අලුත උපන් පැටියාට, බිළිඳුන්ට, හා දරුවන්ට නින්දට යන විට ඇන්දවිය යුතු ඇඳුම් ගැන තොරතුරු ගොඩක්

අලුත උපන් පුංචි පැටියා ලස්සන නිදන ඇඳුම ඇඳලා නින්දට යනකොට බලාගෙන ඉන්න ලස්සනයි. ඒත් ලස්සන විතරක් තිබුනට මදි. එයාට ඉන් ආරක්ෂාව පහසුව ලැබෙනවද කියලා හිතන්නට වෙනවා.

අලුත උපන් පුංචි පැටියා ලස්සන නිදන ඇඳුම ඇඳලා නින්දට යනකොට බලාගෙන ඉන්න ලස්සනයි. ඒත් ලස්සන විතරක් තිබුනට මදි. එයාට ඉන් ආරක්ෂාව පහසුව ලැබෙනවද කියලා හිතන්නට වෙනවා.

දරුවාගේ නිදන ඇඳුම් ඔවුන්ගේ වයස අනුව වෙනස් වෙනවා. දේශගුණය අනුවත් වෙනස් විය යුතුයි. ඉතින් මේ හැම කරුණක් ගැනම හිතලා අපි ඔබ වෙනුවෙන් ඔබේ දරුවන්ට සුදුසුම නිදන ඇඳුම් තෝරාගන්න හැටි කතා කරන්න හිතුවා.

අලුත උපන් බිළිඳාට රාත්‍රී ඇඳුම් ( මාස 0-3)

මේ වයසේදී හුඟක් ලිහිල්, හුඟක් උණුසුම් වගේම, පටිගැටගහන, මූණට වැටෙන රිබන් තියෙන ඇඳුම් තෝරා ගැනීම සුදුසු නැහැ. මේ මගින් ක්ෂණික මරණ හෙවත් SIDS ඇතිවීම වළක්වා ගන්න උදවු වෙනවා වගේම, දරුවන්ගේ සුවපහසුවටත් හොඳයි. විශේෂඥයන් පවසන ආකාරයට රිබන් හා පටි සහිත අංග වල දරුවා පැටලීම වැනි අනතුරු මගින් අනපේක්ෂිත අනතුරු විය හැකි බව පවසනවා. විශේෂයෙන් අභ්‍යන්තරයේ දේශගුණයට ගැලපෙන පරිදි වඩාත් උණුසුම් ඇඳුම් ඇන්දවීම සුදුසු නැහැ.

ඒ වගේම දරුවා නිදන තැන කොට්ට, ඇතිරිලි හා මෘදු සෙල්ලම් බඩු තැබීමෙන් වළකින්න ඕනේ. දරුවාගේ ප්‍රමාණයට  සුදුසු ලෙස සකස් කළ වටකරන ලද කුඩා මෙට්ටයක නිදන්නේ නම් නිතර පහසු මෘදු ඇඳුම් ඇන්දවීමට වගබලා ගන්න.

බිළිඳු නිදන ඇඳුම් ( මාස 3-12 දක්වා)

ඉහත දක්වන ලද කාරණාම මේ වයසේ දරුවන්ටත් අදාල වෙනවා. මන්ද SIDS තත්වය වයස අවුරුදු 1 න් පහළ දරුවන්ටත් ඇතිවෙන්න පුළුවන්. දිගටම දරුවාට පහසු ආරක්‍ෂිත රාත්‍රී ඇඳුම් ඇන්දවීම කරන්න. දරුවාට ඇඳුම් තෝරා ගැනීමේදී නිතරම කපු රෙද්දෙන් කළ රාත්‍රී ඇඳුම් තෝරා ගන්න. මේ මගින් දරුවාගේ ශරීර උෂ්ණත්වයට අපහසු නොවන ලෙස පවත්වාගෙන යන අතර දහදිය උරා ගැනීම නිසා දරුවාට උණුසුම් කාළගුණයකදී අපහසුවක් දැනෙන්නේ නැහැ. ඒ වගේම ගින්නට ඉක්මනට ඇවිලෙන සුළු රෙදි භාවිතයෙන්ද වළකින්න පුළුවන්. ඉතා ආරක්‍ෂිත පරිසරයකදී එසේ සිදු නොවේ යැයි සිතිය නොහැකි වුවත් ඉතා හොඳ රාත්‍රී ඇඳුම් නිෂ්පාදනය තුළ එය ගින්නට ඇවිලෙන සුළු නොවන බව සඳහන් කර තිබෙනවා.

ළදරු රාත්‍රී ඇඳුම් ( මාස 12 – 24 )

මේ වයස එළඹෙන විට වුනත් පහසුව හා කපු ආශ්‍රිත නිෂ්පාදන තෝරා ගැනීම වැදගත්. මේ වයසට නියමිත ඇඳුම් වෙළඳසැලෙන් හෝ ඔබට කපු රෙදි වලින් නිදන ඇඳුම් සූදානම් කරගන්න පුළුවන්. දරුවා නිදාගන්නේ වායුසමීකරණය කළ පරිසරයක නම් කපු අත් දිග හා කකුල් දිග පිජාමා, නැතිනම් සාමාන්‍ය පරිසරයේ නම් කකුල් කොට පිජාමා වුනත් සුදුසුයි.

ආරක්‍ෂිත රාත්‍රී ඇඳුම් හා නින්දට ඉඟි

  • නිරතුරුවම දරුවාට උවමනාවට වඩා ඇඳුම් රාත්‍රී නින්දට ඇන්දවීම නොකළයුතුයි. ඉන් දරුවා අනවශ්‍ය උෂ්ණත්වයකට භාජනය වෙනවා. එදා දවසේ කාලගුණයේ ස්වභාවය සැලකිල්ලට ගෙන රාත්‍රී ඇඳුම් ඇන්දවීම වඩාත් සුදුසුයි.
  • දරුවාගේ ශරීරයේ අපහසුත හා උෂ්ණත්වය තේරුම් ගන්න. විශේෂඥයන්ට අනුව අත් හා යටිපතුල් සීතල නම් දරුවාව උණුසුම් කරන්න. රාත්‍රීයේ දහඩියෙන් දරුවාගේ ඇඟ තෙමි ඇත්නම් උණුසුමට සුදුසු රාත්‍රී ඇඳුම් අන්දවන්න ඔබට පුළුවන්.
  • විශේෂයෙන් අවුරුදු එකට අඩු දරුවන්ට බ්ලැන්කට් පාවිච්චිය හැකි තරම් අඩු කරන්න. නැතිනම් රාත්‍රී ඇඳුම් ඔබේ දරුවාට අවශ්‍ය උණුසුමට සමබර වනසේ අන්දවන්න. නිතර දරුවාගේ පිට ඇඳට තදවන සේ මුහුණ උඩු අතට සිටින සේ නිදි කරවන්න.
  • දරුවාගේ තොටිල්ල දුම් නොගැවසෙන වාතාශ්‍රය ලැබෙන පරිසරයක තබන්න. මදුරුවන් ඇතිනම් මදුරු දැල් හෝ ජනෙල් වලට මදුරුවන්ට ඇතුල්වීමට නොහැකි නෙට් දමන්න.
  • පුංචි බබාගේ වැඩුණු නියපොතු ඇත්නම් ඒවා කපා දමන්න. නොදැනුවත්ව නින්දේදී ඉන් කැසීම හෝ ඇදීම නිසා දරුවාට අනතුරු විය හැකියි.

සුව නින්දකට දරුවා යොමු කරන්න කුඩා කළ සිටම පහසුව සැනසුම දරුවාට හුරු කරන්න. සැහැල්ලු ඇඳුම් දරුවාට තෝරා දෙන්න. ඒ වෙනුවෙන් theAsianparent Sri Lanka ඔබේ හොඳම මිතුරිය මේ තොරතුරු ඉදිරිපත් කළා.  

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ