අවුරුද්දට අඩු දරුවන්ට පලතුරු යුෂ සුදුසු නැති බව වෛද්‍යවරුන්ගේ මතයයි

lead image

ඇත්තවශයෙන් පලතුරු යුෂ දරුවන්ට සෞඛ්‍ය සම්පන්නද? මේ නිසා විශේෂඥයින් දරුවන්ගේ පලතුරු යුෂ භාවිතය පිලිබඳ මාර්ගෝපදේශ දැඩි කර ඇත.

පලතුරු යුෂ පෝෂ්‍ය ගුණය වැඩි හා දරුවන්  කැමති දෙයක් ලෙස දෙමාපියන් විසින් සලකනු ලබයි. ඊලග පාර ඔබද අධික උෂ්ණත්වයට විසදුමක් ලෙස පලතුරු  යුෂ කිරීමට පෙර  එහි අවාසනාවන්ත පැත්ත දෙවරක් සිතනු ඇත.

පලතුරු යුෂ පානය දෙමාපියන් හිතන තරම් ගුණාත්මක නැති බව ඇමරිකානු ළමයින් පිලිබඳ අධ්‍යනය ආයතනයක් විසින් පෙන්වා දෙන අතර පලතුරු යුෂ භාවිතය පිලිබඳ නව මාර්ගෝපදේශ හදුන්වා දී ඇත.ඔවුන් විසින් මේ සම්බන්ධයෙන් සියලුම වයස් වල දරුවන් සදහා පෙර පැවතියාට වඩා දැඩි නීති  නිර්දේශ කර තිබේ.

අලුත්ම වාර්තා පෙන්වා දෙන ආකාරයට පලතුරු යුෂ අපි හිතන විදියට සීයට සීයක් අලුත්  පලතුරු තරම් නැවුම් නැත . මෙම පලතුරු යුෂ වල විටමින් C හා කැල්සියම් වලින් අනූන වන නමුත් දරුවන්ගේ වර්ධනයට වැදගත් වන තන්තු  හා ප්‍රෝටීන් ප්‍රමාණය අඩුය.

ඒ වගේම වැඩි පුර පලතුරු යුෂ ලබා ගැනීමෙන් ඍනාත්මක ප්‍රතිඵල ලැබිය හැක. ආචාර්ය එල්සි තවේරාස් වෙනස් වීම් පිලිබඳ The Straits Times වෙත ප්‍රකාශයක් කරමින්  මෙසේ කියා  තිබෙනවා."අපේ අධ්‍යනයන්ට අනුව ජීවිතයේ මුලික අවධියේ වැඩි වශයෙන් පලතුරු යුෂ බීමට පුරුදු වුන දරුවන් පසු කාලයේදී සෝඩා ඇතුලු පැණි බීම සදහා වැඩි නැඹුරුතාවක් දක්වන බව හෙලී වී ඇත."

වයස අනුව බෙදා වෙන් කරන ලද දරුවන් සදහා වු මේ මාර්ගෝපදේශ මේ සමග ඉදිරිපත් කර ඇත.

වයස අවුරුදු එකට අඩු කුඩා දරුවන්

 මලබද්ධය වැනි රෝගී අවස්ථාවකදී ලබා දුන් වෛද්‍ය උපදෙස් මත හැර කිසිම විටෙකදී අවුරුද්දට අඩු දරුවන්ට පලතුරු යුෂ ලබා නොදෙන්න.

පෙරදී American Association of Pediatrics (AAP) විසින් මාස හයට අඩු දරුවන්ට පමණක්  පලතුරු යුෂ ලබා නොදෙන ලෙස උපදෙස් දී තිබුනි. නමුත් පලතුරු යුෂ භාවිතය හා තරබාරු වීම,දත් කුහර ඇතිවීම අතර සම්බන්ධතාවයක් නව පරීක්ෂණ මගින්  දැන් සොයා ගෙන ඇත.

පලතුරු යුෂ  පෝෂ්‍ය ගුණයෙන් අනුනයැයි සැලකුවද වයස අවුරුදු එකට අඩු දරුවන්ගේ පෝෂණය සම්බන්ධයෙන් කිසිදු කාර්යභාරය නොකරන බව වාර්තා මගින් පෙන්වා දෙයි. ඒ වගේම මේ මිල අධික දරුවන් සදහා සකස් කරන ලද යැයි පවසන පලතුරු යුෂ නිෂ්පාදන වලින් දරුවන්ට කිසිම ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැහැ.

වයස අවුරුදු එකේ සිට තුන දක්වා දරුවන්

මේ දරුවන් සදහා පලතුරු යුෂ නිෂ්පාදන භාවිතය අවුන්ස හතරකට අඩු විය යුතු අතර මිලි ලීටර් වලින් නම් එය 118 ක් වේ.

තරමක් වැඩුණු දරුවන්ට දවස පුරා ජලය සමග හෝ නිදාගන්නා වේලාවන්හිදී පලතුරු යුෂ ලබා දීම සුදුසු නොවන බව පරීක්ෂණ සනාථ කර ඇත. එමගින් දරුවන්ගේ දත් අතර රැදෙන පිෂ්ටය නිසා දත්වල කුහර ඇති වීමට හේතුවක් විය හැක.

ඒ වගේම කලබලකාරී දරුවන් සංසුන් කිරීමටත් බඩේ අජීර්ණ අවස්ථාවන්හිදීද දෙමාපියන් මෙය භාවිතයෙන් වැලකිය යුතුය .ඒ වගේම ප්‍රමාණය ඉක්මවා පලතුරු යුෂ පානය නිසා බඩේ අජීර්ණ හා අපහසුතා ඇති වීමට ඉඩ ඇත .

අවුරුදු හතරේ සිට හය දක්වා දරුවන්

දවසේ පලතුරු යුෂ භාවිතය අවුන්ස හතරත් හයත් අතර වේ. එය මිලි ලීටර් වලින් නම් 118 ත් 177 අතර වේ.

අවුරුදු හතත් දහ අටත් අතර දරුවන්

දිනපතා පලතුරු යුෂ භාවිතය අවුන්ස අට නොඉක්මවිය යුතු අතර මිලි ලීටර් වලින් නම් එය 236 වේ. මෙම කෝප්පයක ප්‍රමාණයද දිනකට නිර්දේශිත පලතුරු භාවිතය කෝප්ප දෙකක් දෙකහමාරක් අතර ප්‍රමාණයට අයත් වේ.

ඔබ තවදුරටත් පැහැදිලි කිරීමට කැමති නම් ඇමරිකානු ළමයින් පිලිබඳ  අධ්‍යන අංශයේ වෙනස්වීම ලෙස සාරාංශ ගත කර ඇති පහත විඩියෝව බලන්න .

දෙමාපියන්ට උපදෙස්

මෙහි ඇති උපදෙස් ඔබට හා ඔබේ පවුලට පලතුරු යුෂ භාවිතය පිලිබඳ නව මාර්ගෝපදේශ සදහා හුරු වීමට මග පෙන්නාවි.

  • පලතුරු යුෂ වෙනුවට කිරි හෝ ජලය දෙන්න

මේද අඩු හෝ මේද රහිත කිරි  පලතුරු යුෂ භාවිතයෙන් ඈත් කිරිමට යොදා ගන්න පුලුවන් .ඒ වගේම කියන්න ඕනි වතුර වීදුරුවකින් ලැබෙන නැවුම් බව වෙන කිසිවකින් ලබා ගන්න බෑ.

  • අලුත් පලතුරු භාවිතයට හුරු වීම

දරුවෙකුගේ කෑම වේලකට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථයන් බොහොමයකින් හා තන්තු වලින් නැවුම් පලතුරු සමන්විත වේ. ඔබට  දරුවාට ගිලීමට පහසු වෙන ලෙස පොඩි කර ගත් හෝ මිරිකා ගත් පලතුරු ලබා දිය හැක .ඔබ කිරී වැරීම ආරම්භ කර ඇත්නම් දරුවාට පලතුරු කුඩා කැබලි ලෙසද ලබා දිය හැක.

  • තනුක කරන්න එපා

 පලතුරු යුෂ ජලය සමග මිශ්‍ර කිරීමෙන් මෙම මාර්ගෝපදේශ අභිබවා යා යැයි ඔබ සිතනවා වන්නට පුලුවන. නමුත් අවාසනාවකට මෙම තනුක කිරීම මගින් ඔබේ දරුවාගේ දත් වලට වන හානිය අඩු නොවන බව වාර්තා මගින් පෙන්වා දෙනවා.

  • යුෂ කිරීම වෙනුවට පලතුරු පොඩි කර ගන්න.

 යුෂ බවට පත් කිරීමේදී පලතුරු වල තන්තු විනාශ වන අතර පොඩි කර ගත් විට එසේ නොවේ.

  • පලතුරු ආහාරයට දීමෙන් පැයකට පසු දත් මදින්න.

 පලතුරු යුෂ මගින් දත් නරක් වීම වලක්වන එනමලය මෘදු කරනු ලබයි .එම නිසා එම එනමලය නැවත ඝන වීමට ඉඩ සලසා දෙමින් දත් මැදීම පැයක් පමණ ප්‍රමාද කරන්න .

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී