දරුවන්ට දැඩි දඬුවම් එපා!

lead image

දැඩි දඬුවම් නිසා බොහෝ දරුවන් කලහකාරී වන බව සමීක්ෂණ වලින් තහවරු කර ඇත.

දශක පනහකටත් වැඩි කාලයක් පුරා කරන ලද සමීක්ෂණ වලින් පුංචි දරුවන්ට කරන දැඩි තරවටු කිරීම් ඔවුන් තවත් මුරණ්ඩු දරුවන බවට පත් කරන අතර එමගින් දරුවන් ගේ හිත තුළ හොඳ ආකල්ප, හොඳ පුරුදු ඇති කිරීම පහසු නොවන බවත් සොයා ගෙන ඇති සත්‍යක්‌.

ඔස්ටින් හි ටෙක්සාස් විශ්වවිද්‍යාලය හා මිචිගන් විශ්වවිද්‍යාලය මගින් දශක පනහකට වැඩි කාලයක් කරන ලද සමීක්ෂණ වාර්තා වලදී දරුවන් 150,000ක් සමීක්ෂණ 75ක් අනුසාරයෙන් ලබා ගත් තොරතුරු එකලෙස දිගින් දිගටම පැවතීම පුදුම සහගත කරුණක්.

පර්යේෂණ ප්‍රධානී එලිසබෙත් ට අනුව, දරුවන්ට කරන දැඩි දඬුවම් හා එමඟින් ඔවුන්ට පෙන්වන සෘණාත්මක ප්‍රතිපල නිසා දැඩි දඬුවම් මගින් කිසිඳු අයුරකින් යහපත් ප්‍රතිඵල උදාකරගත නොහැකි බව පවසනවා.

මෙම අධ්‍යනයන්ට අනුව දැඩි දඬුවම් කරන දරුවන්ගේ හැසිරීම හොඳ අතට පත් වීමක් සිදු නොවෙන අතර, ඔවුන් වයසෙන් වැඩි වෙන තරමට මෙම තත්වය දරුණු විය හැකි බව සොයාගෙන තිබෙනවා. ආචාර්ය ජර්ශෝෆ් සහ ඔහුගේ කණ්ඩායම මගින් කරන ලද පර්යේෂණ වලට අනුව දැඩි දඬුවම් වලට ලක් වූ දරුවන් වඩාත් කලහාකාරී හා සමාජශීලී නොවෙන දරුවන් බව සොයාගෙන ඇත.

src=https://lk admin.theasianparent.com/wp content/uploads/sites/5/2016/11/mum scolding child.jpg දරුවන්ට දැඩි දඬුවම් එපා!

අම්මලාගේ කලහකාරීත්වයෙන් දරුවුවොත් කලහකාරී වීම

"මෙහි යටි අර්ථය වන්නේ බොහෝ දෙමාපියන් තම දරුවන් කලහාකාරී වන විට දඬුවම් කිරීමට පෙළඹෙන බවත් එවිට දරුවන්ද දැඩි දඬුවමකින් තමන්ට අවැසි දේ ලබා ගත හැකි බවටත් තීරණය කරනවා. දරුවන් ඉගෙන ගන්නේ මෙයයි", ඇය තව දුරටත් පැවසුවා.

කාලය සමග දරුවන්ට දැඩි දඬුවම් දීම යල්පැනගිය දරුවන් රැක බලා ගැනීමේ උපායක් ලෙස සැලකු අතරම, සමහර පිරිස් එය තරමක මෘදු හා කාරුණික අයුරින් දරුවන් සමග යොදා ගනිමින් වෙනස් කිරීමටද උත්සහ දරනවා.

තවද, සමහර දරුවන් දැඩි දඬුවම් සමග හැදී වැඩී ඇති නිසා එය පරම්පරාවෙන් පරම්පරාවට පැවත එන්නක් බවට පත් වෙනවා.

නීරෝගීමත්කම හා ධනාත්මක බව සමග හැදෙන්න්න නම්...

ජර්ශෝෆ් පවසන ආකාරයට හොඳ හැදියාවක් ලබන්නට නම් නීරෝගිමත් ආරම්භයක් සමග විවිධ ධනාත්මක ක්‍රම ඊට උපකාර විය හැක.

"එය එක ක්‍රමයක් පමණක් නොවෙයි. ඊට විවිධ ක්‍රම ගණනාවක්
දෙමාපියන් අත්හදා බැලිය යුතුයි. දරුවන් හා දෙමාපියන් අතර ගොඩ නගා ගන්න බැඳීම සමග දරුවන් හරි දේ කරන විට ඔවුන්ව ඇගයීම දෙමාපියන්ට කරන්න පුළුවන්.

"ඔවුන්ට පහර දීමෙන් ඔබේ බලය පෙන්වීම කිසිසේත්ම අවශ්‍ය නැත" ඇය තව දුරටත් පවසයි.

සමාජය තුළ වෛරය, තරහා ඉතා ඉක්මනින් වර්ධනය වන්නක් නිසාම දරුවන්ට ආරක්ෂා සහිත සාමකාමී පරිසරයක් නිර්මාණය කිරීමෙන් ඔවුන් නිතැතින්ම යහපත් හැදියාවකින් යුතු දරුවන් වෙනවා නිසැකයි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ