දරුවන්ට ගුටිබැට නොදී ශීලාචාර කරන්නේ කොහොමද? පරික්ෂා කළ ක්‍රම 5 ක්

දරුවන්ට ගහන්නේ නැතිව ඔවුන් ආචාරශීලී කරන ක්‍රමවේදයන් කිසිවක් හෝ දැනගැනීමෙන් එය ඔබට මහත් අස්වැසිල්ලක් වේවි යැයි සිතනවා.

හුඟක් හොඳ මගපෙන්වීම් ගුරුහරුකම් දන්න දෙමාපියන්ට වුනත් සමහර වෙලාවට දරුවන්ව බලාගන්න එක වගේම ඔවුන්ව පාලනය කරන්න බැරුව යනවා.

වැරදි සහිත බව, තරහව, පීඩනය යන හැමදේම එකතුවෙලා අම්මලා දරුවාට උදවු කළයුතු තැනට ගේනවා. මේ ක්‍රියාවලියම දරුවන්ට වඩා දෙමාපියන්ට වෙහෙසකර වෙනවා. වාසනාවකට අනෙක් හැම දරුවන් බලාගැනීමේ උපායකට වගේම මේ අපහසු අවස්ථාවන් වලදීත් දෙමාපියන්ට එය විසඳගන්න පුංචි උපායන් කිහිපයක් පමණක් උවමනා වෙනවා.

ඉතින් පස් වතාවක් විතර පරික්ෂා කළ මේ ක්‍රම විධි ටික ඔබත් අනුගමනය කරන්න අත්හදා බලන්න.

දරුවන් ශීලාචාර කිරීම: පරික්ෂා කළ ක්‍රම 5 ක්

1. සුළු කාලයක් ගන්න

හොඳම  දෙමපියන්ටවත් පොඩි කාලයක් ගැනීම සමහර විට අසීරු වෙනවා. තියුණු ලෙස ඊට ප්‍රතික්‍රියා කරනවා වෙනුවට කෙටි කාලයකට සම්පූර්ණයෙන් දරුවා සමග කතාබහ නවත්වන්න. මෙහි පරමාර්ථය දරුවා හා දෙමාපියන් ගැටීම පාලනය කිරීම වගේම එය තව දුරටත් උත්සන්න වීම වැළකීමයි. ඔබට තදින්ම තරහා ගිය විට

  • කෙටි වේලාවක් ඔබත් දරුවාත් අතර දුර වැඩි කරන්න
  • කෙටි වෙලාවක් නිහඬව හිඳ වෙනත් දෙයක නිරත වෙන්න
  • ඔබේ දරුවාට යම් දෙයක මිනිත්තු 5 ක් පමණ රැඳී ඉන්නට කියන්න
  • දැන් ඔබේ හැඟීම් සෞම්‍ය කරගන්න 

2. යථාර්තවාදී දඬුවමක් දෙන්න

උදාහරණයක් ලෙස ඔබේ දරුවා බයිසිකල් පැදීමට කැමතිනම් වරදක් කළ පසු ඔහුට දින කිහිපයක් යනතුරු බයිසිකල් පැදීම තහනම් කරන්න. එය ශාරීරිකව දඬුවම් කිරීමට වඩා වැදගත් වේවි.

3. දරුවාට ලියන්න දෙන්න

සන්නිවේදනය දැනවීම මගින් බොහෝ බලපෑම ඇතිකරන්න පුළුවන්. හුඟක් පොඩි දරුවන් තුළත් එය කළහැකියි. කුඩා කාලයේ පටන්ම කුඩා දරුවන්ට තර්කානුකූල හැඟීම් දැනීමක් තිබෙනවා. වරක් ඔබට දරුවා නරකට හැසිරුණු විට ඒ ගැන තැනක හිඳගෙන ඔහුට සමාව ඉල්ලා ලියන ලෙස කියන්න. දරුවා ඊට කැමැත්තක් නොදක්වන විට එකම පිළියම ඉතා තදින්ම සිටීමයි. වාක්‍ය කිහිපයක් ලියපු පසුත් ඔහුට ඔහු කළ ක්‍රියාවේ බරපතල බව හොඳ ආකාරයට වැටහෙනවා.

4. කාලසීමාවන් පනවන්න

ඔබ ඔහුගේ යම් නරක වැඩක් ගැන අනතුරු ඇඟවීමෙන් පසුත් ඔහු එය කරයිනම් ඔබගේ කාලය දැන් ඉක්මවී ඇති බව පවසා ඔහු සමගින් ඉඳගෙන කතා කරන්න. ඔහුට වඩා එය නිවැරදි කරගන්න යම් කාලයක් ලබාදෙන්න. ඔහුට නැතිව බැරි දෙයක් අත්හිටුවීම වැනි දෙයකින් දඬුවම ක්‍රියාත්මක කරන්න. මෙය ක්‍රියාත්මක කර සාර්ථක වූ පසු නැවත නැවත අනතුරු ඇඟවීම හා කියපු දඬුවමම ක්‍රියාත්මක කරන්න.

5. ඵලදායි දෙයක යොමු කිරීම

දරුවා නිවැරදි දෙයක් කරන විට එන කේන්තිය වෙනත් දෙයකට යොමු කරන්න. සමහර විට ගෙදර දොර ඔහු අකමැති වැඩකට වෙන්න පුළුවන්. නමුත් ඉන් ඔහු කළ වරදෙහි බරපතල බව සිහිකරවනවා.

දරුවන් ශීලාචාර කිරීමේදී ඉතාම උපක්‍රමශීලි විය යුතු නිසා theAsianparent Sri Lanka ඔබේ හොඳම මිතුරිය මේ උපක්‍රම කිහිපය ඔබට ගෙන ආවා.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ