ගුටි දීම නිසා දරුවන් වැඩුණු පසු සමාජ-භීතිකාව, හීනමානය සහ මානසික අබාධ පෙන්නුම් කරයි

වසර 50ක් පුරා ළමයින් 160,000ක් අලලා කෙරුණු විශාල අධ්යයනයක් නිගමනය කෙරුනේ දරුවන් යහමග ගැනීමට ගුටි දීම සාර්ථක ක්‍රමයක් නොවන බවයි.

ඇමරිකා එක්සත් ජනපදයේ මිචිගන් විශ්ව විද්‍යාලයේත් ඔස්ටින් නුවර ටෙක්සස් විද්‍යාලයේත් විශේෂඥයන් විසින් මෑත වසර 50ක අධ්යයන කාලය විශ්ලේෂණය කල විශාල දත්ත ප්රමාණයක් සැලකිල්ලට ගෙන ගුටි බැට දී දරුවන් ලොකු මහත් කෙරීම සම්බන්ධයෙන් නිගමනයකට එළඹුනා.

මෙම මෙටා විශ්ලේෂණය කිරීමේදී වසර 50 ක පමණ අධ්යයන කාලයක් තුළ දරුවන් 160,000 කට වඩා වැඩි ගණනක් සැලකිල්ලට ගැනිමට සිදු වුනා. මින් අනතුරුව විද්වතුන් විසින් විස්මිත නිගමනයකට පැමිණියා. ගුටි දීම සහ ශාරීරික හිංසනය දෙමව්පියන් විසින් වෙනම ඒකක දෙකක් ලෙස සලකනු ලැබුවද, මේ දෙවර්ගයම දරුවාට වෙනස් මට්ටම් වලින් වුවද ඇති කරන්නේ එකම අකාරයේ බලපෑමක් බව පෙන්වා දුන්නා.

ගුටි දීම ඵලදායී නොවේ

පර්යේෂකයන්ගේ එළඹුණු නිගමනය බොහෝ දෙමාපියන් ව්යාකුල් කරාවි. ඔවුන් පවසන පරිදි ගුටි දීම සම්පූර්ණයෙන්ම නිෂ්ඵල ක්‍රමවේදයකි.  මෙය දරුවාට වේදනාව හැර වෙන කිසිවක් තේරුම් කර නොදෙන්නක්. එය ඔවුන්ගේ හැසිරීම ගුටි වලට ප්‍රතික්‍රියා කිරීම හෝ ගුටි වලින් ආරක්ෂා වීමට පොළඹවන අතර එයට පාදක වූ හේතුව තේරුම් ගැනීමට උදව් නොකරයි.

සරලව කිවහොත්, ඔබේ දරුවා ඔබ ඉදිරියේ එම ක්‍රියාව නොකරනු ඇත. නමුත් ඔබේ පසුපස දරුවා එම ක්‍රියාව කිරීමට පෙළඹෙනු ඇත. මේ නිසාගුටි දීම තුලින් දරුවා වැදගත් ජිවිත පාඩමක් ඉගෙන ගන්නේ නැත. එහෙයින් මෙය දෙමාපියන්ගේ මුලික අරමුණ ඉටු නොකරන බවට ප්‍රත්‍යක්ෂ වනවා.

ගුටි දීම තුළින් දිගු කාලීන ප්‍රතිවිපාක ඇති කෙරෙනවා

ගුටි දීම තුලින් දෙමාපියන් බලාපොරොත්තු වන ප්‍රතිවිපාක ඇති නොකරනවා පමණක් නොවේ දිගුකාලීන ප්‍රතිතිවිපාකද ඇති වන්නට ගනු ඇත.

අධ්‍යයනයකින් පෙනී යන්නේ දෛනිකව ගුටි කා හැදෙන දරුවන් සමාජ විරෝධී හැසිරීම්, ආක්‍රමණශීලි බව, මානසික සෞඛ්ය ගැටළු සහ සංජානනීය දුෂ්කරතාවයන් ආදිය ඇතිවීමට ඉහළ නැඹුරුතාවයක් දක්වන බවය.

මේ අතුරින් සමාජ විරෝධී හැසිරීම් සහ මානසික සෞඛ්ය ගැටලු දරුවාගේ වැඩිහිටි විය දක්වාම පවතිනු ඇත. මෙවන් වැඩිහිටියන් තම දරුවන් ලොකු මහත් කරන්නටද ගුටි දීම යොදාගන්න බැවින් ගුටි දීම පරම්පරාවෙන් පරම්පරාවට පවත යාමට එය හේතු කාරක වනවා.

ගුටි නොදී දරුවාට හරි වැරදි කියා දෙන්නේ කෙසේද?

ගුටි දීම

අම්මේ තාත්තේ, මේ විශ්ලේෂණ ආශ්‍රයෙන් දරුවාට ගුටි දීමෙන් කිසිඳු ප්‍රයෝජනයක් ඇත නොවන බව අපට නොබ9ඉයව ප්‍රකාශ කරන්නට පුළුවන්. ඉතින්, ලොකුම ප්‍රශ්නය වන්නේ දරුවාට ඇඟිල්ලක් එසවීමෙන් තොරව දෙමාපියන් කියන දේ ඇසීමට යොමු කරන්නේ කෙසේද යන්නයි.

චර්යාත්මක විද්වතුන් අපට ළමා මනෝ විද්‍යාව ආශ්‍රයෙන් විසඳුමක් ලබා දෙනවා. දරුවන් ‘කැරට් අල න්‍යායට’ පහසුවෙන් කැමැත්ත දක්වන බවක් පෙනෙනවා.

මේ නිසා දඬුවම් කිරීම වෙනුවට විනය ස්ථාපිත කිරීමට සිදු වන බව ඇමරිකානු මනෝවිද්‍යා සංගමයේ 123 වැනි වාර්ෂික සම්මේලනයේ ඉදිරිපත් කළ මනෝවිද්යාඥයින් සනාථ කරනවා.

ඔක්ලහෝමා ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ PhD ආචාර්ය රොබට් ලාසල්ගේර් පවසන පරිදි, තරුණ නිර්මල දරුවන් සමඟ කටයුතු කිරීමේ ක්‍රම තුනක් තිබෙනවා. ඒවා විශේෂ අවස්ථා වලදී ඒවා ප්‍රයෝජනවත් විය හැකි අතර දෙමව්පියන්ට මෙම උපක්‍රම ක්‍රමානුකුලව සංයෝජනය කර යොදාගත හැකි වනවා.

1. සම්මුතියකට එළඹීම

දරුවන් සමඟ කටයුතු කළ හැකි එක් සාර්ථක ක්‍රමයක් වන්නේ සම්මුතියකට එළඹීමයි. නිදසුනක් ලෙස, "ඔයා දැන් නෑවොත්, අපිට වෙරළට යන්නට පුළුවන්" වැනි සම්මුති තුලින් දරුවා යම් ප්‍රතිලාභයක් දැකීම නිසා පහසුවෙන්ම අවශ්‍ය ක්‍රියාකලාපයට දරුවා යොමු කල හැකි වනවා.

එය භාවිතා කළ යුතු අවස්ථා

මෙය කාලය, වෙනත් අදහස් හෝ ඉවසීමේ සීමාවන් ඉක්මවා ගිය අවස්ථා වල කල සිදු කල යුත්තකි. මෙය ඕනෑම ආකාරයක තත්වයකට ඉක්මන් ප්‍රතිඵල ගෙන දෙන්නකි. .

එය භාවිතා නොකළ යුතු අවස්ථා

මෙය නිතර නිතර කිරීමෙන් මෙහි ඇති ඵලදායි බව අඩු වනවා. මෙය පමණට වඩා භාවිතා කිරීමෙන් දරුවා අප්‍රසන්න හෝ සමාජ විරෝධි ලෙස හැසිරීමට පෙළඹෙන බව එසේ කල දෙමාපියන් පවසනවා. මේ නිසා මෙම ක්‍රමය ඉඳ හිට පාවිච්චි කරන්න. එවිට එහි අගය වැඩි වේ.

2 තර්ක කිරීම

මෙය උණුසුම් තත්වයක් වහාම විසුරුවා හරින්නට සමත් වනවා. දරුවා යන්තම් කේන්ති ඇවිස්සෙන සුළු ලෙස ක්‍රියා කරන අවස්ථා වල මෙම ක්‍රමය යොදා ගත හැකි වනවා. නිදසුනක් ලෙස මගේ දරුවා වරෙක කඩේට යන්නට ඉස්තරම් ඔහු ළඟ තිබු ඉස්තරම් ඇඳුමක් අඳින්නට ඉල්ලා පෙරැත්ත කළා. සුදුසු ලෙස තර්ක කර මෙම තත්වය වහාම සමනය කරන්නට මට හැකි වුනා.

එය භාවිතා කළ යුතු අවස්ථා

දරුවාට පමණට වඩා මහන්සි නැති විටෙක, තර්ක විතර්ක කරන්නට තරම් මුහුකුර නොගිය වයසක දරුවන්ට මේ ක්‍රමවේදය වඩාත් සුදුසු වනවා.

එය භාවිතා නොකළ යුතු අවස්ථා

මතබේදකාරී අවස්ථාවක් මධ්‍යයේ මෙම ක්‍රමය භාවිත කිරීම සුදුසු නැත. මෙය තත්වය තවත් උග්‍ර වීමට හේතුකාරක වනු ඇත.

3. හික්මවීම

මෙතැනදී, ගිටි දීම විකල්පයක් නොවේ. මෙහිදී ඔබට අවේනික හික්මවීමේ ක්‍රම උපයෝගී කරගන්නට පුලුව.

නිදසුනක් ලෙස කටහඬ උස්සා විධානය කිරීම, තරමක් රළු හැඳින් අණ දීම, ඇස් පුළුල් කිරීම වැනි ඔබට සරිලන ඕනෑම ක්‍රමයක්. ඇතැම් අවස්ථාවලදී ඔබේ හඬ අඩු කිරීම වඩාත් ඵලදායී ප්‍රතිපල ගෙන දේවි. එයද උත්සාහ කරන්න!

මීට අමතරව දරුවාට කාලය හමාර කිරීම භාවිතා කළ හැකිය. කාලය හමාර කිරීමේ සංකල්පය වන්නේ දරුවා තමා සන්සුන් වන තුරු කාමරයක කෙළවරක තැබීමයි. මෙය දරුවා කොන් කරන ස්ථානයක් නොවේ. නමුත් දරුවාගේ  ‘රි-සෙට් බොත්තම’ ක්‍රියාත්මක කල හැකි ස්ථානයක් පමණි.

එය භාවිතා කළ යුතු අවස්ථා

තර්ක කිරීම සාර්ථක නොවන අවස්ථා වල. දරුවා තෙහෙට්ටු වී හෙම්බත් වී ඇති අවස්ථා වල මෙම ක්‍රමවේදය භාවිත කල හැකියි.

එය භාවිතා නොකළ යුතු අවස්ථා

දරුවාට ප්‍රතිවිපාක පිළිබඳ සංකල්පය අවබෝධ කර ගත නොහැකි වයසක නම් මෙම ක්‍රමවේදය භාවිත කිරීම සුදුසු නැත.

ඉතින් අම්මේ තාත්තේ සරිලන පරිදි, තැනට සුදුසු පරිදි, මෙම ක්‍රමවේද සංකලනය කරමින් භාවිතා කරන්නට පුළුවන්. දරුවාට ගුටි නොදීමෙන් ඔබ දරුවා නරක කරන්නේ නැහැ. එය මිත්‍යා මතයක් පමණයි.

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිලුෆ පෙරේරා