theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

දෙමාපියන් දරුවන්ට කිසි විටෙකත් නොකිව යුතු කාරණා 10 ක් (දෙවනි කොටස)

3 අවම කියවීම
දෙමාපියන් දරුවන්ට කිසි විටෙකත් නොකිව යුතු කාරණා 10 ක් (දෙවනි කොටස)දෙමාපියන් දරුවන්ට කිසි විටෙකත් නොකිව යුතු කාරණා 10 ක් (දෙවනි කොටස)

අපි කියන දේවල් දරුවන්ට ඍණාත්මක ලෙස බලපාන බව ඔබ කිසි විටකත් සිතුවද? සමහර විට ඒ ගැන අපිට නොසිතෙන්න පුළුවන්. මේ එවැනි අවස්ථා 10 ක්.

දෙමාපිය පදවිය අභියෝගාත්මකයි. දරුවන් සමග ගත කරන විට එය තවත් අමාරු කාර්යයක්. හුඟක් වෙලාවට ඔවුන්ගේ ක්‍රියා නිසා ඔබට තරහ ගිය අවස්ථාවන් වලදී මේ සිදුවීම සිදු වුනත් මේ හැමවිටම අපි කියන දේවල් දරුවන් ඉතා තදින් හිතට ගන්නා බව ඔබ දන්නවද? ඔබ නොසිතා කිව්වත් එය ඔවුන්ගේ සිත රිදවන්න පුළුවන්.

“පිස්සුද ඔයා මොකටද අප්සෙට් වෙන්නේ?”

හුඟක් වෙලාවට දරුවන් අපි නොසිතන දේවල් වලට හිත නරක් කරගන්නවා. නමුත් මොහොතකට නැවතී දෙමාපියන් ලෙස අපි අපේ ලෝකයට වඩා ඔවුන්ගේ ලෝකය ඉතා කුඩා බව සිතීම වැදගත්. මිතුරෙකුගේ ක්‍රියාවන් හෝ පාසලේ වූ සිදුවීමක් ඊට හේතුවෙන්න පුළුවන්. ඒ නිසා ඔවුන්ගේ ගැටලුව ඔබට වැදගත් බව ඒත්තු ගන්වන්න ඔහු සමග ඒ ගැන කතා කරන්න.

“මටත් ඔයාව පෙන්නන්න බෑ”

දරුවන් හුඟක් වෙලාවට “මට ඔයාව පෙන්නන බෑ”. “මම ඔයාට කැමති නැහැ” වගේ දේවල් කියන්න පුළුවන්. නමුත් පෙරලා ඔබත් ඒකම කිවුවොත් ඔවුනට හුඟක් රිදෙනවා. මොකද දරුවන් මොනවා කළත් දෙමාපියන් දරුවන්ට ආදරෙයි. රණ්ඩුව ඉක්මනින් අවසන් වුනත් ඔබ කියූ දෙය ඔහුගේ සිතේ තියෙනවා. දරුවන් එසේ කිව්වත් මොකුත් නොකියා හිඳිම වඩාත් නුවණක්කාරී වෙන්න පුළුවන්.

“ඔයා හරි මෝඩයි”

දරුවන් එක්ක කේන්ති යාම සාමාන්‍යයි. සමහර විටෙක ඔබ මුළුතැන්ගෙයි ඉන්නකොට එක පුංචි වැඩක් ඔහුට කරගන්න බැහැ. මේ වෙලාවට තමයි ඔබ ඉක්මනටම කියන්නේ “ඔයා හරි මෝඩයි”. මේ නිසා දරුවන්ට හුඟක් හිත රිදෙනවා වගේම තමන්ට මුකුත්ම කරගන්න බැහැ කියලා හිතනවා. මේ නිසා තවදුරටත් දරුවා ඔබට උදවු කරන්න ඉදිරිපත් නොවීම හා එය විනෝදයක් කර ගැනීම නවත්වන්න පුළුවන්.

“ඇඬිල්ල නතර කරන්න”

දරුවා අඬන විට එය නවත්වන්න කීමෙන් ඔහුට අඬන්න ඉඩ ලැබෙන්නේ නැති බව දැනගන්න පුළුවන්. ඉන් ඔවුන් තවත් අඬනවා. ඔබට තවත් කේන්ති යනවා. නමුත් වැදගත් වන්නේ ඔවුන්ගේ හැඬීමට කාරණය දැනගැනීමයි. එවිට හේතුව ඔබ නොවන්නටත් පුළුවන්.

“ඔය වයසේදී මම නම්”

ඔබට හිතෙන්න පුළුවන් ඔබේ දරුවා ඔබ කුඩා කාලයේ වගේ නෙමෙයි බොහෝ දේවල් ලැබෙන බව. නමුත් ඔබේ ළමා කාලය ගැන ඔවුන්ට කීම ඊට පිළිතුර නොවෙයි. එය ඔවුන් ඒ කනෙන් අහලා මේ කනෙන් පිටකරනවා. ඔබේ දරුවාට ලැබෙන දේවල් ගැන ඔහුට වැදගත් නැතැයි සිතන්නේ නම් ඔබේ ඒ අතීතය ගැන කතා නොකර ඒ ගැන කතා කිරීම වඩාත් හොඳයි.

“ඔයාට අයියා වගේ වෙන්න බැරි ඇයි?”

සහෝදර සහෝදරියන් සමග සැසඳීම තව දරුවෙකුට සිත රිදෙන කාරණාවක්. මේ නිසා තරහව, ඉරිසියාව හා ආවේගය, කලහකාරී බවත් ඇතිවෙන්න පුළුවන්.  සහෝදර සහෝදරියන් අතර බැඳීම මේ නිසා නැතිවෙන්න පුළුවන්. හැම දරුවෙකුටම ස්වාධීන ලෙස සැලකීම වැදගත් වන්නේ ඒ නිසයි. 

“පැත්තකට යන්න”

ඔබ ඉතා වැදගත් දෙයක් කරමින් ඉන්න කොට ඔබේ දරුවා ඊට බාධා කරන්න පුළුවන්. නමුත් දරුවාට පැත්තකට යන්න කීමෙන් ඔහුගෙන් ඔබට වැදගත්කමක් නැති බව ඔහුට දැනෙන්න ගන්නවා. එය ඔහුට හිත රිදෙන සුළු නිසා ඔබ ඉක්මනින් ඔහුට කතා කරන බව කීම වැදගත්.

“අරයත් එක්ක යාළුකම් එහෙම බැහැ”

ඔබ දරුවන්ගේ යහළු යෙහෙලියන් ගැන දැනගැනීම වැදගත් වුනත් ඔවුන් තේරීම ගැන ඔවුන් සතුටු වෙන්නේ නැහැ. අරයත් එක්ක කතාවට යන්න එපා කියලා එක් යහළුවෙක් කොන් කිරීමෙන් දරුවන් කුපිත වෙන අතර ගෙදර අරගල වලට පෙළඹෙනවා. ඔබ සමහර යහළුවන් ගැන වැරදී දේවල් දන්නවා නම් ඔබ දරුවාට ඒ ගැන නිදහස්ව පහදා දීම වැදගත්.

“ඔය කෑවා ඇති”

ඔබේ දරුවා කෑම කන්න කැමති කෙනෙක් නම් ඊට සීමාවන් දැමීම ගැන ඔහුට දුක හිතෙනවා. ඒ වෙනුවට ඔහු එළියේ සෙල්ලම් කරන්න යවන්න. ගෙදරදි ඔවුන් මෙය අපේක්ෂා නොකිරීම නිසා ගෙදරදී කෑමට සීමාවන් පැනවීම ගැන ඔවුන් දුක හිතෙනවා.

“මම කියන හින්දා”

සමහර වෙලාවට ඔබේ නීති වලට හේතුව පහදා දීම අමාරුයි. නමුත් ඊට හේතුව වැටහෙන්නේ නැති නිසා දරුවා අතරමං වෙනවා, කුතුහලයට පත්වෙනවා. ඒ නිසා දරුවාට එය නිදහස්ව පහදා දෙන්න.

දරුවන්ගේ හිත තලන්නේ නැතිව දෙමාපිය පදවිය ඉදිරියට ගෙන යාම ඉතාම අමාරු කාර්යයක්. වර්තමානයේ එය එතරම්ම අමාරු වන්නේ දෙමාපියන් හා සමානවම දරුවනුත් දැනුම හා ලෝකය දකින නිසයි.

(මෙම ලිපියෙහි පළවෙනි කොටස)

ඉතින් මේ අරගලය ජයගන්න theAsianparent Sri Lanka ඔබට මේ කරුණු ගෙන ආවා.  

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • දෙමාපියන්ට උපදෙස්
  • /
  • දෙමාපියන් දරුවන්ට කිසි විටෙකත් නොකිව යුතු කාරණා 10 ක් (දෙවනි කොටස)
බෙදාගන්න :
  • සමහර විට දරුවන්ට පාළුව හා කාන්සිය දැනීම හොඳයි. ඇයි?

    සමහර විට දරුවන්ට පාළුව හා කාන්සිය දැනීම හොඳයි. ඇයි?

  • පිටස්තර අයට හාදු දෙන්නැයි මම මගේ දරුවන්ට තවත් නොකියන්නේ ඇයි?

    පිටස්තර අයට හාදු දෙන්නැයි මම මගේ දරුවන්ට තවත් නොකියන්නේ ඇයි?

  • සමහර විට දරුවන්ට පාළුව හා කාන්සිය දැනීම හොඳයි. ඇයි?

    සමහර විට දරුවන්ට පාළුව හා කාන්සිය දැනීම හොඳයි. ඇයි?

  • පිටස්තර අයට හාදු දෙන්නැයි මම මගේ දරුවන්ට තවත් නොකියන්නේ ඇයි?

    පිටස්තර අයට හාදු දෙන්නැයි මම මගේ දරුවන්ට තවත් නොකියන්නේ ඇයි?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it