ඔබේ දරුවන්ට ගැලපෙන පාසල් බෑගයක් තෝරාගන්නේ කොහොමද?

ඔබ දරුවන්ගේ පාසල් බෑගය හරි ලෙස තෝරා ගන්නේ නැතිනම් අවසානයේ දරුවන්ට ඉතා අවාසනාවන්ත ලෙස පිටකොන්දේ වේදනාවන්ට ලක්වන්නට සිදුවේවි.

දරුවා පාසල් යාම ඇරඹීමත් සමග එය ඔහුගේ ජීවිතයේ වැදගත් අංගයක් බවට පත්වෙනවා. දිනචර්යාවේ වැදගත් දෙයක් ලෙස දිනපතා රැඳෙනවා.

නමුත් ඉතා සුපරික්ෂාකාරීව පාසල් බෑගය තෝරා නොගත්තොත් ඉන් ලැබෙන ප්‍රතිඵල දරුවාගේ ජීවිත කාලයටම දැනෙන්න පුළුවන්. විකලාංග පිළිබඳ අධ්‍යනයක නිරතවෙන ජර්නලයක් විසින් දරුවන් 3500ක් ඇසුරෙන් කළ පරීක්ෂණයකදී බොහෝ දෙනෙකුට කොන්දේ වේදනා ඇති බව සොයා ගැනුණා.

පාසල් බෑගයක් තෝරා ගන්න විට ඔබ සිතිය යුතු කාරණා, කොන්දේ වේදනාවකදී කළයුතු දේවල් හා නොකළ යුතු දේවල් රැසක් තිබෙනවා. හුඟක් බර බෑගයක් පිටේ එල්ලගෙන යාමෙන් වන අනිසි බලපෑම්, වේදනා ආදිය ගැනත් දැනගන්න විකලාංග ශල්‍ය වෛද්‍ය සිවො හුආ මින්ග් ට කතා කළා. ඔහු සිංගප්පුරුවේ මවුන්ට් එලිසබෙත් නොවෙනා රෝහලේ සේවය කරනවා.

බර වැඩි, නිවැරදි ලෙස දරා ගත නොහැකි බෑග් හා සෞක්‍ය ගැටළු

ඉතා බර වැඩි බෑගයක් නිසා දරුවන්ගේ පිටකොන්දට පීඩනය නොදිය යුතු ස්ථාන වලට පීඩනයක් දැනෙන්න පුළුවන්. ඉන් දරුවාගේ සමබරතාවය බිඳෙන්න ඉඩ තියෙනවා. මේ නිසා දරුවන්ට නිකරුනේ වේදනා විඳින්නට සිදුවන්නේ කශේරුකාවේ හා ඒ ආශ්‍රිත මාංශ පේෂින්ට වන බලපෑම නිසයි. ඊට අමතරව උරහිස් හා කොඳු නාරටියේ ඉහළ පහළ කොටසට මේ නිසා හානි සිදුවීමට ඇති ඉඩකඩ වැඩි බව වෛද්‍යවරයා පවසනවා. ඒ වගේම ඉන් ඉල ඇට කටු අපහසුතා, බෙල්ලේ මස්පිඬු වල වේදනා, හිසරදය, අත්වල වේදනා ආදියත් වෙනත් ශරීරයේ ස්ථාන වලටත් බලපෑමක් ඇතිකරනවා.

බොහෝ පිටකොන්දේ වේදනාවන්ට ප්‍රමිතියෙන් තොර බෑග් වල බලපෑමක් තිබෙනවා. වෛද්‍ය විශේෂඥයන් පවසන්නේ මෙම බර දැරීමට නොහැකි වීම නිසා මෙම වේදනාවන් හටගන්නා බවයි. එක පැත්තකට පමණක් බෑගයක් එල්ලගෙන යාම නිසාත් කශේරුකාව එක පැත්තකට ඇඹරී යන්න පුළුවන්. ඊට කශේරුකාව මැදට පීඩනයක් එල්ල වෙනවා. මෙලෙස ආරම්භයේ වේදනාවක් ලෙස ඇතිවුණත් දීර්ඝ කාලීන බලපෑම් ඉන් ඇතිවෙනවා.

මගේ දරුවාගේ පාසල් බෑගය බරින් වැඩිද? හඳුනාගන්නේ මෙහෙමයි

  • සමබර නැති ගමන් විලාසය.
  • ඉරියව් වල වෙනසක්.
  • ප්‍රමාණය ට වඩා කුදුවී බෑගය රැගෙන යාම.
  • පාසල් ගොස් පැමිණි විට කොන්දේ වේදනා ඇතිවීම.

මෙවැනි ලක්ෂණ ඇත්නම් එය පාසල් බෑගයේ බර නිසා ඇතිවන තත්වයක් බව වටහා ගතයුතු වෙනවා. පාසල් බෑගය වෙනස් කිරීම හා වෛද්‍ය උපදෙස් ගැනීම කළයුතු වෙනවා.

මේ වැරදි සාදාගන්නේ කොහොමද?

ඔබේ දරුවාගේ පාසල් බෑගය සුළු වෙනසක් කිරීමෙන් හෝ පිළිවෙත් වෙනස් කම් කිරීමෙන් මේ වැරදි නිවැරදි කරගන්න පුළුවන්. වෛද්‍යවරයාට අනුව හරි ආකාරව ෆිට් නොවන පාසල් බෑගයක් උරහිස් වලින් පිටට තද කර සමබර කිරීමත්, බර වැඩි දේවල් වෙනත් බෑගයකට දැමීමත් කළහැකි වෙනවා. ඉන් බෑගය සමබර කර ගැනීමට පුළුවන්.

ඒ වගේම අත්‍යවශ්‍ය බඩු විතරක් බෑගය තුළ දමා ගන්නත් අනවශ්‍ය පොත් පත් ඉවත් කිරීමද වැදගත්. නමුත් බෑගයේ ප්‍රමිතිය හොඳ තත්වයේ නැත්නම් මෙලෙස වෙනත් ආකාරයෙන් විසඳුම් ලබාදීමෙන් ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. 

බැක් පැක් පාසල් බෑගයක් තෝරාගන්නා විට මේ කරුණු ගැන සිතන්න.

choosing the right school bag for your child

Back Width =  පිටිපස පළල
Ridge of Shoulder Blade to - දෙපස උරහිස් සමග
Ridge of Shoulder Blade - සමානුපාත වීම

Shoulder line - උරහිස් සීමාව

Back Height = පිටුපස උස
shoulder Line to - උරහිස සීමාව සිට
waist Line + 2 inches - ඉනට දිග + අඟල් 2ක්

Waist Line - ඉන
Hip Line - උකුල

නිවැරදි පාසල් බෑගයක් දරුවන්ට තෝරා ගන්නේ කොහොමද?

  • වඩාත් සුදුසු වන්නේ පැත්තට එල්ලගෙන යන බෑග් වලට වඩා (බැක් පැක්) හෙවත් පිටුපසට එල්ලගෙන යන බෑග් එකයි.
  • දරුවන්ට පහසුව සඳහා මැදින් ඇති පටි සහිත බෑගයක් හා පටි මහත වීමත් හරියට සමබර ලෙස පිටුපසට සිටින ලෙස ගෙනයා හැකි වීමත් වැදගත්.
  • බෑගය බර නම් පපුවට පහළ ඉනට තදකරන පටි වැදගත් වෙනවා.
  • වීල් සහිත බෑග් ළදරු පාසල් හා ප්‍රාථමික පාසල් වියේ සිටිනා දරුවන්ට තෝරාගන්න.
  • දණහිස් වලින් නැමී බර බෑගයක් එසවීමට දරුවන්ට කියා දෙන්න.
  • හැම විටම බරින් වැඩි පොත් මැදට වනසේ තැන්පත් කරන ලෙස උපදෙස් දෙන්න.
  • දිනපතා, හෙට ගෙනයන බෑගය අලුතින් සුදානම් කිරීමට උපදෙස් දෙන්න.
  • බෑගය ගෙන යන හැම අවස්ථාවකම එහි පටි නැවත නැවත පරික්ෂා කිරීමත් දරුවාට ඊට උපදෙස් දීමත් වැදගත්.
  • සමහර දිනක ඔහුට වැඩිපුර පොත්පත් ගෙනයාමට සිදුවේනම් ඒවා අතේ රැගෙන යාමට සුදානම් කර දෙන්න.
  • ඔවුන්ට තරමක් දුර, බෑගය සමග ඇවිදයාමටත් බෑගය ගැලවූ පසු වේදනාවක් ඇති නොවීමත් සිදුවිය යුතු වෙනවා. දරුවා රැගෙන යන බර දරුවාගේ බරින් 10% - 20% දක්වා නොඉක්මවීම වැදගත්.
  • දරුවාට දැනටමත් කොන්දේ වේදනා ඇත්නම් ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබා දෙන්න.

වර්තමානයේ අධ්‍යාපනය සඳහා වන තරගය සමග දරුවන්ගේ නිරෝගී බව ගැන අවධානය නැතිවී යන නිසාම theAsianparent Sri Lanka මේ ලිපිය සකස් කළා.

 theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ