දරුවන්ට දරුවන් වෙන්න ඉඩදෙමු.

lead image

ඉස්සර අපේ ළමා කාලය කොච්චර සුන්දර ද? අපිට සෙල්ලම් කරන්න , පරිසරයත් එක්ක ජීවත් වෙන්න ගුණාත්මක කාලයක් තිබුනා. ඒ වගේම අපිත් ඉගෙන ගත්තා. ඒ කාලේ වෛද්‍යවරු, ඉංජිනේරු වරු බිහි වුනා. ඒත් ළමා විය මේ තරම් සංකීර්ණ වුනේ නැහැ...

ඒ අද , ඔව් ඔක්තෝබර් පළවෙනිදා, ලෝක ළමා දිනයයි. ඒ වගේම ලෝක වැඩිහිටි දිනය, එකම වගේ ආදරණීය ලෝකයක් බලාපොරොත්තු වන ළමයින්ටත් වැඩිහිටියන්ටත් පළමුවෙන්ම ඔවුන්ට වෙන්වු දවසේ නිරෝගී සම්පත්තිය පතන්න මම කැමතියි.

විශේෂයෙන් පුංචි දරුවෝ ගැන ලෝකයම හිතනවා. මුළු ලෝකයක්ම  ඒ වෙනුවෙන් සුදානම් , බොහෝ සැනකෙලි,වැඩසටහන් , තෑගි බෝග ඔවුන් වෙනුවෙන් සුදානම්, ඒත් ඒ සියල්ලටම ඔබ්බෙන් ගිය ඔවුන්ගේ ළමා කාලය අපිට ඔවුන් වෙනුවෙන් දෙන්න බැරිද?

ඉස්සර අපේ ළමා කාලය කොච්චර සුන්දර ද? අපිට සෙල්ලම් කරන්න , පරිසරයත් එක්ක ජීවත් වෙන්න ගුණාත්මක කාලයක් තිබුනා. ඒ වගේම අපිත් ඉගෙන ගත්තා. ඒ කාලේ වෛද්‍යවරු, ඉංජිනේරු වරු බිහි වුනා. ඒත් ළමා විය මේ තරම් සංකීර්ණ වුනේ නැහැ .

ඇත්තටම මොකද වුනේ?

පුංචි දරුවෝ අ යන්න ආ යන්න කියන්න පටන් ගත්ත දවසේ ඉදලා වැටෙන්නේ නොනවතින තරගෙකට,  ඉස්සර වගේ ළමයින්ට ගෙදර ඉන්න කාලයක් නැහැ, ඉස්සර නම් ඉස්කෝලේ බලාංශයෙන් පටන් ගත්තා. ඒත් දැන් එහෙම නැහැ. ප්ලේ ගෘප්, ලෝවර් නසරි, අපර් නසරි කියලා පෙර පාසැල්ම යනවා අවුරුදු තුනක් , ඊට අමතරව එලකියුෂන් , ඉංගිලිෂ්, ආර්ට්, ඩාන්සින් වගේ ටියුෂන් යවනවා. උපාධිය ගන්න දරුවෙකුට තරම් බරක් දරුවන්ගේ හිස පැටවිලා.

ඉස්කෝලේ යන්න ගත්ත දවසේ ඉදන් ශිෂ්‍යත්වය , ඕ ලෙවල්, ඒ ලෙවල් , කැම්පස්, කවදාද මේ තරගේ ඉවර වෙන්නේ? වැඩිහිටියන් වු පසුද?

නෑ ඒක එහෙම වෙන්නේ නැහැ ඔවුන් වැඩිහිටියන් වු පසු ආයෙමත් තමන්ගේ දරුවන් අරන් තරගේ දුවනවා.

ඇත්තෙන්ම අපි අපේ දරුවන්ට හොද අධ්‍යාපනයක් දෙන්න ඕනී. ඒක අපේ වගකීම වෙනවා . ඒත් දරුවන්ව ඔවුන්ගේ ළමා කාලය තුල පමණට වඩා වෙහෙස වීම තුල ඔවුන්ට ඒ සුන්දර කාලය අහිමි වී යනවා. අපි අද ආදරයෙන් මතක් කරන ළමා කාලය අනාගතයේ දවසක අපේ දරුවන්ට මතක් කරන්න වෙන්නේ වේදනාවෙන්,

අපි අවුරුද්දට එක දවසක් ඔවුන්ට වෙන් කරනවා. එදාට නම් ඇති නොවෙන විනෝදයක් ඔවුන්ට ලබා දෙනවා. අවුරුද්දට එක දවසක් ඔවුන් ළමුන් වීම ප්‍රමාණවත්ද ?

අම්මේ , තාත්තේ මොහොතක් හිතන්න, තරගෙක දුවන හැම කෙනෙක්ම ජයග්‍රහකයින් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි ජීවිතය ජය ගන්නෙත් නැහැ.

ඇත්තට දරුවන්ට හැකි උපරිමයෙන් අපි උගන්වන්න ඕනී. හැබැයි ඉගැනගැනීම වේදනාවක් නොවෙන්න. අවුරුද්දට එක දවසක් ළමා දිනයක් නොකර අවුරුද්දේ  හැම දවසක්ම ලෝක ළමා දිනයක් කරමු.

දරුවාව ඉගනීමට යොමු කරන අතර ඔවුන්ට සෙල්ලම් කරන්න විනෝද වෙන්න අවස්ථාවක් දෙන්න. හැබැයි ඒ කොම්පියුටර් ගේම් හා රූපවාහිනිය නැරඹීම නම් නොවේ. ඔවුන්ට ඇග වෙහෙසා අනික් ළමුන් හා මිශ්‍ර වෙමින් සෙල්ලම් කරන්න දවසේ වෙලාවක් වෙන් කරන්න . ඔවුන්ව ජීවිතය පිලිබඳ අත්දැකීම් ලැබිය හැකි චාරිකා මෙන්ම වෙහෙස මහන්සිය නිවෙන චාරිකා රැගෙන යන්න.

දරුවා අරගෙන රැල්ලට යන්න එපා. තරගෙට දුවන්න එපා. ඔවුන්ට ඔවුන්ගේ ජීවිතය මග හැරෙන්න දෙන්න එපා.

අපි ඔවුන්ට ලස්සන ළමා කාලයක් දෙමු.