතර දරුවන්ට කෑගැසීම නිසා තරහා ගිය විට කෑගැසීම සාමාන්‍ය දෙයක් යැයි දරුවන් තේරුම් ගන්නවා. නමුත් එය එසේ නොවෙයි වෛද්‍යවරයා පවසනවා. සමහර දරුවන් බිරාන්ත වෙනවා. මේ වෙලාවට ඔබ ඔවුන්ට කෑගැසීම කළා වැඩි බව හැඟිය යුතුයි. වෛද්‍ය මර්ක්හම් පමණක් නොව තවත් අධ්‍යනයන් මගින් දරුවන්ට කෑමොර දීම නොකළ යුතු බව පැවසෙනවා. ළමා සංවර්ධනය පිළිබඳ 2013 දී කළ ජර්නලයකට අනුව කෑමොර දීම, ගිගුම් දීම වැනි දේ ශාරීරික හිංසනයකට සමාන වන බව පැවසෙනවා.

ඒ වගේම දිගු කාලීනව ඔවුන්ට ආත්ම විශ්වාසයට ඉන් බලපෑමක් ඇතිවිය හැකි බව පැවසෙනවා. ඔවුන් තුළ ඇතිවන නොරිස්සුම් හා කෝපයට මෙය හේතුවිය හැකි බව පැවසෙනවා.

ඊට කළහැකි පිළියම් මොනවද?

වෛද්‍ය මර්ක්හම් දක්වන දෙයක් නම් “හාස්‍යය” දරුවන් නිතර වැරදි කිරීම හා අතපසු කිරීම් කරනවා. එය එලෙසින්ම කිරීම මගින් ඔබට තව දුරටත් ඔබේ සබඳතාවය හා ගරුත්වය පවත්වා ගන්න පුළුවන්. ඒ වගේම සැනසිල්ලේ කාලයක් ගත කර ඔබ දරන මතය කෙසේදැයි ඔවුන්ට විවෘතව කතා කර ඒ ගැන දැනුවත් කර තබන්න. දෙමාපියන් නිතර දරුවන් විශ්වාසයෙන් යුතුව අගයන්න උත්සාහ කරනවා. නමුත් එය දරුවන්ට බලපෑ හැකි ආකාරය වෙනස් වන්නට පුළුවන්. ඒ නිසා සංයමයෙන් යුතුව ඔබේ දරුවාට ගැලපෙන ආකාරය තෝරා ගැනීම වැදගත්.

දරුවන්ගේ හැසිරීමට දෙමාපියන් තුළ ඉතා හොඳ ඉවසීමක් ඇතිවිය යුතු වගේම එය ඉතා අපහසු කාරණාවක් බවත් පිළිගැනෙනවා. නමුත් ඔවුන් වෙනුවෙන් නිතරම අපිට එය කරන්න බැරිකමක් නැහැ නේද? theAsianparent Sri Lanka වෙතින් අදහසක්.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ